සමන් පාලිත නානයක්කාර , තරිඳු ජයවර්ධන, ඩයනා උදයංගනී
බණ්ඩාරවෙල දියතලාව මගී බස් රථයක පිපිරීමකින් පසු ඇතිවූ ගින්නකින් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
බස් රථයේ තුන් වැනි පේළිය ආසන්නයේ පිපිරීම සිදුවී ඇති බව පෙනී යන්නේයැයි ද, පුපුරා ගියේ අත්බෝම්බයක් බවට සැක කරන්නේයැයි ද පොලිසිය කියයි.
රජයේ රස පරික්ෂක මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.
තුවාලකරුවන් අතර යුද හමුදා සාමාජිකයන් කිහිප දෙනකුද සිටින බව පොලිස් ආරංචි පවසයි.
යාපනයේ සිට බණ්ඩාරවෙලට අලුයම බස් රථයක් පැමිණි අතර එහි සිටි පිරිසෙන් කොටසක් බණ්ඩාරවෙල සිට දියතලාවට යන බසයට නැඟ ඇතැයි පොලිසිය පවසයි. පිපිරීම සිදුවී ඇත්තේ එම බණ්ඩාරවෙල දියතලාව බසයේ බව පොලිසිය සඳහන් කරයි. බස්රථය දියතලාවේ සිට යළි මහියංගණයේ හෙබරව දක්වා ධාවනය වීමට නියමිතව තිබිණි.
යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ පාදවල බරපතල තුවාල සිදුවී ඇති බවත් යුද හමුදා සාමාජිකයකුගේ ගමන් මල්ලේ මෙම අත්බෝම්බය තිබුණේදැයි සොයා බලන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙය කිසිසේත්ම ත්‍රස්ත ක්‍රියාකාරකමක් නොවන බවත්, යුද හමුදා පොලිසිය ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් යුද හමුදාව කියයි.
ඡායාරූප සැපයුම - රේඛා තරංගනී ෆොන්සේකා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදු නොවිය යුතු දෙයක්. පවතින දේශපාලන අර්බුධයට පිදුරු දැමීමක් සහ රටේ ජනතාව නොසන්සුන් කිරීමට උත්සහ කිරීමක්.
මොකක්ද මේ විහිලුව. බසෙක සම්පුර්ණ ගිනි අරන්. මගීන්ගෙ කකුල් තුවාල වෙලාලු. පිපුරුමක්ලු. එතකොට පුපුරලා කකුල් තුවාල වුනාට පස්සේ මිනිස්සු බැස්සට පස්සෙද ගිනි අරගත්තේ.?
කොටි හිස ඔසවනවා. අප්පච්චි නැවත ජනපති කරමු...
යාපනෙන් හමුදාව ඉවත් කරන්ඩ එපා කියන්නේ මේක හින්ද තමයි.
රට පුරාම නොයෙකුත් ප්‍රශ්න හිස ඔසවන්න පටන් අරන්. එක්කෝ ශ්‍රී ලංකා එකට කරන්න දෙන්න ඕනේ නැත්නම් අලියට කරන්න දෙන්න ඕන. දෙපැත්තෙන්ම කකුලෙන් ඇද්දොත්. මෙතුමාට අන්තිමට අබ සරනයි.
මේවා යහපාලනයේ ප්‍රතිඵල තමයි.
මේක සිද්ධවුණු විදිය දන්නවා නම් මෙතන කොටි භීතිකාවෙන් කමෙන්ට් දාන අයට පොළොව පලාගෙන යන්න වෙනවා.
මෙය සාමාන්‍ය පිපිරීමක් නොවන්නේ නම් ඉහතින් අදහස් දක්වා ඇති චමල් මහතාගේ අදහස රට තුළ ඇතිකිරීම මේ සිද්ධියේ අරමුණ විය හැකිය. රට තුළ පවතින ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත නොහැකි වී ඇත්තේ ටකරමට, සිල්රෙදි කෑල්ලට, වැසිකිළි පෝච්චියට, වංගෙඩියට සහ මෝල් ගහට රැවටී ඇති ජනතාවක් රටේ සිටීමයි. එම ජනතාවට ගැළපෙන සිදුවීමක් ලබා දී ඇති බව සැලකිය හැකිය.
මේ ඉන්න ආණ්ඩුවට යුද්ධයක් තියා මැස්සෙක් වත් එලවන්න බෑ..
ත්‍රිවිධ හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත් කරන්න එපා. ලංකාවේ හැමතැනම ත්‍රිවිධ හමුදාව, පොලීසිය සිටිය යුතුමයි. ඡන්ද ගන්න එක එකාට ඕන දේවල් කරන්න එපා. පොඩියට පටන් ගන්න දේවල් පොඩි කාලේම ඉවර කරන්න.
බලය නැතිව මහින්දට පිස්සු හැදිලා වගේ
කුඩා අත් බෝම්බයක් යැයි පැවසීම පිළිගත නොහැක. බොහෝ විට තාපය නිකුත් කරන ආර්පීජී උණ්ඩයක් වීමට ඉඩ ඇත. කුඩා අත් බෝම්බයකින් බස් රථයට මෙතරම් හානියක් සිදු වුනේ නම් , කීපදෙනෙක් මියගොස් සිටිය යුතුය.
ආණ්ඩුව දැන් තිර රචනාව කරගෙන යනවා මේ සම්බන්ධව. ඉතා ඉක්මනින් එළිදක්වයි.
අත් බෝම්බ රැගෙන හමුදා සාමාජිකයන්ට කඳවුරෙන් පිටවීමට ඉඩ නොදෙන්න.
මේ පෝස්ට් එක බලලා තියෙන්නේ මම කමෙන්ට් දාන වෙලාවේදී 10601, එ්ත් අප්පච්චිව , ජනපති කියන කමෙන්ට් එකට අකමැති පිරිස 11551, ඉතින් කාට කියන්නද?
මෙය දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන්දීමක්. මෙය හමුදා නිලධාරියකු විසින් පුද්ගලික පළිගැනීමක් සඳහා ගෙනයන අතරතුර පුපුරා ගිය එකක් බව පරික්ෂණවලදී ඔප්පුවනු නියතයි.
මේ වෙනකොට මේ පුවත බලලා තියෙන්නේ ඔක්කොම 12,200. ඒ වුණාට 12350ක් ඩිස්ලයික් තියනවා.
මේක පටලවාගෙන අැයි 16 දෙනෙක් බරපතල තුවාල වෙලා ඉන්නේ බැහැලා ගිය නිසාද?
පාර්ලිමේන්තුවේ දෙමළ සංවිධානයේ එක්කෙනෙක් අමුතු කතාවක් කියල තිබ්බා. කට්ටිය පොඩ්ඩක් ඒක මතක් කරන්න.
ඊයෙත් මුතුර් පාලම යට තිබිලා බෝම්බ වගයක් හමුවෙලා තිබුණා .. මේක කොටි භීතිකාවේ ආරම්භය.. එහෙම නොහිතෙන මිනිස්සුන්ට තව වැඩිදවසක් යන්න කලින් බලාගන්න පුළුවන් වෙයි.. එතකන් තව ටිකක් සුර සැප විඳ විඳ ඉන්න..
දැන් ඉතින් බයියෝ නිකන් සිංහ ටෝක්ස් දේවි... ආයුධ හැමතැනම බයියෝ හදන්නේ... ආ.. අන්න අරෙහෙ කලබල කියලා ඔලුව දාගන්න. ඕක ඒ ගොල්ලන්ගේ වැඩක්ද? ඒ අයට ඕනේ කොහොම හරි බලයයි...
සාමාන්‍ය පරිදි සිතුවොත්, බොහෝවිට සිය බිරිඳට හෝ දන්නා කියන අයෙකුට තෑගිදෙන්නට හමුදා සෙබලෙක් ගෙනා දෙයක් අහඹු පිපිරීමකට ලක්වන්නට ඇති (මටද යම් යම් අවස්ථාවල ඔවැනි තෑගි වල වුවමනාව දැනී ඇත). දේශපාලනිකව සිතුවොත්: නියමිත කාලයට පෙර පොහොට්ටුවට බලය ලබාගන්නට නම් මෙවැනි සිදුවීම් බොහොමයක් ඉදිරියටත් වනු නිසැකයි. කිසිසේත්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට නම් තොරතුරු නැත.