(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර හක්මන පාර පුළුල් කිරිමේදී හා ගංවතුර අලාභ හානි වෙනුවෙන් වන්දි බෙදා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි පවසමින් මාතර හක්මන පාර දෙපස පදිංචිකරුවෝ අද(26) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළට කඩා වැදුණහ.
එහෙත් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා මැතිවරණ රාජකාරි කටයුත්තකට ගොස් තිබු නිසා ඔවුන්ට දිසාපතිවරයා හමු වීමට නොහැකි විය.
පසුව පොලීසිය පැමිණ එම පිරිස කාර්යාලය තුළට යාම වැළැක්වු අතර නියෝජිතයින් පස් දෙනකුට පමණක් සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවිය.
මෙම වන්දි මුදල් ලබා දීමේ කටයුතු මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු වු නිසා ප්‍රාදේශීය ලේකම්වරයා හමු වී සාකච්ඡා කරන ලෙසට එහිදී උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව අසාධාරණයට ලක්වු බව කියන පිරිස යළිත් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අතර එහිදී එම පිරිස හා මාතර ප්‍රාදේශීය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතා අතර අවසානයේ පැවැති සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත්තේය.
එම සාකච්ඡාවෙන් පසු මාතර තුඩාව ,හිත්තැටිය,හක්මන පාර හා වෙහෙරගම්පිට සිට පැමිණි පිරිස විසිර ගියහ.
ඔවුන් සදහන් කළේ වැරදි නිවැරදි කර සාධාරණයක් ඉටු කරන බවට ප්‍රාදේශීය ලේකම්වරයා පොරොන්දු වු බවයි.
මාතර ප්‍රාදේශීය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතාගෙන් ඒ ගැන විමසූ විට කියා සිටියේ වන්දි තක්සේරු පිළිබද තොරතුරු ඔවුන් ඉල්ලා සිටි බවත් එම තොරතුරු ලබා දීමට එකග වු බවත්ය .



2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හක්මන වැසියෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලති
kumara Wednesday, 27 December 2017 02:35 AM
හක්මන වැසියෝ නෙවෙයි. මාතර - හක්මන පාරේ ඉන්න මාතර වැසියෝ.