(රංජන් කස්තුරි/ තිලකරත්න දිසානායක/ ටෝනි කරුණානායක)
පළාත් පාලන මැතිවරණයට අද(27) නාම යෝජනා කැඳවීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක තුනක ආසන 16ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.
ඒ අනුව එම පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, හොරණ, බේරුවල යන නගර සභාවන්ට සහ බණ්ඩාරගම හා අගලවත්ත යන ප්‍රාදේශීය සභාවන්ට ද ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව, අම්බලන්ගොඩ යන නගර සභාවන්ට හා බලපිටිය, අක්මීමන, නෙළුව යන ප්‍රාදේශීය සභාවන්ට ඇප මුදල් තැන්පත් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, මිනුවන්ගොඩ, වත්තල-මාබෝල සහ පෑලියගොඩය යන නගර සභාවන්ට හා වත්තල, බියගම යන ප්‍රාදේශිය සභාවන්ට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇප මුදල් තැන්පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් පක්ෂය එක්ක එකතුවෙලා අාවොත් අපි පොහොට්ටුවේ ඇපත් නැති කරනවා. රෑට වැටුණු වලේ දවල් වැටෙන්න එපා හොඳේ..
නියමයි, නියමයි .. පොහොට්ටුවෙන්ම ගොඩයමු. ආයෙත් ශ්‍රීනිප සමග මුක්කු ගැහුවොත් මහින්ද මහත්තයෝ ඔබතුමාට අපි සහයෝගය නොදෙන්නෙමු...
බඩුම තමයි ඉතින් මෛත්‍රීට. ඇපත් නැහැ, කොලත් නැහැ මෛත්‍රීට මේ පාර නම්...
ශ්‍රීලනිප. යට කන්න වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක ඉන්දියාවෙන් කන කෑමට වැඩිය හොඳ කෑමක්... ජයවේවා පොහොට්ටුවට !!!
බොහෝ දුරට ඡන්ද ආයිත් කල්යාවි. පරිස්සමින් ෆයිල් ටිකත් උඩට එවි... !!!
මෛත්‍රි මහත්තයා එක්ක නම් එකතු වෙන්න එපා. අපි ඔබතුමා එක්ක ඉන්නවා.
ඔබලාට සුබ අනාගතයක් වේවා !!!
වෙන්වෙලා ඉල්ලුවොත් අත කැඩෙනවා. පොහොට්ටුව පරවෙනවා පිපෙන්නේ නැතිවම. වලේ වැටුණු අලියා නැති වරමක් අතට අරන් ගොඩයනවා. ජනතාව ඒ වලේ ලගිනවා. තව අවුරුදු පහකින් මේ රටේ මිනිස්සු මජරි දේශපාලන වුවමනාවට මහින්දගේත් පතුරු යවනවා. මෙය ස්ථිරයි.
ශ්‍රී ලංකා එකේ කට්ටිය ආණ්ඩුවේ ඉන්නකම් එයාලත් එක්ක එකට ඡන්දෙට නම් එන්න එපා. තනි පොහොට්ටුවේ ජය නියතයි.
ලංකාවේම ඉන්න ගොන්නු ටික මෙ පාරත් ඡන්ද පොළට යන්න ලෑස්තියි වගේ. ඉස්සරහ දවස් ටිකේ පුන්නක්කු හම්බවේවි හොඳට....
පොහොට්ටුවේ හොරු ටික නම් ළගදීම කුජීත වෙයි....
මේ අයගේ නඩු ටික ඉක්මණින් අහන්න ඕනෑ.. මේ අයට රට ගැන කැක්කුමක් නැහැ... තියෙන්නේ බලයට කෑදර කමයි. පොහොට්ටුව මකබෑවේවායි පතමු. එදා කල දේවල් ආයිත් මතක් වෙනවා. රතුපස්වල සිංහල කොල්ලෝ !!!
එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක කන්න උත්සාහ කරන්න හදපු දීගේ කන්න ඉස්සර වෙලාම කැඩිලා වගෙයි ! "පොහොට්ටුව", "අත" උඩම මැලවීගෙන යනවා .... ඡන්දෙන් තමා ඔය පොහොට්ටුවේ පෙති වේලිලා හැලෙන්නේ ! එදාට හොට්ටුව කුණු වලට විසි වෙන්නේ .