(ඩබ්.ඒ. පියතිලක)
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යෑම සඳහා කුඩා දරුවන් සහභාගි කරවාගෙන තිබිණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 295 ක් තිබෙන අතර ඒවායේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසින් ඇත්තේ පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයයි.
ඡන්ද පෙට්ටි පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයෙන් අනෙකුත් මධ්‍යස්ථාන කරා බෙදාහැරීම සඳහා දරුවන් යොදා ගනු ලැබ තිබිණ.
මේ සම්බන්ධයෙන් ජාතික ළමාආරක්ෂක අධිකාරියේ නිතී අංශයේ නිළධාරිනියකගෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ නිලධාරිනිය පවසා සිටියේ වයස අඩු දරුවන් කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට කුමන සේවාවක හෝ යෙදවිය නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නිතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් සම්බන්ධ කරගත නොහැකි විය.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි සහ නිළධාරින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කිරිම අද (9) පෙරවරුවේ සිට ආරම්භ විය.
පළාත් පාලන ආයතන 340 කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරාගැනීමේ ඡන්ද විමසිම හෙට (10) උදැසන 7 සිට ආරම්භ වෙයි. අතර ඊට මහ නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප‍්‍රාදේශීය සභා 276 ක් ඇතුළත්ව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනෝදයට පෙට්ටිය අරන් ගියා කියලා මම හිතන්නේ නැහැ.. බරපතල දෙයක් කියලා, මෙය ළමා රක්ෂක බටහිර සමහර සංකල්ප අන්තගාමියි. ළමයි සුළු වැඩ කළාම ඒ අයගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා.
ජාතික අවශ්‍යතාවකදී විදුහල්පතිවරයකුගේ අනුදැනුම ඇතිව මෙවැනි කාර්යයක් සඳහා ළමයින් සහභාගි කරගැනීම වරදක් නොවේ. අදාළ නිලධාරීන් සමග උරෙනුර ගැටී වැඩ කිරීමෙන් ඔවුන්ට ලබාගත හැකි පොතපතේ නැති දැනුම මිලකළ නොහැක. අප කුඩා කල බාලදක්ෂ කණ්ඩායමේ සිටියදී බොහෝ වැඩ අනුන්ට කරදී ඇත. මෙවැනි ක්‍රියා ළමා ශ්‍රමය අවභාවිතා කිරීමක් නොවේ. දේශපාලකයන්ගේ මීටින් වලට බෑන්ඩ් ගසන්න, කොඩිය වනන්න යැවීම වැනි දේවල් නම් ජාතික අපරාධයන්ය. පුළුවන් නම් ඒවාට නඩු දාන්න.
දරුවන් මෙවැනි වැඩවලට යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් වෙන අතර මෙවැනි කාර්යයන් සඳහා මැතිවරණ කාර්යාලය අවශ්‍ය සේවකයන් යෙදිය යුතු අතර දරුවන් මෙවැනි කටයුතුවලට යෙදීමේදී අනතුරකට ලක් වුවහොත් එහි වගකීම බාරගන්නේ කවුරුන්ද? ඔවුන්ට දැනුම ලබා ගන්න ඡන්ද පෙට්ටි කර ගහනවාට වඩා තව කොතරම් ක්‍රියාකාරකම් තිබේද?
ලාබාල කිරි දරුවන්ගේ ඡන්දෙ නේ. ඒ නිසයි ඒ ගොල්ලන්ව අල්ලාගෙන ඉන්නේ ඡන්ද පෙට්ටි ගෙනියන්න.
ඡන්ද පෙට්ටිගෙන යාමට ළමයෙකු යොදා ගැනීම වරදක් නැහැ.
මේ ළමයි අනිවාර්යෙන්ම එස්.පී.ඕ. ගේම දරුවන්... තාත්තාගේ සුළු සේවකයා ලෙස යනවා. ඒ අයගෙන් සේවය අරගෙන කම්කරුවාගේ ගාස්තුව තමාටම ගන්න කරන දෙයක්. මේක විභාග ශාලාධිපතිලත් කරනවා. අනෙක් අතට දරුවන්ට හානියක් නොවන කාර්යයන් දරුවන් කිරීම වරදක් නොවේ. තමන්ගේ පවුලේ කටයුතුවල දරුවන්ට හානියක් නොවේ නම් මොකද්ද තියෙන වරද? හැබයි සමහර විට ගැටුම් පවා ඇතිවන තැනකට තමන්ගේම වුණත් දරුවෙක් රැගෙන යාම නම් සුදුසු නැත.
මේ බොහෝ විට ඡන්ද ස්ථානාධිපතිගේ දරුවෙක් හෝ නෑයෙක්. ඔහුට එක සහයකයෙක් ගෙන යා හැකියි.
ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුව ලබන දරුවෝ අනාගතයේ සාර්ථක පුරවැසියන් වේ. එවැනි පිරිසක් සිටියොත් රටත් දියුණුවේවි!!!
මේ කරන්නේ උදව් කාරය ගැන දැනගන්න කරන වැඩක්... ඒ වුණාට ඒ සඳහා කුඩා දරුවන් එක්ක යන එක හොඳ මදි..
මේ ගොල්ලෝ දරුවන් නොවෙයි කතාකළොත් දරුවන්ගේ තාත්තලා. කොහොම නමුත් මේ ගොල්ලො කරන්නේ ඡන්ද පෙට්ටිය අදාළ රථයට පටවාදීම පමණයි.
ඇයි මේ අයගේ මුහුණ වහලා. මේ අය වැරදි වැඩක් කරනවා නොවෙයි... කුඩා දරුවෙක්, ළමයින් තමයි හරි වචනය, මේ කරන්නේ ජාතික කර්තව්‍යයකට උදව්වක්.