‘උමා ඔය ප්රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා‘ - හරීන් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද(29) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 June 2017
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම් වෙයි උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද(28) උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත. 28 June 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති කබීර් හෂීම් මහතා කියයි. 27 June 2017
මිල කළ නොහැකි රන් අබරණ තොගයක් රේගුවේදී අත්අඩංගුවට වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ බණ්ඩාරගම ව්‍යාපාරිකයෙන් ගුවන්තොටුපොළ රේගුවෙන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය. 27 June 2017
ඕස්ට්‍රේලියා ගිය අනවසර සංක්‍රමණිකයන් 20ක් ආපසු ලංකාවට එවති බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්රමණයවී සිටි ශ්‍රී ලාංකිකයින් 20කට ආසන්න පිරිසක් අද(26) යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘‘ ද ඕස්ටේ්රලියන් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය. 26 June 2017
මහ දවල් ලක්ෂ 80ක් කොල්ලකති ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 80 ට ආසන්න මුදල් වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී අද (26) දහවල් රාගම කඩවත පාරේදී පිරිසක් විසින් එම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලිසිය කියයි. 26 June 2017
තවත් වෛද්‍ය සිසුවෙක් අත්අඩංගුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදි එහි දේපළ වලට පහර දි අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ශිෂ්‍ය නායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 June 2017
විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇත. 25 June 2017
ටිපර්-ත්‍රීරෝද රථ අනතුරෙන් තුනක් මරුට කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හුංගම පොලිසිය කියයි. 25 June 2017
දොස්තර වර්ජනය අවසන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි 24 June 2017
මවත් දරු දෙදෙනාත් කපා කොටා දැමීමෙන් දියණිය මියයයි කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මියගොස් මව සහ අනෙක් දැරිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. 24 June 2017
සයිටම් විරෝධී සිසුහු වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහර දෙති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. 23 June 2017
රජිව් ඝාතන සැකකරු මැරෙන්න අවසර ඉල්ලයි ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රොබට් පයාස් නැමති චූදිත එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමන්ට මරණයට පත් වීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් එරට බන්ධනාගාර බලධාරීන් ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. 23 June 2017
වෛද්‍ය වර්ජනය නතර කරන්න පස්වරු 3 වන තුරුත් තීරණයක් නෑ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල රෝගී සත්කාර සේවා බිඳවැටී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 23 June 2017
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය අද(23) නියෝග කළාය. 23 June 2017
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය. 23 June 2017
සයිටම් නිසා වෛද්‍යවරු ගහ ගනිති සයිටම් අර්බුදය නිමා කරමු මැයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් පහර කෑමට ලක්වූ එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 22 June 2017
‘වෛද්‍ය වර්ජනය ගැන රජය මෙතෙක් නොගත් ක්‍රියාමාර්ග ගන්නවා‘ - රාජිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් මෙතෙක් කල් නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 22 June 2017
වෛද්‍ය වර්ජනය අඛණ්ඩවම සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ(21) කළ පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම සංගමය පවසයි. 22 June 2017
උදෑසන අටේ සිට වෛද්‍යවරු වැඩ වරති සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි. 21 June 2017
සිසු විරෝධතාව විසිරුවද්දී 87කට තුවාල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි කියයි. 21 June 2017
ඥානසාර හිමිට නඩු තුනෙන්ම ඇප බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවැති තවත් නඩුවකදී ඒ හිමියන් රුපියල් 10000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 June 2017
ඥානසාර හිමිට යළිත් ඇප සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය. 21 June 2017
ඥානසාර හිමි අත්අඩංගුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ බව එහි ආරංචි පවසයි. 21 June 2017
ඥානසාර හිමිට ඇප කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 21 June 2017
ඥානසාර හිමියෝ උසාවියට බාරවෙති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බාර වූහ. 21 June 2017
දූෂණ සෙවූ කමිටුවට නඩු දමන්න යයි දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කළ ත්‍රිපුද්ගල කමිටුව තමා සම්බන්ධයෙන් පදනම් විරහිත සාවධ්‍ය චෝදනා හා කරුණු ඇතුළත් කරමින් වාර්තාව සකස් කර ඇති බවත් මෙම කමිටුවට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවත් උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් මහතා සදහන් කළේය. 20 June 2017
ආපදා පෙදෙස්වල සිසුන්ට සරසවි යන්න වරම් හතරක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස්වල උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළත් විම සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථා 4ක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 20 June 2017
ඩෙංගු ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව කල් තැබේ පාර්ලිමේන්තු සභා ගැබේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද(20) පස්වරු 1.50ට කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය. 20 June 2017
පෝද්දල ජයන්තගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක් පසුගිය රජය සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම ගැන විමර්ශනයක් ඉල්ලා මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. 20 June 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026