මැතිවරණ කල් දමන්නේ නැහැ එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. 11 June 2017
විල්පත්තුවේ දඩයමේ ගිය 6 ක් මුවමස් සමග අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් මොල්ලිකුලම මනවිල ප්‍රදේශයේදී වියළි මුව මස් කිලෝ 10 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි (කැප් තුවක්කු) 02 ක් සමග සැකපිට පුද්ගලයන් 06 දෙනෙකු අත් අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි. 10 June 2017
‘කොටි ලේබලය ගසා ප්‍රියයන් සැමරීම වළක්වන්න බෑ‘ තරාතිරම හා දේශපාලන විශ්වාසයන් නොතකා තම ප්‍රියයන්ගේ වෙන්වීම සිහිපත් කිරීම සෑම පවුලක්ම සතු අයිතියක් බවත්, මිය ගිය තැනැත්තා එල්ටීටීඊ සාමාජිකයකු වූයේය යන්න හේතු පාදක කොට ගෙන කිසියම් පවුලක එම අයිතිය අහිමි කිරීම නොකළ යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා තිබේ. 09 June 2017
සිඟමනට යොමු කළ දරුවන් 18ක් පොලිස් බාරයට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානය මගින් ගත වු මාස තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීමට යොදවා සිටි දරුවන් 18 දෙනකු පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 09 June 2017
රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි. 09 June 2017
වකුගඩු රෝගය නගරයටත් ග්‍රාමිය පෙදෙස්වලට සීමාවී තිබු වකුගඩු රෝගය නාගරික ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන ආකාරයක් දැකිය හැකියැයි මාළිගාවත්ත ජාතික රුධිර පෙරණ හා කාන්ද්‍රකරණ රෝහලේ අධ්යක්ෂ රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි. 09 June 2017
අද පාර්ලිමේන්තුව පැය නවය හමාරක් එක දිගට ආපදා කළමනාකරණය සම්බන්ධ විවාදය පැවැත්වෙන අද(9) පාර්ලිමේන්තුව අඛණ්ඩව පැය නවය හමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය. 09 June 2017
කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක් පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 08 June 2017
ත්රස්තවාදීන්ගෙන් පළිගන්නා බව ඉරාන ආරක්ෂකයෝ කියති ඉරාන පාර්ලිමේන්තුවට කඩා වැදුණු ත්‍රස්ත කණ්ඩායමක් කළ වෙඩි තැබීම් සහ බෝම්බ පිපිරීම්වලින් 12 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇත. 07 June 2017
අවදානම් කළමනාකරුගෙන් සාක්කි විමසීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් නිලධාරියා එළියට ලංකා බැංකුවේ හිටපු අවදානම් කළමණාකරු ජේ.කේ. ධර්මපාල මහතා බැඳුම්කර කොමිසම හමුවේ දෙන සාක්කිය අසා සිටි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා කොමිසමෙන් පිටතට යැවීමට කොමිසම අද (07) පියවර ගත්තේය. 07 June 2017
‘ක්‍රීඩකයන් දිනන පදක්කම්වල අයිතිය රජයට ගන්නවා‘ - දයාසිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 07 June 2017
පීසීගේ නිවසින් කසිප්පු - ගිනි අවි මතුවෙයි ආණමඩුව තෙන්නන්කුරියාවේ පොලිස් නිලධාරියකුගේ නිවසේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරික්ෂා කරද්දි ගිනි අවි කිහිපයක් ද සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 07 June 2017
‘එජාපයෙන් සුළු ජාතීන් ඈත් වෙනවා‘ මේ රටේ සුළු ජාතීන්ට වැඩිම වැඩ කොටසක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. 06 June 2017
කටාර් රියාල් මාරු නොකිරීමෙන් ශ්‍රී ලාංකිකයන් අමාරුවේ කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් අද (6) සිට කටාර් රියාල් මාරු නොකිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ . 06 June 2017
‘ද්විතීයික වෙළඳ පොළේ තොරතුරු දුන්නේ නෑ‘ - හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසමේදී කියයි ද්වීතීයක වෙළඳ පොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාගෙන්ද ඉල්ලා සිටියත් ඔවුන් ඒ තොරතුරු ලබා දුන්නේ නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද(5) බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. 05 June 2017
මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ. 05 June 2017
ආපදාවට ලක්වූ මැණික් හා රන් කර්මාන්තකරුවන්ට සහන ගංවතුරින් හා නාය යෑම්වලින් අවතැන් වු හා ආපදාවට ලක්වූ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ පවුල්වලට සහනාධාර ලබාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත. 05 June 2017
හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසම හමුවට වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. 04 June 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආරක්ෂිතයි එංගලන්තයේ ලන්ඩන් පාලම අසල දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිවකුට අනතුරක් නැතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා කියයි. 04 June 2017
ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන් මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය. මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක 02 June 2017
අනුර සේනානායකට ඇප රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(2) නියෝග කළේය. 02 June 2017
පොලිසියේ ලොකු පුටු 12ක වෙනසක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි. 02 June 2017
‘වසර 50කට පෙර ගංවතුර වළක්වන්න ගෙනා සැලසුම් තවමත් නෑ‘ - ජනපති ‘ගංවතුර වළක්වාගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්වන්න‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 01 June 2017
ආපදා ආධාර සඳහා රජයෙන් බැංකු ගිණුම් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. 31 May 2017
ගලගොඩඅත්තේ හිමි රෝහලේ අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇතැයි කියන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි තවදුරටත් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා බදාදා (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 31 May 2017
නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු අටක් දිවුරුම් දෙති නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ. 31 May 2017
මිය ගිය ගණන 202 දක්වා ඉහළට:96ක් තවමත් අතුරුදන් ආපදා තත්ත්වය නිසා මිය ගණන 202 දක්වා ඉහළ ගොස් ඇතැයිද 96 දෙනකු අතුරුදන් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරෙන් සහ නායයෑම්වලින් 630 000ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද කියැවේ. 31 May 2017
මාර්ග රැසක ගමනාගමනය තවමත් අඩාලයි වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද උදෑසන කඩා වැටී ඇත. 29 May 2017
පනාපිටිය වේල්ලගැන බියවෙන්න කාරණාවක් නෑ - වාරිමාර්ග අධ්යක්ෂ කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය. 28 May 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026