(චන්ද්‍රසිරි ගුණසේකර)
‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය.
‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ යැයි ජනපති එහිදී කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔපරේශන් 2 මිෂන් ඉම්පොසිබල් වෙයිද?
එයාපොර්ට් වහල හොරු ඇල්ලුවා වගේද ?
මොන දේ කරලා හරි අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මංකොල්ල කාපු සල්ලි ටික නැවත අරගෙන නැවත මේ වගේ දේවල් නැවත නොකරන නීති ගෙනෙන්න ජනාධිපතිතුමනි. මොවුන්ට දේශපාලන රැකවරණ දෙන්නත් එපා. පුලුවන්නම් මිහින්ලංකා, එයාර්ලංකා, හෙජින් ගනුදෙනුව, 2008 -2014 කාලයේ සිදුවුණු මහා බැංකු ගනුදෙනු පිලිබදවත් සොයා බලා නිසි දඩුවම් දෙන්න .
ගොඩක්ම හොදයි. හැබැයි මහත්තයෝ පළාත් පාලන චන්දයෙන් පස්සේ මේ දේවල් අමතක කරනවා එහෙම නෙවෙයි.
අර සිල් රෙදි හොරුන්ට දඩුවම් දුන්න වගේද ?
සද්දේ විතරයි
ජයවේවා ! නීතිගරුක ජනතාවගේ සුභ පැතුම් ඔබතුමාට හිමිවෙනවා නිසැකය.
ජනාධිපතිතුමනි ඔබට ජය ශ්‍රී, බණ්ඩාරනායක මහත්තයාට වගේ ඔබටත් සතුරෝ ඇතිවන එක නියතයි, ඒ නිසා ඔබගේ ආරක්ෂාව ගැන ඉතා සැලකිලිමත් වෙන්න,
ගෞරවයෙන් ආචාර කරමි. අවස්ථාවාදී සුලු පිරිසකගේ පටු, පවිටු කාර්යයන් පසෙකලා, පොදු දේපල රැකගන්න, රැකදෙන්න. හෙට විශ්‍රාම ගියත්, නිරවුල් මනසකින් විශ්‍රාම සුවය විඳින්න පුළුවන් ඔබතුමාට එසේ නොවේවා! සම්මා සම්බුදු සරණයි!!.
ඇයි දෙයියනේ මෙච්චර කල් හිටියෙ ඕක කරන්න. උද්වේගකර පුවතක්.
ඔබතුමාට තව කල් ඕනද? දැන් ඕනේ ප්‍රතිපල කතා ඇති .... චන්දෙට කට්ටිය අන්දනවද මන්දා...,
කකුල් දෙපැත්තේ තියාගෙන ගමන් යන්න බැරිබව සියලුම දෙනා පිළිගත යුතුයි. මෙවර මැතිවරණයේදී රත්නපුර ප්‍රදේශයේ දේශපාලකයෙක් පක්ෂ දෙකක අපේක්ෂකයන්ගේ දැන්වීම් මුද්‍රණ කටයුතු කරවා දෙන අතර සියලුම වියදම් කරනු ලබන්නේ මෙම දේශපාලකයා විසිනි.අපේක්ෂක ලැයිස්තු දෙකම මොහුගේ අනුමැතියට යටත්ව ඉදිරිපත්කර ඇත.
කොන්ඩෙ බැඳපු චීන්නු අපේ ගංවල නෑ මහත්තයො. කියන හොරු නම් එහා ගමේ රැස්වීමේ යහතින් ඉන්නේ
රටේ දුප්පත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ බඩු මිල කොහොමද එදා වේල කන්නේ කොහොමද කියලා.
ඔට්ටුයි ප්‍රතිපල ඡන්දෙන් පස්සේ.
ඔබතුමා ජනාධිපතිවරණයෙන් පැරදුන නම් අඩි හයක් යට යවන්න හිටපු කට්ටිය පිළබඳව ඔපරේසන් III අරඹන්නේ නැද්ද?
ශ්‍රී. ල. නි. ප. යේ මහා හොරුන්ටත් ඕක අදාලද ? නැත්නම් ඕකත් ඔබ තුමාගේ බොරු ෂෝ එකක්ද?
තම ඉතින් ඇඟට දැනෙන යමක් උනේ නැහැ.
කියන විදියට වෙනවානම් හොදයි ජනතාවට ජය .ඔබට ජය ජනාදිපති තුමනි
අශ්වයා පැනල ගිහිල්ල ඉවරයි ජනාදිපති තුමෝ .හැබැයි චන්දෙ ගන්න නම් ඔය කතාව හොදයි
එතකොට විල්පත්තු, රුසියන් නැවු, කටාර් සල්ලි..මේවා ගැන ඔපරේෂන් නැද්ද?
කිය කියා ඉන්නේ නැතුව වැඩේ කරන්න.
අන්තිමේ ඉතින් ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ප්‍රශ්න විසඳනවා වෙනුවට, ප්‍රශ්න එක්ක සෙල්ලම් කරනවා කියල තමයි අපිට නම් පෙනෙන්නේ. බැරි සිල් නොගනින් අබරෝ කිව්වලු.
හොරුන්ට විතරක් මදි. උන්ට තනතුරු දීල , උන්ව ආරක්ෂා කරපු එවුන්ටත් දඬුවම් දිය යුතුයි.
ජනදිපතිතුමනි ඔබතුමා මේ හොරුන්ට දඩුවම් දෙන්න එතකොට තමඊ ඔබට චන්දය දීපුආය්ට සදරනය්ක් වන්නේ
අන්න එහෙම එන්ඩකෝ ලොක්කා දෙන්නම් බොක්කෙන්ම ..... පහු ගිය කලේ ඒවාත් එද්දනම් නයගන්න ඕනේ නේ අයෙත් .
අනේ ඉතින් මට නම් හිනාව නවත්තගන්නත් බැරි වුනා මේ කතාව අහලා.
අපි මෙච්චරම මෝඩයෝ කියලා හිතන එක වැරදි
ඔබ තුමා කැබිනට් එකේ සිටිය වකවානුවේ රටම සුරා කාපු ඒවාට ඔපරේෂන් 3 ද ක්‍රියාත්මක වෙන්නේ ? ඒක පොරොන්දු වුනේ බලයට එන්න ඉස්සෙල්ල චන්දය ගන්න . දැන් ලග එන චන්ද ඔපරේෂන් ඒක .හොරු ටික නිදැල්ලේ . පක්ෂය දිනවන්න ,එහෙම නේද ? ජයවේවා !
කව්ද සර් හොරු පුළුවන්නන් දඩුවන් දෙන්න අල්ලපු හොරුන්ට
මේ සැරේ මමත් JVP එකට චන්දෙ දෙන්න හිටියේ . දැන්නම් මෛත්‍රීට තමා දෙන්න ඉතුරුවෙලා ඉන්නේ. අඩු ගනනේ hydro ප්‍රොජෙක්ට් එකක් වත් ඉවරකලා. මහින්දගේ සහචරයෝ කොමිස් ගහල රට බංකලොත් කලා. රනිල් දැනදැනම මහා බැංකුවට කෙලින්න ඉඩ දුන්න.නය බේරන්න කියල රටේ සම්පත් විකුනනවා. දැන් JVP එක රටේ ප්‍රගතිය නැතිකරන්න වැඩවර්ජනයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝයි උසිගන්නනවා. ඉතින් මේ අයගෙන් කවුද වඩා හොඳ කියල හිතාගන්න පුළුවන් අපට.
හොඳ තීරණයක්. නමුත් හොරුන්ට දඩුවම් කරන එක අධිකරණයට බලය සහිතව බාර දීල ඔබතුම රට දුයුණු කරනවානම්, රටේ තියෙන වැදගත් ප්‍රශ්න වලට විසදුම් හොයනවනම් තමා හොද දෙයක්. එය තමා ජනාදිපතිවරයකුගේ රාජකාරිය. ඔබතුමා නඩු අහන්න ගියොත් ඔබතුමාගේ වැඩ කරන්න කව්ද. අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. තමන්ගේ ප්‍රධාන රාජකාරිය අමතක කරලා වෙන වැඩ කරන්න යනවා.
හොරුන්ව පත් කරේ අපි වගේ නිකන් අපිට කියන්නෙ...
හිටපු හොරු රැලේ නඩු ඉස්සෙල්ලා අහලා ඉන්නවනම් නේද හොඳ. අරයව ඇමරිකාවට යවලා ඔහුව රකින ඔබත් හොරෙක් නේද?
හැබැයි ඉතින් මීට කලින් මහා පරිමාණ හොර වංචා සම්බන්ධව සම්පුර්ණ කරපු වාර්තා 34 හංගගෙන බොරුවට ඡන්ද වාසි තකා මහා බැංකුව ගැන විතරක් කතා කලාට වැඩක් නැ, ඔය උනන්දුව අනිත් වංචා ගැන ක්‍රියා කිරීමටත් තිබිය යුතුයි .
ඔබතුමාට හොද අනාගතයක් ජනතා කැමැත්තත් ලැබේවි
අනේ මාර ඔපරේෂන් කාරයා?එයාපෝර්ට් වහල හොරු අල්ලනව කිව්වට අද යූ එන් පී කාරයො පස්සෙ එලවනව.එදා හොරු අමතක කරල මෙදා හොරු පස්සෙ පනන්නෙ කාපු පතේ පහරනවට.
ඔයා කොචර ලොකු කතා කිවත් අපි ඔයාට දෙනෙත් නැ අලියට දෙනෙත් නැ .. අපි ඔය කතා වලට රැවටුන හොදටම ඇති. අපි මහින්ද මහතා කරපු වැඩ ඇස්දෙකෙන් දැක කන් දෙකෙන් ඇහුවා. ඔයාල නිකන් කතා විතරයි. කරපු වැඩක් නැ. ඔය පිට රටවල් ඉදන් කොම්මෙන්ට් කරන යට කියන තියනේ ලංකාවට ඇවිත් බලන්න දැන් මොකද මෙ අපේ ලංකවට වෙලා තියනේ කියල.
මෛතීපල හොරු ඇල්ලුවා වගේ..
දඬුවම් දෙනවා කියල ආපු, තමන්ගේම පක්ෂේ උන්ගේ හොරකම් ගැන කිසි කතාවක් නෑ. දැන් අවුරුදු 3ක් උනා. බැංකු කොල්ලය ගැන විතරක් කතා කරනවා. ශ්‍රී ලන්කන්, මිහින් එයාර්, සුනාමි ගිණුම, බොහොමයක් ඇමැතිලාගේ වත්කම් නඩු, මේ තියෙන්නේ කරනවානම් වැඩ. නිකම් දේශපාලන වාසි ගන්න බොරු සංදර්ශන නැතුව, කරනවානම් අවංකව හරියට කරන්න. අර රුසියන් නැව ගැනත් කමුටිවක් පත් කරන්න.
ඔපරේෂන් 2 "මිෂන් ඉම්පොසිබල්" වෙන්න දෙන්න එපා මැතිදුනි.
පළමු බැඳුන්කර මංකොල්ල කලේ බලයට අැවිත් දින පනහක් අැතුලත 2015 පෙබරවාරි 27 වන දිනය්. ඩිව් ගුණසේකර බැඳුන්කරේ පිළිඹඳ 'cope' කමිටුවෙ වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොරන්න තිබුනෙ 2015 අගෝස්තු වලයි. එදා ඒ වාර්ථාව ඉදිරිපත් කොරන්න ඉඩ දීල ඒ අනුව බ්‍රයිබරි කොමිෂනියර්ට සහ AG ට ක්‍රියාත්මක වෙන්න කියල ජනධිපති උපදෙස් දුන්නා නම් හොර අල්ලන්නෙ එදයි. වඩා විශාල දෙවෙනි බොන්ඩ් හොරකම නවත්ත ගන්න තිබුනා. එදා අගමැති බේරන්න සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවල හොරු අල්ලිල්ල බකල් කලා. පහු වෙලා හරි කොමිසමක් දාල හොරු අල්ලන්න ක්‍රියාත්මක වෙන එක ගැන අපි සිරිසේන ජනපතිට (චන්දෙ දෙන්න නෙවෙය්) ස්තුති වන්ත විය යුතුයි.
ඔය ඔපරේෂන් එක කරන්න තිබුනේ දැනට අවරුදු 2 1/2 - 3 කට විතර ඉස්සෙල්ල.............. දැන් පිළිකාව ඔඩු දුවල ලෙඩා මරනසන්න වෙලා ,
ජනාධිපති තුමා ශ්‍රී ලංකා කාරයෙක් කියා චෝදනා කරන මිනිස්සු ජනාධිපත් දිහා හැමතිස්ස්සේම බැලුවේ පක්ෂ පාට කන්නාඩි දාගෙන. එතකොට ජනාධිපතිටත් සිදුවෙනවා නිල් පාට කන්නාඩියක් දාගෙන මේ ගොල්ල දිහා බලන්න.
ලක්ෂ 80 ඔරලෝසු , ලක්ෂ 60 ඉනට දින පටි , ලක්ෂ ගණන් වටිනා සබත්තු , ගත්ත විදිත් ලංකා ඉ නිවිස් වල තියෙනවා ඒවාත් සේයන්න කියලා ඒ අයට උපදෙස් දුන්නද .?
බැංකු හොරු හිරේ යවන්නම් ඕනේ - එත් අනිත් හොරු ආරක්ෂා කරන එක වරදියි - (ඔයාගේ බොරු වලට අපි රැවටෙන්නේ නැහැ).
සම්පුර්ණ කරපු පරණ පිල් 34 කෝ ඉස්සෙල්ලා ඒවා අවසන් කරන්න එකට තමයි 62 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ..
මෙයාගේ "ඔපරේෂන් 2" කියන්නේ " ඔපරේෂන් පළාත් පාලන මැතිවරණය " ට ,ඡන්දෙන් පස්සේ එකත් 2015 දී එයාපොර්ට් වහල හොරු අල්ලපු " .ඔපරේෂන් යහපාලන " වගේ තමයි .
මේ නිවට ද්‍රෝහී පාලකයා කියන්නේ සහ කරන්නේ බොරුවයි. රටේ යහපතට දෙයක් කරන්නේ නැත. කරන්නේ වෛරය නම් කිසිසේත් නොගැලපේ. මෙවැනි කුහකයින් පලවා හැරිය යුතුයි. මෙයාට කොන්දක් තියෙනවා නම් රනිල්ව ඉවත් කල යුතුයි. එසේ නොකරන්නේ රනිල්ලා සමග කුමන්ත්‍රණ කරපු නිසායි. අඩු ගානේ සිංගප්පූර් පුරවැසි අර්ජුනට මහා බැංකුවේ අධිපතිකම දෙන වෙලාවේ නතර කරන්න තිබුණා. එය කලාද? රට බේරාගත් නායකයින් සහ රණවිරුවන් විනාශ කරන්න ඕනෑම පහත් නින්දිත ඕනෑම දෙයක් කරන බව නම් පේනවා.
බැංකු හොරු හිරේ යවන්න තබා ඒ අයට විරුද්ධව තවම උසාවියේ නඩුවක් වත් පවරලා තිබෙනවද? ඒ කවුරුවත් රිමාන්ඩ් කරලා තියෙනවද? බොරුවට ඔය රිබන් පටි වලින් ගැටගහපු පොත් පෙන්නුවට මෙදා පාරනම් අපි රැවටෙන්නේ නැහැ.. ගියපාර මෛත්‍රී පාලනය නමැති පොත් පිංචක් පෙන්නලා අපිව මුලා කළාට මේ පාරනම් ඔය පොත් පෙරලීමෙන් වැඩක් නැත. පුළුවන් නම් ඡන්දෙට කලින් ඔය මහේන්ද්‍රන්ව සහ ඔහුගේ බෑනාව රිමාන්ඩ් කරලා පෙන්වනවද?
තවත් නම් අපිව රවටන්න හිතන්න එපා.. මුලින් රැවටුනා රටටම කල විනාශය ඇති...
එක් අයෙක් තමුන්ගේ 7500ක වැටුප කලින් ආණ්ඩුවේදී නොදුන් බව පවසනවා. නමුත් දැන් සිරිසේන මහත්තයාගේ කාලේ බිලියනපතියෙක්ලු..