(විනීතා එම් ගමගේ)
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරනවාට රට බේරාගත් රණවිරුවන් විරුද්ධ බවත් ඊට හේතුව එවැනි තත්ත්වයකදී රටේ ඒකියභාවය ගිලිහී යාමට ඉඩ ඇති බවත් යැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සභාපති මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ප‍්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ක්රමය අහෝසි වුවහොත් දැනට ජනාධිපති බලතල යටතේ ඇති ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට යන බවත් විධායක ජනාධිපති නැතිවෙනවාත් සමඟ ආණ්ඩුකාර තනතුර නැති වීමෙන් තත්ත්වය තවත් බරපතල වන බවත් හෙතෙම කියා සිටියේය.
ආණ්ඩුකාරවරයා යනු පළාත් සභාවේ දී ජනාධිපතිවරයාගේ තානාපතිවරයා වන අතර දැනටමත් හමුදාව උතුරෙන් පිටවිය යුතු බව උතුරේ මහඇමැති පවසන්නේ නම් ඔහු යටතේ නැටවෙන රූකඩයක් බවට ආණ්ඩුකාරයා පත්වුවහොත් කුමක් වේදැයි ප‍්‍රසන්න මහතා ප‍්‍රශ්න කළේය.
අජිත් ප‍්‍රසන්න මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (20) පැවැති මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී හෙතෙම මෙසේ ද කියා සිටියේය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සියලු පක්ෂ තම මතය වහා හෙළි කළ යුතු බවත් විශේෂයෙන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ පිළිබඳ මතය ඉක්මණින්ම හෙළි කළයුතු බවත් මේජර් ප්‍රසන්න මහතා පැවසීය.
අද බොහෝ දෙනෙකුට හදිසියේම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සිතී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී තරඟ කරාවි යන බිය නිසා බව ද හෙතෙම පැවැසීය. ඔහු තරඟ බිමට පැමිණියහොත් එහි දී ඔහු හා තරඟ කරන්නට තරම් කෙනෙක් කිසිදු පක්ෂයක හෝ කණ්ඩායමක නොමැති බව ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
තමන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාට විරුද්ධ වන්නේ ගෝඨාභය මහතා ගැන සිතා නොව රටේ ඒකීය භාවයට වන හානිය ගැන සීතා යැයි ද ඔහු පැවැසීය.
මේ යන අලූත්ම තත්ත්වය උඩ බලන්න පළාත් පාලන ආයතනවල බහුතරය දිනුවේ පොහොට්ටුව. ඒත් බලය පිහිටුවනකොට එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලනිපයේ හා ජවිපෙ සහය අරන් බලය පිහිටුවනවා. එකක් දෙකක් නොවෙයි. සීයක් එකසිය පණහක් පමණ.
එතකොට මේ ඡන්ද ක‍්‍රමය ආවොත් කොහොමද පාර්ලිමේන්තු මැතිවරණයේ දී, නැත්නම් පළාත් සභා මැතිවරණයෙ දී. එහෙම වෙන්න බැරිද? අපි දන්නේ නැහැ කේවල ක‍්‍රමයෙන් සියයට පණහකුයි සමානුපාතික ක‍්‍රමයෙන් සියයට පණහකුයි ආවොත් මොකද වෙන්නේ?
මේ ක‍්‍රමේ පාර්ලිමේන්තු මැතිවරණයට ආවොත් මොකද වෙන්නේ? කවදාවත් පොහොට්ටුවට බලයට එන්න බැරිවේවි. රණවිරුවන් මේකට විරුද්ධයි. අපි ජනාධිපති ධූරය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනයක් ගේනවට විරුද්ධයි. අපි කියනවා පොදු ජන පෙරමුණට පක්ෂයේ මතය මේ ගැන එළි කරන්න කියලා.
අපි කැමතියි ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙනවාට. නමුත් ඒක නිසා නොවෙයි. අපි කියන්නේ රටේ ඒකීය භාවය නැතිවෙනවාට අපි බයයි. ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය දෙනවා නම් අපි ඒකාබද්ධ විපක්ෂයටත් එරෙහිව පාරට බහිනවා. යැයි ද ප‍්‍රසන්න මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ කිව්වට අන්තීමට බළලා මල්ලෙන් එලියට පැනලා තියෙන්නේ. ගොන් තර්ක දාල විධායක ජනාධිපතිකම රැක ගන්න දගලන්නේ ගෝඨව රජ කරවන්න හිතාගෙන වෙන්න ඇති. රටේ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න බැරි වෙන්න පුළුවන් හැබැයි ගෝඨා මේ රටේ විධායක ජනාධිපති වන එකනම් අනිවාර්යෙන් නවත්වනවා.
අපි රණවිරුවන් සමගයි, ඔබගේ නිගමනය හරි.
යුධ මානසිකත්වයක් පිරිච්ච රටක ඒ යුධ කරපු සියල්ල වලපල්ලට යනකන් ඉඳල අවිහිසාවාදය වපුරන්න බලන් හිටියොත් අපිට ඒ අවිහිංසාව විඳගන්න බැරි වෙනවා, කොස්ටරිකා වැනි රටවලින් ගත හැකි ආදර්ශ මත මෙවන් අදුරදර්ශී විධායක ක්‍රම මිලිටරි කරණය වැනි දේවල් අපේ රටින් අතුගාදැමිය යුතුයි .
මේක 100%ක් ඇත්ත. විධායක ජනාධිපති ක්‍රමය නිසා එන්.ජී.ඕ. සහ සුළු පක්ෂවලට ඕනේ විදිහට නටලා රට කෑලිවලට කඩන්න බැරුව දඟලන්නේ. සිංහලයාගේ අවසානය ගේන්න දඟලන්නේ මේකෙන්..
ඇස් මස් ලේ අතපය හා ජිවිත දන්දී රට ම්ලේච්ච ත්‍රස්තවාදීන් ගෙන් මුදාගෙන රටේ අභිමානය ඇතිකළ රණවිරුවන්ගේ හඬට අප ඇහුම්කම් දියයුතුයි.
හදිසියේම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට යනවා කියල කියන්නේ දසක 3 ක් විතර ඔබතුමා කොහෙද හිටියේ. ඕක මමනම් දන්නකාලේ ඉදල ඉදිරිපත් කරපු ප්‍රබල සටන් පාඨයක්.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන්න තමයි ජනතාව ගියවර මහා මැතිවරණයෙදේ ඡන්දෙ දුන්නේ මේ රජයට. ඒත් එකේ බලතල අඩුකලා විතරයි. සම්පුර්ණයෙන්ම ප්‍රශ්ණය නොවිසදීමෙන් එක පුද්ගලයෙකු හැසිරෙන හැටි කොතරම් අපූරුද? හොරු අල්ලනවා කියා පොරොන්දු දුන්නා. ඒත් ඔවුන් එක්ක එකතුවෙලා වැඩ කරන්න හදනවා. සාකච්චා පවත්වනවා. මේවා සියල්ලම කරන්නේ විධායක බලතල වලට මුවාවෙලා. ඒ නිසා විධායක ජනාධිපති ක්රමය අහෝසි කල යුතුමයි. බලතල තනි පුද්ගලයෙකු වටා ඒකරාශී නොවී පාර්ලිමේන්තුවට හිමිවිය යුතුමයි.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන්න තමයි ජනතාව ගියවර මහා මැතිවරනයෙදී ඡන්දෙ දුන්නේ මේ රජයට. ඒත් එකේ බලතල අඩුකලා විතරයි. සම්පුර්ණයෙන්ම ප්‍රශ්ණය නොවිසදීමෙන් එක පුද්ගලයෙකු හැසිරෙන හැටි කොතරම් අපූරුද? හොරු අල්ලනවා කියා පොරොන්දු දුන්නා. ඒත් ඔවුන් එක්ක එකතුවෙලා වැඩ කරන්න හදනවා. සාකච්චා පවත්වනවා. මේවා සියල්ලම කරන්නේ විධායක බලතල වලට මුවාවෙලා. ඒ නිසා විධායක ජනාධිපති ක්රමය අහෝසි කල යුතුමයි. බලතල තනි පුද්ගලයෙකු වටා ඒකරාශී නොවී පාර්ලිමේන්තුවට හිමිවිය යුතුමයි.
මමත් මුලින් හිතුවේ රණවිරුවො කියලා පස්සේයි තේරුණේ භෝඨාභය කථා කරන්නේ කියලා. බලයට අාපු හැම කෙනාම කියාගෙන අාවේ විධායක ජනාධිපති අහෝසි කරනවා කියලා. එ්කෙන් තේරනවනේ එ්ක හොඳ එකක් නෙමේ කියලා. මෙයාලා බයිලා ගහනවා. ඊළඟ ඉනිම පටන් ගන්න. මෙයාලා ගේන ගැටළු වලට ව්‍යවස්ථාමය පිළියම් තියනවා. ඔවුන් විවිධ තර්ක ගෙනැත් ජනතාව අන්දන්න හදනවා. ජනාධිපත් ධූරය නැති රටවල් කොහොම දන්නෑ ඔය යස අගේට දුවන්නේ
මේ පුවත කියවා ඇති පාඨකයින් ගාණට වඩා වැඩි ගාණක් මේකට කැමති අකමැති ප්‍රකාශ කරලා.
රණවිරුවෝ දේශපාලන විරුවෝ වෙන්න ගියාම අවසානෙදි සිද්ධ වෙන්නේ විරුකම් ඔක්කොම නැති වෙලා යන එක.
අපේ රටේ මිනිස්සු නම් පුදුම ජාතියේ මිනිස්සු. තමන්ට වාසියක් වෙනවා නම් ඕන දෙයකට කැමතියි.
කුමාර්, රණවිරුවෝ කියන්නේ කාටද? ඒ ගොල්ලන්ට වෙනම නීතියක් ඔයාලට උවමනා කරලා ඇති. අපරාධ කලොත් කාට වුනත් දඬුවම් කල යුතු සාධාරණ නීතියක් තිබිය යුතුයි. අපට මිනීමරුවන් වෙනුවෙන් වන්දිභට්ටකම් කරන්න වුවමනා නැහැ. විධායක ජනාධිපති ක්‍රමය රැකගන්න අපට කොහොමටවත් අවශ්‍ය නැහැ.
දියසේනලා, දුටුගැමුණු ලා නූතන පැරකුම් ලා කියාගෙන එන තක්කඩි දේශපාලකයෙක් ඇවිත් රට හදනකම් බලන්න හිටිය බලන් ඉන්න ජනතාවක් ඉන්න රටේ විධායක ජනාධිපති ක්රමය අහෝසි වෙන්නේ නැහැ, තනි පුද්ගලයෙක් අත අසීමිත බලයක් තියෙනවිට රටක් දියුණු වෙන්නේ නැහැ, පිස්සෙක් පත් වුනොත් රට විනාශ වෙනවා කියල කොල්වින් ආර් සිල්වා මහතා කියා තිබුනා, එත් පිස්සෙක් නොවන සාමාන්‍ය මිනිහෙක් ඔය තනතුරට ආවොත් පිස්සු හැදෙන්නේ අධික බලයෙන් මත් වෙලා. බලය රස විඳින්න ගත්තාම පොරොන්දු අමතක වෙනවා, අන්තිමේ ධුර කාලය ඉවර වෙනකම් නටන තොවිලයක් නැහැ, බෙරේ පලුවකුත් නැහැ.
හොරකම සොයන්න කොමිසමක් දැම්මා. අපෝ දැන් සතුටුද? දැන් සල්ලි කීයක් විතර අාපහු ගන්න පුළුවන් වුණාද? එතකොට පහුගිය කාලයේ රජ පවුලම විධායක ජනාධිපති පදවිය පාවිච්චි කරලා කරපු හොරකම් මේ විධායක ජනාධිපති ඇල්ලුවාද? 2020න් පස්සෙ නම් හොරකම් ඇල්ලීම කෙසේවෙතත් ඒ ගැන කතා කළොත් සුදු වෑන් එක ගෙදර දොරකඩ ලඟ ඇති !!!