( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් 11දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
නිෂාන්ති බණ්ඩාරනායක , එම්.ඞී.ජේ.බී ප‍්‍රනාන්දු , සමනළී ෂානිකා ෆොන්සේකා ,චන්දිමා රවිනි ජිනදාස , දීපාන්ජලී අබේවර්ධන ,සබ්රීනා එසුෆුලි , ෂාරන්‍ය සේකරම් , රන්දුලා ද සිල්වා , මේනකා ගල්ගමුව ,සුජාතා ගමගේ , විශාකා පෙරේරා තිලකරත්න යන මහත්මීන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාරියන් ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) ජී යන වගන්තීන් යටතේ හිමිව ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඒ අනුව කාන්තාවන්ට මත්පැන් මිළඳී ගැනීම මෙන්ම එම මත්පැන් අලෙවිසල්වල සේවය කිරීම වළකාලීමද ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව එහි සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳනම් දෙගොල්ලන්ටම හොඳයි. නරකනම් ඒත් එහෙමයි. අරාබි රටවල නීති මෙහෙට ඕන නැහැ.
ජනාධිපතිතුමා ඇතුළු මත්ද්‍රව්‍ය විරෝධීන් ගනු ලැබූ තීරණය මම එක සිතින් පිළිගනිමි. එම තීරණයට විරුද්ධ වීම පාපයක්.
ඔවුන් හරි. මෙය කාන්තාවන් හෙලා දකින නීතියක් .මෙවැනි කාලෙට නොගැලපෙන නීති වෙනස් කල යුතුයි.
මත්පැන් භාවිතා කරන අය ඒක කොහොමහරි කරගන්නවා !!! දැන් මෙයාල හදන්නේ උසාවි ගිහින් තව ටිකක් ප්‍රසිද්ධ වෙන්න..
මානව අයිතිවාසිකම්වලට ගරු කරන්න නම් ඒ රටේ මනුස්සකම් හඳුනන මානවයෝ ඉන්න ඕනනේ සමනලී... අඥාන, පුහු ආකල්ප වලින් සමන්විත ගෝත්‍රිකයින්ට කොහොමද අන්‍යයින්ගේ අයිතිවාසිකම් තේරෙන්නේ? ඒ වුණාට ලැජ්ජා, බයට හැදුණු රටේ ගැහැණු ටික මැදපෙරදිග පටවලා ෆන් එකේ ඉන්න ලෝකෙන්ම ඉන්න ජාතියනේ අපි නේද?
යහපාලනයට කඩේගිය මෙයාලත් දැන් රටේ සංස්කෘතිය විනාස කරන්න හදනවා. සමහර උන්මත්තකයන් විසින් ගනු ලබන සමහර තීරණ නිසා රට විනාශ වෙනවා. රාජ්‍ය නායකයා මේ ගැන නොදැන සිටීම ඉතා හාස්‍ය ජනක කතාවකි. විධායකය බල්ලට ගොස්ය... සෙස්සෝ රිලවුන් මෙන් බඩපිනුම් ගසති... අහෝ රටට යන කල පසුවී හෝ ගරු ජනාධිපතිතුමන් ගත් තීරණය නිවැරදිය. එයට එතුමන්ට ස්තුති කලයුතුයි.
බොහොම හරි. ඔබට අපේ සම්පූර්ණ සහයෝගය! . සමහර මන්ත්‍රිතුමාලගේ භාර්යාවන්ටත් බාර් ලයිෂන් තිය නවා. සමහර දේශපාලකයන්ට බාර් ලයිෂන් ඇරුණාම ඉස්කාගාරත් තියනවා. මත් පැන් බොන අපෙන් හෙන ගහන බද්දකුත් කෙලලා තව බණත් දෙසනවා! ටුවරිස්ට් හොටෙල්වල වේටර්වරියන් විසිටර්ස්ලට මත්පැන් පිළිගන්වන්නේ නැද්ද? ගැහැණු උදවිය අරක්කු විකුනන්නේ නැද්ද? බොන්නේ නැද්ද? ඒ අයිතිවාසිකම් තහනම් කරන නීති හරියන්නේ නැහැ!
හොඳ වැඩක්. බෞද්ධ බෞද්ධ කියකියා තනිකර බොරු කරන්නේ...
දැන් හැමෝම මේ කෙල්ලට බනින්න පටන් ගනීවි. ඒත් මට හිතෙනවා මේ වගේ නිදහස් මතධාරී කාන්තාවන් ඉදිරියට ඇවිත් අපේ සමාජය වෙලාගෙන තියෙන ගතානුගතික වැඩවසම්වාදී මතවාද වලින් එළියට එන්න උත්සාහ කරන එකේ... යම්කිසි ප්‍රගතිශීලී බවක් තියෙනවා කියලා.
ඇතැම් ගුවන් සේවිකාවන් ගුවන් යානය තුළ මත්වතුර විකිණීමේ වෙළඳාම කරනවා... සමාජ ශාලාවල සහ අපගේ ගුවන් තොටුපළේ තීරුබදු එකේ වැඩ කරන්නේ මේ කාන්තා පාර්ශවය තමයි. මේ නීතිය ඔක්කොටම සමානද?
ඔය අයිතිවාසිකම පිරිමින්ටත් තහනම් කරන්න කිව්වානං එ්ත් සමානයි නේ. මනුස්සයන්ගේ යහපත වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලනවා නම් මෙයාලා එහෙමයි. සම අයිතිවාසිකම් ඉල්ලලා තියෙන්න ඕනෑ. අම්මයි තාත්තයි සම වෙන්නෙත් නැහැ. දෙන්නගෙන් කෙනෙක් උසස් හෝ පහත් කියලත් නැහැ. රැවුල වවාගෙන ආවොත් සම අයිතිවාසිකම් දෙනවා කියන්න...
අාවේ නම් ආණ්ඩුව මතට තිත තියන්න. එ්ත් රෑ 10.00 වනතුරු මත්පැන් හල අරින්න යෝජනා කරනවා. මුදල් ඇමතිතුමනි බැංකු තව ටිකක් රෑ වෙනකම් ඇරලා තිබ්බනම් කොහොමද? සමනලී දුවේ ඔයිට වැඩි අසමානතා සමාජයේ කාන්තාවන්ට තියෙනවා. බලන්න කාන්තාවන් වහල් සේවයට රට යවන එක... ඇයි ඔවුන්ට සාධාරණ අාදායමක් ලබන්න අවස්ථාව උදා කරන්න මුදල් ඇමතිතුමාට බැරි?
අපේ මිනිසුන්ට ගැහැණු පිටරට පටවලා ඒ එවන සල්ලි වලින් කසිප්පු බීලා ඇවිත් ගෙදර ඉන්න තමන්ගේම ලේ වලින් හැදුණු දරුවා නැතිකරන්න හොඳයි. ගෑණියෙක් බාර් එකක රස්සාවට ගියහම තමයි නරක... එතකොට තමයි හැමෝටම සදාචාරෙ මතක් වෙන්නේ. නායකයින්ට කොන්දක් තියෙනවා නම් අපේ කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට යන එක නවත්තන්න.
ඔහොම යං ඔහොම යං...
පිරිමි කරන හැම දේම ගැහැනු කරන්න ගියොත් මරු තමා.. මේවට නම් නඩු දාගෙන එන්න.. දැන් යහපාලනේ සැපයිද?
දැන් ලංකාවේ ගැහැනුන්ට හා මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි ! මේ ගොල්ලොක් බොරු ෂෝ දාලා පත්කරගත්තු ආණ්ඩුව බිලියන ගණන් හොරාකාලා ඒවා වහගන්න මේ ගොල්ලොත් බොරුවට රඟපානවා !
මත්පැන් නිසා වැඩිමනත්ම අමාරුවේ වැටෙන්නේ දුප්පත් මිනිස්සු.. ඔවුන් එයට ඇබ්බැහි වෙලා දවසේ හම්බ කරන සියලුම මුදල් ම වාගේ මත්වතුර හලට පූජා කරලා ගෙදර යන්නේ වෙරි මර ගාතේ. මේ වගේ තත්වයක් යටතේ අම්මලාටත් මත්වතුර වලට ඇබ්බැහි වෙන්න ඇති ඉඩ කඩ වැඩි කරලා දුන්නහම කොරේ පිටට මරේ වගේ තියෙයි. මේ නිදහස ඉල්ලලා කෑ කෝ ගහන උදවියට එංගලන්තෙට, ඇමෙරිකාවට ගිහින් බලන්න පුළුවන් මත්වතුර වලට දීලා තියෙන මෙවැනි නිදහස් නිසා මිනිස්සුන්ට වෙලා තියෙන නස්පැත්තිය. මම කියන්නේ දැකලා... දැක්කේ නැති අය ඉන්නවා නම් පත්තරයක් වත් බලන්න.
මේ මුග්ධ රැලත්, ඉහතින් අදහස් දක්වා ඇති වරද අමු අමුවේ සාධාරණීකරණය කරන සම තැනක් මුවාවෙන් කතාකරන බඩගෝස්තර වාදී එන්ජීඕ නඩයත් බුදු දහමින්, සිංහල ගති සිරිත් වලින් සුපෝෂිතව සිටි හෙළ කාන්තාව දශක 3 ක් තිස්සේ අගාධයටම පත් කරන තවත් කූඨ, නිර්ලජ්ජිත අශීලාචාර උත්සාහයක්. කණගාටුයි... සිංහල , බෞද්ධ ජන සමාජයේ වේගවත් පරිහානිය ගැන...
හැමදේටම කලින් මේ රට බෞද්ධාගම මූලික කරගත් රටක් විදියට රටේ සංස්කෘතිය, ආගම දහමෙන් කියවෙන දේ පිළිබඳව සිතිය යුතුයි. නැතිනම් මේක අයාලේ යන රටක් වෙයි. බලාගෙන ගියාම මේ අය පහුගිය කාලේ බැහැලා වැඩ කරලා තියෙන්නේ මේ වගේ දේවල් කරගන්නටනේ..
සමන්ලීට ඔය නිදහස තියන රටකට යන්න පුළුවන්. ලංකාවේ ගෑනු අමාරුවේ දාන්නේ නැතුව...
මේ නෝනලට අඩුවෙලා තියෙන්නේ බාර් වල වැඩ කරන එක විතරද ..? රටේ ඉන්න නෝනලට කරන්න ඕනෑ තරම් ජොබ් තියනවා කරනවා නම් .. ඔය වගේ මෝඩ වැඩ නොකර රටට වැඩක් ඇති දෙයක් කලා නම් හොඳයි නේද? අනෙක් අයවත් විනාස නොකර ...
සපුමල් බණ්ඩාර ගැහැනු රට යවන එකට වගකිව යුත්තේ සැමියා හොදේ. ඒක ආණ්ඩුවේ වරදක් නෙවේ.
මේක ගැහැණු මත්පැන් පාවිච්චිය ගැන ප්‍රශ්නයක් නොවේ. නිතිය සැමටම එක සේ බලපානවද නැද්ද යනු ප්‍රශ්නයක්.රටේ සියලුම ජනතාව ලිංග බේදයක් නොමැතිව තම විරෝධතාවය ප්‍රකාශ කලයුතුයි. සමනලීට ජය වේවා.
යටත් විජිත සමයේ ඉංග්‍රීසි ජාතිකයන් කරේ රාජසිංහ රජුට මත් ද්‍රව්‍යය යවලා ඒවට පුරුදු කරවපු එකයි. මේවාට ඇබ්බැහි උන රාජසිංහ රජු මත්වෙච්ච වෙලාවක ගත්ත තීරණයක් තමයි ඇහළපොළ නිලමේගේ පවුල සමුළ ඝාතනය කිරිම. ඊට පස්සේත් මේ වගේම ගත්ත මෝඩ තීරණ නිසා තමයි රදලයන් එකතුවෙලා රාජසිංහ රජුව ඉංග්‍රීසින්ට පාවලා දුන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිකයන් 1911 දී සුරාබදු පනතක් ගෙනල්ලා සුරාසැල් රට පුරා හදන්න ගත්තා. මේක පොඩ්ඩක් හරි වැලකුනේ රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු හදපු අමද්‍යප සංගමය නිසයි. මත් වතුර නිසා පවුල් දස දහස් ගණනාවක් අවුරුදු සිය ගාණක් තිස්සේ දුක් විදිනවා. තවමත් මේක ගම්වල හරියට වෙනවා. එහෙම විසක් සම්පූර්ණයෙන්ම තහනම් කරනවා වෙනුවට රාජ්‍යය අනුග්‍රය ඇතිව පවුලේ මැනිකක් බදු කාන්තාවන්ටත් පෙවීම අනුමත කරන්න බෑ.!
පිරිමි මදිවට ගෑණුත් බොන්න පටන් ගත්තාම අසරණ වෙන්නෙ ඒ පවුල් වල දරුවන්. මත්පැන් බීම ගෑණුන්ගෙ තියා පිරිමින්ගෙත් මූලික අයිතිවාසිකමක් වෙන්නෙ කොහොමද ?මොවුන් කරන්නෙ අපේ සමාජයට බරපතල හානියක්
සමනලී මහත්මියගේ අවධානය පිණිස! පුතා මහලු අම්මගේ බෙල්ලට ජංගම දුරකථනය තබා තද කර මරයි. දැරියක්‌ව පෙම්වතා ඇතුළු තිදෙනෙක් සමුහ දුෂණය කරයි. මේවා ඇමෙරිකාවේ නෙවෙයි ඊයේ පෙරේදා අපේ රටේ වුන සිද්ධි. කෝ ඔබතුමිලාගේ කාන්තා අයිතිවාසිකම් හඬවල් ටික ?
ඉතාම කාලෝචිත ක්‍රියාවක්.
ඔය මත්පැන් සම්බන්ධව තිබෙන නීති අවරුදු 150 විතර පැරණි අදට ගැලපෙන්නේ නැහැ. මේවා ක්‍රම ක්‍රමයෙන් සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇත.
මේකේ දාල තියන සමහර කමෙන්ට්ස් දිහා බැලුවම හිතෙනවා අපේ රටේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ කියල.මත්වතුර නිසා පවුල්වල වැඩියෙන්ම පීඩා විඳින්නේ කාන්තාවන් සහ දරුවන්. නීති රීති හැදෙන්න ඕනේ මත්වතුරට ඇබ්බැහි වී සිටින පිරිමිනුත් ඒවායින් ගලවගන්න උදව් වෙන්නයි. සමතැන ලබාගැනීමේ මුවාවෙන් මේ කරන්න යන්නේ දැනට ටිකක් හරි ලජ්ජා බය ඇතිව ඉන්න කාන්තාවෝ ටික දෙනාත් බේබදු කමට සහ ගණිකා වුර්තියට නීත්යනුකුලවම තල්ලු කරන්න. සමනලීලට මේවා ප්‍රශ්න නොවුනට මත් වතුර නිසා දුක් විඳින පවුල්වල කාන්තාවන්ට මේවා විශාල ප්‍රශ්න. මත්වතුර සම්බන්දයෙන් පමණක් සම තැන ඉල්ලන්නේ අනෙක් හැමදේකින්ම කාන්තාවන්ට සමතැන අපේ රටේ හම්බවෙලද?
බටහිර රටවල් දන්නවා අපේ රටේ පවුල් ඒකකයේ ශක්තිය තියෙන්නේ කාන්තාව අතේ කියල. ඉතින් එක බිදවට්ටන්න පුළුවන් උනාම සමාජයක් නිකන්ම බිදවටෙනවා. ඒ සදහා ඉත්තෝ අපේ සමජෙන්ම හොයාගෙන ඔවුන්ට අරමුදල් දෙනවා රට විනාශකිරීමේ අඩිතාලම දමන්න.
ප්‍රශ්නය නෝනලා බාර් වල වැඩ කරන එක නොවෙයි. මෙතන මේ අයට නොතේරෙන දේ තමයි මොකද ගැහැනුන්ට එක නීතියකුත් පිරිමින්ට තව නීතියකුත් තිබෙන්නේ කියන එක. නීති දෙකක් කියන්නේ මානව හිමිකම් කඩවීමක්.
යුද්දෙන් පස්සේ අද රටට බලපාල තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ, ගෑනුන්ට බාර් වලට යන්ට බැරිකම, හා බාර් වල වැඩ කරනට බැරි කම. මේ ප්‍රශ්නෙ විසදීමට ජනාධිපති කොමිසමක් වහාම පත් කර යුතයි.
මේගොල්ලන්ට කරන්ඩ වෙන වැඩක් නැද්ද, මට හිතන්නේ මේ අය තවත් එන් ජී ඕ නඩයක් වගේ. කුහක ආත්මාර්තකාමී බඩගෝස්තර වාදී එන්ජීඕ මුදලින් නඩත්තු වෙන මේ වගේ හැතිකරේ කරන්නෙම ජාතියට වින කටින එකම තමා. ඇයි මුදල් ඇමතිට නඩු දැම්මේ. මේක තහනම් කලේ ජනාධිපති නේද. මුදල් ඇමති සමග ඇති ඩීල් එක පැහැදිලියි. දෙගොල්ල කතාවෙලා මේක ගේනවා වගේම කතාවෙලා නඩුවකුත් දා ගන්නවා. කොහොමද ටිකිරි මොලේ.
මේ නෝනලට මේ දවස් වල වැලේ වැල් නැතුව ඇති. අඩුම තරමින් කොටට ඇඳගෙන බාර් එකක රස්සාවක් කරලවත් ගානක් හොයා ගන්ඩ තමයි මේ ප්ලැන ගහන්නේ. කවුරුත් මොකවත් කියන්ඩ එපා. අහිංසක දරුවොනේ.
මේ රට බවුද්ධ රටක් කියල සමහරු පුරාජේරු කෙලියත් මෙහෙ ඉන්න වැඩි දෙනෙක් උත්පත්තියෙන් බවුද්ධකම ලැබුණු ලේබල් බෞද්ධයෝ මිස ධර්මය පිළිපදින බවුද්ධයෝ නෙවෙයි. අපි නියම බවුද්ධයෝනම් මේ රටේ දවසින් දවස අපරාධ වැඩි වෙන්නේ කොහොමද? බවුද්ධයන් හැටියට බොරුවට පෙනී හිටින එකත් බෞද්ධ ධර්මයට නින්දාවක්! අපේ දෙස්පාලුවොත් කොරන්න පුළුවන් තක්කඩිකම් කර කර සමාජයේ පෙනී සිටින්නේ බුදුවරු වගෙයි! අනේ මෙහෙම අවිද්යාවක්"
බාර් ගානෙ අරක්කු ගන්න යන එක කාන්තාවන්ට එතරම් සුභ දෙයක් නෙවෙයි ජනාධීපතිතුමා කරපු වැඩේ බොහොම හොදයි කොහොමත් කන මොදයින්ට ඕක නැතුව බැහැ.වැදගත් නම් කාන්තාවන් ඉදිරිපත් වෙන්න ඕනෙ අරක්කු රටින්ම තහනම් කරන්න අදවන විට පවුල් විනාශ වෙන්නට දරුවන් අපයෝජනයට ලක්වීමට මුලික හේතුවක් ලෙස අරක්කු හදුන්වන්න පලුවන් රටේ හොද දෙයක් කරන කොට කඩාකප්පල් කාරයොත් ඉන්නවා කාන්තාවො පෙලපාලි යනවා කාන්තා හිංසනය කාන්තා හිංසනය කියලා අරක්කු කාන්තාවන්ට ගන්න තහනම් කලාම උසාවි යනවා ගෙදර මිනිහා අරක්කු බෝතලයක් බීලා තව එකක් අරගෙන එන්න කියලා ගෙදර නෝනාව යවපු කාලෙ ඉවරයි මේ තහනම් වැදගත් වන්නෙ ගම්බද කාන්තාවටයි නගරයේ සමාජශාලාවල ජීවිත ගත කරන අයට අවාසියි හොදින් හිතන්න කාලයයි මේ සමනල් විය විනාශ වෙන්නෙත් අරක්කු නිසා කියලා සමනලීලා කවුරු කවුරුත් හිතට ගත්තොත් හොදයි
මේ ප්‍රශ්නේ හැකි ඉක්මනින් විසඳිය යුතුයි. මොකද දැනට රටේ විසදන්න ඉතුරුවෙලා තියෙන එකම හා බරපතලම ප්‍රශ්නය මෙය වන නිසා.
කුණු ප්‍රශ්නයට විසදුමක් ලෙස මෙයා නේද අර දාගැබ්වලට කුණුදාන්න කීවේ
සැහෙන කාලෙකට ඉස්සර වෙලා ඇමෙරිකාවේ නිව් යෝර්ක් වල නඩුවක් ගියා කාන්තාවන්ටත් පිරිමි වගේ උඩු කය ඇරගෙන පාරේ ගමන් කරන්න දෙන්න කියල .එක උසාවියෙන් ඒගොල්ලන්ට ලැබුන . ලංකාවේ පිරිමි උඩු කය ඇරලා අඹුඩ ගහගේනෙත් යනවා සමනලී නෝනා ඒ අයිතියත් ඉල්ලලා නඩුවක් දාන්න. දින්නොතින් අපිට පුළුවන් අඹුඩ ගස්සවල පෙර හරකින් පාර දිගේ ගෙනියන්න
රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න පාලකයන් නොදන්නවා සේම, කාන්තාවන්ට ඇති සැබෑ ප්‍රශ්න මේ නෝනලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙයාල අතේ සල්ලි වියදම් කරලා මේවා කරන්නේත් නැහැ, කවුරු හරි පිටිපස්සේ ඉඳන් වියදම් කරනවා ඇති. අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න කෝටි ගණන් වියදම් කරන්න අය ඉන්නවනේ.
මේක විතරයි කාන්තාවන්ට අඩු වෙලා තිබ්බේ.
මේ ඔක්කොම සම අයිතින් ගැන කැක්කුම තියෙන්නේ කොළඹ නෝනලට. අපේ රටේ කාන්තාවගේ දුක තේරෙන්න අනුරාධපුරය වගේ පැත්තකට ගිහිනි බලන්න ඒ ගෑනුන්ට මත් වතුර නෙමෙයි එදා වේල හම්බ කර ගන්න මොන දුකක් විදින්න ඕනද කියල. සමනලීලා ඒ පැති දැකලවත් නැතුව ඇති.
බොන එක ගහනිද පිරිමියද කියල වෙනසක් නැහැ වැරද්දමය අපේ වසර 3000 ඔය කෘතිය රැකගෙන රටට ලැබිල ඇති ලබ්බක් නැහැ රට හින්ගමනෙට වැටිලා ඉන්නේ පුරුශාදිපත්තිය ,සමාජ අසමානකම් කුහකකම ගැහැණිය පහත්බව සිතීම නිසාම අපි සොදාපාලුවෙලා .උඹට බොන්න හැකිනම් උඹගේ ගැහැණි බිඋවම මොකද යකෝ බුදුහාමුදුරුවෝ.දෙවියෝ හෝ ජේසු කියා තිබෙනවාද මිනිහට හැමදේම වලංගු බව මෝඩ හැත්තෑ නිසා අපේරට තවම ගල්යුගයේ
මේ අය හොද මොකටද කියල දන්නවනේ රට විනාස කරන මේ සමාජ විරෝදින් රටට හෙනයක්
සමනලීට හිතර අමාරු ඇති ඔසිවල කර ටිකැඩෙන්න බිව්ව වගේ ල්ංකාවෙ බැරි නිසා
අනේ මෙහෙම ගැහැණු තව ටික දවසකින් මුන් කියයි 18න පහල ල එවුන්ටත් බොන්න නිදාහස දෙන්න කියලා ගනුන්ට මේ රටේ තියෙන ප්‍රශ්නය බොන්නයි බාර් වලයි වැඩ කරන්න නිදහස නැති එකද නැහැදිච්ච කම රටම බෝ කරන්න හදන එවුන් . මුන් ලෝකේ තියෙන ඔක්කොම ජරාව බිබී වල් වැදෙනවා මදිවට තව ඒවා සමාජ ගත කරන්න හදනවා.
අපිට ළමයි වදන්ට බෑ කියලත් පෙළපාලි යයි ළඟදීම....
අපේරටේ බහුතරයකගේ අදහස මත්පැන් බාවිතය අපේ සාරදර්ම වලට , පවුලේ ආර්ථිකයට, ශරීරයට හොද නැහැ කියලනේ . එක හරිකියල සියලුදෙනා පිළිගන්නවනේ එක ගැන විවාදයක් නැහැනේ . දැන් මෙතැන් ප්‍රශ්නය මේ කිසිවක් පිර්මී කළාට කමක් නැහැ ගැහැනුන් පමණක් කිරීම හොද නැහැ කියන එකනේ ?
මමත් කාන්තාවක්! මටත් පවුලක් ඉන්නවා. නමුත් මම ඔය සම තැන ඉල්ලගන දඟලන්න තරම් මොලේ අමාරුවක් තියෙන කෙනෙක් නෙවෙයි. අපිට සමහර දේවල් වලදී, පිරිමින් හා ලං වෙන්නවත් බෑ. අපිට ඕනේ නිසි තැන මිස සම තැන නෙවෙයි. ගොඩක් පවුල් අවුල් වෙච්ච ගැණු අයට, හොන්දට පවුල් කන ගැණු අයව පෙන්න බෑ. තියෙන ඊරිසියාවට. ඒගොල්ලෝ කරන්නේ සම තැන ඉල්ලන්න කියලා ගැණු රවටලා, හොඳට ජීවත් වෙන පවුල් කඩන එක. මම හිතන්නේ නෑ හැම සහෝදරියක්ම මේවට මුලා වෙන්න තරම් මෝඩයි කියල.
එක මේ අද ඊයේ වුනු දෙයක් නෙමේ. ඔය හොද හොටල් වල රෙස්ටුරන්ට් වල බාර් වල වැඩ කරන්නේ කෙල්ලෝ තමයි වෙන කව්ද?වේටර් වරියන් .සේරම කෙල්ලෝ.මේ පිස්සු කියනවා නොදන්නා අය.අනික මැද පෙරදිග යවන්නේ ෆන් ගන්න නෙමේ හොදේ .නැති බැරි කම නිසා.කව්ද ආසා සල්ලි තියාගෙන මැද පෙරදිග ගිහින් දුක් විදින්න.නිකන් මෝඩ කම පෙන්වන්න එපා හොදේ.
එන්න සමනලී පෙරටම. අපි බැඳුම්කර ගණු දෙනුව මාතෘකාව ජනතාව අතරින් යට ගසන්න අළුත් මාතෘකාවක් ජාතික ප්‍රශ්ණයක් විදිහට පෙන්වන්න උස්සාහ කරමු. ජය වේවා.
බීම නිසා මොනතරම ජීවිත අවුල් වෙලා තියෙනවද. . තහනම තියෙද්දිත් බොන කාන්තාවෝ සිටිය. මත්පැන් වලට නෙමේ සම තැන උවමනා. මේ අයට උවමනා අපේ රටේ හැදියාව විනාස කරන්න.
ඉලපතකින් ගගහ රටින්ම එලවන්න කියල අපේම ශිස්ට කාන්තාවන්ට කියමු. එයා කරන දේවල් u tube එකෙන් බලාගන්න පුළුවන් . මේ ජාතයේ ගැහැණු බුදුන්ගේ කාලේ ඉදලම හිටිය .
පිරිමින්ගේ බීමත්කම නිසාත් මහ කරදර වෙන මේ රටේ ගෑණුත් බොන්න පටන් ගත්තොත් කොහොම හිටීද? අනේ මෙහෙම ආසාවක්. අපේ රටේ ගෑණුන්ගේ ජනගහනයෙන් ගෑණු 11ක් නේ මේ දගලන්නේ. එතකොට අපි අනිත් ගෑණු ටික මේගොල්ලන්ගේ ඉල්ලීමට විරුද්ධ වුනොත් මේගොල්ලෝ මොනවද කරන්නේ? මොලේ පෑත්තකින් තියපු ගෑණු.
මෙම වීර කාන්තාවන් ගේ නම් ශ්‍රී ලංකික කාන්තාවන්ට , පවුල් ජීවිත වල සහජීවනයට , පොදුවේ ශ්‍රී ලංකාවේ අභිවුර්ධියට ගත් නිර්ලජ්ජී පියවර නිසා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත .
මෙතන මුලික අයිතිවාසිකම් කඩවීමක් නැහැ. සමාජයේ සමාන කෙනෙකුට අසාමාන ලෙස යම් වරප්‍රසාදයක් දෙනවා නම් විතරයි. 12 ව්‍යවස්ථාව අනුවයි අයිතීන් කඩ වෙන්නේ. ඒ වගේම අසමානයින්ට සමානව සලකනවා නම් එ්කත් මූලික අයිතියක්... අනෙක් අතට මේ සෑම අයිතියක්ම යටපත් කරනවා විතරයි. වගන්තිත් තියෙනවා එ්කෙන් කියන්නේ පොදු සමාජයට, සෞඛ්‍යයට, සදාචාරයට හා මහජන යහපතට හානි කරනවා නම් ඒවා යටපත් වෙනවා. ඒ නිසා මෙතන මූලික අයිතීන් දීමක් නෑ... මොකද මත්පැන් පානය පරප්‍රසාදයක් හෝ අයිතියක් නොවන නිසා අනෙක් අතට නොබොන මිනිස්සු එහෙම නම් කියන්න ඕනේ එයාලගේ අයිතිය යටපත් කරලා අසමනව බොන අයට සලකනවා කියලා. මේක සාර්ථක වෙයි කියල හිතන්න බැහැ. ඒ නිසා කලබල නොවී ඉඳිමු.