රංජන් කස්තුරි
කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.
එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ වයින්ම අලුත් බෝතල්වලට පුරවන්න වගේ හදන්නේ, හැබැයි ඉතින් ඕවායින් ජනතාව රැවටෙන්නේ නැහැ තමන්මයි රැවටෙන්නේ ඊලග පලාත්සභා ඡන්දයේදී මේවායේ ප්‍රතිථල බලාගන්න පුලුවන්වෙයී.
මගේ දැනුමේ හැටියට මේක ජාතික ආණ්ඩුවක් නොවෙයි. එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් පරිදි කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 45 ක් විය යුතුය.
බදාදාට කියයිද දන්නේ නෑ සෙනසුරාදාට කියල. මෙහෙම කොහොමද රටක් කරන්නේ? එතකොට 10 වෙනිදා ඉඳල සිද්ධ වුනේ මිත්‍යා රඟ දැක්වීමක්ද?
නීතිය හා සාමය සරත් ෆොන්සේකාට දෙන්න.
කව්රු පත්වුණත්, පත්කෙරුවත් ඊට පස්සේ රට වෙනුවෙන් කැපවෙන්න ඕනෑ. පත්වෙන්නේ මහජනතාවට සේවය කරන්න ඡන්දය දුන් අයටයි, නොදුන් අයටයි දෙගොල්ලන්ටම. නැතිනම් පක්ෂ ගොඩගන්න ඡන්දය විතරක් ගන්න වැඩ කරනවා කියන්නේ දූෂිත රටක් වෙලා රට පරිහානියට පත් වෙන එක වලක්වන්න බැහැ. ඒක රටට කරන මහා විනාශයක්. මෙච්චර අවුරුදු ගාණක් ලංකාවේ දේශපාලකයින් තමන්ගේ බඩගෝස්තරය විතරයි බැලුවේ. අන්තිමට ජනයා අනාතයි. හිඟා නොකා හිඟා කනවා... ජොලි කරපු ණය ගෙවන්න.
මෙහෙමත් ජාතියක්.. මේ අය මේ වලි කන්නේ රටවත්, මිනිස්සුවත් හදන්න නෙමෙයි... රට කන්න හදන්නේ. රට හදන අය නම් මෙලහකටත් පුළුවන් අයට දීලා...
මොන සෙල්ලම් දැම්මත් අවසානේ වෙන්නේ රනිල් අගමැතිවෙලා ශ්‍රී ලංකා කාරයෝ ටිකක් එක්ක මෛත්‍රි ආණ්ඩුව කරනවා. එ්කාබද්ධයේ විපක්ෂයට යනවා. මෛත්‍රි හිතන්නේ එහෙම කෙරුවම ඊළඟ ජනාධිපති ඡන්දෙට එජාප එකෙන් එන්නට. ඒවා හීන විතරයි. ඊළඟ ඡන්දෙට එන්නේ රනිල්.
කැබිනට් සංශෝධනයක්!!! මම මේක දැක්කේ පත්තරයෙන්නේ...
ඔය අය කීයටවත් ජාතික ආණ්ඩුවකින් පිටතට යන්නේ නැහැ. එහෙම උනොත් ඔය තියෙන ඇමති පට්ටන් ගණන අඩු වෙනවා. රට යකාට ගියත්, මේ අය බලන්නේ තමන්ගේ පැවැත්ම සහ සුබ සිද්ධිය ගැන පමණයි.
අම්මපා මෙහෙම විකාර , ඔක්කොම බලය තමන්ට තියා ගන්න රට ජාතිය ආගම සංස්කෘතිය චර්යා ධර්ම වලට හෙන ගහල ගියත් වගේ වගක් නැතිව ජනතාව මෝඩ තකතිරුවෝ නේද කියල වැඩ කරන්නේ , ඔහොම යං
ජනාධිපති මේ ඡන්දෙන් යවලාම දැම්මා. රනිල්ට වල නොකපා එයාම තමයි අයින් වෙන්න ඕනෑ.
මේ ජනාධිපති එක්ක කැබිනෙට් අඩු කරනවා බොරු. කයිවාරු විතරයි, වැඩ නෑ. අපේ රටේ කරුමේ තමයි.
ජනතාවගේ වටිනා ඡණ්දයත්, මැතිවරණය වෙනුවෙන් වියදමිකළ මුදලත් තුටිටුවකට මායිමි නොකොට පුටු මාරැකරගන්නයි හදන්නේ. අවසාන හුස්ම පොදේ එල්ළි ඉදගෙන මෙි හදන්නේ රට දියුණු කරන්නද?
ඔය අය ජාතික ආණ්ඩුවෙන් පිට වෙන කිසි දෙයක් කරන්නේ නෑ. මොකද, එකෙන් පිට ගියානම් ඔය ඇමති පට්ටම් ගණන අඩු වෙනවා. දැන් කරන්නේ හිස රදයට කොට්ටේ මාරු කිරීමක් පමණයි.
කලින් ආණ්ඩුවේ දුෂිතයන්ට නොදී ජනපති කරන්නේ හරි දෙය. කාටත් මේක තේරුනත් කියන්ඩ බයයි. ඒකයි ඇත්ත.
මොන සංශෝධනය කරත් , අවශ්‍යම සංශෝධනය කරේ නැත්තං වැඩක් නැහැ .
රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගරු රනිල් මැතිතුමාගේ නායකත්වය... ඒ නිසයි රෙජීමය පරාජය කර ජාතික ආණ්ඩුවට ජනතා විශ්වාසය දින ගන්න පුළුවන් වුණේ...
කරන්නම ඕන සංශෝධනය කරන්නේ නැතුව වෙනත් සංශෝධන කරල වැඩක් නැහැ .
තිස්ස, අස් ඇර බලන්න. ඒ ඇමති කම සරත් පොන්සේකාට දුන්නොත් ,රටේම ජනතාව ඉවරයි. ජනවරමක් නැති මිනිහෙකුට ,එවන් ඇමතිකමක් ලැබුනහම අධි තක්සේරුව තවත් වැඩි වෙනවා මිසක් අඩු නොවේ.
නීතිය සහ සාමය ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න.
මොන සංශෝධනය කරත් වැඩක් නැහැ අවශ්‍යම කරන එක කරේ නැත්තං .
හිටපු ලොක්කෝ ඇවිල්ලා රට සුරේ පුරයක් කරාවී. වැඩට යන්න ඕනෙත් නෑ.