(රන්ජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා)
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පැවැති රැස්වීම අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙනි.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයද බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති.
මේ අතර ශ්‍රී ලංකාවේ මීළඟ රජය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විදේශීය තානාපතාවරුන්ද බලවත් උනන්දුවකින් සිටින බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දීය තානාපතිවරයා අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
‘‘ මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි."
"අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා." යයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අද සවස හම්බන්තොටදී පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් අද (13) පස්වරු 6.30ට අරලියගහ මන්දිරයට කැඳවන ලද අතර එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද මනෝ ගනේෂන්ඇ මතිවරයා පැවසීය.
මේ අතර අද දහවල් සිට මේ දක්වා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා වල නිරතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අයින් කරපු ආරක්ෂක ලේකම් නැවත වැඩට අරගෙන වගේ පේන්නේ.
අනිත් කට්ටිය අනුන්ගේ පක්ෂයක් දිනවීමට කටයුතු කල පක්ෂ සාමාජිකයින් පිළිබඳව විනය ක්‍රියා මාර්ග ගන්න තවමත් පින්තුර, වීඩියෝ සාක්කි එකතු කරඉවර වෙලා නැතිවා වගෙයි පෙනෙන්නේ. මුලින්ම එහෙම කරනවා කිවේ නුගේගොඩ රැස්වීම පවත්වපු දවසේ නේ.
මේ මොහොතේ කලයුතු වඩාත්ම නිවැරදි තීරණය යයි මා විශ්වාස කරන්නේ, ජනපති මහමැතිවරණයක් කැදවීමය. පසුව ජනතා කැමැත්තෙන් පත්වන නව ආණ්ඩුව ජනාධිපතිවරයා සමග පොදු එකඟතාවයකින් පවත්වා ගැනීමට ඇති හැකියාව ඉතාමත් ඉහලය. නොඑසේනම්, ඒ.ජා.ප.ය දැන් පිහිටුවීමට යන නව ආණ්ඩුවේ සියලු පව් ජනපති පිටින් යනු ඇත. එහිදී දරුණු ජනතා දෝෂාදර්ශනයට ජනපතිවරයා ලක්වීම වැළක්විය නොහැක. එහෙත්, මහමැතිවරණයක් තබා නව ආණ්ඩුවක් පිහිටෙව්වොත් තත්වය වෙනස්ය. එහිදී ජනතා මතය පිටින් ජනපතිවරයාගේ ජාමේ බේරාගත හැක. බුද්ධිමත්ම තීරණය විය යුත්තේ මහමැතිවරණයකට යාමය. මේ එළඹ ඇත්තේ තීරණාත්මක මොහොතකි.
කල යුතු වන්නේ රනිල් අයින් නොවුනහොත් පුළුවන් කෙනකුට රට බාරගන්න කියා ආරාධනය කිරීමයී!
අයෙත් ඉතින් කුටු කුටු ගගා ඉන්න ඉතිරි අවුරුදු දෙක හමාරත් යනකම්. ගන්න තීරණයක් ඉක්මන අරන් ඉස්සර හොරුන්ට දැන් හොරුන්ට දඬුවම් දීල මේ රටේ තියන ප්‍රශ්න ටිකක් විසදලා මැතිවරණයකට නොගියොත් තියන දේත් නැතිවෙයි ඊලඟ සැරේ.
එතකොට හොරුන්ට මොකද වෙන්නේ?
එක හොඳ දෙයක්.
තවමත් කව්රුත් ජනතාව ගැන හිතන්නේ නැහැ. රටට හෙන ගැහැව්වත් ආණ්ඩු කරන්නයි ඕනේ. හොරු අල්ලන්න බැහැ මොකද හැමෝම ඒවාට සම්බන්ද වෙලයි ඉන්නේ. ජනතාව ණය ගෙව ගෙවා දුක් විදිනවා.මෙහෙමත් රටක් .
රනිල් මෛත්‍රී ආණ්ඩුව වෙනස්වෙන්න අවශ්‍ය නෑ. ආසන සංඛ්‍යාව අඩුවුනත් ඡන්ද සංඛ්‍යාව හා මන්ත්‍රී ධූර සංඛ්‍යාව වැඩි වෙලා තියනවා. එ.ජා.ප. 3,612,259 ශ්‍රී.ල.නි.ප. 491,835 එ.ජ.නි.ස. 989,821 එකතුව 5,093,918 (මහින්දගේ ඡන්ද 4,941,952 ඉක්මව ගිහින් තියනවා ) මන්ත්‍රී ධූර සංඛ්‍යාව එ.ජා.ප. 2385 ශ්‍රී.ල.නි.ප. 674 එ.ජ.නි.ස. 358 එකතුව 3,417 (මහින්දගේ මන්ත්‍රී දූර සංඛ්‍යාව 3369 ඉක්මව ගිහින් තියනවා ) ඊට අමතරව මහින්දට විරුද්දව ඡන්ද ලක්ෂ 65 පාවිච්චි වෙලා තියනවා ( රනිල් මෛත්‍රී එකතුව 5,093,918 ජ.වී.පෙ. 693,875 ඉ.ත.අ.ක. 339,675 මු.කෝ. ඇතුළු සුළු පක්ෂවල ඡන්ද )
මහජනතාව ඔය කමිටු ප්‍රතික්ෂේප කල බවවත් තේරෙන්නේ නැද්ද ?
ටක්කෙට කියන්නම් මලික් ඇති ඔය දාන කමිටුවේ.
කමිටු වාර්තාව එන්න අවම වශයෙන් තවත් වසර දෙකක් වත් ගතවනු ඇති නිසා ඒ වනවිට කොහොමත් පාර්ලමේන්තුවේ නිල කාලය අවසන්ව තියේවි. ඒ නිසා කෙලින්ම මහ ඡන්දයට යා හැකිය. මේ ආණ්ඩුව දන්නේ කොහොමත් කමිටු පත් කරන්න විතරයි. නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ.
2015 ජනවාරි ජනතාව පාරට බැස්සේ හොරු අල්ලන්නයි, නමුත් අද වෙනතුරු හොර සල්ලි විසි කරලා ඒවා යට ගහනවා. ආපු ආණ්ඩුව ඒවාට වගකියන්න ඕන. අනික ආණ්ඩු දෙකක් පත්වුණේ නැහැ වෙනම වැඩ කරන්න. මැච් එක දිනන්න නායකයා තමුන්ගේ කට්ටිය හරියට එකා මෙන් මෙහෙයවන්න ඕනා. කට්ටිය දෙකට බෙදල මැච් එක ගහන්න බැහැනේ. මේ හැමදේම බල තණ්හාව නිසා වුනු විනාසය. මහජනතාව දුක් විදිනවා.
රනිල්, ඉන්නකන් පක්ෂයට ඉතාම අපලයක් නැත්නම් 2020 එජාපයක් නැතිවෙනවා ඩී එස් වගේ සැබෑම නායකයෙක් පත්කළ යුතුය
දැන් එතකොට බැඳුම්කරේ ඉවරද?
ජනතා කැමැත්තට ඉඩ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීමට ඉඩ සැලසීම ඉතාමත්ම ඥානාන්විත හා උචිත ක්‍රියාමාර්ගයයි.
ආණ්ඩුවේ ඉදිරි ගමනක් නැහැ එකනේ ගම නැතිවුනේ . දැන් ගෙදර ගියානම් හොඳයි.
පළාත් පාලන ඡන්දය දින්නා කියලා පාර්ලිමේන්තුව විසරවිය යුතු නැහැ. නමුත් තියෙන ආණ්ඩුව 2015 දීපු පොරොන්දු ටික කාලෙදිවත් ඉටු කලොත් ඒ ඇති.
ජනතා තීන්දුව දීලා තියෙන්නේ යහපාලන රජය දිගටම ගෙන යන්න.
ඉදිරි ගමන නවත්වන්න වෙයි. මොකද ජනතාව රතු ලයිට් පත්තු කරලනෙ තියෙන්නෙ.
ආණ්ඩුවට 32% හරි තියෙනවා ජනාධිපතිවරයාට තියෙන්නේ 8% ඒකනිසා ඉස්සරවෙලා ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි
සිත නිවන කතා....!!!
කමිටුවේ ඉන්නේ උගත් බුද්දීමතුන්ද අර පරනසෙට් එකද?
සීයට 62 දීලා තියෙන්නේ යහපාලනය දිගටම කරගෙන යන්න තම තවත් සහන දීල ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න පුළුවනි බය නොවී ඉදිරියට යන්න
යහපාලනය ඉදිරියටම ගෙනියන්න සීයට 62ක් ඡන්දය දී ඇත
යහපාලන ආණ්‌ඩුව වසර තුනක් තුළ ජනතා අප්‍රසාදයට පත්වී ඇති බව පැහැදිලිය. යහපාලන ජනප්‍රියතාවය බින්දුවට බැස ඇත. එක්‌සත් ජාතික පක්‌ෂය තනි ආණ්‌ඩුවක් සෑදීමට උත්සුක වේ. මේ තනි ආණ්‌ඩුව හදන්නට යන්නේ දෙමළ සන්ධානයත් සමගය. දෙමළ සංධානයේ බෙදුම්වාදි ඉල්ලීම් හමුවේ ආණ්‌ඩුවේ ඉදිරි ගමන සුබදායක වෙයිද? පෙබරිවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් හෙළිවූයේ කුමක්‌ද? සිංහල ජනතාව යහපාලනය ප්‍රතික්‍ෂේප කර ඇති බව නොවේද?
අපේ රටේ ඉන්නේ වහල් ජනතාවකි. ඔවුන් අතීතයේ පටන් රජුන් ගේ අතවැස්සන් වීමට මහත් රුචියක් දක්වයි. අදත් සිදුවන්නේ එයයි මෙම යහපාලනය අපගේ ජනතවට නයාට අඳු කොළ මෙනි.. මෙම නායක දෙපල යුරේපයට හෝ ඇමරිකාවට ගැලපෙයි. අප රටේ මිනිස්සු ඉල්ලන්නේ මජර පාලනයකි. මහින්ද ඊට නියමෙට ගැලපෙන නායකයෙකි.
පිටිපන, මාරපන කමිටු වගේම එකක්ද?
මල ඉලව්වයි... එ්කටත් කොමිටියක් !!!
මෙහෙම තර්ක කරන අයත් ඉන්නවා. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද වෙනුවෙන් ඡන්ද ලක්ෂ 58 ක් ලබා දී තිබිණි. මහින්දට විරුද්ධව සිරිසේනට ලැබී තිබුණු ඡන්ද ගණන ලක්ෂ 62 කි. පෙබරවාරි 10 ඡන්දයේදී තත්ත්වය කෙසේද? මහින්දවාදීන් විසින් ඡන්ද ලක්ෂ 50 ක් ලබා දී තිබු අතර එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 8 ක පහළ බැසීමකි. ඒ අනුව, මෙහිදී එදා මහින්ද රාජපක්ෂට විරුද්ධ කඳවුරේ සිටි ලක්ෂ 62ට කුමක් සිදු වී ඇද්ද? එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 37 ක් ද මෛත්‍රි පාර්ශවය ලක්ෂ 15ක් ද ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 7ක් සහ දෙමළ සන්ධානය ලක්ෂ 3 හමාරක්ද ලබාගෙන ඇත. ඒ අනුව එම කඳවුරේ ඡන්ද වල එකතුව ලක්ෂ 63 කට ආසන්නය. දැන් සිදුව අැත්තේ කුමක්ද? මහින්ද වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ 8 ක් ආගිය අතක් නැති වී ඇති අතර මෛත්‍රි කඳවුරේ ඡන්ද ප්‍රමාණයම හෝ ඊට ටිකක් වැඩිපුර ඡන්ද ලබාගෙන ඇත. මේ ගැන හැදී ඇති අලුත්ම ප්‍රස්ථා පිරුල වෙන්නේ "හරියට පන්තියේ 1 වෙනියා වූ කෙනාට 2,3,4 වූ කට්ටිය අපේ ලකුණු එකතු කලහම ඔබ පරාදයි කිවා වගේ".
එජාපයේ නව පරපුරේ තරුණ නායකත්වයට ඉදිරියට ඒමට ඉඩ සලසලා, ජයවර්ධන ජනාධිපතිතුමා කලා මෙන් දැන් ඉන්න ජනතා අප්‍රසාදයට පත්වුණු පැරණි නායකත්වය විශ්‍රාම යා යුතුයි. තම දේශපාලන ජිවිතයේ හොඳම කාලය වන 2004දී ආණ්ඩුව රැකගන්න බැරිවුණා රනිල්ට. 2020 දී එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීම භාරදීම හරියට ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා හා සමානයි.
රනිල්, සාගල, මාර-පන, මලික්, රවී, සුජීව යවන්න කමිටුවක් පත්කරමු. පරාජයට ඍජුවම වගකිවයුතු අයයි...
අවුරුදු දෙකක් තියෙනවා මීටින් තියන්න පුළුවන්... ඊට පස්සේ ඡන්දෙ...
ජනතාව හැටියට අවුරුදු 3 1/2කට ආසන්නව බලාපොරොත්තු වූ නිවැරදි කිරීම් හෝ වැරදි කල හා රටේ ආර්ථිකයට හානි වන ලෙස මේ රට පාලනය කල පිරිස හා ඔවුන් විනාශ කල ධනය නැවත මේ රට ගොඩනැගීමට දායක කරගැනීමට කල හැකි උපරිම දෙය කරන බවට පොරොන්දු දීම හා මෙතෙක් ඒවා ඉටු නොවීම මේ ප්‍රතිඵල ලැබීමට ප්‍රධාන හේතුවවේ. එමෙන්ම රටේ පීඩිත ජනයා වෙනුවෙන් ගොවි කම්කරුවා වෙනුවෙන් කල යුතු දෙය දිනෙන් දින අමතක කර දැමීමත්, ගොවිතැන් කීරීමට සුදුසු විශ්වාසවන්ත බවය ඇති නොකිරීමත් කල ගොවිතැනහි අස්වැන්න විකුණා ගැනීමට සුදුසු වෙළඳපලක් ඇති නොකිරීමත්, රැකියා ගැටළු පොරොන්දු පරිදි ඉටු නොකිරීම හා නව රැකියා අවස්ථා ඇති කිරීම වෙනුවෙන් කල් මැරීම යන හේතුන් මෙම ආණ්ඩුව තුල ඇති දුර්වලකම් නිසාවෙන් තරුණ, මැදිවිය හා මහලු යන සියලු දෙනාගේ විශ්වාසය කඩ කීරීම මගින් මෙම පරාජය ලැබූ බවත්, එය නිවැරදි නොකරන්නේ නම් මෙම ප්‍රතිඵලය මීටත් වැඩා දරුණු වේවි යැයි සිතමි.
දවස් 4ක් ගිහිල්ලත් රට ගැන තීරණයක් තනිව ගන්න බැරිනම් මොකක්ද ජනපතිකමේ ඇති වැඩේ?
මහින්ද වටා රටේ ජනතාව ගොඩනැගිලා ඉවරයි. විකල්ප දෙකයි. එක්කෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ.. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් නැතිනම් විසුරුවන්න ඕනේ වෙලාවට කොහොම හරි තියා ගනිමු කියන්නේ ආතක් පාතක් නැති අය.. ජනතා විරෝධය මැද ඉන්න බැහැ... තව අවුල් වෙනවා. විදේශ ආයෝජන එන්නෙත් නැහැ. ආර්ථික අර්බුදය උපරිම වෙන්න කලින් බේරාගන්න.
කෝටියකට වැඩියන් සාමාජිකයින් සිටින මහා ජනතා කමිටුව ඔවුන්ගේ තීන්දුව දුන්නා තව මොන කමිටුද? 32% පාද සටහන් කාරෝයොත් ඒ කමිටුවේ සිටියා.