(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී පැවසීය.
මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසුවේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 49 (1) ‘අ’ සහ ‘ආ’ වගන්ති අනුව ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ සංශෝධනයට යටත් බවත් ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් විය යුතු බවත්ය.
2021 වසර දක්වා තමන්ට ජනාධිපතිධුරය දැරීමට බාධාවක් ඇද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීමට කළ ඇයැදුම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතාද මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාද එසේ කරුණු දක්වමින් පැවසූහ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම ඇයැදුම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත‍්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලදී.
ඒ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරී මස 08 ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අතර 2015 ජනවාරී මස 09 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් බවයි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දී ඇත්තේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට පෙර යයිද ඔහු කියා සිටියේය.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධුරයට පත්වන පුද්ගලයෙකුට වසර 06 ක කාලයක් සිය ධුරයේ කටයුතු කළ හැකියාව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමෙන් පසු අවස්ථාවකදී එම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ බවත් දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරුණු පිළිබඳව සලකා බලන විට, ජනාධිපතිවරයාට 2021 දක්වා සය අවුරුදු කාලය එම පදවිය දැරීමට හැකි බව වැටහෙනවා..
ඕක ඉතින් නීති විශාරදයින්ට රණ්ඩු කරගන්න දෙයක් නෙවෙයිනේ
2015 ජනවාරි 09 දින ජනාධිපති ධූරයට පත්වන විට සීමා රහිත වාරගණනක් ජනාධිපති වීමටත්, ඒ සදහා අසීමිතව ජනාධිපතිවරණවලට තරග කිරීමටත් අවස්ථාව හිමි වන ලෙස නීතිය පැනවී තිබුණි.(18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්) එම නීතිය 2015 ජනවාරි මස 09 දින වන විටත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාටත් වලංගුව තිබුණි. ඒ අනුව 2015 ජනවාරි 09 දින ධූරයට පත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට අසීමිත වාරගණනක් ජනාධිපති ධූරයට පත් වීමට අවස්ථාව තිබූ පැරණි නීතිය වලංගුතාවයක්ද පැන නගින්නේ යම් හෙයකින්ද එයම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාටත් නිරායාසයෙන්ම වලංගු වන බව පැහැදිලි නිසා විසදාගත යුතු වැදගත් නීතිමය ප්‍රශ්නයකි.
මේ රටේ ප්‍රශ්නය තමා බොරුවට වාද කර කර ඇත්ත ප්‍රශ්න යට ගැසීම.
ගේ මතය මෛත්‍රී මැතිතුමාට 2026 දක්වා දිගටම ජනපති ධූරයේ ඉන්න පුළුවන්.
49 (1) ‘අ’ සහ ‘ආ’ කියන්නේ දුරය දරන කාලයේදී සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට යටත්ව එම ධූර දැරිය යුතු වන්නේය කියල මිසක් දුරය අවසන් කිරීමේදී නව සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට යටත්ව දුරය අවසන් කල යුතු බව නොවේ.
නීතියක් ඇතත් නැතත් මෛත‍්‍රීපාල ජනපතිතුමා චාම් පුද්ගලයෙක්. මෙතුමම හිටපුදෙන් තව අවුරුදු දහයක් පහලවක්.
ඇයි දැන් එක පාරක් විතරය් ඉල්ලනේ කියල ආව කෙනාට රහ වැටිලා වගේ. ඔහොම යන. තව අවුරුද්දක් විතර ගිහින් 19 අවලංගු කරලා පරණ විදියට යන්න හිතේවි. චන්දෙ දෙන හරකුන්ට ඕව හොඳයි
අනේ මෙහෙම තණ්හාවක්.
2015 කිව්වෙ මම එකවරයි ඉන්නෙ. එ්කත් අවුරැදු 5 යි. කියල. දැන් අැයි නීතිය මගින් තව ඉන්න බලන්නෙ. හරි සරලයි.
පසුගියකලේ පම්පෝරි ගැහැව්වා ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට තමන්ගේ ජනාදිපති දුර කාලය අවුරුදු 4 දක්වා අඩුකරන්න තමන්ම යෝජනකලා කියලා. නමුත් අනෙක් අය බලකිරීමට අවුරුදු 5 ට එකගවුණා කියලා . දැන් මොකද මේ 6 ක් ඉන්න දගලන්නේ ?
කතා කරන කොට නම් නම් සුවඳ රත්නලා. වැඩ නම් ගඳේ බැහැ.
නීති විශාරදයින් කරුණාකරලා මේ සරල දේට උත්තර දෙනවද ? කොහේ හෝ කැලයක් තියෙනවා කියමු, මේක අද වෙනකන් මිනිස්සු දර ටිකක් හොයාගන්න යනවා මලපහ කරන්න යනවා නොයෙක් දේට පාවිච්චි කරනවා කාගෙන්වත් තහංචියක් නෑ. අපි හිතමු අද සිට මේක දැඩි රක්ෂිතයක් කරනවා. දැන් මිනිස්සුන්ට බලපාන්නේ ඊයේ නීතියද අද බලසම්පන්න කරපු අලුත් නීතියද? හැබැයි එකම කැලේ , නීතියයි වෙනස් වුනේ.
ඉල්ලුවේ බලය කපනෙමි තටු ජනපතිගේ..... දුන්නා බලය බලමින් තටු කපනා හැටි ජනපතිගේ.... දැන් දැන් නියපොතු කැපිල්ලත් අමතකමය ජනපතිගේ..... නිසාචරය උණු මම වැටුනෙමි දවල් වලේ.....
ගරු විනිසුරු මඩුලලෙන් අවසර. ජයන්ත ජයසූරියට අනුව 2015 ජනවාරි 9 වන දින දිව්රුම් දෙන විට 18 සංශෝදනය බලාත්මක බැවින් වර්තමාන ජනාධිපතිට යාවජීව ජනාධිපති වියහැක බවටද තර්කයක් ගෙනඒමට පුලුවන් බව මගේ විශ්වාසයයි.
අපේ සරල ජනාධිපතිතුමා පොළොන්නරුවේ ගොවි රජා 2026 වෙනතුරු ජනාධිපති.
අපි ඡන්දය දෙන විට දුර කාලයක් ගැන අවබෝදයක් අපිට තිබුනේ නැති බැවින්ද අපිට දැන් මේ පත්වීම සුදුසු නැතිබව වැටහෙන නිසද එතුමාට හෙටම දුරයෙන් ඉවත් වීමට සුදුසු බව අපි තීරණය කරමු මේකට නීති විශාරදයන් අවශ්‍ය නැහැ
එක වචනයක් නැති නායකයන්ගෙන් රටට සහ ජනතාවට බලාපොරොත්තු විය හැකි මොනවද ?
ජනාදිපතිතුමා 2021 න පසුවත් හිටියාට කමක් නෑ. එතිමා හොරෙක් හෝ මිනිමරුවෙක් නොවේ. රටට වැඩදායි මහතෙක්.
ජනපති යටත් වෙන්න ඕනේ තියෙන ආණ්ඩු ක්‍රමේට මිසක් තිබුන එකකට නෙවෙඉ ... ගොනා හැරෙන්නේ මොකටද කියල බලන්න වෙනවා .
දැන් ඔක්කොම එකයි නේද ?
ජනාධිපතිතුමා අත්සන් තැබුවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නම් ඒ අනුව තර්කයක් නැත වසර 6 යි. 19 වන ව්‍යවස්ථාවට අනුව නම් වසර 5 යි. එමනිසා වර්තමාන ජනාධිපති තුමාගේ ධූර කාලය වසර 6 ක් වේ. නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතීතයට, වර්තමානයට, අනාගතයට, බලපාන ක්‍රියාත්මක වන පරිදි සම්මත වී ඇත්නම් වසර 5 යි.