(කාංචන කුමාර ආරියදාස)
දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා ගලක් විදිමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් සතුව තිබී බැකෝ යන්ත්‍රයක්, යතුරුපැදියක් හා ගල් විදින මෙවලම්, වෙඩි බෙහෙත් ආදීය පොලිස් බාරයට ගෙන ඇත.
මොවුන් පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් යාන්ත්‍රික උපකරණ යොදාගෙන විශාල ගලක් අඩි 25ක පමණ ගැඹුරු වළක් හාරා ඒ මත දෝනාවක් යවමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයකු මෙන්ම බැකෝ යන්ත්‍ර අයිතිකරුවෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
වැටලීමට පැමිණි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මෙම සිද්ධිය අතහැර දැමීම සඳහා රුපියල් කෝටි හතරක මුදලක් ලබාදීමට එම ව්‍යාපාරිකයා ඉල්ලීමක් කිරීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ගලේවෙල පොලිසියට බාරදෙන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා කජ්ජක්ද මහා පරිණාමයේ හොරකම් සමග සසඳනකොට... දැන් බලන්න මේ ආණ්ඩුවේ බැඳුම්කරය, ගිය ආණ්ඩුවේ ශ්‍රීලන්කන් ගුවන් හොරකම, මිග් යානා හොරකම, ග්‍රීක් බොන්ඩ්ස්, ඩී.ඒ රාජපක්ෂ සමරුව, විමල්ගේ නෑදෑයන්ට වාහන, සජින් වාස් ගේ මිහින් ලංකා, ගාමිණී සෙනරත්ගේ මංකොල්ලය, ලලිත් වීරතුංගගේ සිල් රෙදි, ජොන්ස්ටන්ගේ සතොස ගැහිල්ල, නාමල්ගේ කාල්ටන් ගැහිලි, විමල්ගේ සුනාමි ගෙවල් වල 10% කොමිස්, රෝහිත අබේගුණවර්ධනගේ පෝර්ට් ගැහිලි, ප්‍රසන්න රණතුංගගේ බස්රූට් පර්මිට් ගැහිලි සහ තව දහස් ගණනක් හොරකම් එක්ක මේවා නතින් හලෝ
හරි හිනා....
අත්අඩංගුවට පත් වුණු කෙනාද මේ හිනාකටක් දාගෙන ඉන්නේ? මාස යනකල් මේ වැඩේ කලා කියන්නේ මේකේ මොකක් හරි රහසක් තියෙනවා. සමහරවිට ආයෙමත් දියවඩන නිලමේතුමාට ගේමක් දෙන්නද දන්නේ නෑ සුදානම් වෙන්නේ.
අත්අඩංගුවට පත් වුණාම මෙච්චර සතුටු වෙලා හිනා යනවා නම්.... මාත් ආසයි අත්අඩංගුවට පත් වෙලා ටිකක් සතුටු වෙන්න.