(මනෝප්‍රිය ගුණසේකර)
අමාත්‍යවරයකු ලෙස සිටිය දී සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමිකරුව සිටිම සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඔහුට බාර දෙන ලදී.
රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හළ විනිසුරුවරයා ලබන මස 19 වැනි දා පෙනී සිටින ලෙස ඔහුට නියම කැරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.