IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දියතලාවේදී බසයක අත්බෝම්බයක් පිපිරීමෙන් 19 කට තුවාල

සමන් පාලිත නානයක්කාර , තරිඳු ජයවර්ධන, ඩයනා උදයංගනී

බණ්ඩාරවෙල දියතලාව මගී බස් රථයක පිපිරීමකින් පසු ඇතිවූ ගින්නකින් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

බස් රථයේ තුන් වැනි පේළිය ආසන්නයේ පිපිරීම සිදුවී ඇති බව පෙනී යන්නේයැයි ද, පුපුරා ගියේ අත්බෝම්බයක් බවට සැක කරන්නේයැයි ද පොලිසිය කියයි.

රජයේ රස පරික්ෂක මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

තුවාලකරුවන් අතර යුද හමුදා සාමාජිකයන් කිහිප දෙනකුද සිටින බව පොලිස් ආරංචි පවසයි.

යාපනයේ සිට බණ්ඩාරවෙලට අලුයම බස් රථයක් පැමිණි අතර එහි සිටි පිරිසෙන් කොටසක්  බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයට නැඟ ඇතැයි පොලිසිය පවසයි.   පිපිරීම සිදුවී ඇත්තේ එම බණ්ඩාරවෙල දියතලාව බසයේ බව පොලිසිය සඳහන් කරයි.  බස්රථය දියතලාවේ සිට  යළි මහියංගණයේ හෙබරව දක්වා ධාවනය වීමට නියමිතව තිබිණි.  

යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාදවල බරපතල තුවාල සිදුවී ඇති බවත් යුද හමුදා සාමාජිකයකුගේ ගමන් මල්ලේ මෙම අත්බෝම්බය තිබුණේදැයි සොයා බලන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙය කිසිසේත්ම ත්‍රස්ත ක්‍රියාකාරකමක් නොවන බවත්, යුද හමුදා පොලිසිය ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් යුද හමුදාව කියයි.

ඡායාරූප සැපයුම - රේඛා තරංගනී ෆොන්සේකා



අදහස් (30)

දියතලාවේදී බසයක අත්බෝම්බයක් පිපිරීමෙන් 19 කට තුවාල

suneth hemantha Wednesday, 21 February 2018 04:11 AM

සිදු නොවිය යුතු දෙයක්. පවතින දේශපාලන අර්බුධයට පිදුරු දැමීමක් සහ රටේ ජනතාව නොසන්සුන් කිරීමට උත්සහ කිරීමක්.

:       206       519

gunarathna Wednesday, 21 February 2018 04:37 AM

මොකක්ද මේ විහිලුව. බසෙක සම්පුර්ණ ගිනි අරන්. මගීන්ගෙ කකුල් තුවාල වෙලාලු. පිපුරුමක්ලු. එතකොට පුපුරලා කකුල් තුවාල වුනාට පස්සේ මිනිස්සු බැස්සට පස්සෙද ගිනි අරගත්තේ.?

:       13       230

chamal Wednesday, 21 February 2018 05:07 AM

කොටි හිස ඔසවනවා. අප්පච්චි නැවත ජනපති කරමු...

:       13300       22854

sam Wednesday, 21 February 2018 05:54 AM

යාපනෙන් හමුදාව ඉවත් කරන්ඩ එපා කියන්නේ මේක හින්ද තමයි.

:       1326       2625

KamalWednesday, 21 February 2018 08:15 AM

දැන් මේක කොටිද පුපුරවලා තියෙන්නේ? ඔබතුමාව බුද්ධි අංශයට දාන්න ඕනෑ.

:       1471       1612

සතයපාලWednesday, 21 February 2018 09:51 AM

බුද්ධි අංශයට නොවේ... මන්ද බුද්ධික අංශයක් හොයලා යවන්න ඕනෑ.

:       1158       144

ගුණවර්ධන Wednesday, 21 February 2018 09:58 AM

ත්‍රස්ත ක්‍රියාකාරකමක් නෙවෙයි කියන්නේ මිනිස්සු කුපිත වෙන නිසා.. තව ටික දවසක් යද්දී බලාගන්න පුළුවන් වෙයි.. එතකොටම අහන්න මේවා කොටිද පුපුරවන්නේ කියලා.. අනේ මෙහෙමත් මිනිස්සු තවත් ඉන්නවනේ ඉතින්‍ ..

:       169       2360

sira Wednesday, 21 February 2018 06:03 AM

රට පුරාම නොයෙකුත් ප්‍රශ්න හිස ඔසවන්න පටන් අරන්. එක්කෝ ශ්‍රී ලංකා එකට කරන්න දෙන්න ඕනේ නැත්නම් අලියට කරන්න දෙන්න ඕන. දෙපැත්තෙන්ම කකුලෙන් ඇද්දොත්. මෙතුමාට අන්තිමට අබ සරනයි.

:       320       300

rama Wednesday, 21 February 2018 06:47 AM

මේවා යහපාලනයේ ප්‍රතිඵල තමයි.

:       24       1096

පාලිත Wednesday, 21 February 2018 07:07 AM

මේක සිද්ධවුණු විදිය දන්නවා නම් මෙතන කොටි භීතිකාවෙන් කමෙන්ට් දාන අයට පොළොව පලාගෙන යන්න වෙනවා.

:       114       167

ගුණවර්ධන Wednesday, 21 February 2018 10:46 AM

කොටි හිස ඔසවන්න මෙහෙම කියලා තේරුණු දවසට පොළොව යට තමයි ඉන්න වෙන්නේ කොහොමත්...

:       1       3408

V.warnakulasuriya Wednesday, 21 February 2018 07:14 AM

මෙය සාමාන්‍ය පිපිරීමක් නොවන්නේ නම් ඉහතින් අදහස් දක්වා ඇති චමල් මහතාගේ අදහස රට තුළ ඇතිකිරීම මේ සිද්ධියේ අරමුණ විය හැකිය. රට තුළ පවතින ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත නොහැකි වී ඇත්තේ ටකරමට, සිල්රෙදි කෑල්ලට, වැසිකිළි පෝච්චියට, වංගෙඩියට සහ මෝල් ගහට රැවටී ඇති ජනතාවක් රටේ සිටීමයි. එම ජනතාවට ගැළපෙන සිදුවීමක් ලබා දී ඇති බව සැලකිය හැකිය.

:       416       418

Roshan Wednesday, 21 February 2018 07:15 AM

මේ ඉන්න ආණ්ඩුවට යුද්ධයක් තියා මැස්සෙක් වත් එලවන්න බෑ..

:       77       1827

palitha Wednesday, 21 February 2018 07:40 AM

ත්‍රිවිධ හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත් කරන්න එපා. ලංකාවේ හැමතැනම ත්‍රිවිධ හමුදාව, පොලීසිය සිටිය යුතුමයි. ඡන්ද ගන්න එක එකාට ඕන දේවල් කරන්න එපා. පොඩියට පටන් ගන්න දේවල් පොඩි කාලේම ඉවර කරන්න.

:       150       2171

Chandana Australia Wednesday, 21 February 2018 07:52 AM

බලය නැතිව මහින්දට පිස්සු හැදිලා වගේ

:       4528       10137

ප්‍රසන්න Wednesday, 21 February 2018 07:53 AM

කුඩා අත් බෝම්බයක් යැයි පැවසීම පිළිගත නොහැක. බොහෝ විට තාපය නිකුත් කරන ආර්පීජී උණ්ඩයක් වීමට ඉඩ ඇත. කුඩා අත් බෝම්බයකින් බස් රථයට මෙතරම් හානියක් සිදු වුනේ නම් , කීපදෙනෙක් මියගොස් සිටිය යුතුය.

:       99       81

saman Wednesday, 21 February 2018 08:10 AM

ආණ්ඩුව දැන් තිර රචනාව කරගෙන යනවා මේ සම්බන්ධව. ඉතා ඉක්මනින් එළිදක්වයි.

:       112       1273

Kamal Wednesday, 21 February 2018 08:17 AM

අත් බෝම්බ රැගෙන හමුදා සාමාජිකයන්ට කඳවුරෙන් පිටවීමට ඉඩ නොදෙන්න.

:       1       56

pradeep Wednesday, 21 February 2018 08:20 AM

මේ පෝස්ට් එක බලලා තියෙන්නේ මම කමෙන්ට් දාන වෙලාවේදී 10601, එ්ත් අප්පච්චිව , ජනපති කියන කමෙන්ට් එකට අකමැති පිරිස 11551, ඉතින් කාට කියන්නද?

:       1200       568

sachithWednesday, 21 February 2018 09:23 AM

එ්ක අනිවාර්යෙන්ම හදන්න ඕනි දෙයක්... එක්කෙනෙකුට එක පාරයි කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරන්න දෙන්න ඕනෑ. මේක බොහොම ලේසියට කුකීස්. සෙෂන් පාවිච්චි කරලා හදන්න පුළුවන්. ලංකාදීප අන්තර්ජාල පුවත්පතේ අය එ්ක ගැන අවධානය යොමු කළොත් හොදයි.

:       137       159

Ruwan Wednesday, 21 February 2018 08:45 AM

මෙය දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන්දීමක්. මෙය හමුදා නිලධාරියකු විසින් පුද්ගලික පළිගැනීමක් සඳහා ගෙනයන අතරතුර පුපුරා ගිය එකක් බව පරික්ෂණවලදී ඔප්පුවනු නියතයි.

:       2       34

ගුණවර්ධන Wednesday, 21 February 2018 10:42 AM

කෑලිවත් හොයා ගන්න බැරි වෙයි මෙහෙම කතා කියනවා නම්.. වෙන කියන්න දෙයක් නෑ ඉතින් මේවට...

:       134       269

saman Wednesday, 21 February 2018 09:20 AM

මේ වෙනකොට මේ පුවත බලලා තියෙන්නේ ඔක්කොම 12,200. ඒ වුණාට 12350ක් ඩිස්ලයික් තියනවා.

:       140       11

anura Wednesday, 21 February 2018 09:46 AM

මේක පටලවාගෙන අැයි 16 දෙනෙක් බරපතල තුවාල වෙලා ඉන්නේ බැහැලා ගිය නිසාද?

:       0       7

ජගත් ලියනගේ Wednesday, 21 February 2018 09:57 AM

පාර්ලිමේන්තුවේ දෙමළ සංවිධානයේ එක්කෙනෙක් අමුතු කතාවක් කියල තිබ්බා. කට්ටිය පොඩ්ඩක් ඒක මතක් කරන්න.

:       32       1121

ගුණවර්ධන Wednesday, 21 February 2018 10:10 AM

ඊයෙත් මුතුර් පාලම යට තිබිලා බෝම්බ වගයක් හමුවෙලා තිබුණා .. මේක කොටි භීතිකාවේ ආරම්භය.. එහෙම නොහිතෙන මිනිස්සුන්ට තව වැඩිදවසක් යන්න කලින් බලාගන්න පුළුවන් වෙයි.. එතකන් තව ටිකක් සුර සැප විඳ විඳ ඉන්න..

:       2       1309

Atula Wednesday, 21 February 2018 11:32 AM

දැන් ඉතින් බයියෝ නිකන් සිංහ ටෝක්ස් දේවි... ආයුධ හැමතැනම බයියෝ හදන්නේ... ආ.. අන්න අරෙහෙ කලබල කියලා ඔලුව දාගන්න. ඕක ඒ ගොල්ලන්ගේ වැඩක්ද? ඒ අයට ඕනේ කොහොම හරි බලයයි...

:       44       121

නුමා Wednesday, 21 February 2018 11:34 AM

සාමාන්‍ය පරිදි සිතුවොත්, බොහෝවිට සිය බිරිඳට හෝ දන්නා කියන අයෙකුට තෑගිදෙන්නට හමුදා සෙබලෙක් ගෙනා දෙයක් අහඹු පිපිරීමකට ලක්වන්නට ඇති (මටද යම් යම් අවස්ථාවල ඔවැනි තෑගි වල වුවමනාව දැනී ඇත). දේශපාලනිකව සිතුවොත්: නියමිත කාලයට පෙර පොහොට්ටුවට බලය ලබාගන්නට නම් මෙවැනි සිදුවීම් බොහොමයක් ඉදිරියටත් වනු නිසැකයි. කිසිසේත්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට නම් තොරතුරු නැත.

:       113       165

nalinThursday, 22 February 2018 08:05 AM

බෝම්බ තෑගි ගන්න ආස ගෑනු ගැන ඇහුවමයි. තෑග්ගකට හම්බ උනාම බෝම්බ දෙකක් වෙනවා.

:       0       0

නුමාThursday, 22 February 2018 10:53 AM

ඒකනේ දීපුගමන් පුපුරණ එව්ව පාවිච්චි කරන්නෙ. බස් පරක්කුව තමා වෙලා තියෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 344 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 326 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 77 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 755 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 190 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 105 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1221 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 307 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1337 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site