2018 පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය හිමි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. අද රාත්‍රී 10.30 වන විට ප‍්‍රකාශයට පත්කරන ලද ප‍්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 341 න් ආයතන 222 ක බහුතරය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව සිටියේය.

පළාත් පාලන ආයතන 41 ක බලය එක්සත් ජාතික පක්ෂය විසින් අත්පත් කරගන්නා ලද අතර ද්‍රවිඩ ජාතික සන්ධානයට පළාත් පාලන ආයතන 34 ක බහුතරය හිමිවී තිබිණ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආයතන 10 ක් හිමිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 4 ක් හිමිවී තිබිණ.
මෙම ප‍්‍රතිඵලයත් සමගින් ශී‍්‍ර ලංකාවේ දැනට පවතින දේශපාලන සැකිල්ල දෙදරා යාමට බොහෝ ඉඩකඩ ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඡුන්ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් තරමක් කැළඹීමට පත්ව සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ සිටින සියලූම ඇමතිවරුන් වහාම කොළඹට කැඳවා ඇතැයිද වාර්තා වේ.
නෙළුම් පොහොට්ටුව ලකුණින් තරග කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මේ දක්වා හිමිකරගෙන තිබෙන සමස්ත ඡුන්ද සංඛ්‍යාව 49,41,952 ක් වන අතර සමස්ත ඡුන්ද ප‍්‍රමාණයෙන් 45.09 % ක ප‍්‍රතිශතයකි. මෙම ඡන්ද සංඛ්‍යාව අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇති පළාත් පාලන සභික සංඛ්‍යාව 3369 කි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ආසන්නතම ප‍්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36,12,259 කි. ප‍්‍රතිශතයක් වශයෙන් එය 32.63 % ක් වන අතර එක්සත් ජාතික පක්‍ෂයට හිමිවී ඇති සභික සංඛ්‍යාව 2385 කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව 9,89,821 ක් (ප‍්‍රතිශතය 8.94 % ක්) වන අතර ජනතා විමුක්ති පෙරමුණට හිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව 6,93,875 (ප‍්‍රතිශතය 6.27 % කි). ප‍්‍රතිඵල ලයිස්තුවේ පස්වැනි ස්ථානයට ඇද වැටී තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට විසින් හිමිකරගන්නා ලද ඡන්ද සංඛ්‍යාව 4,91,835 (ප‍්‍රතිශතය 4.44 %) කි.
මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්‍ෂය එක්ව 2015 වසරේදී ජාතික ආණ්ඩුව (යහපාලන රජය ) පිහිටුවාගනු ලැබීමෙන් පසුව පැවැත්වෙන පළමු වැනි මැතිවරණය මෙයයි.
”රාජපක්‍ෂලාගේ මේ ජයග‍්‍රහණය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට බොහෝ ගැටළු ඇතිකරන්න පුළුවන්” යයි දේශපාලන අවදානම් සහිත වූවන් සඳහා වන යුරෝපා සහ ආසියානු කණ්ඩායමේ අධ්‍යක්‍ෂ ෂයිලේෂ් කුමාර් මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.
විරුද්ධ පාක්‍ෂිකයකු මෙන්ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා කියන්නේ ජනතාව විසින් රජය ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් රජය වහාම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවත්ය.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග සිටි මහජන නියෝජිතයන් 54 දෙනෙක් මේ වන විටත් මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වී සිටිති. පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජතයන් 225 දෙනාගෙන් 106 ක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සිටින අතර 41 දෙනෙක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යටතේ සිටිති.
”මේ තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ කල්ලි ගැසීම් ඇතිවෙන්න පුළුවන්. ඒවායේදී රාජපක්‍ෂලා තීරණ ගනීවි” යයි දේශපාලන තීරු ලිපි රචකයකු වන කුසල් පෙරේරා මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඡුන්ද ව්‍යාපාරය මෙහෙයවීමේදී සිය ප‍්‍රධානතම අවිය වශයෙන් භාවිතා කළේ ඉහළ යන ජීවන වියදම සහ ෂණ සහ වංචා සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය අපොහොසත් වීමයි. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරිමත්, විශ‍්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධනයත් සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණයේ එජාප නිදහස් පක්ෂ පොදු පෙරමුණ ජවිපෙ, ටී.එන්.ඒ මුස්ලිම් කොන්ග්‍රස් සියලු පක්ෂවල එකතුව පොහොට්ටුවට වඩා වැඩියි. මේ සියල්ලම පොහොට්ටු විරෝධී පක්ෂ. මේකෙන් කියවෙන්නේ ජනතාව බහුතරයක් තාමත් මහින්දව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
අවංකවම සතුටුයි.
නැවත රටට කණකොකා හඬලන වගයි.
මෙදාපාර මට ලොකු විශ්වාසයක් තියෙනවා රට තව කාලයක් යහතින් ඉදිරියට යාවි කියලා. මොකද මහින්ද මහත්තයා පසුගිය ජනාධිපතිවරණෙන් සහ මහමැතිවරණයෙන් මේ රටේ මිනිස්සුන්ට වුවමනා දේ හඳුනා ගත්තා. මිනිසුන්ටත් ඒ බව වැටහුණු නිසයි මේ දැවැන්ත ජනතා පෙරලිය සිදු වුණේ. අවුරුදු 3ක් ඇතුළත අප්‍රසාදයට පත්වෙච්ච මේ යහපාලන රජයේ වැරදි මහින්ද මහත්මයා නොකර සිටීවි කියා බලාපොරොත්තු වෙනවා. අද මේ ආරම්භය තවත් දැවැන්ත ක්‍රියාදාමයක ආරම්භයක් බව අපට වැටහෙනවා. සුබ පැතුම්.!
මේ ප්‍රතිඵලය මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මට ලැබුණු සමීක්ෂණ වාර්තා අනුව ජනපතිතුමාගේ පක්ෂය සියයට 70 වැඩ ගන්න තත්වයක් තිබුණේ. ඒ නිසා ජනපතිතුමාට 2020 නැවත ඉල්ලීමට කිසිම බාධාවක් නැහැ
ජය ශ්‍රී මැතිඳුනි. ජනවාරි 8 සිදුවූ වැරැද්ද ජනතාව නිවැරදි කළා. ජනතාවට කෘතගුණ සැලකීම ඔබේ වගකීමයි.
බොහෝ දෙනෙක් මෙම මැතිවරණය පළාත් සභා තේරීමක් වශයෙන් නොව ජනමත විසඳීමක් වශයෙන් සභාගත කිරීමට උත්සාහ දරති. මෙහිදී පොදු ජන පෙරමුණට ලැබී ඇති ඡන්ද සියල්ලම වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද බවත් පෙනේ. මෙම අසාමාන්‍ය ප්‍රතිඵලය පවතින රජයේ මන්දගාමී ගමන් පිළිවෙත මෙන්ම 2015 මැතිවරණවලදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අසමත්වීම පිළිබඳව ඡන්ද දායකයා විසින් තමන්ගේ බලවත් නොකැමැත්ත ප්‍රකාශය කිරීමක් වශයනුත් දැකිය හැක. රට පුරා එකම දවසක මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ ප්‍රචාරණ කටයුතු කෙරුනේ මහ මැතිවරණයකටත් වඩා උනන්දුවකිනි. උද්යෝගයකිනි. මැතිවරණ ප්‍රතිඵලද ඇදහිය නොහැකි අයුරින් ඒකපාක්ෂික තත්වයකට පත්විය. දැන් සාමාන්‍ය ජනයාගේ මනස හැඩ ගැසී ඇත්තේ පවතින රජය අන්ත පරාජයකට පත්වූ නිසා පාලනයේ කිසියම් වෙනසක් වියයුතුය... යන චෛතසිකය වෙතයි. දැන් රත්වූ යකඩය උඩපැන පැන තලන්නට පංගුකාරයෝ යුහුසුලුවෙති. මෙය දන්ගෙඩිය මත තබා ඇති බොටුව බේරාගැනීමට ඇති හොඳම අවස්ථාව කර ගැනීමට ඒ අය පසුබට වන්නේ නැත. ජනාධිපතිට තමන්ගේ පරිණත භාවය පෙන්විය හැකි හොඳම දවස් දෙක තුන මෙයයි. කතා දෙකක් නැත. ගෙදර ගියොත් නසින්නේ දරු මල්ලෝය. මග හිටියොත් නසින්නේ තමන්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අන්ත පරාජයක් එහෙනම් කව්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්නේ.
ජනාදිපති තුමනි දැන් වත් සිරගත කල රණවිරුවන් නිදහස් කරන්න !! මේ උන අවමානයෙන් ගැල වෙන්න දැන් වත් මිනිසුන්ගේ හදවතට දැනෙන්න ජනාදිපති සමාව යටතේ නිදහස් කරන්න . කේවට්ටයෝ න් ගේ උපදෙස් නිසා ඔබ තුමා විනාස උනා. හෙට දවසේ කරන්න මේ දේ .
මහින්දගේ ජයග්‍රහණය ගෝටාගේ ජයග්‍රහණයයි...ගෝටාගේ ජයග්‍රහණය දුමින්දගේ ජයග්‍රහණයයි....මේ සියල්ලන්ගේ ජයග්‍රහණය තංගල්ල සභාපතිගේ විජයග්‍රහණයයි...!
වරදක් දුටු තැනම නිසි පියවර ගන්න.
මහින්දලාගේ පොහොට්ටුවට දැවැන්ත ජයක් ලැබුනට එක රටට රටේ ප්රජාතන්නරවාදයට සහජීවනයට සහ මාධය නිදහසට ලැබුණු දැවැන්ත පරාජයක් විය හැකියී.
මහින්ද හිතුවානම් එයා දිනුම් කියල එතැනින්ම එයා ලොප් වෙනවා , ඒ වගේම පවතින ආණ්ඩුවට දැන්වත් කෙලින් ඉන්න කියන එක ලාවට දැන් කියලා දුන්නා.
මහින්ද මැතිදුණි! නැවතත් බලයට පැමිණියහොත් ඔබගේ පුතාලා පවුලේ සාමාජිකයන් රටට පිළිකුල් වන ලෙස වැඩ කිරීමට ඉඩ නොදෙන්න. දෙදහස් දහතුනේ ඔබගේ පරාජයට ්‍රබල හේතුවක් වූයේ ඔවුන්ගේ හැසිරීම බව මතක් කිරීමට කැමැතියි.
දැන් ඉතින් මහින්දට අනුන්ගේ පහනෙන් එළිය බලන්න වෙලාව පැමිණ තිබෙනවා. පොදු ජන පෙරමුණ පක්ෂයේ නායකත්වය පවා ගැනීමට නොපැමිණ මුල්ලක හැංගිලා හිටපු මෙයාට දැන් එම පක්ෂයේ ලොක්කා වීමට අවස්ථාව ලැබෙනවා. ඒ පක්ෂේ ඉන්න අනික් අයට පින් සිද්ද වෙන්න මෙයාව උස්සල තිබ්බ හැටි ළඟදීම පෙනේවි. විලි ලැජ්ජාවක් නැතිව ළඟදීම පොජපේ නායකයා වන එක සහතිකයි!
46.01% ප්‍රතිශතයක් සමස්තයක් ලෙස ලබා ගත් රජයට අපෙන් උණුසුම් සුබ පැතුම්.
ජනතාව පොහොට්ටුවට ඡන්දේ දීලා තියෙන්නේ ගිය හොරු ආයෙත් ගෙන්න ගන්න නෙවෙයි. තියෙන ආණ්ඩුවට හැදෙන්න. මෛත්‍රිට දැන්වත් මොලේ පෑදුනොත් ඇති !!!
මෙයා 50%ක් ගන්න බැරිව අගමැති හරි ජනාධිපති වෙන්න හදනවා. රටේ ජනතාවගෙන් 55%ක් එයාව එපා කියලයි තියෙන්නේ... තව මොන කතාද?
රැවටීමෙන් නොමිදුණ සැළකිය යුතු පිරිසක් තවම මේ රටේ ඉන්න බවයි මේ සමහරක්ගේ අදහස් වලින් පෙනෙන්නෙ
2015 රාජපක්ෂ පැරුද්දුවේ ඔහු ගිය ගමන හොඳ නැති නිසයි. ජනතාව නැවත ඔහුට ජන වරම දුන්නේ වත්මන් අාණ්ඩුවේ පවතින මහා පරිමානයේ දුර්වලතා නිසයි. රාජපක්ෂ හොඳ නිසා නොවේ. රාජපක්ෂ මහතා නැවත පත් වී පුරුදු පරිදි සියල්ල සුන්නත්දූවිලි කරන ගමනක් ගියොත්. අාය එ.ජා ප බලයට ගෙන එ්මෙන පලක් නොමැති බව ජනතාවට දැන් එ්ත්තු ගැන්වී අැත. බුද්ධිමත් ජනතාව කල්පනා කළ යුත්තේ එයයි.
පොහොට්ටුව යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එජාප විරෝධී කට්ටිය... පොහොට්ටුවට මේ පාර උපරිමෙන්ම උත්සාහ කරලා එජාප එකට බැඳුම්කරෙන් කෙලවෙලා තියෙද්දිත් ඡන්ද ලැබුනේ මිලියන 4.9 කි. පොහොට්ටුව යනු මහින්ද මහත්තයා බව කව්රුත් දන්නා දෙයක්.... එදා 2015 මහින්ද ගත්ත ලක්ෂ 52 කෝ දැන්? මෛත්‍රි නිකම්ම එජාපය හා අනෙක් අයගෙන් ආව පුද්ගලයායි. අවුරුදු 03 කින් මහින්දගේ ලක්ෂ 03 ක් නැතිවෙලා , මෛත්‍රි ලක්ෂ 12 ක් අරන් .... එජාප හෝ මහින්ද එපා වූ අයගෙන්? මහින්ද මේක දන්නවා ... එජාප සහ මෛත්‍රි දැන් කරන්න ඕනෑ මිනිස්සුන්ට කන්න දෙන එක ... ඊට පස්සේ මහින්දගේ ලක්ෂ 52ට වෙනදේ බලන්න පුළුවන් ...
අර මනුස්සයා යනකල් හැමදාමත් පරදින්න තමයි වෙන්නේ. අම්මපා ඇඟේ මාළු නටනවා මෙව්වට...
මේ රටේ ප්‍රගතිශීලි ජනතාව රණවිරුවන් වගේම රට අසීරු අවස්ථා වලදී බේරගත්ත. ඔවුන්ගේ ඡන්දෙන්. ඔබත් එක්වන්න.
මෙය බැලු අයට වැඩි විශාල ප්‍රමාණයක් අකමැති ප්‍රකාස කරලා ?
2005 කොටින්ගෙන් රට බේරාගන්න ඡන්දය බලයක් නොමැතිව වුවත්.... 2015 මහින්දලාගෙන් රට බේරාගන්න සටන් කෙරුවෙමි. හැබැයි මූලික අරමුණ එ.ජ.ප අාණ්ඩුවක් බිහි කිරීම නොවේ. හැබැයි එ් අාණ්ඩුව හරහා මහින්ද මහතා කවදාවත් නොකරන රටට ජනතාවට ඉතා වැදගත් අනපනත් කිහිපයක් සම්මත වුණි. එ් පිළිබඳ බුද්ධියක්, අවබෝධයක් අැත්තෝ එ්ක දනිති. හැබැයි අද මේ අාණ්ඩුවත් පවතින අන්ත දූෂණය, නොහැකියාව, බොරුව නිසා නැවත මහින්ද මහතා හමුවේ පරාජය වී තිබේ. අාණ්ඩුවේ බුද්ධිමතුන් සිටී නම් කළ යුත්තේ රාජපක්ෂවරුන්ට පුරුදු එ්කාධිපති, දූෂිත, මිනීමරු ගමන යාමට ඉඩ නොදී අණපනත් සංශෝධය කර ව්‍යවස්ථාමය බාධක යෙදීමයි. ජනාධිපති ධුරයද අහෝසි කළ යුතුයි. එවිට රටට, ජනතාවට, විශේෂයෙන්ම තරුණ පරම්පරාවට යහපත් වනු අැත.
ඔන්න ජනාධිපතිට දෙපැත්තෙන්ම වැඩ ගන්න චාන්ස් එකක්. දැන් තියෙන්නේ හොඳට වැඩ ගන්න එකයි. ජනතාවට සේවය කරන්න ඕනේ හින්දනේ ඔච්චර කෑගහගෙන ඡන්දේ ඉල්ලගෙන එන්නේ. දැන් තියෙන්නේ දෙපැත්තටම බැන බැන වැඩ ගන්න එකයි. මරේ මරු.
තමුන්නාන්සේලා පිටරටක ඉඳලා රටගැන කතා කරන්නේ මොනවා දැනගෙනද? රට ඇතුලේ ජීවත්වෙන මිනිස්සු තමයි මේ අවුරුදු 3ට රට විකුණපු විදිය දන්නේ. ඒ කරපු අපරාදෙ නිසා තමයි ජනතාව අනිත් පැත්තට පෙළ ගැහුණේ.. 2015 ජනවාරි ඡන්දය දුන්නු මිනිස්සුම තමයි මේ පාරත් ඡන්දෙ දුන්නේ.. පස්සෙ බලනකොට මිනිස්සුන්ට තේරුණා අපි අපේ වටිනා ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ හොරුන්ගෙත් හොරුන්ට කියලා.. ඔය කතා කරන මහත්හොරු දැනගත යුතුයි දැන් ඉන්න මිනිස්සු මෝඩ නැහැ කියලා.