කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඉකුත් ද ගිවිසුමට අත්සත් තැබිණි. ගිවිසුමට අනුව කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 45.26ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 6.9ක) ණය සහනයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
 
ගිවිසුම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග සහ ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය එක්සිම් (අපනයන ආනයන) බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ ඬේවිඞ් රස්කුවින්හා යන මහත්වරු අත්සන් තැබූහ. ගිවිසුමට අත්සන් තැබුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය. 
 
කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 වසරේ ජූලි මාසයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේ ඉන්දියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් එම ගිවිසුමට අත්සන් තැබිණි.
 
(055)