පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලනය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් තිබේ. ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතක අද (13) දිනයේදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැති අතර මේ වනවිට තවත් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.
අද (13) දහවල් එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී නැවතවරක් සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදි එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට ඔවුන්ගේ එකඟත්වය හිමි වී තිබිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තනි ආණ්ඩුවක් පිහිටුවන බව එහිදි තීරණය වී තිබූ අතර එම තීරණය දැනුම් දීම සඳහා මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.
කතානායක කරු ජයසූරිය සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අග්‍රාමාත්‍යධුරය බාරගන්නා බවට විවිධ ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබුණ ද පක්ෂයේ අනුමැතියකින් තොරව අග්‍රාමාත්‍යධුරය බාර නොගන්නා බවට ඔවුන් ප්‍රකාශ කර තිබිණි.
මේ අතර කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් එතෙක් ආණ්ඩුවක් පවත්වාගෙන යාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් දැන ගන්නට ලැබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බලාපොරොත්තු වන්නේ දෙකට බෙදිලා කුලල් කාගන්න එක නොවේ. එකට එකතුවෙලා පැරදුන ඒවගේ බලය අරගෙන වැඩක් කරලා පෙන්නන එක.
මාලදිවයිනේ වෙන දේවල් මෙහෙත් ක්‍රියාත්මක කරන්නද සමහරු උත්සාහ කරන්නේ? මම හිතන්නේ මැතිවරණයක් මෙහෙයවා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගෙන ආණ්ඩු මාරු කිරීමට අගමැති මාරු කිරීමට සමත්වෙන තත්වයේ බලයක් ඇති මාධ්‍ය සමාගම් සහිත එකම රට ලංකාව විය යුතුයි. කලකින් ලැබුන මාධ්‍ය නිදහස තේරුම්ගෙන වගකීමකින් කටයුතු කිරීම සහ මාධ්‍ය සදාචාරය කියන දේවල් කොහෙන් කාගෙන් කවදා ඉගෙන ගන්නද මන්දා. හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ කියල කෝප වුන ඡන්ද දායකයින් හොරුන් ලෙසට ඇඟිල්ල දික්කල අයටම නැවත බලය ලබාදීම නම් කොහොම කෙලෙස කවදා තේරුම් බේරුම් කරගන්නද කියලයි මම මේ දස අතේ කල්පනා කරන්නේ.
මේක හරියට තේ කෝප්පයක හටගත් කුණාටුවකට සමාන කල හැක. සෙනසුරාදා පැවැත්වූ මැතිවරණයෙන් රජය පෙරලා දැමීමට වලිකන්නේ කවුද කියා දන්නෝ දනිති. එම චන්දය පැවැත්වුයේ පවතින රජය වෙනස් කිරීමට නොවන බවත් හොඳ සිහියක් ඇති ජනතාව දනී. මේ මොහොතේදී, රජය එකා මෙන් නැගී නොසිට, අගමැති මාරුවකට හෝ හදිසි මැතිවරණයකට ගියොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජයට යලිත් වරක් ශක්තිමත් පාලනයක් බිහිකිරීමට හැකිවේදැයි විශාල වශයෙන් සලකා බැලිය යුතු වෙනවා! සමහරවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමට හෝ මුදලට ගැනීමේ ක්‍රමවේදයන් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා ඇති. එතුමා රටේ ඉහලම තනතුරට ඔසවා තැබීමට ප්‍රමුඛවූ පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම එතුමා පිටුනොපානවා ඇත. 2020 වෙන තුරු රට කරගෙනයාමට එතුමාට ජනබලය දුන් බව සමහරුන්ට අමතක වී ඇති හැඩයි. යහපාලනය රජයේ දුර්වලතා නිසා මෙවැනි තත්වයක් උද්ගතවී තිබෙන බව නම් නොකියාම බැරිය.
තණ්හා ජායතී සෝකෝ.. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රී බාරනොගෙන නිර්පාක්ෂිකව සිටියානම් මෙවැනි විපතක් නිදහස් පක්ෂයට සිදු නොවනු ඇත. අවසානයේ නිදහස් පක්ෂය බිහිවූ දා මෙලොව එලිය දුටු මෛත්‍රී විසින් එම පක්ෂය පරලෝසැපත් කරන ලදී.
අර්බුදයට හේතුව ගමේ ඡන්දය ජාතික මැතිවරණයක් ලෙස ගනන් ගැනීමයි. දේශපාලන පක්ෂත් ජනතාවත් ජාතික මැතිවරණයක් වගේ හිතාගෙන ඡන්දය දුන්නා. වරද එතනයි.
ලෝක දේශ පාලනයම උග්‍ර අරබුදයකට පත්වී ඇත. සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන් ඉවසීමෙන් කටයුතු නොකළහොත් ලොව බලවත් රටවල් අප රට වෙසෙන සියලු ජන කොටස් පිලිබදව දැඩි තීරණ ගනු ඇත.
ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට ගියොත් එජාප පාක්ෂිකයා සිය ඡන්දය වර්ජනය කරනු නියතය. පොදුජන පෙරමුණ 5/6 ක බලයක් ලබා ගනු ඇත. එනිසා මැතිවරණ පොරොන්දු ඉටු නොකර මැතිවරණයකට යනවාට වඩා එජාප නායකයින් පක්ෂය විසුරුවා හැර රට අතහැර යාම වඩා සුදුසුය. පෝස්ටරයක් ගැසීමට කිසිදු එජාප ආධාරකරුවෙකු ඉදිරිපත් නොවනු ඇත. 2015 දුන් මැතිවරණ පොරොන්දු පිළිබඳ බලාපොරොත්තු හිතේ හිරකරගෙන මිය යනවාට වඩා අනාගතයක් එජාප පාක්ෂිකයාට නැත.
රාජිත වගේ වාචාලයො බයිලා කිව්වට වැඩක් නැහැ. 2015 පාර්ලිමේන්තු ඡන්දේදි 47% ක් ගත්ත එජාපයට 33% ක් වත් ගන්න බැරිවුණා. එදා මහරගම 41.98% ක් ගත්ත අලියා මේ ඡන්දේදි එක අාසනයක් වත් දින්නේ නැහැ. ගත්තෙ 26.7%යි, අහල නැති බයිසිකලයක් 45.7% ක් ගත්තා. බෞද්ධ බහුතරය ඉන්න සෑම ප්‍රාදේශිය සභාවක්ම පොහොට්ටුව දින්නා. මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් අද රනිල් තිත්ත වෙලා. 75%ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹත් එජාපය හෝදලා ගිහින්. 2015 පාර්ලිමේන්තු ඡන්දේදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80ක්% කට වැඩිය ගත්තා. බොරැල්ල සහ නැගෙනහිර කොළඹ පමණක් 65%ක් ගත්තා. නමුත් මේ ඡන්දේදි අලියා ගත්තේ 46% යි. ඉතින් තවත් මොන කතාද? ඒජාප පාක්‍ෂිකයිනි, ඔය පටන් ගත්ත විතරයි. සුනාමියක පළමු රැල පහර වගෙයි. ඊළග රැල්ලෙන් ඔබලා විනාශ වෙලා යනවා. හොඳ හොඳ සෙල්ලන් පළාත් සභා ඡන්දේදි බලාගත හැකියි. රට කන හොර දෙටුවා වහාම පන්නමු !
ෂා... එතුමා නැති වුණෝතින් අපේ ගමට වයිෆයි නොලැබී යාවි... !!!
ඒ කියන්නේ ඡන්දෙට දීපු ලණුවක්... අවුරුදු 3ක් ගියේ කියපු බොරු ඇත්ත කරගන්න බැරිවයි. අනෙක තමන් බලයට එන්න කියපු බොරුවට බලය රැකගන්නත් ... ඔය කියන ඒවා විශ්වාස කරලා, රට බෙදන සංස්කෘතිය විනාශ කරන බෙදුම්වාදය උළුප්පන සංවර්ධනය නතර වූ අකර්මණ්‍ය ක්‍රමයක්.. නැතිනම් ඔය පක්ෂ තව තිබුණේ... ඇයි නොදෙන්නේ...