අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ බියර් සම්බන්ධයෙන් සහන දීම සුදුසු වන්නේ නැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අදාළ අය වැය තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාවට අද පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් එසේ කීවේය.
‘‘ඒවාට ඇබ්බැහි වීමෙන් ජනතාව වැළැක්විය යුතුයි. රජයක් විදියට ආදායම් ලබා ගැනීමේදී රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට මත්පැන්, සිගරට් වලින් එන ආදායම් කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි කියන පැහැදිලි ප‍්‍රතිපත්තිය මත පිහිටිය යුතුයි. ඒ වගේම විදේශවලින් ගෙනෙන සිගරට් සම්බන්ධයෙන් කිසිසේත්ම අපට එකඟවෙන්න බැහැ. එය සුදුසු දෙයක් නොවෙයි. සෞඛ්‍ය ඇමතිතුමා සඳහන් කළ ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් අපිට ලැබී තිබෙන සම්මාන ගෙවී ගිය වසර දෙකක තුනක කාලය ලෝකයේ කිසිම රටකට ලැබී නැහැ. එහෙම ලැබී තිබෙන්නේ අපේ ප‍්‍රතිපත්තියේ තිබෙන ගුණාත්මකභාවය නිසයි‘‘ යැයි ද ජනපති කීය.
‘‘මේ ආණ්ඩුව දුප්පත් ජනතාවගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන කටයුතු කරන ආණ්ඩුවක්. රජයක් විදියට පොදු ජනතාව කියන වචනය භාවිතා කරනවා වගේම ප‍්‍රමුඛතාවය දිය යුත්තේ දුගී ජනතාවට‘‘ බවද ජනපති වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ කාලයකින් ආණ්ඩුව පැත්තෙන් හොඳ යහපත් දෙයක් අහන්න ලැබුණා. ඔය මත්වතුර සහ මත්වතුර කොම්පැණි පෝසත් කරන්න ඉන්න ඇමතිලාට ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න එපා.
කසිප්පු වලට තියන දඩය 300% කින් වැඩි කරන්න.
සහනයක් දිය යුත්තේ දුගී ජනතාවට බව ඇත්ත, එම නිසා ණය උගුලේ සිරවී සිටින අපේ රට, අනවශ්‍ය නැවක් රුසියාවෙන් ණයට ගෙනත් තවත් ප්‍රකෝටි ගණනක ණයක් දුගී ජනතාවගේ හිස මත පැටවීමට යන කාරණය වහාම නැවත්වීමට ඔබතුමා කටයුතු කරයි කියා අප විශ්වාස කරනවා .
අපි කරන හැම දෙයකින්ම අපි මොහොතින් මොහොත මරණයට ලංවෙනවා. එහෙම බැලුවොත් හැමදේම සෞඛ්‍යට අහිතකරයි. දැඩි මතවාද වල එල්බ නොසිට හැම දෙයක්ම කිරලා මැනලා බලන්න ඕන.
ලංකාවේ මත්පැන් මිල ඉතා ඉහලය. කස්සිප්පු වැනි වස විස බීම නිසා ලෙඩවෙන මැරෙන ප්‍රමාණය ඉහලය
මත්වතුර කියන්නේ මේ ආත්මයට විතරක් නොවෙයි උපදින උපදින හැම ආත්මයකටම බලපාන කර්මයත් සමග සම්බන්ධ වෙන දෙයක්. ඒ විතරක් නොවෙයි ඉදිරියේදී උපදින ආත්ම වල මන්ද බුද්ධික වෙලා උපදින්න හුඟක් උදව් කරන දෙයක්.
කොහොම කිව්වත් හාල් වලින් පෙරන අරක්කු බොහෝ දිනක් තියාගන්න බැහැ නිෂ්පාදන වියදම අඩුයි මිල අඩුකර විකිණීම තමයි එකම විසඳුම.
උම්මග්ග ජාතක කතාවෙද මහෞෂධ පඬිතුමාගේ සේනාව ජයග්‍රහණය කල හැමවිටම රා ඔඩම් ගණන් බිව් බව කතාවේ සඳහන්ව ඇත. එසේම නියමිත ප්‍රමාණයට මත්පැන් භාවිතය ශරීර සෞඛ්‍යයට හිතකර බව දොස්තරවරු පවසන අතර ශරීරයේ හොඳ කොලොස්ටරෝල් 12% වැඩිවන බවද සඳහන්වේ. කරුණු කාරණා එසේනම් මත්පැන් බීම බලෙන් නැවත්වීම සඳහා උත්සාහයක් දරනවානම් එය මිනිසුන්ගේ මානව හිමිකම් කඩ කිරීමකි. මත්පැන් අනිසිලෙස පාවිච්චිය නිසා කෙනෙකු අමාරුවේ වැටෙනවානම් එය ඒ පුද්ගලයාගේ පුද්ගලික ප්‍රශ්නයකි. මත්පැන් බාවිතයේ කමනාකරණයක් සීමාවක් ඇතිකරන්නට උවමනානම් මැදපෙරදිග රටවල මෙන් ඒ සඳහා බලපත්‍රයක් නිකුත් කරන්න. මත්පැන් බීම නිසා රටේ අපරාද වෙනවා කියා මත්පැන් බීම නැතිකිරීමට මිල වැඩිකරනවානම් එය විහිළුවකි. ඇමරිකාවේ බුරුතු ගණන් මරනවා කියා තුවක්කු තහනම් කළේවත් තුවක්කු මිල වැඩි කලේවත් නැත.
මේකනම් හොද යෝජනාවක්
එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය දන්නේ නැද්ද ලංකාවේ අලුතින් අරක්කු නිෂ්පාදනාගාරයක් මඩකලපුවේ අරින්නට යනබව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අය දන්නේ නැද්ද කිලෝව රු. 110ට නැග තිබෙන සහල් බියර් පෙරීමේ අමු ද්‍රව්‍යක් ලෙස ගැසට් කල බව. එතකොට මත්පැන් නිෂ්පාදන ඉහල යන ගමන් සහල් මිලත් ඉහල යනබව. සහල් මිල ඉහල ගියාම ‘‘මේ ආණ්ඩුව දුප්පත් ජනතාවගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන කටයුතු කරන ආණ්ඩුවක්. රජයක් විදියට පොදු ජනතාව කියන වචනය භාවිතා කරනවා වගේම ප‍්‍රමුඛතාවය දිය යුත්තේ දුගී ජනතාවට‘‘ මේ කියන එකේ තේරුම මොකක්ද?
"බොහෝ කාලයකින් ආණ්ඩුව පැත්තෙන් හොඳ යහපත් දෙයක් අහන්න ලැබුණා. ඔය මත්වතුර සහ මත්වතුර කොම්පැණි පෝසත් කරන්න ඉන්න ඇමතිලාට ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න එපා." නොකරම ඉඳි බලාගෙන ඉන්න. ඔය කතා ඔබලා වැනි කුහකයින් පිනවීම පිණිසය. මේ වනවිට මත්වතුර කොම්පැණි සහ අදාළ පුද්ගලයින් අතර ගනුදෙනුත් හුවමාරු වෙලා ඉවර ඇති.
යුරෝපා රටවල මත්පැන් මිල උපයන වැටුප සමග සසදන විට ඉතා අඩු මුදලකි. මත්පැන් කෑම බිම විකුණන සෑම වෙළඳසලකම සහ සුපර් මාර්කට් එකකම විකිනීමට තිබේ. එහෙම වුනා කියල එම රටවල මිනිස්සු හැමෝම බීලා පාරේ කලකෝලාහල කරන්නේවත් , බීලා ලෙඩවෙලා ඉස්පිරිතාලේ යන්නේවත් නැත. මත්පැන් මිල වැඩිකලා කියල බොන කෙනා කොහොමත් බොනවා. මත් පැන් මිල අධික නිසා නීතිවිරෝධී කසිප්පු වැනි මත්පැන් වලට මිනිස්සු පුරුදු වීමෙන් ඔවුන් අනවශ්‍ය ලෙස ලෙඩ වේ. බියර් වැනි සැර අඩු මත්පැන් බිම කසිප්පු බිම තරම් සෞඛ්‍යට අහිතකර නැත.
රජයට මත්පැන් වලින් අදායමක් එපා නම්කි සිම බද්දක් නැතුව දෙන්න ඕනේ. රජයේ ප්‍රතිපත්තිය මත්පැන්වලට වැට බැදීමනම් ඔක්කොම තහනම් කරලා දාන්න ඕනේ. තියෙන කෙනා කොහොමත් බොන්නේ හොඳ හොඳ බ්‍රෑන්ඩ්. නැති කෙනා ලාබෙට බොන්නේ බියර්. එහෙමවත් නැති කෙනා බොන්නේ කසිප්පු. පොදු ජනතාව ගැන හිතනවා කියුවට ජනතාව ගැන කියවීමක්වත් නැහැනේ. නැත්තන් නැවක් ගනීවිද මේ අස්සේ ....
ඔහොම නෙමෙයි කොහොම මිල වැඩි කලත් අරක්කු සිගරට් බොන එක නවත්වන්න හම්බවෙන්නේ නැහැ. වෙන එකම දේ තමයි ගන්න සල්ලි නැති හින්ද නොගෙන ඉන්න එක. නිකන් හම්බ වෙන වෙලාවට ඔය කවුරුත් බොනවා. ඕවල මිල වැඩිකරන්නේ බදු ආදායම වැඩි කරගන්න මිසක් ජනතාවගේ ශරීර සෞඛ්‍ය ගැන හිතල නෙමෙයි. ඔය මොන බයිලා ගැහුවත් මොන ආණ්ඩුවත් දන්නවා මිල වැඩි කලා කියල මිනිස්සු ඕවා බිම නවත්වන්නේ නැහැ කියල.
අපට තියන එකම සතුට බියර් ටිකක් බොන එක පුලුවන්නම් එකත් නැතිකරන්න.
අපේ රටේ සහල් මිල පවතින්නේ ඉතා ඉහල මට්ටමක . බියර් නිෂ්පාදනයට සහල් උපයෝගී කර ගන්න සුදානමක් තිබෙනවා . අපේ රටේ සහල් නිෂ්පාදනය රටේ ජනතාවගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නැති අවස්ථාවක බියර් නිෂ්පාදනයට සහල් පරිහරණය කලොත් ජනතාවගේ පරිභෝජනයට සහල් මදි වේවි. තව තවත්වි සහල් විදේශ රට වලින් ගෙන්වන්න වේවි මිල තවත් ඉහල යාවි, ජනාධිපතිතුමනි, මේ ගැනත් සොයා බලා ජනතාවට යහපතක් කරන්න සුදුසු වෙලාවක් මේ..
මේවා බොරු රගපෑම් විතරයි. අය වැය ඉදිරිපත් කලේ ජනපති දැනුවත් කරලා නෙමෙයිද? දැන් බොරුවට සුදාන වෙන්න කෑ ගහනවා.
ඇයි හත්දෙයියනේ ජනාධිපතිතුමා සමග මුදල් ඇමති සාකච්ඡා කලේ නැද්ද මෙය යෝජනා කිරීමට පෙර? මේ ඔබේ රජය නොවේද? ඔබ මේ රටේ පළමුවෙනි පුරවැසියා නොවේද? ඔබ ජනාධිපති වශයෙන් මේ බියර් මිල අඩු කිරීම නැවැත්විය යුතුමයි. නැතිනම් ඔබ යටතේ මත්ද්‍රව්‍ය පිළිබද කාර්යබල සාධකය තිබීමේ ඇති තේරුම කුමක්ද? කොතරම් අදහස් ප්‍රකාශ කලත් ඇති වැඩක් නැහැ- ක්‍රියාවට නන්වන්නේ නැතිනම්!
ජනාධිපති තුමා ඉන්නේ මේ ආණ්ඩුවේ නෙමෙයිද???? අය වැය හදනකොට මෙතුමාගේ මැදිහත්වීමක් නැද්ද?? මොකද හැමදෙයක්ම වෙන්න දීලා, කරන්න දීලා පස්සේ ඇවිල්ලා පොර ටෝක් දෙනවා මුකුත් දන්නේ නැහැ වගේ. මේවා දැක්කම ඉතාම පැහැදිලි රගපානව කියල.
අපේ අරක්කු කර්මාන්තය සඳහා දහ දුක් විදිමින් අප වෙනුවෙන් කැප වෙන ලංකාවේ ජනතාවට සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!
බණ කියන්නේ නැතිව ..ඔබ පොරොන්දු උන පරිදි අරක්කු වලින් බජට් එක කොන්ට්‍රෝල් කරන එක නවත්වන්න.
මංගල මහත්තයට ජයෙන් ජයම වේවා නියමයි ලොක්ක වැඩේ.... එල!!!!!!!එල
මේ කතාවෙනුත් වෙන්නේ සිරිසේන කියන්නේ කියන කිසිම දෙයක් කරන්න කොන්දක් නැති බොරු බණ දෙසන නිවටයෙක් බව නැවත වතාවක් ඔප්පු කරන එක විතරයි. අපිට ලැජ්ජයි අපේ රටේ ජනාධිපති මේ වගේ කෙනෙක් කියල කියන්න.
ෂොට් එකක් දාල සැපේ ඉන්ඩ තියෙන චාන්ස් එක නැති කරන්ඩ එපා හිටන් ...
දේශපාලකයින්ට මෙච්චර සහන දෙන රටේ බියර් එකට සහනයක් දුන්නම මෙයාට අවුල් යන්නෙ ඇයි?
කියමන නම් හොඳයි. නමුත් මට තේරෙන විදියට ජනපති ගේ කතාව විතරයි. වැඩ ප්‍රායෝගික නෑ. කැබිනට් මණ්ඩලේට දාලා තමයි අනුමැතිය අරගෙන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ. එතකොට ජනපති දන්නේ නැද්ද මත්පැනට බදු සහන දීලා දුප්පතාගේ බඩට ගහලා කියලා. මෙයා හරියට කතා මල්ලක් විතරයි. එකක්වත් ප්‍රා යෝගික නෑ. මෙතන ආණ්ඩු දෙකයි. රට කරවන ආණ්ඩුව රනිල් ගෙේ. මෙයාගේ සියඹලාණ්ඩුව. රනිල්ට ලුණු ගොරක දෙනවා. බොරුවට එලියට ඇවිත් කෑ ගහනවා........අපේ රටට දළදා හිමි සරණයි.
බියර් බොන කෙනා කීයක් දීල හරි බොනවා. එකෙන් වෙන්නේ තම පවුලට සහ දරුවන්ගේ යහපත සදහා යන්න තියෙන මුදල බියර් එක ගණන් උස්සලා නිසා බියර් එකට යනවා.. ඉතින් මේක තෙරුන් ගන්න බැරි අප ජනපති.
පාලනය කරන අය බොන්නෙ නැත්නම්, ජනතාවට ඒ සහන ඕනෙ නෑ. කසිප්පුවලින් මිනිස්සු නොමැරී මැරෙනවා. ගම්වල ජන ජීවිත ඉවරයි. බියර් එකක් බිව්වා කියලා මිනිස්සු ලෙඩ වෙන්නෙ නෑ. ඒව බයිලා. මුන්ගෙ අයවැය තනිකරම රදා පවතින්නෙ සිගර්ට් සහ අරක්කු වලට ගහන බදුවලින්. 1948 ඉදන් ඕක තමයි සිද්ධිය.ටුවරිසම් නන්වන්න කතාව. හැබැයි සංචාරකයෙක්ට බියර් එකක් බොන්න තැනක් නෑ.
මේ වගේ බෝලයක් ඉස්සරහට දැම්මහම උඩ දමදම ඉන්න අය අපේ රටේ එමටයි. දැවෙන ප්‍රශ්න අමතකයි. කෝටි ගණනක් අපතේ යවමින් පවත්වන ඉදිරි ප්‍රාදේශීය සභා මත්වරණයේ දී ඡන්ද පත්‍රිකාවේ පක්ෂය සහ අපේක්ෂකයාට කතිරය ගසන අවස්ථාවේදීම රටේ ඉදිරි සුභදායි පැවැත්මට අවශ්‍ය වන වැදගත් කරුණු ද මුද්‍රණය කර පොදු ජනයාගේ කැමැත්ත අකමැත්ත ලබා ගැනීමට කටයුතු කිරීමෙන් දැවෙන ප්‍රශ්නවලට යෝග්‍යම පිළිතුරු සකසා ගැනීමට හැකි වන අතර ඉහත මුදල අපතේ යැවීමක් ද නොවනු ඇත.
ඔය මොනවා නැති කලත් අපිට නම් ගහෙන් බාපුගමන් ගත්ත කිතුල් රා ටිකක් බොන්න තාමත් පින තියනවා.
බුදුන්වහන්සේ මත්පැන් පානයේ ආදීනව කියා එයින් වලකින්න කීවා මිස මත්පැන් තහනම් කරන්න කියා රජතුමාට කීවේ නැත.
" මත්පැන් " හුඟක් දුරට සීමාසහිත කල යුතුයි. මෙතැනදී අපිට කල්පනාවට ගත යුතු වෙලා තියෙන්නේ මේවයේ පල විපාක රිය අනතුරු, කාන්තාවන් නිශ්ප්‍රයෝජනයට ලක්කිරීම, බලහත්කාරකම්, දුෂණය, සහ අද්දම්තේට්ටම් කිරීම බේබදුකම් නිසා අපේ සමාජයේ සතුට, සාමීචිය නැතිවීයාම, අද අපේ රටේ කොපමණ පවුල් කැඩිලා, බිඳිලා මේ නිසා අනාතවෙලා සිටින ගැහැනුන් දරුවන්. මේ දේවල් ගැන ටිකක් කල්පනා කරලා බලන්න.
බියර් මිල පහළ දැමීමට මුවාවී අයවැයෙන් ජනතාවට බදු පැටවීම සඳහා හොර රහසේම අණ පනත් දහනවයක් (19 ) සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට මේ අයවැය සකස් කර ඇති බවත්, සියලු බදු බර ජනතාවට පැටවීමට ආණ්‌ඩුව වක්‍රාකාරව කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය. රටේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමත්, සමස්‌ත ආර්ථිකයම විදේශීකරණයට යටත් කිරීමත්, සන්නිවේදන ජලයට බද්දක් අය කිරීමත්, දේශීය ව්‍යාපාරිකයා පාරට ඇද දැමීමත්, දේශීය වෛද්‍ය ක්‍රමය ඉන්දියාවට බිලි දීමත් අයවැය මගින් වක්‍රාකාරව සිදු කර ඇති අතර සියලු බර රටේ ජනතාවට දැරීමට සිදු වී ඇති බවද හෙතෙම කියා සිටියේය. රාජ්‍ය සම්පත් විකිණීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බවද ඒ නිසා මේ ආණ්‌ඩුව ගෙනියන වැඩපිළිවෙළ නතර කිරීමට පක්‌ෂ භේදයෙන් තොරව එකතු විය යුතු බවද පාදෙනිය මහතා ඊයේ (4 දා) විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
බෙලිමල් වගේ දෙයක් ප්‍රමෝට් කලොත් හොඳ නැද්ද. පොලොන්නරුව පැත්තේ ඇතිනේ.
බොන එකාටනම් ඔප්ෂන් ඕනෑතරම් ..ඒත් ඕව විකුණන එක නවත්වන්න ???????
නොබොන කෙනා මොකද බොන කෙනාට ඊර්ෂ්‍ය කරන්නේ
තරුණ පරම්පරාව මොනම වර්ගයේ මත්පැනටකට ඇබ්බැහි කිරීම රටේ අනාගත පරපුර විනාශ කිරීමක්. මේ බදු වලින් කෙටි කාලීනව මැතිවරණ දිනයි නමුත්, දිගු කාලීනව රට විනාශ වෙයි.
මුදල් ඇමති කොහොමද විධායක ජනාධිපති අකමැති තීරණ ගන්නෙ ?