තරිඳු ජයවර්ධන
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ලබන 15 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධික රෝගී තත්ත්වයෙන් පසුවන බව කී නීතීඥවරු එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහත්වරුන් කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු එතරම් අසාධ්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන්නේයැයි සනාථ නොවන බවයි. විමර්ශන තවමත් අවසන් නැති බැවින් සැකකරුවන්ට ඇප ලබා දෙනවාට විරුද්ධ බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
2009 ජනවාරි අට වැනි දා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණු අතර ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය මුලින්ම විමර්ශන සිදු කළේය. එලෙස විමර්ශන සිදු කරද්දී පොලිස් බල අපරාධ තොරතුරු පොතේ පිටු සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත උපපොලිස් පරීක්ෂක සුගතපාල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට ලබා දී ඇතැයි රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය. උපපොලිස් පරීක්ෂකගෙන් එම සටහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලබා ගනිද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා එය දැක ඇතැයි ද රහස් පොලිසිය කීවේය.
මෙම විමර්ශනය අතරමඟ නැවතුණු අතර ඉන් පසු 2009 වසර අගදී විමර්ශන රහස් පොලිසියට පැවරිණි. යළි 2010 ජනවාරි මාසයේ දී විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකයට පැවරුණු අතර එම අංශය මගින් ට්‍රිපෝලි යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. කොහුවල යුද හමුදා කඳවුරේ 17 දෙනකුද අත්අඩංගුවට ගෙන දින කිහිපයක් රඳවා තබාගෙන පොලිස් ඇප මත මුදා හැර තිබිණි.
යළිත් මෙම විමර්ශන රහස් පොලිසියට පැවරුණේ 2015 වසරේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ලොක්කන්ට මොකක්ද ලසන්ත මරන්න තිබුන උවමනාව? නීතිය නැවෙන නැවිල්ල නියම මිනීමරුවා අල්ලන්නෙ නැතුව
මෙය රහස් පොලිසිය විසින් විශිෂ්ට අයුරින් මෙහෙයවනවා. එය ස්කොට්ලන්ඩ්යාඩ් ක්‍රමයේ පරීක්ෂණයක් වගේ කරන බව කිව හැකියි. ඔවුන්ට අපේ ස්තුතිය පුද කල යුතුයි. ඒ වගේම මේ නඩුව අපේ රටේ අනාගතටත්,වර්තමානයට සහ අතීතයටත් එක විදියටම වැදගත් නිසා අපි යුක්තිය සහ සාධාරණත්වය බලාපොරොත්තු වෙන බව වගකිව යුත්තන්ට කියන්න ඕනේ. ඒ ප්‍රතිපල අනාගතයේ දකින්න ලැබෙයි.
අපිට පොලිස් ලොක්කෝ රිමාන්ඩ් කරන එකයි ආපසු බන්ධනාගර රෝහල ඔස්සේ එලියට යන එකයි බලල ඇතිවෙලා! ඉක්මනට නඩු අහල එක්කෝ නිදොස් කොට එලියට දාන්න එහෙම නැත්නොම් වැරදිකාරයා කරලා ඇතුලට දාන්න බොරු සංදර්ශන පෙන්නන්නේ නැතුව!
හිටපු ලේකම් කියා තිබුන මේ ඝාතනයට ඔහුව පටලවන්න හදනවා කියා.. එහෙම වෙන්න ඕනේ එහෙම නැතිනම් මෙම ඝාතනය වුනේ ඔවුන්ගේ පාලන කාලයේ නිසා වගකිවයුතු රජයක් යටතේ එකී ඝාතනයට පරීක්ෂණයක් කර කව්ද එම ඝාතනයයට සම්බන්ද කියා හෙලිකල යුතුයි. ඔවුන් එහෙම දෙයක් කළාද? ඔක්කොම යටගහන්න නොවේද කටයුතු කලේ? ඉන්පසු කොටි සංවිධානයට කරුණු අනුව මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ වෙඩිතබා නොව සතුන් ඝාතනය කරන නවීන යකඩ බටයකින් ඔලුව පසාරු කර යැවීමෙන්. මෙය ඉතාමත් මිලේච්ච මිනිස් ඝාතනයක්.ඉතා ළඟදීම සුලමුල රටට හෙළිවෙයි කව්ද මේ ඝාතනයට අනුබල දුන්නේ හා කුමන හේතුවක් අරභයා කළාද කියන එක. එය ජනතාව දැනගතයුතු මුලික මිනිස් අයිතිවාසිකමක්. එහෙම නැතිව මාව මේකට පටලවා ගන්න බලනවා කියා ඇඟ බේරගන්න හිතුවට ශිෂ්ට සමාජය එය අනුමත කරන්නේ නැහැ .
මේ නිලධාරීන්ට තම රැකියාව බේරා ගැනීමට නොව ජීවිතය බේරා ගැනීමට මේ විදියට කටයුතු කිරීමට සිදුවුණා කියලයි මට හිතෙන්නේ....
මට තවමත් බැලිය නොහැකි මෙතුමාගේ බිලිඳු පුතු තමාගේ ඔලුව අතගා හුරතල් කරන පියාගේ හිටි ගමන් නොසෙල්වෙන සුදු ඇඳගත් දේහය දෙස, ඔහු දෙස දැන් බලයි. මේ ඡායාරුපය මෙතුමාගේ මිනීමරුවන්ගේ ඇසට අසුවූ විට ඔවුන්ට කුමක් සිතෙනවා ඇත්ද? බලය ගෙන රට හදන්න?
ලසන්ත ඝාතනය කළ අයව රිමාන්ඩ් කරන්නේ කවදාද? ඔය ෂෝ එක නවත්තලා එ්ක කළොත් නරකද?
ආණ්ඩුවලින් මිනී මරපු සිද්ධීන් වලදී මිනීමරවපු අය හොඳින් යහතින් ඉන්නවා. ලසන්ත, තාජුඩින් ඔය වගේ තව කීදෙනක් මැරුවද? මැරුවේ කව්ද කියලා හොඳටම දැන දැන මේ අහක ඉන්න අයව අල්ලාගෙන පිස්සු නටනවා. අර සිල් රෙදි බෙදා දුන්න සිද්ධියත් ඒ වගේ. කරන්න කියලා අණ දුන්න කෙනාවයි අල්ලලා හිරේ විලංගුවේ දන්නා ඕනේ. දැන් අර වෙලේ සුදා වැරදි කරලා නෑලු. ඔව් වෙන්න පුළුවන් වෙලේ සුදා කලේ කොන්තරාත්තු කුඩු තමයි වික්කේ...