(අමල් වික්‍රමරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්‍රබලව පක්‍ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්‍ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. අද (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත.
එම තීරණයට අදාළ සියලු කටයුතු ලබන ජනවාරි 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ මහා සභා රැස්වීමේදී දැනුම්දීමට අද පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.
මෙම රැස්වීම පොදුජන එක්සත් පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය වටේට ඉන්න අයද රටේ පාලනයට නැවතත් අත ගහන්න බලාපොරෝත්තු වෙන්නේ? රත්තරන් ටිකට තියෙයි.
තව සැරයක් නම්, එපෝ... හිටපු කලේ කරපු පව් අපි තාමත් ගෙවනවෝ....
ජනාධිපතිතුමනි, ශ්‍රීලනිපෙ ඉඳගෙන වෙනත් පක්ෂවල ප්‍රචාරක කටයුතු කරන ශ්‍රීලනිප පාක්ෂිකයන්, පක්ෂෙන් නෙරපනවා කියලා, කිව්වනේ.. පුලුවන්නම් කරලා පෙන්වන්න. මගුල් ගෙවල්, මල ගෙවල්, විවෘත්ත කිරීම් උත්සව වලදී කතා පවත්වන කොට කියන්න ලේසි වුණාට කරන්න තමා අමාරුයි.
මහින්ද මහතා උපයාගත් හොද හා නරක බොහෝයි. කෙසේවෙතත් යුද්ධය යන මාත්‍ෘකාවෙදි ඔහු සාර්තකයි. එයටද බල පෑ වෙනත් සාදක තිබුනා. ආර්ථික සැලසුම් නිල්. කිසිදු දැක්මක් නොමැති ජනප්‍රිය මාත්‍ෘකා පමනයි. ණය ගන්න හොදයි, ආයොජනය බැහැ. පරිපාලනය තමන්ට හිතති අයට පමනක් හිතකරයි.
මේකත් ලොකු ටෝක් එකක් , මහජනතාව රවටන්න , දූෂිත යුගයක් නැවත එපා . පසුගිය වකවානුවෙයි මේ යුගයෙය් කේරුණු දුෂිත ක්‍රියාවලට දඩුවම් දුන්නනම් හොදටම ඇති . ඊට පස්සේ ක්‍රමයෙන් කතිරය ගහන්න ඕන රටට ආදරය කරන හොද පුරවැසියන්ට . නැතිනම් මුදලාලිලාට නෙමේ .
පොදුජන පෙරමුණ සන්ධානයක... "හොරුත් සමග හොරු" අලුත් සන්ධානයනේ... ජය වේවා!!!
මෛත්‍රිපාල මැතිතුමනි. මහින්ද මහතා පක්ෂයෙන් නෙරපන්නද? නැතිනම් එතුමාට පක්ෂය දාලා ඔබතුමා ගෙදර යන්න. අපිට ඕනෑ කොන්දක් තියන නායකයෙක්. ඔබතුමාට තීරණ ගැනීමේ හැකියාව ලැබේවා.!!!
බුදු අම්මෝ පක්ෂ 20 ක් ඇහුවමත් බය හිතෙනවා .....
බුදු අම්මෝ පක්ෂ 20 ක් ඇහුවමත් බය හිතෙනවා .....
නාමල් බේබි ලංකාවේ රජ කරන්න කට්ටියට පුදුම අමාරුවක් තියෙන්නේ ....
මෙදා පාර අලියා රට පුරාම දිනනවා...
සටන ගහන්නේ යන එන මන් නැති පූසන් එක්ක නම් පලක් වෙන්නේ නැහැ.
ඔබතුමාට ජය නියතයි,.. අප ඔබ සමගයි.
හොර නඩේ... මේ ඉන්න හොර නඩේ කවුද? අනේ කාලේ වනේ වාසේ...
මේ ෆොටෝ එක දකින කොට එකපාරටම මතක් වුණේ හොරු සමග හෙළුවෙන් ...
කවුරු ආවත් වැඩක් නැහැ... රට විකුණලා විල්පත්තුව කපලා...
සංධානය කිව්වත් නම විතරයි වෙනස් වෙන්නේ... ඉන්නේ මේ ත්‍රීවීල් පක්ෂ කට්ටියම තමයි.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? ඇයි මේ ඡන්දෙට පෙර එකතු වුනේ නැත්තේ. ලෝක හොරු... ඔප්පු කරන්න පුළුවන් වෙන්න නොවෙයි ඉතා සැලසුම් සහගතවයි එදා ගොඩ ලොකු කර ගත්තේ.... සහ තවමත් මාන බලන්නේ.
රවී, මලික් මහත්වරුත් එකතුවෙනවා නියතයි.. ජයවේවා !!!
අදහස ගැලපෙන්නේ නැහැ. යූ.එන්.පී ය එතන නැති නිසා ඔබතුමාගේ බඩට දැනෙන්න යමක් කලේ කවුද... ඒ පිරිසත් එකතු කල යුතුයි.
අායේ නම් එපා, එවැනි යුගයක් ..
ගෙයක් බිඳින්න යන හොරා ඉස්සෙල්ලා දාන්නේ ඔළුව නොවෙයි මුට්ටිය. හිටපු ලොක්කගේ ඔළුවත් එකයි මුට්ටියත් එකයි වගේ හින්දා ජනතාවට නම් කාරි නැහැ. ගේ හිමියාගේ පොලු පාර මුට්ටියට වදිනවද, නැත්නම් ඔලු ගෙඩියටම වදිනවද කියන එක. තමන්ට බලය තියෙන කාලයේත් ඔලුව පාවිච්චි කරන්නේ නැතිව මුට්ටිය දාල බලන සංකල්පය (මහින්ද චින්තනය) ක්‍රියාත්මක කරන්න ගිහින් ජනවාරි 8 වෙනිදා පොලුපාරක් කෑවා. පෙරමුණ පිහිටවූවාට මහින්ද එක් වරම ශ්‍රීලනිපය හැරදාලා නොගියේ හිටපු පක්ෂයෙන් විනය තීරණයක් ගනීවිද කියලා බියක් තිබුණු නිසා. දැන් ඉතින් කොහොමටත් විකල්පයක් නැති නිසා ඔහොම යන්!
ජරාජීර්ණ වී ඇති අපගේ මේ දේශය යළි ගොඩගන්න නම් සොඳුරු ආඥා දායකයෙකුගේ ආගමනය අනිවාර්ය සාධකයකි. {සොඳුරු යන වචනයේ අදහස ගැඹුරුය.}
නිදහස් පක්ෂයේ ඉරණම තීරණය කරන්නේ නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන අය මිසක්, මෙතන අදහස් දාන ජවිපෙ, එජාප කට්ටිය නෙමේ !
අනේ දෙවියනේ මේ අය නම් ආයේ කවදාවත් බලයට එන්න ඉඩ තියන්න එපා බුද්දිමත් ජනතාවනේ. ඒ අයට හම්බ කලා ඇතිවෙන්න. දැන් විවේක ගන්න ඕන කාලේ නේද උතුරන්න සල්ලි තියෙන එකේ...
කෙක්කෙන් හරි කොක්කෙන් හරි එන්න හදන පරාජිත හිටපු ජනාධිපති තමයි. මන්ත්‍රීතුමෝ, මේ රට ඔබලාගේ බූදලයක් නොවෙයි. අහිංසක, එදා වේල ගැට ගහගන්න වෙර දරන ජනතාවගේ සංවේදී බව උදුරාගෙන ඔවුන්ව නොමග හරින පාප කර්මය කරන්න එපා. ජනතාවට නිවහල් මනසින් වටහා ගන්න ඉඩදීලා ඔබගේ සප්ත මහා සාගරය බඳු වස්තුව දිහා බලාගෙන දැහමින්' සෙමෙන් කල් ගත කරන්න.
එතකොට අර නාම යෝජනා දෙන්න නම් ඒක දෙන කෙනා එක්ක බුදියා ගන්න ඕන කියපු එකට මොකද වෙන්නේ ඕවත් වැඩද? !!! මල්ලි... අපි කල වැඩ වලට කිව්වලු නේද? !!! නියම නායකයෝ නේද? මැරුණේ ඕනදෙයක් සත පහකට ගණන් ගන්නේ නැති නියම රට බෙර ගත්ත නායකයා !! ලෝකේ කොහෙද ඉන්නේ මේවගේ නායකයෝ ලෝකෙටම එකයි.
හා හා ඔබට වැරදිලා මේ ලොක්කා මුට්ටි දදා ඉන්න ජාතියේ කෙනෙක් නොවෙයි. හැබැයි හැමදාම පරාද වුන කට්ටිය 2015 දී පොදු අපේෂක කියන මුට්ටිය නම් දාලා බැලුවාය. එක හරිගියේ නැතිනම් 2015 අගෝස්තු ඡන්දයත් පරාදය.
මොන සන්ධානය ගහලා හරි කමක් නැහැ... එජාපය වලපල්ලට යවන්න මේ අය මේ අවුරුදු 3 ට රටට කරපු නස්පැත්තිය එල්.ටී.ටී. එකවත් කලේ නැත.
මට කියන්න තියෙන්නේ එකයි අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක් (බලයට කෑදරකමක්) මේ අපිට කරන්නද අපිට ආදරේටද නැ.තව තවත් මඩිය තර කරගන්න.ජනතාව බලාගෙන
තාම නො පිපුණු පොහොට්ටු සලකුණක් සහිත මෙතෙක් ලි/ප නොකළ දේශපාලන ව්‍යාපාරයකට ඇයි මේ කට්ටිය මෙතරම් බය?