බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
ඔවුන් දෙදෙනා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ අද උදෑසනය. ඉන් පසු රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රහස් පොලිසිට මීට ටික වේලාවකට පෙර ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.
බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.
(ඡායාරූප බුද්ධික කුමාරසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම ඡන්ද ගුණ්ඩු. ඔය කිසි කෙනෙක් හිරේ යන්නේ නැහැ. ගියත් යන්නේ බන්ධනාගාර රෝහලට. අන්තිමට රැවටෙන්නේ මහජනයා පමණයි.
අධිකරණයෙන් පසුව, බන්ධනාගාර රෝහලට? මෙසේ නොවුනොත් තමයි අපි පුදුම වෙන්නේ? අපි බලමු, ලංකාවේ ප්‍රමිතිගත් දොස්තරලගේ වෛද්‍ය වාර්තාවේ ප්‍රමිතිය කොහොමද කියලා?
රිමාන්ඩ් කියන එක අපි දන්නවා. රිමාන්ඩ් වෙන්නේ බන්දනාගාරේද? එහෙම නැත්නම්, බන්දනාගාර රෝහලේද කියන එක පමනයි අපිට තියන ප්‍රශ්නය? සමහරවිට ලංකාවේ ස්වාධීන පත්තරකාරයෝ තවම ඒ ගැන යමක් දන්නේ නැතිව ඇති?
මම මේ බලන්නේ දැන් නාමල් උන්නැහේ මොකද කරන්නේ කියලා. දේශපාලන වාසියට අනිත් අයත් එක්ක එකතු වෙලා තමුන්ගේ යාලුවට එයත් බනීද? නැත්තන් යාළුවා වෙනුවෙන් මෙන්න පළිගන්නවෝ කියල පාරට බහීද කියලා?
විෂයබාර ඇමති ඉල්ලා අස්වුණත් සමාවක් නැත.
ඩ්‍රාම (නාට්‍ය) වෙයි
මේක චන්ද ගුන්ඩුවක් වගේ මට නම් හිතෙන්නේ . ඔන්න හොරු ඇල්ලුවා කියලා කියන්න ජනතාව නොමග යවන්න කරපු උප්පර වැට්ටියක්. මෙච්චර පරක්කු උනේ මොකද ?
මේ අය පමණක් නොව පහුගිය ආණ්ඩුවේ අයද අල්ලලා දඩුවම් දියයුතුයි... නිකම් අල්ලලා ආපහු එලියට දාලා නාඩගම් කරොත් මීට වඩා හොරකම් ඉදිරියේදී දේශපලුවන්ගේ ආරක්ෂාව අතුව කොරාවී... මම දැක්ක රුපියල් 20,000 පග ගහපු පොලිස් කාරයෙකුට අවුරුදු 20 ක හිර දඩුවමක් දීල .. ඒවගේ දැඩි දඩුවම් නොකඩවා කලොත් අපේ රට දේශපලකයන්ගේන් සහ හොර නිලධාරින්ගෙන් බේරාගෙන ජනතාවට සෙත සලසන පාලනයක් ගෙන එන්න පුළුවන්..
මහජනතාවගේ මුදල් කොල්ලකන අයට හෙන ගහන්න එපැයි
මේ අයට මෙවැනි අතිමහත් වංචා කිරීම සඳහා මාර්ගය විවෘත කල ප්‍රධානියා තවමත් නිදැල්ලේ...
ඒ කියන්නේ සඳුදා එළියේ . අඟහරුවාදා රටින් පනී . ඔය හාදයොන් ටත් ගුවන් ගමන් බලපත් එකකට වඩා ඇති . මොකද පහුගිය රෙජිමයෙ කට්ටිය ගේත් යාලුවො නේ.
සඳුදාට මේ හොරු එළියට අාවොත්, මෙතරම් රටේ දූෂණයට විරුද්ධව කතාකරන සහ විශේෂයෙන්ම තම ජීවිත කැපකිරීමෙන් මේ ගැන පරීක්ෂණ කරපු නිලදරුවන්ට කරන අවමානයක්, සහ ඔවුන්ව අදිරියට පත් කිරීමක්. ඇමෙරිකාවේ ඉන්සයිඩ් ට්‍රේඩින්වලට දෙන දඬුවම් දෙන්න...
මේ අයට කියන්නේ මෙගා ටෙලි නළ්වන් කියලා..
කාව රවට්ටන්නද මේ බොරු රඟපෑම් තවදුරටත්?
මේ සමහරු කියනවා ජොබ් එකක් දීලා හොරකමක් වුණාම ජොබ් එක දීපු කෙනාගේ වරදක් නැහැලු. මේක තමයි අර්ජුන් පත්කලාට අගමැතිට කිසිම චෝදනාවක් වගකීමක් නැහැ කියන්න ඉදිරිපත් කරන තර්කය. මේක එහෙම ලඝු කරලා කතාකරන්න පුළුවන් සිද්ධියක්ද? ජොබ් එක දුන්නේ රටේ අගමැති. ජොබ් එක එසේ මෙසේ එකක් නෙමෙයි රටේ සමස්ත සර්ව ආර්ථිකයම භාර මහබැංකු අධිපතිකම. ඒ පුද්ගලයා ආර්ථිකයට අති දැවැන්ත හානියක් කලා. අර ජොබ් තර්කය දාල ලැජ්ජා නැතුව පොඩි ළමයෙක් වගේ අගමැතිට සද්ද නැතුව මග හැරලා යන්න පුළුවන්ද? එහෙම වුණොත් ඉදිරියේදී මීට වඩා හානියකදී පවා වග කිවයුත්තෝ ඇඟ බේරාගනිවි.
මැතිවරණ පූර්ව රංගනයක් නොවේවා!, යුක්ති යුක්ත ආදර්ශයක්ම වේවා !.
අනේ පව්... මේ අහිංසකයෝ දෙන්නෙක් නේ. පුළුවන් නම් රනිල් සහ රවීව අත්අඩංගුවට අරන් පෙන්නන්නකෝ.
බැඳුම්කරය - පළමු ජවනිකාව තමයි.
කරන කලට පව් මීරිය මීසේ... ගෙවන කලට දුක් වැඩිවෙයි ගිනිසේ. කොහොම වුණත් ඔය බිලියන් ගණනක් ගැහිල්ල බිම වැටී තිබුණු පොල්ගෙඩිය අහුලන් ගියතරම් දරුණු ඒවා නොවෙයිනේ. කොහොම වුණත් ලොක්කා එයාගේ යාලුවා බේරා ගත්තේ නැතිනම් යාළුකම මොකක්ද? බය වෙන්න එපා තවටික දවසකින් ඔක්කොම ගොඩම තමයි...
මේ මිනිහා ගෙදරට ඉන්නෙත් ටයි දාලාද?