(ෂෙහාන් චාමික සිල්වා)
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.
ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු මහින්දට ඇති සම්බන්ධයත් අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය. මේ මුදල් මොහුගේ නොවන බව පොඩි ළමයෙකුගෙන් වුවත් දැන ගත හැකිය. මේ මුදල් මිග් ගනුදෙනුවේ අතයට ගිය මුදලින් සොච්චමකි.
රටේ නම විකුණලා ජාත්‍යන්තරයේ කරපු හොරකන් වලට හිරේ දන්නට එපා. මොකද තාත්ත වගේම දවස් දෙක තුනෙන් ආපහු ගෙදර එයි. නැත්තම් හාමුදුරුවන්ට පින්සිදුවෙන්න මෙයා බේර ගන්න...............
ඉතාම හොඳයි. මහජන මුදල් හොරා කෑ අයගේ සියළු දේපල රාජසන්තක කළ යුතුයි. බැඳුම්කර හොරුන්ගේ දෙපල සම්බන්ධයෙනුත් මේ අන්දමින් තහනම් නියෝග ලබා ගන්නා තෙක් අපි පුල පුලා බලා සිටිමු.
ඉස්සර මෝටර් බයිසිකලයෙන් ගමන් බිමන් ගිය මෙවැනි අය නම් දියුණු වුණා මහරජාට පින්සිදු වෙන්න. මෙයා මහරජාගේ ඥාති සහෝදරයෙක්...
කවුරු වුණත් හොරා හොරාමයි. අනිත් හොරු ටිකගේ දේපල රාජසන්තක කරන්නේ කවද්ද?
බැඳුම්කර ගනුදෙනුව කිව්වයි කියලා මේවාගේ හොරකම් වහන්න බැහැ. එසේම මෙවැනි හොරකම් ගැන කියලා බැඳුම්කර ගණුදෙනුව වහන්නත් බැහැ. මේ සියල්ලම මහජන මුදල්. මේ සියල්ලම නැවත අයකර ගත යුතුයි. හොරුන්ට දඬුවම් දිය යුතුයි. හොරුන්ව ප්‍රසිද්ධ කල යුතුයි. පොඩි, මැදි ප්‍රමාන, මහා පරිමාන සියළු හොරුන්ව ඇල්ලිය යුතුයි.
මේකත් හරියට තාජුදින් වගේ තමයි. ඡන්දයක් එනකොට මතුවෙනවා පස්සේ යට යනවා. මේටික හොයාගන්න දැන් අවුරුදු 3ක් ගියා.
ඊලඟ අවුරුදු දෙකේදී හොරු කවුද කියා හඳුනා ගත හැකියි. පොහොට්ටුව දිනුවොත් හොරුත් දිනුම්... අලියා දිනුවොත් බර්නුම් හොරු දිනුම්. ඇත සීනුව දිනුවොත් අපිත් දිනුම්.
ඔය සද්ද ඔක්කොම ඡන්දේ ලඟ හින්දයි. ඡන්දෙට පස්සේ ඔය කතා ඔක්කොම ඉවරයි. ඕක තමා ලංකාවේ දේශපාලනය.
අනේ මන්දා හොරු ඇල්ලුවා කියනවා. හොරකම් කරපු ගණන් මිනුම් ඔක්කොමත් දන්නවා. උසාවි ගෙනියනවත් පේනවා. ඇපත් දෙනවා පේනවා. එකට කාලා බීලා සතුටු වෙන ඒවත් පෙන්නනවා. අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ. මේවා දකිනකොට රට ගැන ලොකු කලකිරීමක් ඇතිවෙන්නේ. අපිට කොහොම වුණත් කමක් නැහැ. එ්ත් අපේ දරුවන්ට මොකද වෙන්නේ? හොරකම යන වචනය දැන් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වෙලා.
උතුරු කොළඹ අලියා හිරේ දැමිය යුතුයි. පරණ හොරුන්ටත් වහාම දඬුවම් දිය යුතුයි. මෙම සියලුම නඩු 2019 මුල් කාලයේ නිම කල යුතුයි. සජින් කෝ? හොර ගමන් බල පත්‍ර ගත්තු... ඒ වගේම රට මුදල් හොරකම් කළ අය තවමත් බෙරිහන් දෙනවා.
මෙතන අදහස් ලියන අය සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස අවංකවම ජනතාවගේ පැත්තෙන් එන හඬ යටපත් කරන්න "අකමැත්ත" (Likes ) ප්‍රකාශ කර එය බහුතරයේ මතය බව පෙන්නන්න උත්සාහ කරනවා. ගිය ආණ්ඩුව තියෙන කාලයේ කොම්පියුටර් ජිල්මාර්ට් දාල බහුතරය ජන්දය දී ඇත්තේ බලයේ ඉන්න පිරිසට කියා ඔප්පු කරන්න දුබල වෑයමක යෙදුනා. ඒවට 2015 ජනවාරි වල පොළිත් එක්ක වන්දි ගෙව්වා.
ගරු ජනාදිපතිතුමනි ඔබ ගත් මග හරි. ජනතාව තවත් දැනුවත් කල යුතුයි. හොරු කියා කියා ඉන්නේ නැතිව දඬුවම් දෙමු.
ආණ්ඩුවේ බොරු සියල්ලම අතේ පත්තු වී හමාර නිසා දැන් ජන්ද වාසි ලබා ගැනීමට වෙනත් බොරු ගොතමින් සිටී.