(විනීතා එම් ගමගේ / ඡායාරූප - චතුර එස්.කොඩිකාර)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප‍්‍රකාශ කළේය.
1994 වසරේ සම්මත වූ පනත මේ දක්වා කිසිදු සංශෝධනයක් සිදු නොවූ බවත් නව සංශෝධන සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති අතර නව සංශෝධන සහිත පනත් කෙටුම්පත සකස් කෙරෙමින් පවතින බවත් ජයමාන්න මහතා කීය.
මේ වනවිට රාජ්‍ය ආයතන පමණක් ආවරණය වන පරිදි පවතින අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභා පනත නව සංශෝධන සම්මත වීමත් සමඟ පෞද්ගලික අංශය හා විදේශිකයන් ද ආවරණය වන පරිදි කටයුතු කළහැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් ලෙස දැනට සේවය කරනු ලබන්නේ පොලිස් නිලධාරින් 200 දෙනෙකු පමණක් බවත්, වෙනත් ක්ෂේත‍්‍රවල විශේෂඥතා සහිත විමර්ශකයන් 200 දෙනෙක් හා නිවාරණ නිලධාරින් 50 දෙනෙක් බඳවා ගැනීම සඳහා ද නව සංශෝධන මඟින් අවස්ථාව හිමිවනු ඇති බවත් ජයමාන්න මහතා කීය.
මුදල් විශුද්ධිකරණයට එරෙහිව නව නීති එහි ඇතුලත් වනු ඇතැයි කී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි සමාන්තර පරික්ෂණ කෙරෙන ආයතන සමඟ සම්බන්ධීකරණයකින් යුතුව වැඩ කිරීම සඳහා අවශ්‍ය වගන්ති ද ඊට ඇතුළත් වන බව පැවැසීය.
ජයමාන්න මහතා මේ අදහස් පළ කළේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව වෙබ් අඩවිය විවෘත කිරීම නිමිත්තෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ අද(20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.




2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලස් පනත සංශෝධනයට