(රෝවන් පෙරේරා,ජයරත්න වික්‍රමරාච්ච්)
මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි.
මොවුන් අවුරුදු 20-25 අතර පසුවන තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සතුව තිබියදී බලපත්‍ර රහිත ගිනි අවියක් , විදුලි පන්දමක්, ජීව පතුරම්, හිස් කොපු 3 ක් නවීන පන්නයේ යතුරුපැදියක් ජංගම දුරකථන දෙකක් වනජීවී නිලධාරීන් බාරයට ගෙන තිබේ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.