(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවේ.
එසේ නැගිට යාමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ කථාවක් ද කර තිබේ.
අද පැවැති කැබිනට් රැස්වීම ආරම්භයේ දීම කැසට් රෙකෝඩරයක්ද රැගෙන රැස්වීමට පැමිණි ජනපති සිරිසේන මහතා තමන් විසින් අද කරනු ලබන ප්‍රකාශයට කැමති අය මෙන්ම අකමැති අයද සිටිය හැකි නමුත් තමන් මෙම ප්‍රකාශය කරන බවත් පවසා ඇත.
විනාඩි 35ක කාලයක් දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එජාපයේ හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ වැනි ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.
තමා බැඳුම්කර කොමිසම පත්කළේ එජාපයට මඩ ගැසීමට නොව හොරුන්ට දඬුවම් කිරීමට බව පවසා ඇති ජනපතිවරයා හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධ ද නැද්ද යනුවෙන් විමසා ඇත.
රවී කරුණානායක මුදල් ඇමැති ධූරයටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපති සිරිසේන මහතා එදා තමන් කී දේ ඇසුවානම් අද මෙවැනි අර්බුදයක් ඇතිනොවන බවද පවසා ඇත. මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව කී ජනපති සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බවද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බවද වාර්තාවේ.
අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රුපවාහිනි නාලිකාවක හිමිකරුවෙකුගේ සැලසුමකට අනුව එම නාලිකාවේ උසස් තනතුරක් දරපු කෙනෙක් අමුතු අමුතු ප්‍රකාශ නිකුත් කිරීම මෙම ආරවුලට හේතුව කියලයි එතන හිටිය කීපදෙනෙක් කියා ඇත්තේ. වතුර යටින් නේද මේ පන්දමක් ගෙනියන්න හදන්නේ.
අතිගරු ජනපතිතුමනි, ඉක්මනින් ආණ්ඩුව විසිරුවා හැර මහා මැතිවරණයක් තියන්න. ජනතාව හොඳ ජනතා නියෝජිතයන් පිරිසක් තෝරා ගනිවී.
ජනාධිපති අයින් වෙලා ගිය එක හොඳයි .
ඔහොම බය වෙලා බැහැ. නිර්භයව ප්‍රශ්නවලට උත්තර දෙනවා මිසක්...
මේවත් ඡන්ද ගුණ්ඩු , බොරුවට එජාපය එක්ක තරහක් පෙන්වනවා. හෙට බැඳුම්කරෙන් දැනගන්න පුළුවන් කාගේ කාගේත් බොරුවල තරම...
මම නිතරම මේ ගැන අවධානයෙනුයි ඉන්නේ... එය මගේ කාර්යයයි.
රජය විසුරුවන්න මැතිවරණය පවත්වන්න ජනතාවගේ මනාපය අනුව එක ආණ්ඩුවක් පිහිටුවන්න ඇමති මණ්ඩලය ජනපතිට පක්ෂපාත එකක් විය යුතුය. රට වෙනුවෙන් මේ තීරණය ගතහොත් ඔබ මේ රටේ සැමදා ජනපති වෙනවාමයි.
2002-2003 කාලයේ එ.ජා.ප.ය එවක ජනපතිනිය වූ චන්ද්‍රිකා සමඟ ගැටුම් ඇති කර ගැනීමට යාම නිසා චන්ද්‍රිකා අමාත්‍යංශ කීපයක් පවරා ගත් අතර එ.ජා.ප. ආණ්ඩුවේ අවසානය එලෙස ආරම්භ විය. එ.ජා.ප.යට අතීතය අමතකය. මේ පාරත් ඒ ටික කර ගනී වගේය.
මේ ගැන නම් මට ඇත්තටම කණගාටුයි... අනේ පව් !!!
කලින් පිටපත සකසා රඟ දැක්‌වූ ජවනිකාවක්... පොහොට්ටුවට යන ඡන්ද දිනා ගැන්මට ගන්නා බාල උත්සාහයක් බව බැලූ බැල්මට පෙනේ... එජාපයේ සහ ශ්‍රීලනිප යේ එකම අරමුණ පොහොට්ටුව පරාජය කිරීම පමණි.
දෙගොල්ලන්ම නැගිට නැගිට යයි.. අපිට හිටගන්නවත් පණ නැහැ .. අන්තිමට වුනේ රට ආපස්සටම ගිය එක විතරයි.
එජාප කාරයින්ගේ ඡන්ද වලින් ජනධිපතිවෙලා කෙනහිලිකම් කරනකොට මොන මිනිහද කේන්ති නොගන්නේ? මෛත්‍රි වටේ දැන් ඉන්නේ කවුද? ඩිලාන්ලා කරන කතා අහගෙන ඉන්නකොට එජාප කාරයෝ ඔහොම හරි ඉවසගෙන ඉන්නේ රනිල් නිසා. රනිල් කියන්නේ ඇඟ උඩින් ගල්රෝලක් ගියත් හිනාවෙලා ඉන්න මනුස්සයෙක්.
එ් කියන්නේ ජනාධිපතිතුමා පුටුවෙන් වත් ගියාද?
ඔව් ඔව් අපිත් දැක්කා ජනාධිපතිට කතාකල හැටි. වෙලාව ආවම අපි උත්තර දෙන්නම්
දුර දිග නොබලා තීරණ අරගෙන බල්ලෝ එක්ක නිදාගන්ඩ කලින් දැනගන්ඩ ඕනෑ, මැක්කෝ එක්ක නැගිටින්ඩ වෙනවා කියලා. දැන් අල්ලපු අත්තත් නෑ. පයගහාපු අත්තත් නෑ.
හරිම කණගාටුයි, කිසිම ඉදිරි දැක්මක් ප්‍රතිපත්තියක් නැහැ,
යු.ඒන්.පි. එකත් අනාගන්න වගෙයි හදන්නේ
අද අප මුහුණ දෙන්නේ සත්‍යයේ හෝරාවටයි. එය අමිහිරි විය හැක. නමුත් යතාර්ථය එය නම් එයට මුහුණ දී අමිහිරි බැවින් ගොඩ ඒම අපගේ අධිෂ්ඨානය විය යුතුයි. දේශපාලන සදාචාරය විනාශ කරගත් පිරිසක් සමග එක්ව ගමනක් යා හැකිද යන සෘජු ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ජනාධිපති ප්‍රමුඛ ශ්‍රී ල නි පක්ෂය පමණක් නොව මුළු මහත් ජනතාවත්. නොකෙරෙන දීගයක් තුල අන්‍යයෝන්‍ය ගරු කිරීමක් සාමුහික බවක් රැකේ කියා සිතන්න අමාරුයි. රටට අවංකවම සේවයක් කරන්න ජනාධිපති තුමා තුළ තිබු බලාපොරොත්තුව මේ ආකාරයට සුන්කර දමා "සමගිය" බින්දා කියන චෝදනාව ආණ්ඩුවේ අනෙක් පාර්ශවයෙන් එල්ල වීම සැබවින්ම විහිළුවක්. පක්ෂ ප්‍රභේද පසෙකලා මේ මොහොතේ දුෂිත නොවන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේද මැති ඇමතිවරු රට ගැන සිතා මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට සහය දිය යුතු බව අපගේ පැතුමයි.
ඕකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ.
අපිටත් ආණ්ඩුව එපා වෙලා තිබෙන්නේ. ඇමතිවරු වරප්‍රසාද භූක්ති විදිමින් එකිනෙකට ඇගිල්ල දිගු කරමින් සිටිනවා මිසක් කරන වැඩකුත් නැහැ. 2015 ඉඳන් ඇගට දැනෙන්න කෙරෙන සංවර්ධනයකුත් නැහැ. නමුත් රටේ ජිවන බර එන්න එන්න උග්‍ර වෙනවා. පසුගිය ආණ්ඩුවේ සිටිනවා කිවුව හොරු ඇල්ලුවෙත් නැහැ. ඒමදිවට අලුතෙන් මහබැංකු හොරු වැනි හොරු බෝවෙලා. මේ හවුල හරියන්නේ නැහැ.
අද දින ඔබ ක්‍රියාකල ආකාරය ඉතා අගය කරමි. දැන්වත් ජාතික බලවේග සමග එකතුවී අපේ මුතුන්මිත්තන් අපට දායාද කල දේශය අනාගත පරපුරට ආරක්ෂා කරදෙන්න
නිල්, රතු, කොළ පාට කිසිදු වැඩක් නැත. හොරුනම් එලවන්න.
ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න ඕනෑ නම් කරන්න ඕනෑ පක්ෂ දෙකෙම ඉන්න දූෂිතයන්ට දඬුවම් දෙන එක.
ජනාධිපතිතුමනි බය නැතුව හොරුන්ට දඬුවම් දෙන්න.
කවුරු කවුරුත් මුල , මැද , අග , තේරුම් ගෙන අමරණිය නොවන බව වටහාගෙන පෙර සිදුවූ දේ සිහි තබාගෙන සහයෝගයෙන් කටයුතු කලොත් කාට කාටත් හොදයි .
කුම්බලා මාලු කෑවනම් කවුරු කවුරුත් කාට කාටත් දුක්‌විදින්න වේවිදෝ බළලෝ .
හවුලේ කැදත් එපා කියන්නේ ඕකනේ.
කිඹුලා කනකොට ඉවසන්න පුළුවන්. කොහිල කටු ඇනෙන කොට තමයි ඉවසන්න බැරි කියල කියමනක් තියෙනවා.
දෙමුහුම් ආණ්ඩුවේ නොහැකියාව දැන් ලාංකික ජනතාවට අවබෝධ වී හමාරයි. නොගැලපෙන දීගයට සමුදීමට කාලය පැමිණ ඇත.
නොගැලපෙන දීගය නොදුවයි රසසේ....
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක ගරු ජනාධිපතිතුමාට සිත් තැවුලක් ඇතිවෙන ආකාරයේ අවලාද නගන්න, අපහාස කරන්න මේ ගොල්ලන්ට අයිතියක් යුතුකමක් සාධාරණයක් කොහෙද තියෙන්නේ.
බුද්ධිමත් රට වැසියන් සෑහෙන පිරිසක් මේ තත්වය කල්තියා දැන සිටියා. පිරිසක් අඟේ සිට කණ කන බව ජනාධිපතිට වුනත් දැනෙන්න ඇති. නමුත් එතුමාට සෑම පැත්තෙන්ම ආ පීඩනය නිසා ඉවසා ගෙන සිටින බව රටේ බහුතරයට දැන ගැනීමට ඉඩක් තිබුනෙත් නැහැ.
කඩුව කෝ.?
රැවටෙන්න එපා! ඔය එ.ජා.ප. යට විරුද්ධ ඡන්ද පොහොට්ටුවට යන එක වලක්වා බුලත් කොලයට දාගන්න කරන උපක්‍රමයක්. ඡන්දෙන් පස්සෙ අපි දැන් යාළුයි කියයි.
සිරිසේන ජනාධිපතිතුමා ජෙෂ්ඨ දේශපාලකයකු වුවත් එතුමා දක්ෂ පරිපාලකයකු නොවෙයි එතුමාගේ හැකියාව තව කෙනෙකුගේ යටතේ තමුන්ගේ වැඩ කොටස කිරිමට පමනයි රටක් පාලනය කිරිමට නොහැකියාව මේ වනවිට ඔහු පෙන්වා අවසන්
මේ හදිසියේ මේක එලියට ආවේ ඇයි කියලා රටම දන්නවා
දෝශාභියෝගයක් අතලග වගෙයි .
ජනාධිපතිතුමා ඔය නම් කියපු අයට ජනතාව ඉදිරියේදී උත්තර දෙයි
දියවන්නාවේ සිටින්නන් මුල්ලේරියාවටත්, මුල්ලේරියාවේ සිටින්නන්, දියවන්නාවටත් දමා රට පාලනය කිරීමට හැකිදැයි සොයාබැලිය යුතු කාලය එළඹ තිබේ...
ජනාධිපතිතුමනි ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හොරුන්ට දඩුවම් දෙන්න කාටවත් උනන්දුවක් නැ ඔක්කොම හොරු නිසා. හොරුන්ට දඩුවම් දුන්නොත් ඔබතුමා විතරයි. මේ රටෙන් දූෂණය නැති කරන්න. මේ චෝදනා තියෙන හැම දෙනාටම දඩුවම් දෙන්න ඒක රටට ආදර්ශයක්.
මේකත් රගපෑමක් පමණක් බව මතක තබාගන්න. ලග එන මැතිවරණය නිසා
සිරිසේන මහත්තයෝ, වපුරපු දෙයින් නොවැ අස්වැන්න ලැබෙන්නේ.
හොරු අල්ලන්න කියලා තමයි මුළු රටම එක හඬින් කියන්නේ.
ජනාධිපති ප්‍රකාශ කර ඇති නම්වලින්ම කියවෙනවා බැදුම්කර හොරු කවුද කියල...
රනිල් පෙරතිබූ ප්‍රතිරූපය නැවත ගොඩනගාගෙන ඉදිරියට යා යුතුයි. මෛත්‍රිට මේ ගමන තතියම යන්න ශක්තියක් නෑ. අපරාදේ අපේ උත්සාහය වතුරෙයන්නයි යන්නේ. දවසින් දවස මහජනතාවගේ බලාපොරොත්තු බිදවැටෙනවා. මහජන මුදල් කාබාසිනියා කකරන්න නැවත ඡන්ද අර ව්‍යවස්ථා, මේ ප්‍රතිපත්ති ආදිය සම්පාදනය කරන්න කොමිසම්, කමිටු වලට කාලය ගතවේවි, ධනය වැයවෙිවි. අන්තිමට රටේ සංවර්ධනය බල්ලන්ටම යයි.
දේශපාලනයට ආවානම් මලුයි ගලුයි දෙකම ඉවසන්න පුරුදුවෙන්න.
හිටපු ජනපති මහින්ද හොරා බව පවසා එලවා දැමු මේ රජය පත් වන විට අප සිහින මැව්වේ ......අනේ අර හොරා ගියා දැන්න නම් රට හොදයි කියාය... රට භාර ගෙන අගමැතිගේ අනුහසින් පැමිනි මහ බැංකු අධිපති වරයා විනාශ කර සොරා ගත්තේ මේ රටේ අහිසංක ජනතාවගේ හදවතය...
රනිල් යනු කවුද කියා අපි දනිමු . කයිවාරු ගසන්නට හැකියාවක් ඇත අනෙක් සැම අතකින්ම පිරිහෙමින් පවතින නායකයෙක් බවනම් පැහැදිලිය...............
රවී කරුණානායක හා අර්ජුන් මහේන්ද්‍රන් ගේ වත්කම් රජයට පවරාගන්න.......................
කැබිනට් රැස්වීමේ කතා කරන දේවලට සියලු දෙනාම සාමූහික වග කිව යුතු වෙනවා.
තවත් සෝබන කතා එපා. දැන් මුළුරටම විනාශයි කොතෙනද අර්බුධයක් නැත්තේ .... යහපාලනය කියන්නේ හිස්වචනක් පමණි. 2015 ජනවරි 08 බහුතර ජනතාව කල වරදට අද මුළු රටේම ජනතාව දුක්විදිනවා.
තන්නාහය ජායති ශෝකෝ.
අපේ ව්‍යාපාර බංකොලොත්. මේ දේශපාලුවෝ නිසාම නේද? අපි දුක් විදින්නේ, මිනිස්සු එල්ලිලා මැරෙන්නේ ණය ගෙවා ගන්න බැරුව. රටට යහපතක් උදා කරලා දෙන්න අසමත් ගොන් රැලක් අපිව පාලනය කරන්න පත්වීම මොන තරම් දුකක්ද. අපි මොකද කරන්නේ?
"රවී මුදල් ඇමැති ධූරයටත් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කිරීම" ජනපතිට ලකුණු 50%. ඇයි අස් නොකළේ? ජනපති තමන්ගේ කට්ටියේ වැරදි හොයනවද? පරණ වැරදි සෙවීමට අඩු තරමේ එක කොමිසමක් දැම්මද?
ගරැ අගමැතිතුමනි, නිලධාරින් කැබිනටි තිරන ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරිම විපක්ෂයට සතුටට කරුනකි. හවුල් පාලනය අරබා අවුරැදු 3වෙද්දි තවම බැරිවි ඇත පලිගැනිමට ලක්වු අයට සහන සැලසිමට. එයින් අපට සිතා ගැනිමට සිදු වෙනවා ඇමතිවරැ වැරදි තිරන ගත්තත් නිලදාරින් බුද්දිමත් නිසා අපි වැරදි රාජකාරි කිරිමක් ඉටු කරන්‍ෙ නැති බවයි.
රටේ පරමාධිපත්‍යය හිමි ජනතාව නීතිය ක්‍රියාත්මකකිරීම සහ ප්‍රතිපත්ති සැකසීම පිලිබඳ බලය ජනාධිපතිට ලබා දෙන්නේ විශාල බලයක් සමග. ඒ වගේම ජනාධිපතිගේ නඩත්තුව සඳහා කෝටි ගානක් දිනකට වැය කරනවා. එහි ප්‍රතිලාභ ඔහුගේ පවුලේ උදවියත් භුක්ති විඳිනවා. ජනතාව ලබාදෙන බලය ක්‍රියාත්මක නොකර නිකරුනේ බලාගෙන ඉඳල එකෙන් ලොකු විනාශයක් වුනාම බොරුවට මොර දීල වැඩක් නැහැ. තමුන් ලද අභිමතය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමත් බලාතික්‍රමනයක් ලෙසයි සැලකෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංගනය කිරීම දෝෂාභියෝගයකට අවශ්‍ය කරුණු තෘප්ත කරනවා. අනික මෙහෙම වුනාම ජනතාව නීතිය අතට ගන්න පෙලබෙනවා.
කඩුව මල බැදෙන්න කලින් පාවිච්චි කලොත් හොඳයි වගේ
ඕක නම් අපි කලින්ම දැනන් හිටියා.
කැඳ හැලිය නරක් වී ඇති බවත් යහපාලනය මහා ප්‍රෝඩාවක් බවත් ආඬි කණ්ඩායම අපිට පසක් කර දී ඇත.
දැන් රටට අවස්ෂ වෙලා තියෙන්නේ පක්ෂ දෙක එකතු වෙලා මේ ගොඩනැගුව දුෂිත සමාජය නැවත හිමින් යථා තත්වයට පත් කරන්න . විවේචනය කරලා , මඩ ගහල ඡන්ද දිනන කර්මයෙන් අයින් වෙමු. එකතු වෙලා රට වැසියන්ට සැනසිල්ලේ ජීවත් වීමට පරිසරයක් හදමු . ලංකාවේ රට හදන්න එන අයට රටට ආදරය කරන්න පුරුදු කරවමු . නැතුව මුදල් හම්බ කරන්න නොවේ . චේතනාව බලය පෙන්වීම නොවිය යුතුයි.
2026 දක්වා යහපාලනය ගෙන යාම සියලුදෙනාගේම බලාපොරොත්තුවයි.
මට නම් සැකයි මේකත් ගේමක්ද නැත්නම් අපිව අන්දවන්න ගහපු ගැටයක්ද කියල. ජනපති සිරිසේන යමක් තේරුම් ගන්න හරියට කාලෙ ගන්නවා. බිත්තරේ කුණුවෙලා බව දැනගන්න මුළු බිත්ත්රේම කන්න ඕන නැහැ. දුර්ගන්ධයෙන්ම එක අයින් කරන්න පුළුවන්. නමුත් මේ ජනපති තුමා මුළු කුණු බිත්ත්රේම කාල අපටත් ගිල්වන්න හදල පස්සේ කෑගහනවා ලෝකෙටම ඇහෙන්න.
මනෝජ් - කලින් අයින් කරපු සුප් එක ඊටත් වඩා කුණු වී පනුවන් ගසා ඇත් බැවින් පෝෂදායී අළුත් අහරක් පිස ගැනීමට කාලය පැමිණ ඇත.
ජනාධිපතිතුමා ඉතා අසීරු කාර්යයක් කිරීමට උත්සාහ දරයි. රටේ ප්‍රධානියා කොතරම් හොද වුවත්, තමාට පහලින් සිටින බලවත් අය මෙල්ල කිරීම පහසු කාර්යයක් නොවේ. දූෂිත රොත්ත එකාමෙන් පෙලගැසී ප්‍රධානියාගේ බල බිදීමට උපක්‍රම යොදනු ඇත. දූෂිතයින්ට පහලින් මහා රොත්ත වූ අපි සිටිනා බව අපි විසින් විශ්වාස කරනතෙක් තනි පුද්ගලයෙකුට මේ ප්‍රාතිහාර්යය පෑ නොහැක.
ලබන ඡන්දෙදි අපි අපේ වැඩේ හරිට කරනවා. සහතිකයි.
දැන් හොරු ඉන්නෙ එජාප යෙ විතරද? මෙතන ප්‍රශ්නෙ එකයි. පුළුවන්නම් ගිය ආණ්ඩුවෙ හොරුත් පෙන්නන්නකො. පක්ෂෙ හදන්න තමන්ට උදව් කරපු මිනිස්සු දුර්වල කරන එක වීරකමක් නෙමෙයි.
ජනාධිපති තුමා හරි .
සපුමල් - කලින් සුප් එක නරක් වුනේ අවුරුදු 10 ක් ගිහින්. මෙයාල සුප් එක හැදුවේම කල් ඉකුත් වූ ද්‍රව්‍ය දාල.
එජාපය විනාශ වන එක සුලු දෙයක්..
මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ නැත. මට හිතෙන විදියට පාර්ලිමේන්තුවයි කැබිනට් මණ්ඩලයයි විසුරුවල ඒකාධිපති පාලනයක් ගෙනියනවානම් හොදයි. මොකද දෙපැත්තේම ඉන්නේ හොරු නිසා. එතකොට සැහෙන මුදල් ප්‍රමාණයක් ඉතුරුකර ගන්න පුළුවන්. මෛත්‍රී එකධිපපති වෙලා ගසා කෑවත් මේ ඉතුරු කරන මුදලට වඩා අඩු වේවි. අපට කරදයක් නැතුව පාරේයන්න පුළුවන් MSD එක විසුරුවන්න පුළුවන්. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හොද හෝටලයක් කරන්න පුළුවන්. කැබිනට් ඇමැතිලගේ කාර්යාල වලට යන වියදම ඉතුරුයි. මෙකි නොකී ගොඩක් වාසී මෙයින් ලැබෙනවා.
දැන්හොරු ඉන්නේ ඒජාප යේ විතරද කියා කව්ද අසනවා. ඔව් ලියා පදිංචි හොරු ඉන්නේ ඒජාප යේ.
මේක සුප් එකක් නොවෙයි අත හෝදපු වතුර
ජනාධිපතිතුමා පත්තරේ බලන බව එජාප මන්ත්‍රීලට අමතක වෙන්න ඇති
මල්ලිගේ, දුවගේ, බෑනාගේ, පුතාගේ, නෑයන්ගේ, වත්කම් ... අපි ලඟදීම අවාම ඔයා ඔක්කොම කමිටු දාලා රටට කියන්නම්... එතෙක් ඉවසන්න.