(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ නිවසක පදිංචි 57 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට අද (7) අලුයම පෙදරේරුවකු (39) ඇතුළු වී ඇයට අතවර කිරිමට තැත් කිරිමේදි ඇය විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් ඔහු මිය ගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
සිද්ධියෙන් පසුව නිවෙස් හිමි කාන්තාව පොලිසියට බාරවී ඇති බව පොලිසිය කියයි.
ඇය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කාන්තාවක් නේ ,එහම තමා ඉන්න ඕන , මුළු කාන්තා පරපුරටම ආදර්ශයක්
අපේ රටේ ස්ත්‍රී දුෂකයන්ට නීතියේ තිබෙන මහා කරුණාවේ ප්‍රතිපල තමයි. එක්කෝ මාස කීපයක් හිරේ දාවි. නැති නම් සාක්කි මදි කියලා නිදහස් කරාවි. ඉතින් වයස පනහ පැනපු බවලතාට වත් ගෙදරක තනියම ඉන්න බැහැ. වරක් ස්ත්‍රී දුෂණ කරපු මිනිහා ටික කලකින් නිදහස් වෙලා ඇවිත් තවත් ස්ත්‍රී දුෂණ කරනවා. තමන්ට විරුද්ධව සාක්කි දුන් උදවියට මරණ තර්ජන කරනවා . මේ රටේ ආරක්ෂාව තිබෙන්නේ දේශපාලක ළමාතැනිලාටයි .
නඩුත් ඕන නෑ සුදුසු දඬුවම ලැබිලා.
මේ පුද්ගලයා ස්ත්‍රී දූෂණය කරලා ජිවත් වුනා නම් මාසයක් හිරේ තියලා ටික කලකින් ගෙදර එවාවි. හැබැයි දැන් මේ කාන්තාව ආත්මාරක්ෂාවට කරපු දේට නීතියෙන් කොහොම සලකාවිද කියලා අපි බලන් ඉන්නේ. ඒ මොකද අපේ රට ස්ත්‍රී දූෂකයන්ට පුදුම අනුකම්පාවක් තියෙන්නේ.
නියම ගැහැනියක් සහ නියම දඩුවමක් ඉතිහාස ගත වෙනවා. ලංකාවේ නීතියක් දඩුවමක් නැ ඔය දේවල් වලට ඇප පිට එළියේ .
ඔන්න බලන්න කඩුව සහ පොරෝ අතර තියන වෙනස.
කාන්තා පරපුරට ආදර්ශයක් ලෙස බය නැතුව මුහුණ දෙන්න. අපේ රටේ නීතිවල හැටියට පෝරකයට ගියත් පුදුමයක් නොවේ.
මෙම කාන්තාව විරෝදාර කාන්තාවක්
ලසන්ත ඔයා වගේ උදවිය විද්‍යාත්මක පසුබිම් සහ නිරීක්ෂණ කරන්න අවුරුදු ගණන් ගත කරනවිට නඩුව කල් ගිහින්. ඇතැම් අගතියට පත් වූ බාල වයස්කාර පාර්ශවය තරුණ වියට පත්වී සමාජ අපවාදයටත් ලක් වෙලා.
පෙදරේරුවා ලසන්තගේ කවුරුවත් නෙවෙයි නේද ?
ලසන්ත මහතා හිතන හැටියට කාන්තාවක් දුෂණයට ලක්වීමේ විද්‍යාත්මක පසුබිම මොකද්ද ?
ලසන්තට පුළුවන් පෙදරේරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩුවට පෙනී සිටින්න. ඔබේ ගෙදර පවුලේ කෙනෙකුට මේ ටික වුනා නම් දෙවියන්ගේම පිහිටයි. කවදාවත් එහෙම නොවේවා.
මට අවිවාහක වැඩිමල් සහෝදරියක් ඉන්නවා. එයා කාටත් බරක් නොවී රැකියාවක් කරගෙන තනියම ගෙදර ඉන්නේ. ලසන්ත මට ඇය ගැන මතක් වෙලා බය හිතුනේ පෙදරේරුවා වැනි මිනිසුන් ගැන ඇසීමෙන් නොව ඔබ වැනි උදවිය සමාජයේ මේ කාලයේ ඉන්න බව දැන ගැනීමෙන් පසුවයි.
අපේ රටේ මනුස්සකම ලසන්ත වගේ උදවියගේ අදහස් වලින් පේනවා. අනාරක්ෂිත කාන්තාවකට අඩම්තේට්ටම් කරන්න යාමේ විද්‍යාත්මක නිරීක්ෂණය , ලජ්ජා නැති වර්ණදේහයක් ඒ පිරිමියාගේ ඩී එන් ඒ වල අන්තර්ගත වීම වෙන්න ඇති.
නීතිය යකාට ගිය රටක්... මේ විදිහටම පාතාලේ අයටත් සුද්දයක් දෙන්න හැකිනම් හොඳයි.
වීර කාන්තාවක්. තමන්ගේ ආත්ම ආරක්ෂාවට නොබියව ක්‍රියා කල මේ කාන්තාවට, අපේ නීතිය ක්‍රියා කරන ආකාරය අපි කව්රුත් ඇස්, කණ් යොමා බල සිටින්නෙමු.
ජේ ආර් මහත්තයා කිව්වා තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න කියලා. මේ කාන්තාව තමන්ගේ ආත්ම ආරක්ෂාවට කරපු දෙයක්. නිර්බිත කාන්තාවක්.
මේ අදහස් ගැන කණනගාටු වෙනවා. ගැහැණියකුගේ කටඋත්තරය විශ්වාස කරන්නේ ශරියා නීතියේ. ඒ තුලින් ගැහැණියකුට තම වාසියට කතාවක් ගෙතීමටත් පුළුවනි. මේ පුවත ලියලා තියෙන්නේ ඒ ගැහැණිය දුන් කට උත්තරය පදනම් කරගෙන. ඇත්තටම අතවර කරානම් ආත්ම ආරක්ෂාවට පොරෝ පහර එල්ල කරපු එක ප්‍රශ්නයක් නැතිවෙයි. එහෙම නොවුනානම් මිනි මැරුම් චෝදනා එල්ල වෙනවා.
ලංකාවේ සහ ඉන්දියාවේ අපචාර වැඩි වීමට හේතුව පුරුෂ අසහනයයි. නිරෝගී මිනිසෙකුට කෑම බීම වගේම මෙය අවශ්‍යතාවක් බව දියුණු සමාජයේ පිළිගැනීමයි. ලංකාවේ ධනවත් බලවත් අයට කිසිම බාධාවක් නැහැ.
දසුන් ඔබේ සහෝදරීට මේ ටික වුනා නම් මේලෝකේ ඔක්කොම ගැහැණු දෙන්නේ වැරදි කට උත්තර කියනවාද ? ඔබ හිතන හැටියට ගැහැණු ඉපදිලා ඉන්නේ කට පියාගෙන දුෂණය වෙන්නද කොහෙද !
පිට රට ගිය අයට ලංකාවට එන්න හිතෙන්නේ නැත්තෙ ඔය හේතුව උඩය. මෙහේ මච්චර කලකට කාන්තාවකට දූෂණයක් කරනවා ඇහෙන් දැකත් නැහැ. කනෙන් අහලත්නැභැ.ඇහෙන් දැකලහැ.්. නැහැ. ඔය බලු සංස්කෘතිය නැතිකර දවසට එනවා. පිරිමින් කෑගසන්නේ කාන්තාවට නිදහස තියෙනවයි කියලා. ඕක තමයි නිදහස.
මොන වීර ක්‍රීයාවක්ද මෙතන ආත්ම ආරක්ෂාවක් නැත පලිගැනීමක් ඇත.
මනෝ චිකිත්සක කියන කෙනා ගැහැනියකගෙන් යස පාඩමක් ඉගෙන ගෙන තිබෙන හැඩයි. මෙතන මේ වෙනකන් පල කල අදහස් විදියට ස්ත්‍රී දුෂකයාගේ පවුලේ කෙනෙකුගේ තත්වයට වැටි ඇත.
කලින් සැලසුම් කල පළිගැනීමක් නම් පොලිසියට භාර වෙනවාද පැනලා යනවා මිසක්. ස්ත්‍රී දුෂණ සාධාරණීකරණය කරන උදවිය ස්ත්‍රී දුෂකයන්ටත් වඩා අන්තයි.
බිමල් එහෙම්ම කියන්න එපා මම දූෂකයාගේ පැත්ත ගත්තා නොවෙයි ගැහැණුන්ගේ පැත්ත නොගත්තා පමණයි. ගැහැනුන් ඔබ ඔය හිතන තරම් සාන්ත නොවෙයි. මායම් 64 දී තිබෙන්නේ ඒගොල්ලන්ට අපට නොවෙයි.
මම කෙනෙක්ව මැරුවා කියා පොලිස්සියට බාර වුණු පලියට ඔහු මිනීමරුවාය කියා පොලිසිය බාර ගන්නේ නැත. ඒ තැනැත්තා මිනීමැරුම කළා කියලා උසාවියේ ඔප්පුවිය යුතුයි. තරුණ පුතා මිනීමැරුමක් කලාම වයසක තාත්තා හෝ සීයා ඉදිරිපත් වෙනවා. මමයි මිනී මැරුම කලේ කියලා තරුණ පුතා බේරා ගන්න. එවැනි අවස්ථා ඔබ අසා නැද්ද? මෙතනත් ගෙදර සැඟවී සිටි අනියම් සැමියා මේ පෙදරේරුවා මරන්න ඇතියි කියන අදහස ඔබේ ඔලුවට එන්නේ නැද්ද?
මම ඇමරිකන් රහස් පරීක්ෂක නවකතා සිය ගණනක් කියවා ඇත. අන්න ඒ නිසයි මෙම ගැහැණිය ගැනත් මම සැකයෙන් බලන්නේ. ගෙදර සැඟවී සිටි අනියම් සැමියා මෙය කලාද, ගෙදරට ගෙන්වාගෙන පරණ කෝන්තරයක් පිරිමහුවාද යනාදී ප්‍රශ්න ගොඩක් මෙහි තිබෙනවා මතුපිටින් පෙනෙන දේම නොවෙයි. ඔබලාට එහෙම සිතෙන්නේ නැද්ද?
මේක පිළිගන්න අමාරුයි දුෂණයකට ආවානම් එන මනුස්සයා ආයුධයක් අරන් එන්නේ බොහෝ වෙලාවට වෙන්නේ කවූරුහරි ගෙදරට ගෙන්නවාගෙන මොකක හරි දෙකට බහින්බස් වෙලා ගහපු පාරකට මැරුනම දුෂණ චෝදනාව දානවා. ඒගේ සීරීම් තුවාල පොරබැදීම් වගේ දේවල් තිබිය යුතුයි දුෂණයකදී. මේ බව විද්‍යා පරීක්ෂණයකදී තහවුරු වේ. ඒ නිසා කලබල වෙලා තීරණ දෙන්න ඕනේ නෑ.
අපට අන්ධයෝ හත්දෙනෙකු ඇතෙකු අතගා පැමිණි විනිශ්චය මතක් වෙනවා. ඇතාට හිනා වෙන්න පුළුවන් කමක් තිබුනානම් බක බක ගා හිනා වෙනවා. හැම අන්ධයම හිතාගත්තේ තමන් තනිවම ගත් තීරණය හරි කියල. අපේ පාර්ලිමේන්තුව පිරිලා තියෙන්නෙත් ඒ ජාතියේ අන්ධයින්ගෙන්. රටේ බහුතරයත් ඒ වගේමයි.