රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ඡන්ද රාපකාරි කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක හෙට (7) සිට සිකුරාදා (9) දක්වා වසා තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ ඩී.එස්.සේනානායක සහ රාජකීය,කළුතර ඥානෝදය සහ ශාන්ත ජෝන්,මහනුවර රාජකීය, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි ජාතික පාසල, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී ජාතික පාසල, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, සර් ජොන් පුත්තලම හින්දු, අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී විද්‍යාලය, මොණරාගල රාජකීය,කෑගල්ල ස්වර්ණ ජයන්ති මධය මහා විද්‍යාලය යන පාසල් ද ගම්පහ පන්නල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ යන විද්‍යාපීට අද සිට සිකුරාද දක්වා වසා තැබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහක් වටින්නේ නැති මිනිස්සු වෙනුවෙන් ළමයින්ගේ අධ්‍යාපනය විනාස කරන්නෙපා.
ඡන්දය ප්‍රකාශ කිරීමට පරිගණක තාක්ෂණය යොදාගන්නවානම් ඉතා කෙටි කලකින් ප්‍රතිපල දෙන්න පුළුවන්. කාලෙත් රජයට මුදලුත් ඉතුරු කරගන්න පුළුවන්.