නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවට තමන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දුන් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ඒ මහතා මෙසේද සඳහන් කර තිබේ.
“නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා. “


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද සුළඟ... සැඩ සුළඟක් වෙලා වගේ...
මේකත් රවී ඉල්ලා අස්වුණා වගේ තමයි. අගමැති බේරන්න කරන්න උත්සාහයක් වගේ.
"වෙල් විදානේ" කියල කලින් හිටපු ඇමති වරයෙක් අවලාදයට ලක් කල කෙනෙකුට නිතීය හා සාමය දෙන්න යනවා කියලයි කියන්නේ.
මෙම තනතුර සරත් ෆොන්සේකාට දෙන්න .
ඔයා කොහොමත් ඔය දෙකම වැනසුව එක තමයි කරේ. හොරැ බේර ගත්තේ අපිද?
ෆේස්බුක් එකට දාන්නේ... තමුන් හිතුවද මේ රටේ ඉන්න හැමෝම මේ ඉලව්ව බලනවා කියලා. රනිල්ගේ ගෝලයෝ සේරටම තියෙන්නේ වයිෆයි ඉන්ටර්නෙට් පිස්සුව තමයි.
හොඳ තීරණයක්, ඔය තීරණය කලින් ගත්තානම් පක්ෂයට මෙහෙම වෙන්නේ නැහැ...
අනිත් කට්ටියවත් අරගෙනම යන්න... ලොකු උදව්වක්...
අත් හරින ඇමතිකම බාර ගන්න අලුතෙන් එන පින්වතා කවුරුන්දැයි අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
දැන් පෙරහැර ගිහිල්ල ඉවරනේ... ඔය තීරණය මීට කලින් ගත්තා නම් අලියා තාම ගොඩ..
මෙන්න නියම මිනිස්සු ...
මෙතුමාගේ හොරා පොලිස් සෙල්ලම නිසා තමයි යහපාලනයට කන කොකා හැඬුවේ. අනිවාර්යයෙන් ඉල්ලා අස්වීම දෙන්න කියන්න ඇති...
කිසිම වැඩක් වුණේ නැහැ රටටවත්, පක්ෂයටවත්. ඔයා කිසිම හොරෙක් ඇල්ලුවේ නැහැ. මේ ආණ්ඩුවේත්, ගිය ආණ්ඩුවේත්, හොරු රැක්ක එක තමයි මෙයා කලේ...
මේ සේරටම හේතුව සාගලද? අපේ රට කවදාවත් දියුණු නං වෙන්නේ නැහැ... ඒක ඉර හඳ වගේ විශ්වාසයි.
අගමැතිතුමනි, සාගල මැතිතුමාව ආදර්ශයට ගන්න. හොඳ අගමැතිතුමා. සජිත්ට දීල බලමුද? එහෙම නැත්නම් මේ අවුරුදු 2 ක් ගෙනියන්න ජනාධිපතිතුමාට සහයෝගය දෙමු. රවීව යවන්නේ කවදාද?
මේ තනතුරට හමුදාවේ හිටපු කෙනෙක් එනවා කියන්නේ ඇත්තද? එහෙම වුණොත් ගොඩක් දෙනෙකුට හොඳවායින් ආරක්ෂාව ලබාදෙයි.
තනි පක්ෂයක් හැටියට පොහොට්ටුව දිනුවට (44.69%) තවමත් බහුතර ජනමතය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය කියන දැනට පවතින යහපාලන ආණ්ඩුවටයි. ඔවුන් 46% ක් ඡන්දෙ අරගෙන තියෙනවා.
දෙන්න ඔය ඇමතිකම සරත් ෆොන්සේකාට. මාස 6න් ඔක්කොම හොරු ඇතුළේ...
ඉල්ලා අස්වීමේ ලිපිය දියයුත්තේ ජනාධිපතිතුමාට හැර පාර්ලිමේන්තු නායකයාට නෙවෙයිනේ..
රනිල්වත් අරගෙන යන්න බැරිද?
අගමැතිතුමනි, සාගල මැතිතුමාව ආදර්ශයට ගන්න. අගමැතිකම සජිත්ට දීලා බලමුද?
රනිල්ගේ වැඩ නිසා තමයි මේ ඔක්කොම...
මෙලෝ රසක් නැති, රටට වැඩක් නැති, පක්ෂයට උදව් නැති පුද්ගලයෙක්. පක්ෂය කෑවා. නීතිය නැමුවා . හොරු වැජඹුණා. පොලිසිය නොමග යැව්වා. නුසුදුසු පුද්ගලයින් පොලිසියට ඇවිත් රටම කැලඹුවා.
මේ ප්‍රතිඵලය අනුව අගමැතිතුමා ඉල්ලා අස්වීමට හේතුවක් නැත. ඉවත්විය යුත්තේ ජනාධිපතිවරයායි. ඔහුට හිමිවුණේ සියයට 8ක ප්‍රතිශතයක් පමණි.
සාගල අස් වුණානේ... දැන් රටේ දේශපාලන අර්බුදය නිමාවෙයි.
කිසිම සෙලෙස්මක් නෙතුව රජයේ නිලධාරී 11 දෙනෙක් ඩුබායි යාවන්ට ගත මෝඩ තීරණය නිසා රජයෙන් ගෙවපු කොටි ගණන් මුදල් මහජන මුදල් එක ගෙවල ගෙදර යන්න.
කලින්ම කළා නම් හොරු සියල්ල ඇතුලේ බැවින් පොහොට්ටුවට කථිකයන් නැත. සල්ලිද නැත. දිනන්නේ ද නැත.
දේශපාලනයෙන් සමු ගන්න. පක්ෂයට කරන උදව්වක් ලෙස...
ඕක මාධ්‍ය සංදර්ශනයක් විතරයි. අගමැති කියයි මම ඉල්ලාස්විම බාරගත්තේ නැත කියල. මොනවද ඔට්ටු?
මේ ඔක්කොම ලැහැස්ති පක්ෂයේ අභිවුර්දියට වැඩකිරීමට රටේ අභිවුර්දියට හෙනගහිලා ගියත් කමක් නැත.
අනේ මේක කැකිල්ලේ තීන්දුවක් කියලා මේ අයට පෙන්නේ නැතිද? එජාප යට මිනිස්සු ඡන්දෙ නොදුන්නේ මේ සාගලගේ ප්‍රශ්නයක් නිසා නොව බැදුම්කර සිද්ධිය නිසා කියල තේරුම් ගන්න බැරි මිනිස්සුද ඔය පක්ෂයේ ඉන්නේ!
ඉල්ලා අස්වුනාද ? අස්වෙන්න බලකලාද කියල නොවෙයි ජනතාවට දැන ගන්න ඕන. නුසුදුසු පුද්ගලයින් තනතුරු වලින් ඉවත්වීම ජනතාව ට එක්තරා අස්වැසිල්ලක්. නමුත් ඇමතිවරයාට වඩා වැරැද්දක් පක්ෂයේ නායක එමෙන්ම අගමැති හැටියට ඉන්න පුද්ගලයාගෙන් සිදුවූ බව ජනතාව එකහෙලාම ප්‍රකාශ කර තිබියදී තම පක්ෂයේ ඉත්තන් දාම් ලෑල්ල මත එහාට මෙහාට ඇදීමෙන් පමණක් ගොඩයන්න පුළුවන් කියා අගමැති හිතනවා නම් එය ඔහු විසින් සැමදා කරන විහිළුවලට එකතුවෙන තවත් එක් විහිළුවක් පමණි.
මේ ඇමැතිකම කලින්ම දෙන්ඩ තිබුණේ සරත්ෆොන්සේකාට එහෙනම් ඔය දේ දේශප්‍රේමී ඔක්කොම ඇතුලේ
මේ ඇමතිය හිටපු කාලේ රටට කරපු සේවය මොකක්ද මන් අහන්නේ ?
“නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී ඔබේ අසාර්ථක භාවය හේතුකොටගෙන මුළුමහත් ශ්‍රී ලංකික ජනතාවගෙන් ඔබ සමාව ගතයුතුයී. මන්ද මුළු රටේම පරිහානියට එය ඉවහල් වූ නිසාය. තවද නිසියාකාරව කැපවීමෙන් හා ජිවිත පරිත්‍යාගයෙන් සේවය කිරීමට නොහැකිනම් කරුණාකර නිවසටම වී දිවි වෙගවන ලෙස කාරුණිකව අයදින අතර ඊට හේතු වන්නේ ඔබ අමු අමුවේ ජඩ දුෂිත ක්‍රමවේදය හිස එසවීමට අනුබල දීම හේතුකොටගෙනය.
රනිල මහින්ද මෛත්‍රී 3 දෙනාම රට විනාස කරනවා ...............
සාගල ඇමතිකම බාරගත් දවසේ ම තමයි නිතීය හා සාමය අත හැරියේ. පොලිස් සේවයේ කල යුතුම ප්‍රතිසංස්කරණ ඔබ කලාද? ලොක්කගේ සුවච් බඩී,