මාලේහිදීය (ඒ.එෆ්.පී)
වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරයෙන් ඉවත් කිරීමට සහාය වන්නැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා ඇත.
ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් ‘හමුදා නීතිය’ ක්‍රියාත්මක කර ඇතැයි ද මාලදිවයිනෙන් පිටුවහල් කර සිටින හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
මොහොමඞ් නෂීඩ් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපතිවරයාය.
හිටපු ජනාධිපති නෂීඞ්ගේ ඉල්ලීම මාලදිවයිනේ ඔහුගේ පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කර තිබේ. එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.
“ජනාධිපති අබ්දුල්ලා යමීන් නීතිවිරෝධී ලෙස හමුදා නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපි ඔහු බලයෙන් ඉවත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ලෝකයෙන් ඉල්ලීමක් කිරීමට මාලදිවයිනේ වැසියන්ට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඉන්දියාවෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා සිටිනවා”.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව එයි . හරි ආසයි ඕවට
අපෙන් එහෙම ඉල්ලනවා නෙමෙයි ඕන්