ඒකාබද්ධ විපක්ෂ රැලියට ආ දෙදෙනෙක් මරුට ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීමට හා දෙදෙනකු අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මේ දෙදෙනා නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවෝ වෙති. 01 May 2017
නිපුණ ශ්‍රමිකයාගේ හඬට දේශපාලන පක්ෂ යටත් විය යුතුයි - ජනපති කම්කරුවා යන වචනය දැන් භාවිතාවට නොගැණෙන බවත් කම්කරුවා යනු අන් කිසිවකු හෝ නොව, නිපුණ ශ්‍රමිකයා බවත් කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිපුණ ශ්‍රමිකයන්ගේ හඬට දේශපාලන පක්ෂ හැම විටම යටත් විය යුතු බවද පැවසීය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ශ්‍රීලනිප-එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 01 May 2017
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට දූෂණ විරෝධී හඬ සභාපති කැඳවයි වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමට සාක්කි ලබාදීම සඳහා දුෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා හෙට (02) කොමිසම හමුවට කැඳවීමට නියමිත ය. 01 May 2017
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්රකාශයෙක් පැවසීය. 30 April 2017
විදේශිකයෝ ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවේ රැකියාවල ශ්‍රී ලංකාව තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වී ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. රැකියා වීසා පත්‍ර ඇතිව හෝ නැතිව මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍ය රණවක මහතා දැනට මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකක් (200,000ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද කීවේය. 30 April 2017
අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. 30 April 2017
ඉන්දීය අගමැති එන්නේ වෙසක් සැමරුම් උත්සවයට පමණයි - ජනපති තමන්ගේ නිල ආරාධනයක් පරිදි මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 29 April 2017
සයිටම් ජනසතු කරන්න‘යි රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට සැරසෙති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙයි. 28 April 2017
උතුරු නැගෙණහිර අධිවේගී මාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ සහාය යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දියාව පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාර් මහතා මෙලෙස පොරොන්දු වී තිබේ. 28 April 2017
පොලිසියේ ඔත්තුකරුවෙක් අබිරහස් ලෙස මියයයි නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි. 28 April 2017
ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට පත්විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදි. 27 April 2017
උතුරු - නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතය අඩාල වෙයි උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල අද(27) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙයි. 27 April 2017
හමුදාපතිකම බාර ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් - ෆොන්සේකා සුදානම් ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. 26 April 2017
ප්‍රධානීන් 14 ක් මාරු කිරීමෙන් මානව සම්පත් අධ්‍යක්ෂවරිය තිගැස්සෙයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්වී එහි පැමිණි විට මගේ වැඩිමහල් සහෝදරයා පැමිණෙනවා වැනි හැගීමක්, ශ්‍රී ලංකා මහා බැංකුවට නව යුගයක් උදාවීගෙන එනවා කියලා හැඟීමක් මට ඇති වුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ කල්‍යාණි ගුණතිලක මහත්මිය පැවසුවාය. 25 April 2017
මේ වසරේ ජනමත විචාරණයක් - කැබිනට් ප්‍රකාශක යහපාලන රජය මේ වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශයේ අද (25) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 25 April 2017
ජනක බණ්ඩාර - ලොහාන් ශ්‍රීලනිප තනතුරු වලින් දොට්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත. 25 April 2017
බැසිල්ට නඩේසන්ට එරෙහි අධිචෝදනා මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර් නඩේසන්ට පවරා තිබු නඩුවේ වැඩිදුර විභාගය පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (25) මහාධිකරණයේ තැබුවාය. 25 April 2017
ඔරුගොඩවත්ත වැසියෝ විරෝධතා දක්වා කුණු එකතු කරවති නිවෙස්වල එක්රැස්වෙන කුණු එකතු නොකිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමින් ඔරුගොඩවත්ත ප්‍රදේශවාසීන් විසින් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 25 April 2017
ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දි පැවසුවේය. 24 April 2017
ශ්‍රී ලංකාව,ඉන්දියාව, ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව,ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 24 April 2017
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම් තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය. 23 April 2017
ශ්‍රී ලන්කන් ආරක්ෂක ප්‍රධානියා නෙරපන්න නියෝග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. 23 April 2017
තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය දක්වමින් ඛණිජ තෙල් සමිති වර්ජනයක් චීන වරාය තෙල් ටැංකි 99 ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට රජය ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තී සිමිති අද (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී ජේ රාජකරුණා මහතා පවසයි. 23 April 2017
කුණු ලොරිවලට පහර දුන් දෙදෙනකු වත්තලදී අත්අඩංගුවට කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙළ බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 April 2017
කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක් වේරහැර - කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු නිහඬ උද්ඝෝෂණයක් වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ. 22 April 2017
සංචාරක මණ්ඩලයේ ණය රුපියල් බිලියනය ඉක්මවයි ජාත්‍යන්තර විකාශන ආයතන තුනකට රුපියල් මිලියන 500ක් පමණ ගෙවීමට තිබෙන හෙයින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන ව්‍යාපාර අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව එම ආයතනයේ සේවා පවත්වා ගැනීමේ දී ඇති ගැටළු නිසා අමතර ණය රුපියල් මිලියන 600ක් පමණ ගෙවීමට ඇති බවත් ඩේලි එෆ්.ටී. පුවත් පත වාර්තා කරයි. 21 April 2017
සයිටම් තනි අයිතිය අහෝසි කරයි මාලබේ සයිටම් ආයතනයේ ඒකපුද්ගල අයිතිය අහෝසි කර එය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පැවැසීය. 21 April 2017
කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 20 April 2017
කිරිඳිවැල ජනතා විරෝධය හමුවේ කුණු ලොරි හරවාගෙන යති කිරිදිවැල මාළිගාවත්ත කසළ කළමණාකරන මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමට විරෝධය පළ කළ පිරිසට මීට ටික වේලාවකට පෙර පොලිස් ප්‍රහාරයක් එල්ල විය. පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද ප්‍රදේශවාසීන් පළවා හැරීමට නොහැකි විය. අවසානයේ කුණු ලොරි ආපසු හරවාගෙන යෑමට සිදු විය. 20 April 2017
මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන් මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක් රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල පමුණුගම ප්‍රදේශයට පැමිණ කුණු බැහැර කිරීමට සූදානමක් ඇතැයි ලද තොරතුරු මත එය වළක්වාලීමට ප්‍රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුර සිට බලාසිටි නමුත් පස්වරු 2.00 වනතුරුත් කුණු රැගත් රථ නොපැමිණියේය. 20 April 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025