(පුෂ්පකුමාර ජයරත්න)
දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන සැලසීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දේශපාලන පළිගැනීමට ලක්වූ බවට නිර්දේශ වූ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටියදී වත්මන් රජයේ අමාත්‍යවරයකු වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට පමණක් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසම අනුගමනය කළ ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීහු පවසති.
මෙම සිදුවීමෙන් පෙනී යන්නේ ස්වාධීනව කටයුතු කළ යුතු පොලිස් කොමිසම පක්ෂග්‍රාහීව කටයුතු කරන කොමිසමක් බවට ප්‍රසිද්ධියේ මුළු රට හමුවේම පෙන්වා දී ඇති බවට එම නිලධාරීහු චෝදනා කරති.
අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව සහන සලසා දිය යුතු බවට නිර්දේශවූ දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 129කි. මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු, උප පොලිස් පරීක්ෂකවරු හා සැරයන්වරු අයත්වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරුවල දගර වානේ වගේ පොලිසිය ඔක්කොම දේවල් නවන එක ඕක සුළු දෙයක්නේ.
ඇත්තෝ කති බොති නැත්තෝ ලේවකති
පොලිස් කෝලම කියන්නේ මෙව්වට තමයි ඔන්.
මෙය ඉතා පහත් පක්ෂග්‍රාහී ක්‍රියාවකි.හැන්ද අැත්තෝම බෙදා ගනිති න්‍යායට අනුව මෙසේ කිරි්මෙන් තවත් දහස් ගනනක් රජය සමග අමනාප වනු අැත............