(ප්‍රසාද් මුතුකුඩ)
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
ඉදිරියේ දී තවත් ප්‍රබල දේශපාලන තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බවත් නිමල් ලංසා මහතා ලංකාදීපයට ප්‍රකාශ කළ අතර සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු ආදී සියලු කරුණු මාධ්‍ය හමුවේ ඉදිරියේ දී හෙළි කරන බවද ඔහු කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.