(විනීතා එම්.ගමගේ සහ නාලක සංජීව දහනායක)
අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.
මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්තියක් නැතිකම තම ප්‍රතිපත්තිය කරගත් ලංකාවේ දේශපාලකයන් ගැන හොඳ උදාහරණයක් .
UNP ආණ්ඩුවට තව ටිකක් දුර යන්ට දෙන්න තිබුනේ. රට අරාජික වෙන එක වැලැක්වීමයි දැන් කර යුත්තේ.
මට තියෙන ප්‍රස්නේ චන්ද 8% ක් පමණක් තියෙන ජනාධිපතිතුමා චන්ද 38% තියෙන අගමැති ඉවත් කිරෙමට උත්සාහ කිරේම කොතරම් සදාචාරාත්මකද?
රෙදි ඇඳගෙන ඉන්නවනම් ඉල්ලා අස්වෙන්න ඕන ජනාධිපති. 4% චන්ද අරගෙන.
අන්තිමට ඇදලා ගත්තා...දමලා ගැහුවා... මලක් පිපුනා... මල පර උනා... කියලා තමා කියන්ඩ වෙන්නේ.
යකෝ ඒවා ඔක්කොම හොයලා නොවැ හිටන් උඹලගේ නිදහස් පක්ෂයේ 14% වැටුණු ජාමේ බේරගන්න ඕන. මෙයාලා හැමදාම කලේ පක්ෂය පෙරට රට පසුවට
රනිල් හොරා පන්නමු ...
නුතන හතර බිරි කතාව. චන්දේ තිබ්බේ ප්‍රාදේශීය සභා වලටයි. පිහිටුවන්න හදන්නේ අලුත් ආන්ඩුවකුයි. මැතිවරණය දිනුවේ ජීඑල් පීරිස්ගේ පොහොට්ටු පක්ෂයයි. ජය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ අනුශාසකයි. සියයට 4 ට වැටුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයායි.වෙනස් කරන්න හදන්නේ අගමැති වරයායි. මේ ඔටුවන්ට අවශ්‍යව ඇත්තේ මොන ක්‍රමයකින්හෝ කුඩාරමට ඔලුවක් ඔබ්බවා ගන්නටය.ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පළාත් පාලන මැතිවරණයේ පණිවිඩය වන්නේ මහින්ද රාජපක්ෂ තමන්ගේ ඡන්ද පදනම වර්ධනය කර ගෙන තිබීමය.මේ යතාර්ථය නොසලකා එන එන යෝජනා සේරටම එහෙයි කියමින් කාලය මරන්නේ නැතුව හරි තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත. අමුලික බොරු සහ කටකතා පතුරුවා හරිමින් ජනමාධ්‍ය දැන් අගමැති සහ ඇමතිවරු පත්කරන තරමේ බලයක් අත්පත් කරගෙන ඇත.පක්ෂයේ ජනපදනම සියයට හතරට වට්ටවා කුජීතකල සාමාජිකයින් පලවා හැරීමට ශක්තියක් පක්ෂ නායකත්වය නැත.කොන්දක් නැත්නම් පොල්පිත්තක් පටලවාගෙන හෝ මේ වැඩය ඉක්මනින් කලයුතුය. එවෙනුවට තමන් බලයට පත්කළ පක්ෂය විනාශ කිරීමට තවදුරටත් උත්සාහ කිරීම කන්න දුන් අත සපාකෑමක් බඳුය. අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවගේ කැඳහැලි වලටය.
බලයට තිබෙන තණ්හාව කොපමණද . ජනධිපතිතුමටත් තීරණ ගන්ඩ කොන්ද පන මදි.....
සිරිසේන යනු නොහොබිනා චරිතයක්ද? UNP ය දෙකඩ කිරීමට කරු ජයසූරිය නායකයා ලෙස පත් කරන ලෙස සිරිසේන ජනපති රන්ජන් රාමනායකට පවසා ඇත. මොහුට මානසික රෝගයක්ද? දෝශාභියෝගයක් අත ළඟද?
මොනවද මේ කතා? රාජ්‍ය නායකයෙක් උනහම පිට කරන හැම වචනයක්ම ඉතාමත්ම වගකීමකින් හා ගාම්භීරත්වයකින් යුතුව ප්‍රකාශ කල යුතුය.
මේ අය අගමෑතිව ඉවත් කරන්න කථා කරනවා නායකතුමා අගමැතිට යන්න එපා ඉන්න කියලා උපදෙස් දෙනවා.රට විනාශ උනේ මේ දේශපාලකයන්ගේ ඩබල් ගේම් නිසා තමයී!
ආයේ නඩු ලිපි ගොනු වහලා මේ කට්ටිය යන්න යන්නේ පරණ දුෂිත යුගයටමය් . කව්රු හරි බයය් තමන්ගේ පරණ දුෂිත ක්‍රියාවල් එළිවෙය් කියල. හිතන්න තියෙන්නේ ඒකම තමයි . රටට හෙන ගැහුවත් කමක් නැහැ . පරණ නඩු හංගල අලුත් නඩු එස්සරහට ගෙනාව චන්ද දිනන්න . ඒ ක්‍රියාදාමයේ අඩුගානේ රටට පාඩුවේච්ච යමක් ආපසු ලබාගන්නවත් පුළුවන් . අනික ආණ්ඩු දෙකක් තිබුනද මේ රටේ . ජනරජයේ නායකයෝ දෙදෙනෙක් හිටියේ නැහැනේ . දැන් ඔක්කම නඩු ටික උඩට ගෙන්න . ඉස්තුතිය් .
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ල මහ බැංකුවට පත් කරපු එකා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද ? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා උනෙත් . එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ ?
ගරු ජනාධිපති තුමනි, අර ජනවාරි 9 වෙනිදා කිවුව අඩි හයක් පොලොව යට කතන්දරේ දැන් ප්‍රශ්නයක් නැද්ද? ලජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි.
ඊයේ පළාත් සභා වලට පත්වෙලා ඉන්න දෙතුන් දෙනා ඉදිරියේ තර්ජනාත්මකව කිවා නේද "පක්ෂ තීන්දුවෙන් පිට ගිහින් ක්‍රියා කලොත් අස් කරනවා අස් කරනවා අස් කරනවා මයි " කියල. එතකොට පක්ෂය සියයට හතරට බස්සවන්න ක්‍රියාකරල දැන් ජයපැන් බොන පක්ෂ සාමාජිකයින් අස්කරනවා අස්කරනවා අස්කරනවා මයි" කියන්න දිව නැමෙනේ නැත්තේ මොකද අප්පා?
ඒ වගේම අහන්න තිබුණා.. සර් කාන්තා කටයුතු පිලිබඳ ඇමැතිකමත් ලඟදි හිස් වෙනවාද කියලා...
ඔව්...ඔව් කළගුණ සලකන්න එපැයි.. නැත්තම් හොඳ නෑනේ ...
රනිල් හේ අපිත් කැමති නා.වෙල්ගමල ගැන නම් කියල වැඩක් නා. 8 පාස් විමලව අගමැති කළා නම් රට හරි යයි. ෆොට්ටුව දිනේවා.
උන්ට රට වැදගත් නෙව්. බලය තමා. තොපිලා නරකාදියට යනවා. අපිටත් කෙලවෙනවා.
රට අනතුරේ
තමන් හිරේ යන එක නවත්තන්න ඉක්මනට ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. එහෙත් එජාපය විපක්ෂයට තල්ලු කිරීමෙන් ඊලග මහා මැතිවරණයේදී ඔවුනට වාසියක් අත්වෙන්න පුළුවන්. එජාපයට උපක්‍රමශීලී ලෙස පසු බැසීමට හොද අවස්ථාවක්. නමුත් පොහොට්ටුව පැත්තෙන් බැලුවොත් ආණ්ඩු පිහිටුවල ඡන්ද පදනම යටිගම් බලා යවා ගැනීමෙහි අවදානමක් තියනවා.
කිසිම ජවයක් නොමැති නායකයෝ අද එකක් හෙට එකක් කියන උන් , රට ගිලගත් , හොරකම , අපරාද අනතුරු, වසංගත රෝග ගොවියාගේ ප්‍රශ්න, මේ එකක්වත් මුන්ට ප්‍රශ්න නොවේ , එකම ප්‍රශ්නය බලයට එන්නේ කොහොමද , බලය රැක ගන්නේ කොහොමද කියන එක විතරයි රටේ බුද්දිමත් මිනිසුන්ට එකම එක විකලොයක් තියෙන වා මුණු එකයි උනුත් එකයි 3 කියන පිරිසිදු කණ්ඩායමකට බලය දෙන්නම ඕන
එතකොට ජනවරි 8 අපට දුන්න පොරොන්දුව ? එක අමතකද ? අපිත් බලන් ඉන්නේ.................
මෙරට ඡන්ද දායකයින් වශයෙන් අපි අද මහත්සේ ලැජ්ජාවට සහ අපේක්ෂා භංගත්වයට පත් වී සිටිමු. මේ ද අපි අපගේ ගරු ඡන්දෙන් පත් කල අපි මහත් බලාපොරොත්තුවක් තැබූ නායකයින්ගේ තරම??.
රනිල් විශ්වාස කල නොහැක. කෝ මේ අර්ජුන් මහේන්ද්‍ර උසාවි ආවාද? කොහෙද ඔයාගේ විශ්වාසවන්තකම. එ්කම ඇති ඔයා ඉල්ලා අස් වෙන්න මලේ. උදව් කළා තමයි. නමුත් ගසා කන්න බලය දුන්නේ නැහැනේ.
19 ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැති ඉල්ලා අස්වුවහොත් හෝ මන්ත්‍රීවරයකු නොවුවහොත් මිස සිරිසේන ජනපතිට අගමැති අස්කළ නොහැක. තවද මන්ත්‍රී 113 ඇත්නම් එම කණ්ඩායමට පුළුවනි. එසේ නැතුව, ජනපති මෙලෙස රට අස්ථාවර කිරීම බරපතල වරදක් නොවේද? ව්‍යවස්ථා විරෝධී නොවේද? රට අස්ථාවර වීම භයානක බව මහා බැංකු අධිපති පෙන්වා දී තිබේ. (ඩොලරය ඉහල යාම, පිටරට ආයෝජන හැකිලීම , ජාත්‍යන්තර පොළී අනුපාත සහ තෙල් මිල වැඩිවීම)
නිකන් ගැලරියට ප්‍රකාශන නිකුත් කරන්න එපා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට, අගමැති ඉවත් කල නොහැකිය.
මේ මොනවාද කරන්නේ ? තමන්ගේ ජනප්‍රියතාවය අඩුවුණාට රට ගැන හිතන්න . 2015 මොකටද ආවේ ? පක්ෂ පාට නොබලා දුෂිතයන්ට දඩුවම් දෙන්න . ඔබ තුමාට මොකුත් මතක නැද්ද ? නිහතමානී අය කාටවත් යටත් වෙන්නේ නැහැ , බයවෙන්නෙත් නැහැ . රටට වෙන්න යන්නේ කුමක්ද ?
මේ හෙළ දිවයින තව දුරටත්, මේ රටේ වාසය කරන සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් ඇතුළු රට තුල ජීවත් වෙන ජාතීන්ට අයිති රටක් නොවේ. මේ රට හොරුන්ට රටේ ජනතාව විසින්ම හොරකම් කිරීමට බාරදී ඇති අශිෂ්ඨයින්ගේ මගඩි දුපතයි.
ප්‍රාදේශීය සභා නගර සභා පැරදුනහම ආණ්ඩු විසුරුවේ ලෝකේ කොයි රටේද?ලංකාව මෙන් හත් අට ගුණයක් විශාල ප්‍රාන්ත රාජ්‍ය ගණනාවක් ඉන්දියාවේ තිබෙනවා. ප්‍රාන්ත රාජ්‍ය පැරදුනා කියා ඉන්දියාවේ ආණ්ඩු විසුරුවේ නැහැ.
මේ දිනවල කියන කරන දේවලින් අගමැතිතුමාගේත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පරිනතභාවය මනාව පැහැදිලි වෙනවා.
රනිල් පිරිසිඳු නායකයෙක් ..
ඕකනේ ළමයිනේ කියන්නේ අපොස සා/පෙ විභාගයෙන් ගොඩ ගිය අය පාර්ලිමේන්තුවට ගියා නම් මෙහෙම වෙන්නේ නෑ. අපි ඔක්කොටෝම අපොස සාපෙ වැදිලා තියෙන්නේ. ඉන්දියාවේ දෙවියන්ට පොල්ගහන අය ඉන්නකම් රට ප්‍රපාතයටම වැටෙනවා.
ඔව් ඔව් මේ අගමැති අයින් කරලා මහින්දව අගමැති කරගත්තා නම් ආයේ අර ලංගමයෙන් හොඳට ගරන්න පුළුවන්නේ.
මේ ඒ කාලයේ කෝච්චි ටික හරියට යවා ගන්න, වර්ජන ටික පාලනය කරගන්න බැරිව හිටපු කට්ටිය අගමැති ගෙදර යවන්න කතා කරනවා. ඒ මනුස්සයා ගෙදර යැව්වා කියලා තමුන්නාන්සේ එතන වාඩි කරනවාට ජනතාව කැමතියි කියලා හිතනවාද?
ජනාධිපතිතුමා ගැන තිබුණු පැහැදිම එතුමාගේ අදූරදර්ශී ක්‍රියා නිසා එන්න එන්නම අඩු වෙනවා. යහපාලනය වෙනුවට පැරණි දූෂිත පාලනයට පාර කැපූවොත් අර වේදිකාවේදි කිව්ව අවීචි නරකාදියට යන පෝලිමේ ඉස්සරහින්ම හිටගන්න වෙන්නේ ඔබතුමාට !!.. ඔබතුමාගේ නුවණ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා!.
රටම විනාශ කරපු ඒකාධිපති පාලනයක් ගෙන ගිය මහින්ද පාලනය වෙනස් කරන්න මොන තරම් ජීවිත ප්‍රමාණයක් බිලි දෙන්න ඇතිද? ලසන්තලා, ප්‍රගීත් එක්නැලිගොඩලා, විශ්වවිද්‍යාල කොල්ලෝ ජීවිතය පූජා කලේ රටේ ඒකාධිපති වියරුව විනාශ කරලා රට ඒකාධිපති පව්ලෙන් නිදහස් කර ගන්න. මහින්දට නැවත බලයට ගන්න ඡන්දය දුන්නු "නාමල්ගේ හොර නීති ලෝගුව ගලවමු". "යු ටියුබ්" එකේ බලන්න..
එතකොට දැන් වෙල්ගම රට දුවන්නේ, ජනාධිපති වෙල්ගමට රිපොර්ට් කරන්නේ ! අනේ මෙහෙම නායකයෙක් !
සිරිසේන උන්නැහේ කියන ඒවා නෙමේ කරන්නේ... එන එන කෙනාට මොකක් හෝ බයිලයක් ගහලා යවනවා. පසුගිය මහමැතිවරණයේදී ඒකාබද්ධයත් එක්ක එකට තරඟ කරලා අන්තිම දිනවලදී කකුලෙන් ඇදපු හැටි ජනතාවට හොඳට මතක තිබුණු නිසා තමයි මෙවර එයාලාට අන්ත පරාජයක් දුන්නේ. ඒ නිසා මෙවන් පුද්ගලයන් ගැන කිසිම විශ්වාසයක් නැහැ.
උඩට නගින්න පිහිට වුණු ඉනිමගට පයින් ගහලා පෙරලා දමන්නයි, සිරිසේන මහත්තයා හදන්නේ. අනාගත ඉතිහාස පොත් ලියන කතුවරුන්ට ඔබ ගැන පරිච්ඡේද ගණන් ලියන්න මාතෘකාවක් ඔබගේ "අවංක භාවය" නිසා ලැබී තිබෙනවා. ඔබට හොරුන්, වංචාකාරයන්, රට හෝදගෙන කාපු අය, පිටරටවල මුදල් තැන්පත් කරපු පිල්ලි කාරයන් ගැන තිබෙන්නේ පුදුම සහගත අනුකම්පාවක් මෙන්ම එවැන්නන් රැකගැනීමට දරන අප්‍රතිහත ප්‍රයත්නය ගැන අපට දුකයි. ඔබ, රට සහ ජනතාව ගැන කිසිම හැඟීමක් නැත. අවීචි මහ නරකයට යවන්න හිටපු අය දැන් ජෝගි නටන බව ඔබට පෙන්නේ නැද්ද?
සිරිමල් හා දන්රු කියන දේ හරි. 10 වෙනිදා පැවැත්වුණේ පළාත් පාලන ඡන්දය පාර්ලිමේන්තු මැතිවරණය නොවේ... මොවුන් කියන්නේ කෙනෙකු විවාහ 2ක් කරගත්තාම දෙවැනි විවාහය බල සහිත වෙනවා වගේ කතාවක්. ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙන් පාර්ලිමේන්තුව වෙනස් කළ හැකි නම් කෝටි ගණන් ජනතා මුදල් වැයකරලා විවිධ මැතිවරණ පවත්වන්නේ කුමකටද? එකකින් ඔක්කොම කරන්න පුළුවන්නේ..
ඩැනොන් නැත්නම් හොයලා බලන්න කැමරන් වයිට්ට මොකද වුනේ කියලා... බ්‍රිට්න් යුරෝපා හවුලෙන් ඉවත්වෙන්න තියපු ජනමත විචාරණය පැරදුණාම කැමරන් අගමැති කමෙන් අයින් වුණා. එ්කයි යහපාලනය...
අගමැති අයින් කරන්න. නීතිපතිගෙන් අහන්න තරමට පොදු විපක්ෂේ ඉදිරියේ නැමෙන්නත් වුණා කියන්නකෝ. මේ ඡන්දෙ ආණ්ඩුවක් වෙනස් කරන්න නොදුන් එකක් බව මේ අය දන්නේ නැති එක පුදුම වෙන්න දේකුත් නොවෙයි. එ් වුණත් රටේ ජනතාවටනේ ආයෙමත් වරදින්නේ. ඉදිරි සංවර්ධන වැඩ නතර වේවි. ආයෙමත් පාරවල් සහ ඒ ගොල්ලන්ගේ සාක්කු කාපට් කරාවි. නඩුත් හාමුදුරුවන්ට යයි. බඩුත් හාමුදුරුවන්ට යයි. යහපාලනය වැලලෙයි මාධ්‍ය නිදහසත් නැතිව යයි..
ඈ ... බන්ඩෝ, ඔහේ කියන්නේ අනිත් හොරුන්ව තියා ගන්න කියලද?
උලා කාපු උන්නැහේලා දැන් රටම බයිට් එකට ගන්න හිතාගන ඉන්නවා වගෙයි. ජනාධිපතිට පුළුවන් කමක් නැහැ ඔහෙලට වුවමනා විදිහට අගමැති අයින් කරන්න. ව්‍යවස්ථාව ගැන තවම දැනුමක් නැහැ වෙන්නැති !
අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැතිහැටි...
ලංකාවේ චපල ගති අය තමයි වැඩි.. පොළවේ අඩි 6ක් යට යන්න නොදී උඩට උස්සලා ගත්තට රනිල්ට හොඳ පාඩම්.. ඒ වුණාට මේ සැරේ රනිල් ලහැස්තිවෙලා ඉන්නේ .. මෛත්‍රී දන්නෙත් නැහැ එයාට අගමැති අයින් කරන්න බැහැ කියලා. කොහොමද රනිල්ගෙ 19?
මහින්දගේ 18න් ඒකාධිපතියෙක් හැදුවා.. රනිල්ගේ 19න් එකාධිපතියා කොට උඩ යැව්වා.
අපේ රනිල් කොන්ද කෙලින් තියෙන නායකයෙක්...
එලවන්න ඕනෑ කෙනා.. වෙන පුද්ගලයෙක් එලවන්න හදනවා. මෙහෙමත් අය...
මෙතරම් කලකට මෙච්චර කෙනෙක් දැක්කමයි. මහින්ද බලයට ආවොත් සිරිසේනට වෙන්නේ යන්න තමයි. මොකද මහින්දගේ මුළු පවුලම හිරේ ගිහින් ආවේ උසාවි වල ඉන්න වුණේ සිරිසේනගේ ආණ්ඩුව නිසා. පිහිටට හිටපු යූඑන්පී යත් ඈත් කරගත්තා.
මම දැක්කා 4 වැනිදා ජාතිය අමතන කොට අතේ තිබුණු ගල් අල්ලපු මුදු තොගය. මෙයාටත් හිටපු කෙනාගේ ලෙඩේ බෝවෙලා. මෙහෙම අපල දුරුකරගන්න ගියොත් ලඟදිම පිටිපස්සෙන් වීල්බැරෝවක් ගෙනියන්න වෙනවා මුදු පටවාගෙන යන්න. රනිල්ගේ අතේ එක ගල් අල්ලපු මුද්දක්වත් තිබුණේ නෑ.
මෙයාට අවුරුදු 3න් මුල අමතක වුණා.. අගමැතිගෙ වැරදි මතක් වුණේ උසාවිය අවුරුදු 5ක තීන්දුව දුන්නට පස්සෙයි. දැන් දන්නවා ඊලඟ ඡන්දෙට යන්න වෙන්නේ රනිල්ගේ ආණ්ඩුව යටතේ කියලා.. ඒක ඇඟට හොඳ නැති නිසා තමයි තමන්ට අවනත අගමැති කෙනෙක් දාගන්න හදන්නේ...
සරත් නන්දගෙන් ඇහුවා නම් දෙයි නියම ලෝ පොයින්ට් එකක්...
අපිට දිනන්න නම් වැදගත්ම දේ ජනාධිපතිවරණය දිනන එක. දැන් තියෙන තත්වේ හැටියට ජීවිතේට ජනාධිපතිවරණයක් දිනන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ බහුතරයක් මිනිස්සු මේ අය බලයට එනවට බයයි. මිනී මෝරු ටැංකි, උලෙන් අනල මරපු ඒවා , වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බ එක, උද්ඝෝෂණ කරපු අයට වෙඩි තියපු එක, සරත් මහත්තයගෙන්, ශ්‍රියානි මැතිණියගෙන් පලිගත්ත එක... ජනමාධ්‍යවේදින් අතුරුදහන් කරපු එක, මේවා හින්දා මිනිස්සු බයයි. දැන් කරන්න තියෙන හොඳම දේ අපිට දිනන්න නම් ඉවත් වෙලා, දිනේෂ් හරි වෙන කව්රු හරි යටතේ පොහොට්ටුව ප්‍රතිසංවිධානය කරන එක. මහින්ද මහත්තයයි, අනිත් රාජපක්ෂවරු ටිකයි පොහොට්ටුවෙන් ඉවත් කළොත් ජනාධිපතිවරණයකදී 50% හදාගන්න පුළුවන්.
මහරගම ඡන්ද ජල්බරියෙන් පෙනෙන්නේ පොහොට්ටුවන්ගේ අරමුණ රටේ පාලනය අස්ථාවර කිරීම බවයි. ඔවුන්ගේ මේ ව්‍යායාමය ඔවුන්ට එරෙහිව ඇති හොර, මැරකම් පිළිබඳ චෝදනා වලින් කෙසේ හෝ ලිස්සා යාමයි.
පක්ෂ පාට නොබලා රට බේරා ගන්න ආපු අය ගැන කණගාටුයි.
කුමාර වෙල්ගම මහතාගේ ඉල්ලීම ජනාධිපතිතුමාට කොහෙත්ම අහක දමන්න බැහැ. කුමාර වෙල්ගම මහතා තරම් මෛත්‍රීපාල මහතාට ජනාධිපති වෙන්න තම ධනයත්, ශ්‍රමයත් වැයකරපු කෙනක් මේ රටේ නැහැ.
අර කතාවක් තියෙනවනේ බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා. ඒ ප්‍රස්ථා පිරුල මොනවට පැහැදිලි වෙනවා මේ රටේ අද ඇතිවෙලා තියෙන තත්වය දැක්කම... ශ්‍රී ලංකා යූඑන්පී එකට එකතුව යන ගමන අවුල් කිරීමට මේ පක්ෂ ඇතුලේ ඉන්න අය හොර රහසේ අල්ලාගෙන කරපු කුමන්ත්‍රණයක් බව නම් පැහැදිලිවම පේනවා. අපේ ජනාධිපතිතුමා හොදට ඒ ගුලිය කෑවා. එතුමාගේ පවුලේ අයට වද දෙන්න බලා හිටපු අය බව අමතක වුණාද? ඔය දැන් එකට පවුල් කන්න බලාගෙන පණිවුඩ එවන්නේ ජනාධිපත්තුමාව ආදරෙන් රැක බලාගන්න නොවේ. ඇතුලේ ඉඳන් ටික ටික කන්න. ඔය පළාතේ කෙනෙක් පවුලක් අස්සට රිංගා ගත්තත් කරන්නේ අද ආණ්ඩුවට කරලා තියෙන දේමයි. අපේ රටේ බුද්ධිමත් අඩු අයගේ ප්‍රමාණය තමයි මේ ඡන්දෙන් මම දැක්කේ. ඔය උදවිය මොන සලකුණෙන් දිනුවත්, මොන පාටින් දිනුවත්, මොන පක්ෂෙන් දිනුවත් ඒ හැමෝම ජාත්‍යන්තර වශයෙන් පරාජය වූ කණ්ඩායමයි. ඔය නරි රැල කොයි විදියට ආවත් පුටුවේ ඉඳගත්තම හූ කියනවා කියනවාමයි. එ්කේ දෙකක් නැහැ. හොරා කාපු සල්ලි වලින් ඔය අය රජගොල්ලෝ වගේ ඉඳීවි. ඒ සාපෙත් විඳවන්නේ කවදා හෝ අහිංසක ජනතාවයි.