ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ හෙට (21) මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත යොමු කරන ලෙද අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා - ‘‘මේ ප්‍රශ්නය ගැන මීට පෙර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු රැසක් විවිධ අවස්ථාවලදී කරුණු මතු කළත් සභානායකතුමා නිසා පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මේක ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්.
ජාතික ආණ්ඩුවක් කියලා මේ පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් හදා ගත්තා. 19 වැනි සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් පවතිනවානම් පමණයි අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ට වඩා වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ.
මේ ජාතික ආණ්ඩුව ගොඩ නගා තිබෙන්නේ අවුරුදු දෙකකටයි. එය ඉදිරියට යෑම තීරණය කරන්නේ ඒ පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසුවයි. ඒ අවුරුදු දෙකකට අවශ්‍ය වන පරිදි අමාත්‍යවරු සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 සිට 48 දක්වා වැඩි කර ගැනීමටත් තමයි පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නේය.
මේ නිසා ඒ අවුරුදු දෙකෙන් පසුව ඇමැතිවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් වැඩි කර ගැනීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත යුතුයි. නමුත් තවමත් ඒ දේ සිදුවී නැහැ. අමාත්‍යවරුන් වැඩි කර ගැනීමට දී තිබූ අනුමැතිය අවසන් වෙලා.
මේ නිසා මේ ඉන්න ඇමැතිවරුන් වලංගුද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. එහෙම නිසි පරිදි වලංගු නැති ඇමැතිවරුන්ගෙන් අපි ප්‍රශ්න අහනවා. මේ පාර්ලිමේන්තුවේ වලංගු නැති ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්න හෝ ඔවුන්ගේ බලය පිළිගන්න සූදානම් නැහැ. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් විභාග කරමු. තමුන්නාන්සෙලා ගත් හැම තීරණයක්ම වලංගු නොවන තීරණයක් බවට පත් වෙනවා . එම නිසා කරුණාකරලා ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළ යුතුයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවට කතානායකයෙක්.මේ වගේ වුන් මුළු රටටම ලැජ්ජාවක්.
නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහෑ කිව්වා වගේ අන්තීමට කැරකිලා කැරකිලා හිටිය තැනටම එන්න උන එක විතරයි.මේ අය කල විගඩමෙන් උනේ රුපියල බාල්දුවෙලා කොටස් වෙළදපොල කඩා වැටිලා තව වටයකින් බඩුමිල ඉහල යන එක විතරයි.ඇත්තටම මේ අය පාලකයොද කියලා හිතෙනවා.මේ විගඩම් නටන්නද අපි පාලකයන් පත් කරන්නේ!
පහුගිය අවුරුදු තුනට මෙයාලගේ විශේෂ ප්‍රකාශ අහලා අපිට නම් දැන් ඇතිවෙලා. දැන්වත් අපිට පාඩුවේ ඉන්න දීපල්ලා.
ඒක නෙවේ අහන්න තියෙන්නේ මන්ත්‍රී තුමා. ඔය ඉන්න ඇමති වරුන්ගේ පිටකොඳු වලංගුද කියලයි අහන්න තියෙන්නේ. මොකද එළියේදී කියනවා අපේ පක්ෂයේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නැත්නම් අපි විපක්ෂයේ ඉඳ ගන්නවා කියල. ඇතුලට ගිහින් කියනවා ජනාධිපති තුමා ගන්න ඕනෑම තීරණයකට අපිත් ඔට්ටුයි කියල.
එකතුවෙලා ශක්තිමත් ගමනක් යනවා කියලා කියාවි
රනිල් වික්‍රමසිංහ ලියල දීපු එකක්ද කියවන්නේ.ගිවිසුමක් නෙතිනම් ආණ්ඩුව වලංගු නෙහෙ කියන්ට කාගෙන්වත් උපදෙස් ගන්ඩ ඕනෙද.ඕක ඕනෙම කෙනෙකුට ත්රෙර්ණ දෙයක්නේ ගිවිසුමක් නෙතිව හවුල් ආණ්ඩුවක් තියෙන්ට බෙහෙ කියල.ගිවිසුමක් අවශ්‍ය නෙහෙ කියනවා නම් මොකටද මුලින් ගිවිසුමක් ගෙහෙව්වේ.
අනේ මන්දා අපිටනම් දැන් මේ ප්‍රකාශ අහලාම එපා වෙලා. ප්‍රකාශ කරන එක දැන් විහිළුවක් වෙලා. දවස ගානේ එක එක්කෙනා මාරුවෙන් මාරුවට එක එක ප්‍රකාශ කරකර ඉන්නවා විතරයි කවුරුවත්ම රටට වැඩක් කරන්නේ නම් නැහැ. කොහොමත් ඉතුරු අවුරුදු දෙකත් මෙයාලා ප්‍රකාශ කරකර සාකච්චා පවත්වා පවත්වම ඉදිවී. මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඉතින් දෙවියන්ගේම පිහිට තමයි. අනේ මෙහෙමත් නායකයෝ ඉන්න රටක් ලෝකයේ වෙන කොහෙවත් තියෙනවද.
කරන්න යන ප්‍රකාශය ගැන හිතා ගන්න පුලුවන් . රනිල් හොඳටම දන්නවා ඔය එක්කෙනෙක් වත් කයිවාරු ගැහුවට අස් වෙන්නේ නැහැයි කියලා. ඔය හැමෝම බලයට සහ මුදල් වලට පුදුම පෙරේතකමක් තියෙන්නෙ කියල අපිට දැන් හොඳටම තේරෙනවා . කට්ටිය කියනවා අපි ඔක්කෝම ජාතික ආණ්ඩුවේ ඉන්නේ කියල . මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ , ආපහු සුද්දට දුන්නොත් ඇරෙන්නෙ .
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත්කරන අදහස ඉතාමත් තර්කානුකුලයි කාලෝචිතයි. කතානායක වරයා අපක්ෂපාත තීන්දුවක් දෙන්න ව්‍යවස්ථාවෙන් මෙන්ම නීතියෙන්ද බැඳී සිටිනවා.
පාර්ලිමේන්තුව එක රැස්වීම් වාරයකදී රුපියල් ලක්ෂ 80 පමණ වැය වෙනවා මන්ත්‍රීවරුන් සහභාගි නොවීම හේතුවෙන් මහජන මුදල් අපතේ යනවා. මෙහෙතුව නිසා පාර්ලිමේන්තුවට නොපැමිණෙන මන්ත්‍රීවරුන් හට යම් කිසි දඩ මුදලක් අයකර ගැනීම සුදුසු බව පෙනීයනවා.
මොන කතාද ප්‍රතික්ෂේප උන අය නම්බුපිටින් යන්න.