මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට ගෙන ඇත.
නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන 1000 ක පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය
- 044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි මගේ හිතේ තිබුනෙත්. මේ සමගම සයිටම් රෝහලත් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීටයට පවරගත්තොත් ප්‍රශ්න සියල්ලක්ම විසඳෙනවා විතරක් නොවෙයි වෛද්‍ය විද්‍යාව හදාරන්න කැමති දක්ෂ සිසුවන්ට පිට රටවල් වලට ගිහිල්ල ඉගෙනගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.
ගරු, ජනාධිපති තුමෙනී, ඔබ තුමාට මතක ඇති එදා, ඔබ තුමාව ජයග්‍රහණය කරා රැගෙන ආවේ මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර බව. එත්, ඔබ තුමා මේ වෙනතෙක් සවන් දුන්නේ, මහපාරේ රිලා නැටුම් නටන නරි රැලකට. එහි ප්‍රතිපලයත් හරිම රසවත්නේ? ඉතාම සුළු ප්‍රශ්නයක් විසඳන්න ඔබ තුමා වැයකළ කාලය ඔබ තුමාට වැදගත් නොවුනට මේ රටේ සමස්ත තරුණ පරපුරට එය කල්පයක්? සයිටම් සිසුන් පමණක් නොවේ, වෛද්‍ය අධ්‍යාපනය සඳහා මේ රටෙන් පිටවූ සිසුන් හා එම සිසුන් හරහා විදේශ රටවලට වැයකළ මුදල්? තරුණ සිසුන්ට විදේශ රටකදී මුහුණ පාන්න වෙන කටුක අත්දැකීම් හා අපහසුතා? මේ සෑම දේටම ඔවුන් ඔබ තුමාව මතක් කරන්න ඇති. රටේ උගත් තරුණ පරපුර ගැනත් කල්පනා කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මේ රටේ තරුණයින්ට, වෛද්‍ය අද්‍යාපනය හැදෑරීමේ අයිතිය මීට වසර කීපයකට ප්‍රථම තහවුරු කළා. ඔබ තුමා එය ප්‍රමාදවී හෝ අවබෝධ කර ගත් එක ගැන අපි සතුටු වෙමු!!
ඉතාම හොඳ වැඩක්. එත්, ඉතින් "අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලය වැහුවා වගේ "වැඩක් තමයි. මේ ආයතනයේම පිටරට සිසුන්ට වෛද්‍ය අද්‍යාපනය ලැබීමේ අයිතිය ලැබිලා අපි දැනගෙනත්, ගොඩක් කල්. කොහොමත් ඉතින් ජාතියක් ලෙස අපි ඉන්නේ අනෙක් ජාතීන්ට වඩා බොහෝ පසුපසින්නේ. ප්‍රමාද වී හෝ ගත් තීරණය අපේ අනාගත පරපුරට වැදගත්. අපේ රටේ බොහෝ අය තීරණයක් ගන්නේ නැතිව කන කහ කහා ඉන්න වෙලාවට, කනේ පාරක් වැදුනම තමයි නිවැරදි තීරණය ගන්නේ?
මීට පස්සෙත් තව එකක් අල්ලාගෙන උත්ගොෂණ පටන් ගනීවි
මුලික අද්යාපන සුදුසුකම් බලන එක හරිම වැදගත්
ඉතා හොඳ තීරනයක්. සයිටම් එක කොතලාවල ඇකඩමියට ඒකාබද්ධ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. නිකන්ම සල්ලි වලට විතරක් නොගෙන හැකියාවත් බලන්නම ඕනේ. නැත්තන් මැරෙන්නේ අහිංසක ලෙඩ්ඩු.
මේ තරම් ශිෂ්‍ය සංඛ්‍යාවක් කොතලාවල වෛද්‍ය පීඨයට ඔරොත්තු දෙන එකක් නෑ. ඒක හින්ද කොතලාවල වෛද්‍ය පීඨයේ ශාඛාවක් මාලබේට ගෙනියන්න කියල මම යෝජනා කරනවා.
එකේ ප්‍රමිතිය ගැන අන්තරේගෙන් විමසුවද දන්නේ නැහැ . අන්තරේ ප්‍රමිතිය අපිට ඉස්පිරිතාලෙට ගියාම හොදට පේනවා .
මම හිතන විදියට නම් ජනාධිපතිතුමා හැටියට මේ වසර කිහිපයේදී අසරණ දරුවන් දහසක් වෙනුවෙන් මෙතුමා ගත් හොඳම තීරණය මෙයයි
වෛද්‍ය අධයාපනය වැනී මනුෂය ජීවිතවලට තදින්ම බලපෑම් කරන වෘත්තීන් සදහා ආධුනිකයන් බදවා ගැනීමේදී ඉහලම සුදුසුකම විය යුත්තේ අනිවාර්යෙන්ම, ඉහල සාක්ෂරතාවයකින් හා උසස් බුද්ධි මට්ටමකින් යුත් පිරිසක් බවට අවිවාදිත කරුණක් වන අතර ඒ සදහා දැනට පිලිගත් හා එකම නිර්නායකය වන්නේ අ.පො.ස. උ.පෙ. සමාර්තය වේ එ අනුව උ.පෙ.ජීවවිදයා අංශයෙන් ඉහලින්ම සමත් පිරිස වෛදය විදියාව හැදෑරීමට තෝරා ගැනීම අනිවාර්ය වගකීමක් වන අතර එය මුදලට හෝ වෙනයම් කරුණකට යට කිරිම මිනිස් ජීවීත අනතුරේ හෙලිමක් වන අතර මූදලට වෛදය අධයාපනය විකිණීමට පක්ෂ අයවලුන් මේ සහාසික අපරාධයේ වගඋත්තරකරුවන් වනු ඇත.
මේ සලිල්කාර පුත්තුන්ට මේ තනතුරට මෙච්චර ආසාද? සල්ලි සල්ලි සල්ලි.. කෝටි 1.20 වියදම් කරලනෙ තියෙන්නෙ.... කොහොමහරි මේ සල්ලිකාර කුණු අම්මල තාත්තතලා එක්ක ඪිල් එකක් ගහන්න ඇති 2020 ජනාධිපතිවරනෙට ඡන්ද ගන්න...