2018 පෙබරවාරි 06 | ප.ව. 05:54
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුවේ දී අද (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි.
උදය වරුවේ මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටියද පස්වරු 2.00න් පමණ පසු සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වැනි ප්‍රමාණයක් වන අතර ඇතැම් අවස්ථාවල සිටියේ කතා කරමින් සිටි මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා පමණි.
දෙමළ ජාතික සන්ධානය විවාදය වර්ජනය කර තිබූ අතර පස්වරු 4.30 ට අවසන් වීමට තිබූ විවාදය පස්වරු 4.00 ට අවසන් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවාදය ආරම්භ කළ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් පමණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ එම පක්ෂයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට තිබූ කාලය ද ලබාගනිමිනි.
ඒ අනුව විවාදයේදී අදහස් දැක්වූයේ 11 දෙනෙකු පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවා කව්ද හොරු කියල. ලෝකෙට ඇහෙන්න විවාදයක් ඉල්ලලා එකෙක් වත් අාවේ නැහැ. හැමදාම මුන් ටික එකතුවෙලා කරන්නේ අහිංසක මහජනතාව ගොනාට අන්දන එක විතරයි. හිටපු ජනාදිපති පම්පෝරි ගැහුව අද විවාදෙට එනවා කියල. බොරු කාරයෝ. මොවුන් සේරම ඉන්නේ දැන් හෙළුවෙන්.
කොච්චර පුරසාරම් දෙඩුවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමාද පැමිණ නැත.
මුන් සියලු දෙනාම පට්ට පල් හොරු නේද? ඇයි අපි මුන්ට චන්දය දෙන්නේ මුන්ව බලයට පත් කොරන්න මම හිතුවා මහින්ද කතා කොරයි කියලා බලනකොට එයත් පට්ට හොරෙක්. JVP ය තමයි අන්තිමට ඉතුරු උනේ.
බොරුවට විවාද ඉල්ලනවා මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරලා පර්ලිමේන්තුව තියෙනවා.එත් තෙරුමක් තියෙනවාද?මිනිස්සු බුද්ධිමත්ව හිතන්න ඕනි මීට වැඩිය
මහින්ද රාජපක්ෂ පැමිණ නැත. හිටපු ජනාදිපති පම්පෝරි ගැහුව අද විවාදෙට එනවා කියල. බොරු කාරයෝ.
ඔක්කොම හොරු.
පක්ෂයක් ඡන්දයක් ඉල්ලන්න ඕන ජනතාවට කරේ මොනවද කරන්න ඉන්නේ මොනවද කියලා පැහැදිලි කරලා. සිල්ලර කතාවලට කවදා වෙනකම් රැවටෙන්නද
අභියෝගයක් වුනත් කලයුත්තේ සුදුසු අවස්ථාවකයි.මෙතැනදී අභියෝගය කලේ දේසපාලන වාසි ලබාගැනීමටයි.
ඔය ටික ආවත් කරන්නේ බුද්ධිමත් විදියට කරුණු ඉදිරිපත් කරන එක නෙමෙයි කුණු බාල්දි පෙරලන එකයි.
අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගන්න දෙයක් නෑ. දේශමාමකත්වය පෙන්න පෙන්න තමන්ගේ පැලැන්තියේ සුවදායක පැවැත්මට අවැසි සියලු කාර්යයන් අහිංසක මිනිසුන්ගේ කරමතින් කර ගැනීමට දේශපාලකයෝ සමත්.... අපේ රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ද?
අපි ජවිපෙ ට ඡන්දය දෙමු
මහින්ද ආවාද ?
කව්ද හොරා? ඒ නිසයි ආවේ නැත්තේ.
කෝ මහින්ද මහත්තය ඇවිල්ලත් නැනේ .
දැන් ඉතින් රටේ නැති බොරු කියයි. අරක නිසා එන්න බැරි වුණා මේක නිසා එන්න බැරි වුණා.
වලව්කාරයෝ ටික පොඩ්ඩක් ගිමන් හරින්න අපි ජ.වි.පෙ එක්ක ගමන යමු...
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී කිසිම විවාදයකට එන්නේ නැහැ. පඩිය විතරක් ගන්න එනවා.
ලොකුඅය කරන්නේ හොරකම් කරන එක.. හරි හොරු ආරක්ෂා කරන එකනේ. මට පෙනෙන හැටියට ජවිපය තමයි මේ ඡන්දයෙදි තියෙන එකම විකල්පය...
මේ අය ජනතාව ගොනාට අන්දනවා ඡන්ද ගන්න
මොන පම්පෝරි ගැහුවත් ඒකාබද්ධයේ කට්ටිය තමයි විවාදයක් ඉල්ලලා මර ලතෝනි දුන්නේ. මේ රට මිනිස්සුන්ගේ සල්ලි දවසකට පාර්ලිමේන්තුවකට කොපමණ මුදල් වියදම් වෙනවද? මිනිසුන්ව තවමත් අන්දනවා... මිනිසුන් බුද්ධියෙන් හිතන්න ඕනේ. මහින්දටත් ආයේ තමන්ගේ හොර කල්ලිය ගොඩදාන්න යන්න ඕනෙවෙලා රැස්වීම්වල හඬා වැටෙනවා. අයියෝ මහරජාට ගියකළ...
මේ සියලු දෙනාම හොරු. නැත්නම් හොරු රකිනවා. ජනතා විමුක්ති පෙරමුණට බලය දෙමු...
බමුණුආරච්චි මහත්තයෝ, අපි ඔබ සමගයි!
හොරු ගැන විතරක් කතා කරන හොර විවාදවලට කොහොමත් හොරු එන්නෙ නැහැ. ආවත් එන්නෙ හොරෙන් වෙන දේ බලාගන්න. අන්තිමට විවාදෙනුත් හොර වාසියක් ලැබෙන්නෙ හොරාටමයි.
අපේ රටේ ජේ වී පී එකට විතරයි තාම හරියට බලයක් ලැබිල නැත්තේ. මෑත කාලයේදී මොවුන්ට ලැබිල තියෙන සුළු බලයෙන් මේ දක්වා කරලා තියෙන වැඩ කොටස ඉතාම විශිෂ්ටයි. මහජනයාගේ දේපල හොරකම් නොකරපු එකම පක්ෂය. මෙවර ඔවුන්ට බලයක් දීල බලන්න කියන එක තමයි මට හිතෙන්නේ.
ඔක්කොම හොරුන්ට මාරුවෙන් මාරුවට බලය දීලා ඇන ගත්ත එකේ, නරකද ජේ වී පී එකටත් අවස්ථාවක් දීලා බැලුවොත්. එහෙම දුන්න කියලා ආයේ මේ රටට අමුතුවෙන් වෙන්න දේකුත් නැනේ.
සිරිසේනමැතිතුමාත්, රනිල් මැතිතුමාත්, මහින්ද මැතිතුමාත්, අනුර මහත්තයත් සියල්ලම රගනවා අපි ඒ රග මඩලේ නරබන්නන් වෙමු . 70වෙනි නිදහස ලබලත් අපි මොනාද ලබාගෙන තියෙන්නේ . කතාව විතරයි. කතාව දෝලාවෙන් ගමන පයින්.
හොරු විවාදේ මගහරිනවා ......
ඔය ඔක්කොම හොරු. එ්කයි අාවේ නැත්තේ, ඇවිල්ලා කෑ ගැහුවම පත්තරවල, ටී.වී. වල වැටෙනවා. ඊට පස්සේ ඒ අයට හෝරාකන්න තියෙන මාර්ග අවහිර වෙනවා එකයි.
දැන්නම් ඇති .. මේ පාර ජවිපෙ එකට ඡන්දෙ දෙනවා..
අපි සියලු දෙනා කොහොම හරි පරාජිතයව ඇදගෙන හරි ඇවිල්ල රජ පුටුවේ නැත්නම් එයා කැමති විදුලි පුටුවේ හරි වාඩි කරමින් අපට ඕනේ විවාද මග හරින මැති ඇමතිවරු නොවෙයි දුෂණ වලට පිටුපාන මහජන නියෝජිතයින්.