(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට වැඩිපුර කාලයක් අවශ්‍ය වන නිසා ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙස කොමිසම කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇතැයි වාර්තා වේ.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබ`දව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඉන් අනතුරුව අවස්ථා දෙකකදී මාස තුන බැගින්ද එක් අවස්ථාවකදී මාස 1 1/2ක් වශයෙන්ද කොමිසමේ කාලය දීර්ඝ කළ අතර එහි කාලය අදින් (8) අවසන්වීමට නියමිතව තිබිණි.
විශාල සාක්කි ප‍්‍රමාණයක් හා ලේඛන විශාල ප‍්‍රමාණයක් කොමිසමට ඉදිරිපත් වූ අතර මෙහි වාර්තාව සැකසීමේදී ඒ සියලූ කරුණු සලකා බැලීමට අවශ්‍යවීම හේතුවෙන් අපේක්ෂිත දිනවලදී එම කටයුතු සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම නිසා එහි කාලය දීර්ඝ කරන්නැයි ද කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කලේ මහජන මුදල් බව දන්න නිසා........ දැම්ම කොමිසමක් හොරුටික කපටි නිසා ....... ඉල්ලුව දිගුව හොරු ටික " මහ ගොඩක් " නිසා..... ලැබුන දිගුව 31 වසරත් ඉවර නිසා........
මෙම කොමිසමට මුලින්ම කියන්න බරිවුනාද ලබාදුන් දින ප්‍රමාණවත් නොවන බව. ඒ මොනවත් නෙමේ, මේ වාර්තාවෙන් ජනාධිපති දේශපාලන වාසියක් ගන්නයි බලන්නේ. ඇලෝෂියස්ට දුරකථන ඇමතුම් දුන්නේ එජාප අය විතරද, නම් එළියට ආවේ ඔවුන්ගේ විතරයි. හරිම විදිහ සියලුම දෙනාගේ තොරතුරු මාධ්‍යට දීමයි. නැත්නම් ඡන්දය ඉලක්ක කරගෙන වාසි ලබාගන්න මේක උපයෝගී කර ගන්නවා නියතයි.
බැඳුම්කර ගනුදෙනු 2008- 2015 සඳහා කෝ කොමිසමක්?
ඔව් ඉතින් ඡන්දේදි කියන්න දෙයක් ඕනෑ නේද?