රේඛා තරංගනී ෆොන්සේකා , ප්‍රසංග සිල්වා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි.
දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත සමඟ පාපුවරුවේ එල්ලී සිටි සෙසු පිරිසද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.
තිදෙනකුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ ද අනෙක් තැනැත්තාගේ මළ සිරුර ලූනාව රෝහලේ ද තැන්පත් කර ඇති බව ද පොලිසිය කියයි.
මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
දුම්රිය ලූනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ ලොරියක් නවත්වා තිබී ඇති අතර එම ස්ථානයේ මාර්ගය සහ දුම්රිය මාර්ගය ඉතා පටු හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් ගත් පිරිස එකවරම ලොරියේ ගැටුණු බවට සිද්ධිය ඇසින් දුටුවෝ පොලිසියට ප‍්‍රකාශ කර ඇත.
සිද්ධියෙන් පසු තුවාලකරුවන් තරුණයන් ගැටුණු ලොරියෙන්ම කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත.
මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.







(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොච්චි පාරවල් වල ලොරිත් යනවලු.
මේ කොමෙන්ට් එක දාලා තියෙන කෙනා යන්නේ කොහෙද මල්ලේ පොල් කෙනෙක්....
නීති ක්‍රියාත්මක නොවන රටක මෙවැනි දේවල් අරුමයක් නොවේ. මෙම ස්ථානයේදීම (අඟුලානේදී) මීට පෙරත් ලොරියක වැදී මගීන් මිය ගියා. රේල් පාර අසලම පේලි ගෙවල් සැදීම සහ ඒ අවට ව්‍යාපාර කිරීම මීට ප්‍රධානම හේතුවයි. මීට අදාල නීති තිබෙන්නේ පොත්වල පමණයි.
සුද්දට ස්තූතිවන්ත වෙන්න ලෑබුන රේල්පාරවල් තාම එහෙමමයි. අඩුම ගානේ ඒ සේවයෙ තත්වය වත් උසස් වෙලා තියෙනවද. හෑබෑයි ඒ ටිකවත් කරපු සුද්දගෙ මුනුපුරා අපේ නිදහස් දිනේට එනඑකට හෑමෝම විරුද්ධයි?
රේල් පාරේ ලොරිත් යනවද.?
සෑහෙන කාලයක ඉඳලා මෙවැනි අනතුරු සිදුවෙනවා. මේවාට විසඳුමක් සොයන්න කිසිම කෙනෙක් නැහැ. කණගාටුයි මනිස් ජීවිත වලට වූ දෙය අහලා..
ලොරි රියදුරුට මිනීමැරීමේ චෝදනා යටතේ දඬුවම් කල යුතුයි, එත් පොඩි පගාවකට ඔක්කොම යටයි. දුම්රිය රියදුරු වැරදිකරු කියයි, නැතිනම් දුම්රියේ ඇතුලේ ඉඩ තියෙද්දී පාපුවරුවේ ගියා කියයි. ජනතාවට උවමනා තරම් පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැරි නම්, කොළඹට මේ තරම් ජන ගඟක් උදේට ඇදෙන්නත්, හවසට පිට වෙන්නත් හේතු හොයල ඒවාට විසඳුම් දෙන්නත් බැරි නම් , පගා ගහන්නේ නැතුව මේවට නිතියවත් හරියට කරන්න.
තමන්ගේ ජීවිතය ගැන නොසැලකිලිමත් කමක් දක්වන මෙහෙමත් මිනිස්සු. මට මතක් වෙනවා ඒ දවස් වල පාසල් යනවිට විනය ගරුක පොලිසියේ නිලධාරින් පාපූරුවෙ යන සියලුම දෙනා බස්සා පොලිසියට අරන් යනවා .
මෙන්න හොඳ අවස්ථාවක්. ඉක්මනින් දුවල ගිහින් වන්දි ගෙවන්න පොර කන්න. තව බොහොම ඡන්ද ප්‍රමාණයක් ලැබෙයි.
කනගාටුදායක පුවතක්. කෝච්චියේ යන අය තමන්ගේ ආරක්ෂාව ගැන සිතන්නේ නෑ. පාපුවරුවේ යාම තහනම් ඒවගේම ඇතුලේ ඉඩ තිබුනත් සමහරු පපුරුවේ එල්ලිලා යනවා. පිටරටවල්වල නම් දොරවල් ඉබේම වැසෙනවා. මේවගේ අනතුරු වෙන්න කිසිම විදිහක් නෑ. .
දවසම මහන්සි වෙලා ගෙදරටවත් නිදහසේ යන්න ප්‍රවාහන පහසුකම් නැති රටකට ඇමතිලා මොකටද අනේ මියගිය තරුණයනි නිද්‍රාශීලීව කල් මරණ මිනිසුන් ට කියා දෙන්න තවත් සියවසකට මෙවැන් මිනිසුන්ටම බලය දෙන ලෙස. ඔබලට නිවන්සුව
70 වසරක් තුළ තට්ටුමාරු දේශපාලනය තුළ අපි ලබාගත් ප්‍රතිපල ඉතාමත් ශෝචනීයයි. ඡන්දෙ දිනපු මැති ඇමතිවරු ප්‍රාඩෝ, ඉන්ටර්කූලර් වගේ සුපිරිවාහනවල පවුල්පිටින් යද්දී, ඡන්දේදීපු අපි හැමදාම පාපුවරුවේ එල්ලීගෙන යන්නේ. මෙතන හැමදාම අනතුරුදායක තැනක් තමයි. නමුත් වරද ඒකම නෙමෙයි. කෝච්චිය යන වේගෙට දරලිපේ ගිනි මෙළවෙන තරමට සමහර ගෙවල් කොච්චිපාරට ලඟයි. ඒ මිනිස්සු උනත් තමන් ඉන්න තත්වෙන් ගොඩ ඒමක් ගැන උනන්දුවක් නැති එක තමයි දුක.70 වසරක් පුරා පාලයකයා විසින් අපේ පොදු ප්‍රවාහනය සහ සමස්ත ආර්ථිකයම දියුණු කරලා තියෙන තරම තමයි මේ. ඉතාමයි සෝචනීය තත්වයක්.
අවුරුදු 70ක් රජකරපු ආණ්ඩු වලට හෙන ගහන්න ඕන..... ඡන්දෙ දීපු එවුන්ටත් එක්ක.....
ගුණවර්ධන මහත්මයා ඕක මෙහෙමයිනේ වෙන්නේ. සමහර වෙලාවට කෝච්චියේ ඉඩ තිබුනත් අපේ අය සෝබනේට යන්නේ එල්ලීලා.මමත් ලංකාවේ උන්නු කෙනෙක් නේ.බස් එකේ උනත් ඉඩ තිබ්බත් යන්න ආස එල්ලීලා.පඩි පෙළ උනත් සවි කරලා තියෙන්නේ ඇන වලින්නේ.එක්කෝ යකඩ නම් වෙල්ඩින් කරලා ඇතයි.එත් පඩි පෙළක උනත් එක 10/20 බර දරන්නේ නැ.සමහර අය ෆූට් බෝර්ඩ් යන්නේ චෙකර්ලා එනකොට බිමට බහින්න පුළුවන් නිසා පහසු නිසා. නැති උන ජීවිත වලට නිවන් සැප පවු
වසර 70 ක අභිමානවත් නිදහස '
මෙවැනි අනතුරු වැලක්වීමට හොඳම ක්‍රමය නම් පාපුවරුවේ එල්ලී ගමන් නොකිරීමයි. ඒ වගකීම දුම්රිය මගීන් විසින් භාර ගත යුතුයි.
එතකොට පාපුවරුවේ ගිය අය හරියි අනික් අය සේරම වැරදියි කියලද ඔය හැමෝම කියන්නේ?
ශ්‍රී ලංකා දුම්රිය සේවය කියන්නේ දේශපාලනික සේවාවක් වීමේ ප්‍රතිපල තම මේවා. සමහරක් ඇරෙන්න ගොඩක් අයට පාපුවරුවේ යන්න වෙන්නේ දුම්රියේ අවශ්‍ය තරමට ඉඩ නැති නිසා. දුම්රිය මාර්ග දෙපස තියෙන අනවසර ඉදිකිරීම් අහක් කරන්නේ නැත්තේ ඡන්ද නැති වෙයි කියන බයට. හැබැයි හැමදේම නිසා අන්තිමට දුක්විදින්නේ අහිංසක ජනතාවම තමයි.
දුම්රිය මාර්ගයේ පටුනම් පීලි සවිකළේ කෙසේද.?
පාපුවරුවේ ඉන්න කට්ටියව කොහොමහරි ඇතුලට දාලා දුම්රිය මැදිරියේ දොර වහලා පිටත් කරන්න කොන්දොස්තර මහත්තුරු ටිකක් සේවයට ගත්තනම් වටිනවා. ජපානෙත් එහෙම කට්ටිය ඉන්නවා.
කෝච්චි පාරයි, මහා පාරයි. කෝචිචි පාරේ ඇවිදීමත් තහනම්. ලංකාවේ බලධාරීන්ට පෙන්නේ නැති දේවල්. කොච්චි පාර ආවරණය වෙන්න එක්ක වැටක් ගහන්න ඕන, ජනාකීර්ණ ස්ථානවල පමණක්වත් මේදේ සිද්ද වෙන්න ඕන. අනික ලංකාවේ කොච්චි වල කිසිම ප්‍රමිතියක් නැහැ. පඩිපෙළ නගින්න ඉනිමගකුත් ඕන වේදිකාවේ ඉඳන්. අසරණ මිනිසුන්ට නගින්න බැහැ. කොච්චි සුද්දගේ කාලේ වගේමයි. දුම්රියපොලවල් කිසිම දියුණුවක් නැහැ. කවද මේවා හරියයිද මන්ද.
වැඩි දෙනෙක් පාපුවරුවේ යන්නේ ආසාවට නොවෙයි. වාඩිවෙලා හෝ හරියට හිට ගන යන්න දුම්රිය මැදිරිවල ඇතුලත ඉඩ නැති නිසයි. බොහෝ අය පාපුවරුවෙවත් එල්ලෙන්නේ බොහොම අමාරුවෙන්. මේකට විසඳුම පාපුවරු යන යට දොස් කීම පමණක් නොවෙයි. ධාවනය වන දුම්රිය එන්ජින් සහ මැදිරි ප්‍රමාණය වැඩි කරන එකයි. එය රජයේ වග කීමක්. එවුනට රජයට මේවා කරන්න වෙලාවක් නැහැ. පව් ,මැති ඇමතිවරුන්ට බැංකු මංකොල්ල සම්බන්ධ ගැන හොයන්නම කාලය මදි. එයාලට විවේකයක් නැහැ.
අඟුලාන පැත්ත ගැන කතා කරලා වැඩක් නෑ. ඒ පැත්තේ අය හිතන් ඉන්නේ පාර ඒ අයගේ කියලා. වාහන පාර මැද්දේ නවත්තල යනවා. එක්කෝ මේ වගේ රේල් පාරවල් වල නවත්තල යනවා. පාර මැද්දට වෙලා කතා කර කර ඉන්නවා.
ඇයි කවුරුවත් මේ ඩ්‍රයිවර් ට මොනවත් කියන්නේ නැත්තේ? වාහනයක් නවත්වනකොට ඊට පස්සේ අනිත් වාහන යන්නේ කොහොමද කියල බලන්න ඕනෙනේ. ඔලුව පාවිච්චි කරන්නේ නැති අනිත් අය ගැන නොහිතන මේ වගේ මිනිස්සු ඉන්න තාක් කල් අපට හෙටක් ගැන හිතන්න බෑ. හැමදාම කරදර, ප්‍රශ්න තමයි.
පා පුවරුවේ ගමන් කිරීම අනතුරු දායකයි
අපි දැන් රට හදලා තියෙන්නේ...ගමේ පොඩි පොඩි වැඩ ටික කරලා දෙන්න අපිව ආයෙත් තෝරා ගන්න...
බොහෝ අය කෝච්චියේ ඉඩ තිබ්බත් පාපුවරුවේ යන්නේ පුරුද්දට. මමත් ඔය කෝච්චි වල අනන්තවත් යනවා, කවදාවත් පාපුවරුවේ ගිහින් නැහැ. ඕනේ නම් ඇතුලේ ඉඩ තියෙනවා. පාපුවරුවේ ගිහිල්ල ලොරියේ වැදීල මැරුණා නම් කරන්න දෙයක් නෑ. අනික දුම්රිය මාර්ගයට ආසන්නේ වාහන යන මාර්ගයක් තියෙන්නේ කොහොමද? ලංකාවේ ඔක්කොම ෂෝර්ට්කට් කාරයෝ නිසා ඕක අරුමයක් නෙවෙයි.
අපි මුහුදුබඩ මාර්ගයේ දුම්රියේ තෙරපිලා හෙම්බත්වෙලා උදේ හවස යන මිනිස්සු. මහජනතාවට මෙතරම් වැදගත් ප්‍රවාහන සේවය දියුණු නොකිරීම කණගාටුවට කරුණක්. ඔබ බලන්න දුම්රිය මග දේපස ඇති අපිරිසිදුකම. කැඩුණු රේල්පීලි සිල්පරකොට හැමතැනම විසිරිලා. කිසිවෙක් මේවා අස්කරන්නේ නැහැ. කවුරුන් හෝ මෙම සේවාව දියුණු කරන්න නවීකරණය කරන්න නොදෙන්නේ නම්, මේවගේ රාජ්‍ය සේවාවන් දියුණු කරන්නද එපාද කියල විමසන්න ජනමත විචාරණයක් තියන්න. මහජනතාවට තීරණය කරන්න අවසථාව දෙන්න. ඔය සමිති වලට ඕන විදියට නෙවෙයි මහජනවට සෙත සැලසෙන පරිදි දුමරිය සේවාව නවීකරණය කරන්න.
මෙතන තනිකරම රේල් පාර සහ මහ පාර අතර තියෙන පටු තීරුව ගෙවල් සැදීමට ඉඩ දීම මොරටුව නගර සභාව, දුම්රිය බලදාරීන්, නාගරික සංවර්දන අධිකාරිය මෙලෙස පාරවල්වල අනවසර ඉදිකිරීම් කිරීමට ඉඩ දීල ඒවාට විදුලිය වතුර දෙන්නේ ඇයි? සුනාමියෙන් පස්සේ මේ ගෙවල් ඉදිකරලා තියෙන්නේ.
ඉතාමත් කේදනීය සිදුවීමක් සේවය නිමකර ඉක්මනින් නිවසට යාමට ගිය 4 දෙනකුට ජීවිතය අහිමිකරලා. ඔවුනට නිවන් සුව !! මෙහි ඇති අවාසනාවන්තම සිද්දිය ජාතිකයයි කියනා ගුවන් සේ වය අතිශය පාඩුලබද්දී භාන්ඩාගරයෙන් බිලියන ගනනින් මුදල් පොම්ප කරයි. දෑ හිතකාමී රටේ ජනතාව වෙනුවෙන්ම පාර්ලිමේන්තු ගිය අම්බරුවන්ට ඉහලම වටිනා කමින් තීරැබදු රහිත වාහන දී ඒවා විකුනාගෙන අසීමිත ලාබ ලබ්යි රටට බදුගෙවන කම්කරුව සේවය නිමවා ගෙදර යද්දී දුම්රියෙන් වැටී මියයයි.
මිනිස්සු ගොඩක් යනවා කියල දන දැනත් ඇයි තව පෙට්ටියක් දෙකක් ඕකට මුට්ටු කරේ නැත්තේ දුප්පත් නිසානේ ඕකෙම එල්ලිලා යන්නේ අසරණ මිනිස්සු සල්ලි කාරයෝ ඕවගේ යන්නේ නැනේ නේද? බලදාරින්ගේ වරද වෙන හේතුවක් කියන්න හිතෙන්නේ නැහැ. දුප්පතා ගැන හිතන නිලධාරීන් ඔතන හිටියනම් ඔය ජිවිත 4ම බේරිලා නේද?
ඉතාමත් ශෝකජනක අවස්ථාවක්. අපේ රටේ වෙලා තියෙන්නේ මේ කොල්ලෝ හතර දෙනා මැරිච්ච එක සාමාන්‍ය පුවතක් විතරයි. මෙය වලකා ගත නොහැකි ( මාර්ග අනතුරු ) සාමාන්‍ය කරණය වෙලා. ඔතන අලි 4ක් මරුනනනම් අපේ ලංකාව ගොඩක් දුක් වෙනවා. අලි සම්පතක් නිසා .
ඇයි මේ මගීන් පා පුවරුවේ යන්නෙ? මම නම් හිතන්නෙ ඔවුන් ජොලියට යනව නෙවෙයි. දුම්රියවල තිබෙන තද බදය හින්දයි මගීන් පා පුවරුවේ යන්නෙ. ඉතින් ඒකට වග කියන්න ඕනි කවුද? අනිත් කරුණ තමයි එම ලොරිය දුම්රිය හරස් පාරක් ඇති තැන නැවැත්විය යුතු සීමාවට වඩා දුමරිය පාරට ආසන්නයේද නවත්වා තිබුනෙ? එසේ නම් මේ ලොරි රියදුරත් මේ අනතුර ගැන යම් වගකීමක් ගත යුතුයි කියලයි මට හිතෙන්නෙ. ආරියපාල හේවගේ මහතාගේ අදහස මම අනුමත කරමි.
අනතුරුධායක ලෙස දුම්රිය මාර්ගය අසල රිය පැදවූ රියැදුරාව අත්අඩංගුවට ගන්න.
වැරැද්ද ගෙන යන බෑග් එකේ
දුම්රිය සේවකයින් වර්ජනය නොකරත්ද.?
පිටේ බෑග් එල්ලගෙන යන කොල්ලෝ කෙල්ලෝ බස් වල දුම්රිය වල යන අනික් මගීන්ට මහා වදයක්.
මෙතන තව හොඳයි. කැළණි වැලි පාරේ බලන්න. කෝච්චියට හරියටම අඟල් 5 ක් තියල ගෙවල් වල වහලය ගහල තියෙන්නේ. කවුද ඉඩ දීල තියෙන්නේ? ඇයි ලයිට්, වතුර දෙන්නේ අනවසර ඒවාට? එතකොට නැති තැන්වලත් හදනවනේ.
ලංකාවේ කොච්චි පාරවල් වල ලොරිත් යනවලු කියලා කවුද අහනවා. පුදුම වෙන්න දෙයක් නැත. ලංකාවේ සිදුවන දේවල් ඉන්දියාවටම යනකොට විකෘතී වෙනවා. ඉතින් මිලානෝ වලට ප්‍රවෘත්තිය යන්නේ රේල්පාරේ ආව ලොරියක් පාර අයිනේ නවතා තිබු කෝච්චියක හැපුනා කියා. මට පුදුම ප්‍රවෘත්තිය වෙනස්වීම නොවෙයි ඒවා විශ්වාස කරන මිනිස්සු ගැනයි.