රුධිර පරීක්ෂණ පැය දෙකක් ඇතුළත දිය යුතුයි පැය දෙකක් ඇතුළත පෞද්ගලික රසායනාගාර රුධිර පරීක්ෂණ වාර්තා ලබා නොදුනහොත් ඩෙංගු සඳහා ප්‍රතිකාර කිරීමට එම වාර්තා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 21 July 2017
ඉදිරි වසර 20ට නව විදුලි බල සැලැස්මක් ඉදිරි වසර 20 දී වත්මන් විදුලිබල උත්පාදන ධාරිතාවයට තවත් මෙගාවොට් 8371ක් එක් වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 21 July 2017
අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට ජනපති අත්සන් කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය පිළිබඳ පනතට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය. 20 July 2017
රයන් ජයලත් අල්ලන්න පොලිසිය ඕපීඒ ශාලාව වටලයි වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ අවස්ථාවේ විද්වත් වෘතිකයින්ගේ සංගම් ශාලාව වටකර ඇත. 20 July 2017
උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිර්ඝ කාලයක සිට පවතින ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරැඹි උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නතර නොකරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී. 20 July 2017
“සාක්කි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා“ බැඳුම්කර කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් වැදගත්ම තොරතුරු හා සාක්කි සඟවන්නැයි අර්ජුන ඇලෝසියස් මහතා තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය. පසුගිය තුන් වැනි දා තමා අර්ජුන ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේ එසේ කී බවද ඩයස් මහතා කීවේය. ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ අද (19) සාක්කි දෙමිනි. 19 July 2017
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු ශිෂ්‍ය කි‍්‍රයාකාරි සමාජිකයින් පස්දෙනා ලබන 05 වැනි දා දක්වා යළි රිමාන්ඞ් කරන ලෙසට ප්‍රධාන මහේසත්රාත් දුලානි එස් වීරතුංග මෙනවිය අද (19) නියෝග කළාය. 19 July 2017
නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදන මඩුල්ලෙන් ඉවත්වන බව කථානායකට දන්වයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව අද(19) කථානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් දැනුම් දුන්හ. 19 July 2017
රජයේ වෛද්‍ය සංගමයට එරෙහිව නව සංගමයක් ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ. එහි මහා සභා රැස්වීම හෙට (19) දහවල් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ. 18 July 2017
බැඳුම්කර කොමිසමේ කාලය දිර්ඝ කරන්නයි ඉල්ලයි බැඳුම්කර කොමිසමේ නිල කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. 18 July 2017
‘කරදියානට කසළ ගෙනාවොත් බලාගෙනයි‘ - ඉසුර දේවප්‍රිය කරදියානට කොළඹ නගර සභාවේ කසල දමන්නට ආවොත් කාටත් කලින් කරදියාන කසල අංගනයේ ගේට්ටුව ඉස්සරහා නිදා ගන්නේ තමන් යැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා අද(18) පැවසීය. 18 July 2017
මුලතිව් පාසලක කසලගොඩක් පිපිරීමෙන් සිසුන් 8ක් රෝහලේ මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 8 දෙනකු අද ( 18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි මුලතිව් පොලීසිය පවසයි. 18 July 2017
ජනපති - අගමැති උසාවි එන්න බෑ කියති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට අද (17) දැනුම් දුන්නේය. 17 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි. 17 July 2017
පුංචි ඡන්දය නොවැම්බර් අග සතියේ පළාත් පාලන මැතිවරණය නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 16 July 2017
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඩ් යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 16 July 2017
ඇමති විජයදාස සහ එජා නියෝජිතයා උණුසුම් විවාදයක ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ. 14 July 2017
අභයාරාමයේ දේශපාලන කටයුතුවලට අතුරු තහනමක් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 14 July 2017
’දෙසැම්බර් 31 තෙක් මා සමඟ ඉන්න’ ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් තමා සමඟ ආණ්ඩුවේ සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත. 14 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට පවරාගනී මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන සඳුදා (11) රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි. 13 July 2017
පල්ලෙබැද්දේ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක් විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීම වහාම නවත්වා දේශීය ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගය හරස්කර අද(13) පල්ලෙබැද්ද නගරයේ පැවති උද්ඝෝෂණයකට මැර ප්‍රහාරයක් එල්ල විය. 13 July 2017
මැදිරිගිරියේ සිසුහු 41 ක් සුර්වී අත් කපාගෙන මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කොට ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන සිටියදී පොලිස් බාරයට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 13 July 2017
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 July 2017
‘දූෂණ මර්දන කාර්යාලය ඵලක් ඇති වැඩක් කර නෑ‘ - රාජිත දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අවුරුදු එකහමාරක කාලයක් තුළ රුපියල් මිලියන 65ක මුදලක් වියදම් කර ඇතත් ඵලක් ඇති වැඩක් කර නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. 12 July 2017
“දූෂණ මර්දන ඒකකය වසා දමන්නේ ඇමතිවරුන්ගේ වැරදි වහගන්නයි“ දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 12 July 2017
එක්දින නායකත්වය තරංගට - ටෙස්ට් නායකයා චන්දිමාල් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 12 July 2017
’දඹුලු රජමහ විහාරය වහන්න ඉඩ දෙන්නේ නෑ’ - මහ සඟරුවන පවසයි කිසිම ආකාරයකින් දඹුලු විහාරය වසා දමන්න ඉඩ නොතබන බව දඹුලු සගරුවන රජයට අනතුරු අගවයි. දඹුලු විහාරයට හානි කරන්න ආවොත් තමන් ආසන සංවිධායක් ධුරයෙන් ඉවත් වනවා නව ආසන සංවිධායක කියයි. මහා සඟරුවන උදේම දඹුලු රජමහා විහාරයට වැඩම කරවති . 11 July 2017
සුරියවැව ක්‍රිඩාංගනයේ කම්කරුවන්ට වැටුප් දිමට පෙර කලිසම් ගලවාගනී සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති. 11 July 2017
දඹුලු ලෙන් විහාරය වසා දමයි ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ. 10 July 2017
ඩෙංගු පැතිරුණු බස්නාහිර ඉඩම්වලට බද්දක් බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තව ඇති ඉඩම්වලින් 2%ක බද්දක් රජයට අය කරගැනීමට අද(10) සිට පියවර ගෙන ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි. 10 July 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026