(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරිමේ සුදානමක් පවති.
විමල් විරවංස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා වන්නේ ද වීරකුමාර දිසානායක මහතාය.
මේ මොහොතේ මෛත්‍රී පිල සමඟ එක්විය යුත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සහ පිටු අටකින් යුත් නිවේදනයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
මන්ත්‍රීවරයා මේ වනවිට අනුරාධපුරේ මාධ්‍ය හමුවකට එක්ව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයා අනික් පැත්තට යන ගමන්වත්ද?
අපෝ මෙයා ගිය කියල මෛත්‍රී පිල උඩින්ම දිනයි නේද ? අඩුම ගානේ අමාරුවෙන් 4 තැනවත් තියාගන්න බලන්න
චන්දය ඉල්ලන්නේ " සුර සැප " විදින්නට..... එබැවින් බලන්නේ හොද පැත්තට පනින්නට..... නිතරම කුරුමානම හැමවිට හොරකමට......... සැමදෙ කරන්නෙත් පවුලට සැපදෙන්ට........
මට හිතෙනවා මහින්ද මහත්තයි විමලුයි දෙන්නම අන්තිමේදී මෛත්‍රී පිලට ඒවි කියල. එතකොට එකාබද්දේ බැසිල් විතරක් ඉතුරු වෙයි.
ජානිපෙ හතර අතට කැඩිලා ඉවරෙටම ඉවර වෙන්න යන්නේ
මේකනම් සුපිරිම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ....
ගෙම්බෝ ඉන්නවනම් දැන්මම පැනපියවූ. දැන්ම පනින එවුන්ට තමයි හොඳ මිලක් ලැබෙන්නේ.
අනිවාර්යෙන් වාසියකට වෙන්න ඕන.මොකක්හරි නියෝජ්‍ය ඇමතිකමක් ගන්න මගක් පාදිල ඇති ......අනේ ඇත්තට මේවගේ මිනිස්සු
"විමලේ ගේ කාලේ බිමට පෙරලේ.......!!!"
දේශප්‍රේමියෝ සල්ලි වලට නැමෙනවද . එහෙම නැත්නම් දේශපාලන කුමන්ත්‍රණ සහ ඩීල් ක්‍රියාත්මක වෙනවද කියලා කියන්න තේරෙන්නේ නෑ. කොහොම වුනත් මේ පක්ෂයේ අයගේ ලොකු කැළඹීමක් තියෙනවා කියලා නම් පෙනෙනවා. අපිට අපිට තියෙන්නේ තවමත් බලාගෙන ඉන්න විතරයි.
මේ රටේ නායකයින් සහ නියෝජිතයින් පත් කරන්නේ මහා ජනතාවයි ඒත් ඒ අය කාලයක ඉදන් හැසිරෙන විදිහ නුගත් මිලේජ්ජ බව අපට දැනෙනවා. අපේ රටේ විවිධ ප්‍රශ්න දැන් වැඩියි. මට වැටහෙන විදිහට මේ රටේ දිළිදුකම සහ සිවිල් යුද්ධ ඇති වුනේ කෘතීම දේශපාලනික උපක්‍රම ලෙසයි. ඒ කාලේ පටන් මේ වන තෙක්, අපේ මිනිස්සු ඇන්දෙනවා... නැතිනම් උවමනාවෙන්ම ඇඳගන්නවා. කොයි කාගේ ගම්වලත් රොඩ්ඩ පාර්ලිමේන්තුවේ ඉන්නකොට හොදම බීජ ටික ගමේම කුණුවෙලා යනවා. එකයි මේ රටේ ඇතිවෙච්ච හැම අර්බුදයකටම හේතුව. බුද්ධිමත් ගුණවතුන්ගේ නිහැඩියාව මේ රට අපායක් කරනවා.
අදිරාජ්‍ය විරෝදී ලෙමන් පප් හාන්සියි, මහරජාගේ හා ලෙමන් පප්ගේ අවසාන කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ
විමල්ගේ පිලේ ඉන්නේ ඔත්තු කරුවෝ , ඒගොල්ලන්ගේ සහය පොහොට්ටුවට , ලංකර ගන්නේ පරිස්සමින් . පක්ෂය විසිරුනා වගේ රඟපානවා වෙන්න පුළුවන් .
මම නම් අහලා තියෙන්නේ ගිලෙන නැව් වලින් මීයෝ බැහැලා යනවා කියල නමුත් අද තමයි ඇහුවේ එහෙම එකකට නගින මීයොත් ඉන්නවා කියලා.
බටහිර ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද ?
යහපාලනෙන් ඡන්ද තියන්නේ බොරුවට මහජන මුදල් නාස්ති කරනවා. ලෝකයේ පරාජිතයෝ ඇමතිවරු වෙලා ඉන්න එකම රට මම හිතන්නේ ලංකාවයි.
රාජ්‍ය දේපල අවභාවිතාවේ නඩුව ඇසීමට දින නියමයි ... නඩුවයට යාවි ෆයිල් එක මෛත්‍රී ගාවට යාවි... අපි නොදන්න මේ ගොල්ලන්ගේ දේශපාලනේ ....
ඒ කියන්නේ විමල්ට අමතරව තවත් අය ජානිපෙ ඉඳලා...
බැදුම්කර සල්ලි හැම තැනම ගලා යන බව නං පේනවා
කාට හරි කියලා බලමු.
මෙයාට දැන් හදිසියේම ආණ්ඩුව හොඳ වුණේ? මොකද වාසියක්වත් ලැබුණාද? එ්ත් මහජන කැමැත්ත මහින්ද මහතාටයි....