(විනීතා එම්. ගමගේ)
පුරාවස්තු විනාශ කරන්නන්ට නියම කරන දඩය රුපියල් විසි ලක්ෂයක් හෝ ඊටවඩා ඉහළ යන පරිදි පුරා විද්‍ය පනත සංශෝධනය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
දැනට පවතින නිතිය අනුව එවැනි අපරාධකරුවන්ට දඩුවම් ලෙස පැනවිය හැක්කේ රුපියල් 50000 ක දඩයක් හෝ දෙවසරක සිර දඩුවමකි.
පනත සංශෝධනය කිරීමේ දී දැනට පනතේ පවතින දඩය හෝ දඩුවම යන්න දඩය හා දඩුවම යනුවෙන් වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද වැඩ බලන පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා ලංකාදීපයට පැවසීය.
පුරා වස්තු විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ බලතල සහිත වැටලීම් ඒකකයක් ආරම්භ කිරීමටද විනාශ කරන ලද පුරා විද්‍යා ස්ථාන යළි ප්‍රතිනිර්මාණය කිරීමේ බලතලද පනතින් ලැබෙන පරිදි පහත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.
දැනට පවතින පුරා විද්‍යා ස්ථාන විනාශ කිරීම පිළිබඳ තොරතුරු ඇතොත් එහි වැටලීම සිදු කර අත් අඩංගුවට ගැනීම් සිදු කරන්නේ පොලීසිය විසිනි.
මේ වන විට සංශෝධන පිළිබඳ යෝජනා ඇත්තේ අමාත්‍යාංශ මට්ටමේ බවත් පනතට ඉක්මනින්ම සංශෝධන අවශ්‍ය වී ඇති බවත් මණ්ඩාවල මහතා තව දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණත් සංශෝධනය පමණක් ප්‍රමානවතත් වන්නේ නෑ ක්‍රියාත්මක නොවන තාක් කල් මේ මෑතකත් මම දැක්කා සාම්පුර් වල කර ඇති විනාෂයන් පණත් නම ඕනිවටත් වැඩියි
එහෙමන් දඩ ගහනවානම් හොඳයි. ඔය කතාව කියන්නේ සාම්පුර් දාගැබ අන්‍ය ආගමිකයන් පිරිසක් විසින් බුල්ඩෝසර් කරපු නිසා බෞද්ධයන් අතර ඇතිවූ සංවේගය මැඩ පැවැත්වීමේ කපටිකමින් නොවෙයි නේද?
පුරාවස්තු හොරා කනවට මොකද කරන්නේ.?
දඩය ඔසවා විතරක් මදි. එස් ටි එෆ් එකට භාර දිය යුතුයි පුරා වස්තු ආරක්ෂා කරන්න.
මට නම් මේක ඇහුවහම පුරා වස්තු තියෙන තැන් වලට යන්නත් බයයි..
කාලෙකට පෙර ප්‍රේමදාසල STF ගාඩ් දාගෙන නිදන් හෑරුව. ඊට පස්සෙස් රාජපක්ෂලා ඇති තරම් නිධන් ගොඩ දැම්ම. දැන් ඉතින් ගන්න දෙයක් නෑ. මේ ලඟදි ජනාධිපති තුමා කීව්වා ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පුරා විද්‍යාවක් වෙලා කියල. එක හරියට හරි. මේ තීරණය ගන්න තිබුනේ මීට වසර 25කට වත් කලින්. දැන් ඉතින් නිදන් හොරුන්ගේ නැට්ට තමයි අල්ලන්න වෙන්නෙ.
ගෙවන්න ලක්ෂ 20 සොයාගන්න පුළුවන් නමුත් විනාශවූ පුරාවස්තුව නැවත ලබාගන්න බැහැ. එම නිසා සුව කර ගන්න බැරි විදිහටම අත පය කඩා දමනවා නම් එක හොඳ දඬුවමක් වේවි. අතීතයේ පවා ලංකාවට පැමිණි දෙමළුන් කලේ අපේ අයිතිහාසික උරුමයන් විනාශ කිරීමයි. දෙමළුන් උතුරු නැගෙනහිර ඔවුන්ගේ නිජබිම කීවාට ඒ නිජබිමේ ඔවුන්ගේ පැවැත්ම ඔප්පුකිරීමට පැරණි පඩික්කමක් වත් ඔවුනට නොමැත එත් ඔවුන්ගේ පැවැත්මක් තිබුණා කියන්න පිළිගන්න නිවට සිංහලයින්නම් ඕනෑ තරම් ඇත.