IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇලෝසියස් - පලිසේන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

(රොමේෂ් ධනුෂ්ක)

බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි  පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගය මත  පෙබරවාරි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



අදහස් (17)

ඇලෝසියස් - පලිසේන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

ජීවන් ක්‍රිෂාන්ත කොඩිතුවක්කු Monday, 05 February 2018 06:28 AM

නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම මකුළුදැලකට සමාන කර ඇත්තේ මේ නිසාය. බැඳුම්කර වංචාවේ මහා මොලකරුවන් ගමේ පාලනය ඉල්ලමින් දේශපාලන වේදිකාවන් දෙවනත් කරයි. රාජකීය පාසල්වල ඉගෙනගෙන රාජකීයයට හොරකම් කල හොර නඩේම අත්අඩංගුවට ගන්න.

:       4212       4126

KamalMonday, 05 February 2018 10:02 AM

පාසලක් සමග තිබෙන තරහක් නේද?

:       210       82

lalithsjm Monday, 05 February 2018 06:38 AM

අවුලක් නැහැ... ඡන්දෙ පහුවෙනකම් විතරයිනේ...

:       9       188

Madumali Monday, 05 February 2018 06:58 AM

එහෙනම් ඡන්දයෙන් පස්සේ ඇප දේවි !!!

:       58       139

Ajith Nissanka Monday, 05 February 2018 07:00 AM

ඊළඟට බන්ධනාගාර රෝහල හරහා එළියට !!!

:       36       98

Chanak los angeles Monday, 05 February 2018 07:28 AM

ව්‍යාපාරිකයින්ට ඇයි මේ විදියට කරදර කරන්නේ? අර්ජුන් හා පලිසේන වැදගත් මහත්තුරු දෙන්නෙක්...

:       536       6

Chandima Monday, 05 February 2018 07:30 AM

අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කල උදවියට නම් බේරෙන්න හොඳ තර්කයක් තියෙනවා. ජොබ් එකට එන මිනිහ හොරකම් කලාට ජොබ් දීපු මිනිහ පලි නැහැ කියන තර්කය. හැබැයි මතක තියාගන්න මේක එසේ මෙසේ ජොබ් එකක් නෙමෙයි.., රටේ සමස්ත ආර්ථිකයම රඳා පවතින මහබැංකු අධිපතිකම. කෙරුණු වංචාවෙන් රටට වුණු හානිය අති මහත්. ඒ නිසා ජොබ් එක දීපු කෙනා නිදොස් වෙන්නේ එයා බාල වයස්කාර පොඩි දරුවෙක් නම් විතරයි.

:       163       144

MuhanMonday, 05 February 2018 10:06 AM

මෙම තර්කය දිගේ ඉහළට ගියහොත් පත්වීම් දීපු පුදගලයාට දඬුවම් දී එම පුදගලයන් පත් කල ලක්ෂ ගණනක ජනතාවටද දඬුවම් දිය යුතුයි.

:       0       10

Mahendran Monday, 05 February 2018 07:35 AM

ගේම සැලසුම් කරපු ලොකු අය තාම ලංකාව ඇතුළේ රට පාලනය කරනවා. මේ අය නිකන් ඉත්තෝ විතරයි.

:       250       218

Hafeel Monday, 05 February 2018 07:37 AM

මේ අයට ගමේ බලයත් දුන්නා නම් ඉවරයි.

:       159       112

NissankaMonday, 05 February 2018 10:58 AM

මේ මහා මංකොල්ලය රටට හෙළි කළේ අනුර කුමාර හා හඳුන්නෙත්ති මන්ත්‍රීතුමන්ලා බව අමතක කරන්න එපා. ඒ ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුමයි. ජ.වි.පෙ.ට බලය ලැබුණොත් හොරුන්ට යන එන මං නැති වෙනවා.

:       154       108

Neville de Alwis (Attoney at Law) Monday, 05 February 2018 07:40 AM

අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්වීම් ලිපිය අත්සන් තැබූ කෙනා වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කලයුතු වෙනවා නේද? එලෙසම ජනාධිපතිවරයාට එරෙහිව වුවත් ධුරයෙන් නෙරපීම දක්වා නියෝග ඉහළ උසාවියකට (රජය සතු මහජන මුදල් අවභාවිතාවකට සම්බන්ධව අයුතු ලාභ ලැබූ ප්‍රධාන සැකකරු අර්ජුන් මහේන්ද්‍රන් තම අත්සන යොදා තම අනුදැනුම ඇතිව පත්කිරීම තුල) ලබාදීමේ හැකියාව ශ්‍රීලංකා නීති පද්ධතිය තුල තවම නොනැසී පවතිනවා.

:       253       237

shelton Monday, 05 February 2018 07:45 AM

ඔපරේෂන් 2. ඡන්දෙන් පස්සේ මල්මාලා දමලා පිළිගනිමු.

:       0       208

sampath Monday, 05 February 2018 08:17 AM

ඇයි රාජ්‍ය බැංකු ප්‍රධානීන් අත්අඩංගුවට නොගන්නේ? එයාලා අඩුවෙන් ලංසු තියපු නිසයි මෙයාලට ලැබුණේ.. වගකිවයුතු රජයේ බැංකුවල ප්‍රධානීන් අඩු ලංසු නොතිබීමට හේතුව මහබැංකු අධිපතිවරයා දුන් උපදෙස් කියන එක පිළිගත හැකි කරුණක් නෙවෙයි. ඇතැම්විට වෙනත් කරුණක් තිබියහැකි වෙන්දේසියකින් භාණ්ඩයක් විකුණන්නේ වැඩිම ලංසුවට අනිත් අය ඉල්ලුවේ නැති වුණාට... අන්තිමට මේ අයට වන්දි ගෙවන්නත් වෙන්න පුළුවන් සමහර විට...

:       79       109

Rasi Monday, 05 February 2018 08:43 AM

හිනාවේවි යන්නේ! සමහරවිට මෝසමකින් 11 වෙනිදාට හරි 12 වෙනිදාට හරි එළියට එයි. අර මඩු වලිගය කෝ? අපිට ගහ ගන්න

:       0       68

පිටිගල මිලානෝ Monday, 05 February 2018 10:21 AM

මේ හොරුන්ව උසාවියකින් අච්චු කරනතෙක් මේ නාඩගම ගැන වැඩි විශ්වාසයක් තබන්න එපා. අර අයිතිකාරයා නැති බංගලාවටත් මේකමයි වුනේ. ඒ පුද්ගලයාත් යහතින් ඉන්නවා. ඇමරිකාවටත් ගිහිල්ලා එනවා.

:       0       9

Ruwan Monday, 05 February 2018 10:25 AM

අනේ... මෙයාලා ලෙඩවෙයි. මෙඩිකල් එකකුත් කරලම ගත්තා නම් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2034 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site