(අජන්ත කුමාර අගලකඩ )
ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති.
නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.
ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ .
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.
රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.
ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාර්ලිමේන්තුව විසුරවන්න අවශ්‍ය නැද්ද? ඒකාබද්ධය කියන විදිහට දැන් පාර්ලිමේන්තුවේ සිටින්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මන්ත්‍රීවරු.
අයියෝ මෙහෙමත් රටක්
විශිෂ්ට තීරණයක් ජනපතිතුමනි, ඉදිරියටත් ගරු රනිල් මැතිතුමාගේ නායකත්වයෙන් යහපාලන රජය පවත්වාගෙන් යාමට ඔබ ගත තීරණය අපි අගය කරනවා
ඔන්න පුතේ සිංහලයා ඉතිහාසේ වෙනස් කරලා සුද්දට පෙන්නන තැන. සිංහලයා පාවා නොදෙන්නෙකු බවත්, මෝඩයෙකු නොවන බවත් සිංහලකමට ඕනෑ වෙලාවක එකතු විය හැකි බවත් සනාථ කරන දවසක් එයි...
අනේ! අයියෝ! දෙවියනේ මගේ උතුම් මාතෘ භූමියට මොකද මේ වෙන්න යන්නේ...?
අනේද කියන්නේ ?
යහලුවනේ, මේ වෙනකොට ලොකුම ලොකු බැංකු හොරුන්ට සියල්ල අනිත් පිට පෙරලිලා ඉවරයි. අද රටේ ප්‍රමුඛතම අවශ්‍යතාවය වන්නේ පර ගැති අය ගෙදර යැවීමයි. මේ කල්ලිය ගෙදර යවා කවුරු අගමැති කලත් අපට කම් නැත. ත්‍රස්තවාදයෙන් සහ පරගැත්තන්ගෙන් රට, දැය බේරාගත් සදාදරණීය මහින්දට අපේ හද පිරි අාචාරය.!!!
එතකොට පසුගිය රජයේ වංචා, දූෂණ ඇල්ලීම් ඔක්කොම ඉවරයි. ඒකාබද්ධ විපක්ෂයට ඕනෑවුනේ ඒකනෙ. බලලෝභී දේශපාලකයන් සහ මෝඩ මිනිස්සු නිසා ලංකාව කිසිදා ගොඩගනු නොහැක...
හොරුන්, දූෂිතයින්, මිනීමරුවන් සේරම නිදහස්... මහ බැංකු වංචාවට මොනවා වේවිද දන්නේ නැහැ.
ජනාධිපතිතුමනි, මේ පාර නම් රටේ අනාගතය ගැන හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න වෙයි. මොකද ඔබතුමා දේශපාලනයට ආපු මුල් කාලයේ හිටිය මිනිස්සු නෙමෙයි දැන් මිනිස්සු .. හරිම බුද්ධිමත්..ජනතා මතයට හිසනමා තීරණයක් ගන්න. නැතිනම් ඔබතුමාටත් ජම්පරයක් අඳින්න වෙයිද දන්නෙත් නැහැ...?
දැන් තියෙන පාර්ලිමේන්තුව "මුදල් පණතක්" පරාජය කිරීමෙන් තොරව විසුරුවා දැමීමට කිසිම හැකියාවක් නොමැත..."යහපාලනයට" ජනවරම අහිමි වීමත් සමග මේ සැකැස්ම මත ක්‍රියා කරනවා හැර විකල්පයක් ද නැත....
ඊට වඩා දාහෙන් සම්පතයි ඉන්න කෙනා.
මොනවා, මෙයා පැරදුන කෙනෙක් නේද?
ලෝකයේ දුෂිතයන්ගේ රටක අංක එකේ මෝඩයන් අපි වෙමුද? කොහොම ආවත් එන්නේ දුෂිතයන්ගේ පාලනයකි.
ඒ කාලේ පොදු අපේක්ෂකයා විදියට ජනාධිපති තනතුරට ඉල්ලන්න උන්නෙත් මෙයාම කිව්වා නේද?
ලක්ෂ 62 ක බලාපොරොත්තු වතුරෙ. ඔය හදන්නෙ බෙදාගෙන කන්නයි. පරන කේස් යටගහන්නයි. මෛත්‍රිපාල, රනිල්, මහත්වරුනි වසර තුනක් කලයුතුදේ වෙලාවට නොකරපු එකේ ප්‍රතිපල පේනවා නේද?
ඉඟුරු දී මිරිස් ගත්තා හා සමාන වෙවී. ලංකාවේ බොහෝ දේවල් එහෙමනේ උනේ.
දන්නේ නැතිනිසයි අහන්නේ .කවුද මෙි එකාබද්ද විපක්ෂය කියන්නේ. මහින්දලාගේ කන්ඩායම නේද.(තවත් නමකින්) එතකොට මෙි එකතුවනේන ? අහෝ මෙහමෙත් රටක්
ඇයි විමල් හොද නැද්ද? හා හා.
හොද යෝජනාවක් කතා කරන්න හැකියාවක් තියෙන ඇමෙති කෙනෙක් අගමැති කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා නොගිය වැඩි කාලයක් හිටපු මන්ත්‍රී කෙනෙක්. ඉන්පසු බැදුම්කරේ ඔක්කොටම නියම දඩුවම් දෙන්න කටුතු කල යුතුය.
දුම්රිය හැමදාම පීලිපනිනවා වගේ , රටටත් එහෙම වෙයිද මන්ද
මේ මැතිවරණයේදී ලොකුම පරාජිතයා ජනාධිපති. එහෙම එකේ ජනාධිපනේ ඉල්ලා අස් වෙලා අලුත් ජනාධිපතිවරණයක් කැඳවන්න ඕනේ නැද්ද? අපි ජනවාරි 8 ප්‍රතික්ෂේප කරපු එකාබද්දේ මන්ත්‍රීවරු එක්ක සන්ධාන ගත වෙන්නේ කොහොමද ජනාධිපති?
රනිල් මීට වඩා හොඳායි
අහෝ ඛේදයකි, මාර පරාජය කල ඡන්ද දායකයෝ අනාතයි අසරනයි , අබ සරණයි!!!
නිමල් සිරිපාල අගමැති කරනවා නම් පැදුරකුයි, කොට්ටෙකුයි අරගෙනම එන්න කියමු. මොකද එයාගේ වැඩේ පාර්ලිමන්ට් එකේ නිදාගන්න එකනේ. මගේ අදහස මේකට සුදුසු සුසිල් ප්‍රේමජයන්ත කියලයි.
අපොයි එහෙම වුණොත් ඉඟිරු දීලා මිරිස් ගත්තාට වඩා අන්තයි!
පරාජිතයින් අපට එපා. නිමල් සිරිපාල රටටම එපා කරපු කෙනෙක්. රට තවත් අාගාධයට අදින්න එපා..
මේකෙදි ඒකාබද්ධ විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔවුන්ට කල හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම පමණයි. ඔවුන් එය කළා. ජනාධිපතිවරයා ඊට අකමැති නම් රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා විකල්පයකට එකඟ විය යුතුයි.
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයි. පැරදුණු කෙනෙක් අයින් කරලා... අන්ත පරාද වුණු කෙනෙක් අගමැති කරනවා.
කිසිම හොර, මැර, වංචාවකට සම්බන්ධ නැති පිරිසිදු චරිතයක්.. මෙතුමා වගේ අය තමයි මේ රට ගෙනියන්න සුදුසු .. ජයවේවා !!!
බලය ගන්න තනතුරු ගන්න මේ තක්කඩි දේශපාලකයින් මොනවද නොකරන්නේ?
අපිට දෙයියන්ගේම පිහිට තමා. මෙයත් එක්ක මුළු රටටම නිදිකිරා වැටෙන්න වෙයි.
"ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක්වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ". සමහර පණ්ඩිතයින්ට නොතේරන දේත් මේකම තමයි.
හොඳ තේරීමක් ! පැහැදිලි දර්ශනයක් ඇති නීතිවේදියෙක්.. මෙන්න විදේශ සම්බන්ධතා තරකළ හැකි නිහතමානී දේශපාලකයෙක්...
ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව පළාත් පාලන ඡන්දයක ප්‍රතිඵල මත පාර්ලිමේන්තුවේ පවතින තත්වයට බලපෑමක් හෝ වෙනස් කිරීමක් කළ යුතු බවට සඳහන් වෙන්නේ නෑ. නමුත් සමහර අය තමන්ගේ වාසියට හදා ගත්තු පහුගිය ක්‍රම අනුව නම් රටේ ජනමතයට අනුව පාර්ලිමේන්තුවේ බලය අභියෝගයට ලක්වෙනවා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා, ජනාධිපතිවරණය ජයගත් විගස පාර්ලිමේන්තුව වෙනස් කරපු එක රටට නරක පුර්වාදර්ශයක්. ඒ නරක පුර්වාදර්ශයම දැන් ඔවුන්ට පාරාවළල්ලක් බවට පත් වී තියෙනවා. මේ විකෘති තත්වය නිවැරදි කර ගත යුතු නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුව විසුරවලා මහා මැතිවරණයකට යමු කියන්නේ. එවිට ලබා ගන්නා ප්‍රතිඵලය ජන වරමක්...
මහින්ද, නිමල් සිරිපාල සහ මෛත්‍රී සමග නව ගමනක්... මේවට කොහෙන් හිනා වෙන්නද?
දාන්න යන මනුස්සයා දිහා බැලුවාම එයාලගේ දර්ශනය ගැන තේරෙනවා
ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කලේ අගමැතිටත් වඩා ජනාධිපති ඇතුළු පිරිසයි.
මෙහෙමත් විකාර රටක්. තිබ්බේ නගර සභා ඡන්දයක්, ඒත් ආණ්ඩු මාරු කරන්නයි කතාව. මොකකටද බොරුවට වියදම් කරල ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා ඡන්ද තියන්නෙ, ඔක්කොටම එක ඡන්දයක් තිබ්බනම් ඉවරයිනෙ.
මීට වඩා නම් දැන් ඉන්න කෙනා හොඳයි. පාර්ලිමේන්තුවේ දකින හැම වෙලාවේම නිදි. අනිත් අයට රජ කරන්න පුළුවන් නිසා මේ නම යෝජනා කරන්න ඇති.
පත් කරන්න නියම අගමැති ගිය තැනක් ඇත්නම් නිදි...
නිමල් සිරිපාල ආසනය පරාදයි නේද මහඡන්දෙ? එතකොට මිනිහා කොහොමද අගමැති වෙන්නේ? හිනා යනවා මට නම්...
ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි. මෙසේ වූ වෙලාව සහ රටේ ඉහළ තැන ගන්න තීරණ අතර සම්බන්ධය නුඹලා දන්නෙහිද?
හීනෙන් තමයි. අහ්.. ඇමති තුමා කොහොමත් නිදිනේ.. එතුමා නිතරම දකින හීනයක් සැබෑ වෙන්න යන්නේ
අයියෝ දේදුනු විප්ලවය ,අයියෝ යහපාලනය …
මෙයා ඒකාබද්ධය එක්ක ඉන්න කෙනෙක් කියල අපි ජනාධිපතිතුමාට මුලින්ම කිව්වා. මේවා ඔක්කොම පරණ රෙජීමයේ ප්ලැන්. අනික තමන්ගේ සීට් එක කීපාරක් පැරදිද? දැනුත් අපි ඔබතුමාට කියන්නේ සම්මුති ආණ්ඩුව 2020 වෙනකම් ගිහිල්ල විශේෂ අධිකරණයක් පිහිටුවල පහුගිය හොරු ටික අල්ලලා ජනතාවට ආදර්ශයක් පෙන්නන්න. එතකොට ජනතාව ඔක්කොම නැවත ඔබතුමාව පිළිගනී.
ජනවාරි 8 ජනතාව දිනෙව්වේ හොරු අල්ලලා නීතිය හමුවට ගෙනැල්ල රටේ යහපාලනයක් ඇතිකරන්න. ඒ අතින් ජනපති ඇතුළු සියලුදෙනා අසමත්. ප්‍රාදේශීය සභා ඡන්දෙදි දෙගොල්ලෝ එකතුවෙලා ඉදිරියට යන්නේ නැතුව ජනපති තමන්ගේ පක්ෂය ගැන විතරක් හිතල ඉල්ලගෙන කෑවා. එයින් වුනේ රට අරාජික බවකට පත්වීම. දැන් එජාප ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් ආපු , ප්‍රා.සභා ඡන්දෙදි අන්ත පරාජයක් ලබපු ජනපති 2015 පින් ඇමති කමක් ගත්ත කෙනෙකුට අගමැතිකම දෙන්න යනවා. මේවා හරි වැඩද? ජනපති හැමදාම මතුරන ශීලාචාර කම මේකද? එකාබද්දයෙ දැන් හොරු නැද්ද? අර කිව්ව කඩුව කොහෙද? ඉතුරු අවුරුදු දෙක වෙනසක් නොවී ඉදිරියට යන්න බැරිනම් ආණ්ඩුව විසුරුවා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පවත්වා ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කලයුතුයි. මේ සියලු දෙයින් අසරණ වෙන්නේ මහජනතාවයි.
මේ අය 2015 පෙරළියට ඡන්දය පාවිච්චි කරපු අය නෙමෙයි. දැන් 8% ද අයින් කරන්න ඕන 37% ද ? හිටපු අයට ඕන බඩගොස්ටරය. ඒ පුරුද්ද කාලාන්තරයක් මේ රටට කරපු සේවයයි. මේකද රටේ ව්‍යවස්ථාව. මොකුත් නෙමේ මේක ජනතාව නොමග යවන දෙයක් .
මේ කවූද මේ? මෙයා කොහොමද මෙතනට පැන්නේ?
ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා....
මෙතුමා සුදුසුද.? හොද තරුණ නමුත් පළපුරුදු කෙනෙක් පත් උනොත් හොද නැද්ද මෙම තනතුරට. දේශපාලන නායකයන්ගේ වගකීම තමයි එහෙම කෙනෙක් හොහගන්න එක.
මේක තවත් අනුවන වැඩක් ජනතාව පිලිගත්තු නායකයෙක් නෙමෙයි නිමල් සිරිපාල කියන්නේ.
ජනාධිපති කාර්යශූර නැත්නම් රටකට වෙන්නේ අයහපතක්. බඩුමිල, ඩොලරය, බදු කොතරම් වැඩිකලත් සද්දයක් නැහැ. රටේ සංවර්ධනය කොතරම් අඩුවුනත් සද්දයක් නැහැ .
ඇත්තටම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාදයි. ඉතින් කොහොමද මෙයාට අගමැතිකම දෙන්නේ?
තමුන්ගේ ආසනෙත් පරාදද මන්දා...
බොරු කයිවාරු එපා, වත්මන් අගමැති තුමාට පා.ම. 106 ගණනකගේ අනිවාර්ය විශ්වාසය තියනවා. මෙතුමාට පුළුවන් නම් 106ක විශ්වාසය අරගෙන පෙන්වන්න කියන්න.
මෙයාට ජනතාව අකමැති කම දෙමු
106 විස්වාසය මොකක්ද රටේ 67% ක ජනතාවට විස්වාස නැතිනම්
එක එකාගේ කොන්ත්‍රාත් වලට මේවා ලියන එකාටත් ගහන්න ඕන.
ඕක හරියන වැඩක් නෙවේ. අගමැති පුටුව වෙනුවට ඇඳක් හයි කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න තුනෙන් එකක් ලැබෙන එකක් නැහැ.
අනේ මන්දන්නේ නැ මුන්නේහෙලා අපි ඉපදෙනකොටත් පාර්ලිමේන්තුවේ ඉඳල තියෙන්නේ නමුත් රටට කල සෙතක් නම් නැ තමන්ගේ මඩි තරකරගත්ත මිසක්. පාර්ලිමේන්තුවේ ඉන්න සේරම නාකි ,ලොම් හැලිච්ච වලස්සු ටිකක් වගේ... මුන් වගේ රට ජාතිය කන හිවල්ලු ටිකක් ලෝකේ කොහෙවත් නැ . මුන්ව පාර්ලිමේන්තුවට පත් කරන ජනතාවට දෙවියන්ගේම පිහිටඊ.
ජ.වී පෙ නායක රෝහණ විජේවීර දිනක් රැස්වීමකදී කියනවා මම අහගෙනයි ඉලංගරත්න මහත්මයහේ බෙල්ලේ ඇති රැලි බඩට ඇවිල්ල කියල. දැන් මෝර වගේ හිටියට ඒ කාලේ නිමල් සිරිපාල කියන දේසපාලකයා හිටියේ ජිප්සීස් සුනිල් පෙරේරා කියන්නා සේ හූනෙක් වගේ. ඒ නිසා මොහු දේශපාලනයට අවුත් මුකුත්ම කරලා නැහැ කියල කාටවත් චෝදනා කරන්න බැහැ. ගුරුවරයාව අගමැති කමට ඔසවලා තියන්න ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඩිලාන් ගෝලයාට ඇති උනන්දුව, රට ගොඩගන්න 2015 ජනවාරි මාසයේ ඉදිරිපත් වුන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට ලබා දුන්නා නම් පළාත් සභා ජන්දයේදී ගුරයි ගෝලයයි දෙන්නම බදුල්ල දිස්ත්‍රික්ක යෙන් පරදින්නේ නැහැ. මෛත්‍රීපාල මහත්මයාගේ ශ්‍රී ල නි පයත් මේ අන්දමට පරදින්නේත් නැහැ.
එ.ජා.ප. යට හොඳ අවස්ථාවක්. තාවකලිකව පසුබසින්න. මේ ජනතා හිතෛෂී නායකයකේ නොවේ. ශ්‍රි.නි.ප යත්, පොදු ජන පෙරමුණත් කරන ලොකුම මෝඩ වැඩේ කරන්නයි හදන්නේ.
අනිවාර්යයෙන්ම සිමෙන්ති ශත 50කින් වැඩිවෙයි. බලන්න සිමෙන්ති කොට්ට ලක්ෂ 10ක් අවුරුද්දකට විකුණුවොත් ගාන හදල බලාගන්නකෝ. පරණ පුරුදු අත හරින්න අමාරුයි කියලා කියනවනේ.
එළ ඔහොම්ම කරගෙන යන්න. අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි..