(ඩයනා උදයංගනී)
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් නොලැබෙන ආයතනවල බලය පිහිටුවීම සඳහා වෙනත් කණ්ඩායමක් හා එක්වීමට සිදුවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය අනිවාර්යයෙන්ම එක්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ බව විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන්නේත් ශ්‍රීලනිපයේ කොටසක් බව කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්‍ෂය හා එක්විය යුතු නැතැයි ද සඳහන් කළේය.
මෙවර පක්‍ෂය කණ්ඩායම් දෙකක් ලෙස වෙන වෙනම තරග කළත් එම දෙපාර්ශවයට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය එක් කළ විට සියයට 55ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිවනු ඇතැයි කී අමාත්‍යවරයා එම දෙපාර්ශවයේම සිටින්නේ ප‍්‍රගතිශීලීන් බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ‘‘මැතිවරණය ජයග‍්‍රහණය කර බහුතරයක් ලබාගත නොහැකි වුවහොත් එජාපය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට සිදුවෙනවා නේද? එසේ වුවහොත් එක්වන්නේ කුමන කණ්ඩායම සමඟද?‘‘ යනුවෙන් මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
මැතිවරණය පැවැත්වෙන ක‍්‍රමය අනුව පළාත් පාලන ආයතන වලින් සියයට 90ක පමණ කිසිම පක්‍ෂයකට බහුතර බලයක් නොලැබෙනු ඇතැයි කී අමාත්‍යවරයා එවැනි අවස්ථාවල පක්‍ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හා එක්වීමට සිදුවන බව ද කීවේය.
ඉතිහාසය තුළ ප‍්‍රගතිශීලී කඳවුරු බෙදුණු සෑම අවස්ථාවකම ප‍්‍රතිගාමී කඳවුරට වාසියක් වුවත් මෙවර එසේ නොවනු ඇතැයි කියා තමා සිතන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕනෑ බලය…, බලයට ඕන කෙනෙක් එක්ක සෙට් වෙනවා. ගැරඬින්ටත් ඕන සර්පයෙක් එක් වෙනවාලු. ගැරඬි මාර්ක් කට්ටිය තමයි ..
ඔය කියන ප්‍රගතිශීලි, ප්‍රතිගාමී කියන කඳවුරු දෙක බෙදුවේ කවුද?
හොරු සමග හෙලුවෙන්. ලංකාවේ මිනිස්සු රැවටෙන එකේ සීමාවක් නැහැ. ඒකට හේතුව අපේ කට්ටිය රට ගැන නොසිතීම සහ පක්ෂ පස්සෙ යෑම. එයින් සිදු වන්නේ හොර දේශපාලකයන් හැමදාමත් ගොඩ යන එක. මිනිස්සු රට ගැන හිතන කාලෙක රට දියුණු වෙයි.
එතකොට බුලත් කොලේ? බුලත් කොලේ පඩික්කමේද?
අනිවාර්යයෙන් එකතු වෙන්න ඕනෑ... නැත්නම් දෙගොල්ලොම පරාදයි. අලි ටික උඩින්ම දිනුම්...
ඡන්දදායකයිනි, ඔබේ වටිනා ඡන්දය හොරුන්ට නම් දෙන්න එපා...
මේ ගොල්ලන්ට දිනන්න බැරි බව දැන්මම තේරිලා වගේ. ඉතින් ආණ්ඩුවෙන් අයින් වෙලා ආව නම් පොහොට්ටුවත් එක්ක යසඅගේට එකතු වෙලා මේ පළාත් පාලන ආයතනවල යූ.එන්.පී එක පරද්දලා ඒවායේ පාලන බලය ගන්න තිබුනනේ. මේ බයිලා කියලා ඇති වැඩේ මොකක්ද?
හොඳ අළුත් පුවතක් ... වාසනාවන් ශ්‍රී ලංකා..
අනේ මේ මොන මිනිස්සුද මන්ද?
ක්‍රමය නම් හොඳටම සක්සුදක් සේ පැහැදිළියි. අපි නියමෙට කරලා පෙන්වන්නම් මහත්වරුනේ...
දේශපාලකයින්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ රටේ ප්‍රශ්න කෙසේවෙතත් තම බලය සහ තම පවුලේ සහ හිතවතුන්ගේ අාදායම් මාර්ග ආරක්ෂා කරගැනීම බව පෙනේ. රටේ මිනිසුන්න්ගේ දැවෙන ප්‍රශ්න වන ජීවන වියදම ඉහල යාම, ප්‍රවාහන සහ මාර්ග තදබද පිළිබඳ ප්‍රශ්න, අධ්‍යාපන ක්‍රමයේ ඇති ගැටළු, පාසල් හැරයන සිසුන්ට නිසි වෘත්තීය පුහුණුවක් දී රැකියා ප්‍රශ්න විසඳීමට ක්‍රමයක් නැති වීම. නඩු කල් යෑමට නිසි පිළියමක දීමට අපහසු වීම නිසා ජනතාවට සිදුවන අපහසුතාවය වැලක් වීමට අපොහොසත් වීම, රටේ ව්‍යාපාරික සහ නිවාස ණය පොලී ඉහල යාම පාලනය කිරීමට අපොහොසත් වීම නිසා නිවාස ප්‍රශ්න සහ ආර්ථික වර්ධනය ඇණ හිටීම, රටේ ඇතිවන වර්ජන රැල්ලට විසඳුම් දී පාලනය කිරීමට අපොහොසත් වීම, එක එක නව කණ්ඩායම් සංධාන ඇති වුණත්, කණ්ඩායම්වල නායකයන් එකම පුද්ගලයන් බව පෙනේ. පසුගිය අවුරුදු 10 තුළ විසඳන්න බැරි වුණු ප්‍රශ්න අනාගතයේ දී මේ පුද්ගලයන්ට විසඳන්න පුළුවන් වේවිද? ඔවුන්ට එම ප්‍රශ්න විසඳීමට අවශ්‍යද කියන එක අප ඡන්දය දීමට පෙර හොඳින් සිතාබැලිය යුතුය.
ඔය බංකොලොත් කතාව කිව්වට වඩා හොඳයි දිය වන්නා ඔයට පැනලා දිවි නසා ගත්තා නම්. කොහෙද ඉතින් ඒකටත් ධෛර්යක් තියෙන්න එපායැ. බලයේ ඉන්න හැම ආණ්ඩුවකටම රිංගා ගන්න තියෙන හදිස්සියක් නැහැ. රටට වැඩක් කරලා තමන් නියෝජනය කරන පක්ෂයට ආකර්ෂණීය තත්වයක් ඇති කරලා දෙන්න. පැරදුණාම මුක්කු ගහන ක්‍රමය බංකොලොත් දේශපාලකයන්ගේ සිහිනයක් වුවත් ආත්ම ගෞරවයක් ඇති කිසිම පුරවැසියෙකුට ඔවැනි මනස්ගාත ඔළුවට එන්නේ නැහැ. " සටන් කර දිනමු, නැතිනම් ගෙදර යමු" වෙනුවට "පැරදුණත් බලයේ ඉමු" සිද්ධාන්තය ලොවට හඳුන්වා දුන්නේ අපේ බංකොලොත් දේශපාලනඥයෝයි.
එතකොට විනය පරීක්ෂණයට මොනවද වෙන්නේ?
ලෝකෙ කොහෙවත් මේවගේ විහිළු නැතුව ඇති. පොඩ්ඩක් හිතාබලන්න. UNP - SLFP දැනටමත් රජය වී හමාරයි . පොහොට්ටුව වෙනම ඉල්ලා ඡන්දය ඉවර වී SLFP එකතු වෙනවානම් එහි තේරුම UNP - SLFP - පොහොට්ටු ඔක්කොම එකම එක මහ පක්ෂයක් වනබව නොවේද ? මිනිසුන් ඡන්දය දීමෙන් පසු පාලකයන්ගේ ලාභ තකා මෙවැනි තීරණ ගැනීම කොතරම් සදාචාරාත්මකද ?
දෙපැත්තෙම ඉන්න ප්‍රගතිශීලින් ගැන ජනතාව දන්නවා..
අනේ මන්ද අපේ ගම්වල නම් කියන්නේ අතින් පොහොට්‍ටුව කඩලා අලියට දෝතින්ම පුජාකරාවි කියල !
"පාලකයන්ගේ ලාභ තකා මෙවැනි තීරණ ගැනීම කොතරම් සදාචාරාත්මකද..." වෙනුවට කිව යුත්තේ කොතරම් අශීලාචරද කියා.
මේ අයට පිස්සුද? එහෙම නැත්නම් රටේ ඉන්න මිනිස්සුන්ට පිස්සුද?
එක්වෙනවා නම් අපි මහින්ද මහත්තයටත් අපේ ඡන්දය දීමෙන් වැළකි සිටිනවා.
මුදල් වියදම් කරනවට වඩා ඉලෙක්ෂන් එකෙන් දිනන මන්ත්‍රීවරුන් බලාගන්න එක හොඳයි.