IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දළ පූට්ටුවා ඝාතනයට සැකපිට තවත් 5ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ගල්ගමුවේ දළ පූට්ටුවා නමැති හස්තියා මරා දැමීමට සම්බන්ධ ගිනි අවිය සමග තවත්  සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව අඹන්පොල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරගොල්ලාගම පදිංචිකරුවන් පිරිසක් බවත් මොවුන්ගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් අරඹා ඇති අතර හස්තියාගේ දළ කැපිමට යොදා ගත් බව කියන කියත් තල කිපයක්ද වළදමා තිබියදි සොයා ගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් පිළිබදව විමර්ශන අරඹා ඇති බව ද පොලිසිය කියයි.

ඇතා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට ග්‍රාම නිලධාරිවරයකු සහ වැඩ තහනමට ලක්වු පොලිස් නිලධාරියකු ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.



අදහස් (13)

දළ පූට්ටුවා ඝාතනයට සැකපිට තවත් 5ක් අත්අඩංගුවට

පිටිගල මිලානෝ Friday, 01 December 2017 08:23 AM

මේ අයට අත්අඩංගුවට නොගැනීමේ අතුරු තහනම් නියෝගයක් අරගෙන නිකන්ම ගෙදර යන්න පුළුවන් නේද?

:       0       0

Raveendra Friday, 01 December 2017 08:27 AM

මෙම අපරාදයට සම්බන්ද අය පමණක් නොව මෙම අයගේෙ අහිංසක බිරිඳ, දරුවන්ද මෙය වෙනුවෙන් වන්දි ගෙවනු නියතය. ස්වබවධර්මය විසින් එය නිසිලෙස මේ අයට ලබාදෙනු ඇත.

:       0       0

Giripura Friday, 01 December 2017 08:37 AM

සතත්‍ය වශයෙන්ම වන මුර්ගයින් මොවුන් මිස අහිංසක වන සීපාවුන් නොවේ . නීතියෙන් දඬුවම් නොලැබුනත් , ලැබුනත් ස්ථිරවම ලෝක ධර්මතාවයට අනුව කල කම් පලදේවි....

:       0       0

banda Friday, 01 December 2017 08:42 AM

නීතියක් නැති රටේ මිනිස්සු අපරාධ කරන්න බය නෑ......

:       0       0

sam Friday, 01 December 2017 10:00 AM

මේ සතාට කල අපරාදෙට ඉහළම දඬුවම් දෙන්න. මේ කාලකන්නි මුළු රටටම එළිකරලා අවුරුදු 10 ගානේ බර පතල වැඩ ඇතිව හිරේ දාන්න. හෙණ හතම ගහන්න ඕනෑ.

:       3       647

jayasekaraFriday, 01 December 2017 12:26 PM

වරදට දඬුවම් ලැබෙන්න ඕනේ තමයි, නමුත් පොඩ්ඩක් අපි කරන දේවල් ගැනත් හිතන්න, මෙතන තිරිසන් සතෙක්වයි මරලා තියෙන්නේ. අපිත් දවසකට මදුරුවෝ, කැරපොත්තෝ එහෙම කොච්චර මරනවද. එහෙම මරනකොට ඒ සත්තු කොච්චර විඳවලද මැරෙන්නේ. කැරපොත්තන්ට බේගොන් එහෙම ගහනකොට උන් පැය ගානක් විඳවලයි මැරෙන්නේ. වෙනස තියෙන්නේ උන් මැරෙනකොට කෑගහන සද්දේ, විඳින දුක අපිට තේරෙන්නේ නැහැ, එහෙමත් නැතිනම් අපි ඒක තේරුම් ගන්න කැමති නැහැ. එහෙම බලනකොට අපිත් මේ මිනිස්සු ගොඩේම තමයි. මේ මිනිස්සුන්ට අපි බැන්නට අපිත් ඒ වගේම වැඩ හැමදාම කරනවා නේද. මට මේකට බනින්නේ නැතුව කියන්න හදන්නේ මොකද්ද කියල තේරුම් ගන්න බලන්න. සුඛ කාමානි භූතානි යො දණ්ඩෙ න විහිංසති. අත්තනෝ සුඛ මේසානෝ,පෙච්ච සෝන ලභෙතේ සුඛං. සියල්ලෝ දඬුවමට බිය වෙත්. සියල්ලෝ මරණයට බිය වෙත්. එබැවින් අනුන් තමන්ට සමාන සේ, සිතා අනුන්ට හිංසා නොකර විය යුතුය. තෙරුවන් සරණයි !

:       107       3

sashFriday, 01 December 2017 01:26 PM

ජයසේකර,මේ දෑස නොපෙනෙන අහිංසක දළ ඇතා කාටවත් කරදරයක් නොකර පාඩුවේ හිටපු අහිංසක සත්වයෙක්. ඔබ කියන විදිහට, මදුරුවෝ, කැරපොත්තෝ මරණ එක පවක්. (නැහැයි කියලා කියන්නේ නැහැ.) ඒත් නානාවිධ රෝග බෝ කරන මේ රෝග වාහකයින් අතින් මනුෂ්‍යයින් මැරුණට කමක් නැද්ද.? මේ සතුන්ට අනුකම්පා කර නොමරා මේ බිහිසුණු රෝග වලින් මිදෙන ක්‍රමයක් ඇත් නම් එය කුමක්ද කියා කියන්න ඔබට පුලුවන්ද.? පිළිතුරක් බලාපොරොත්තු වෙමි. .

:       0       58

jayasekaraFriday, 01 December 2017 12:29 PM

“සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා න භනෙය්‍ය න ඝාතයේ” සියල්ලෝ දඬුවමට බිය වෙත්. සියල්ලෝ මරණයට බිය වෙත්. එබැවින් අනුන් තමන්ට සමාන සේ, සිතා අනුන්ට හිංසා නොකර විය යුතුය. සුඛ කාමානි භූතානි යො දණ්ඩෙ න විහිංසති අත්තනෝ සුඛ මේසානෝ පෙච්ච සෝන ලභෙතේ සුඛං සැප කැමති යම් සත්වයෙක් වෙනත් සතෙකු දඬුවමට ලක්කොට පීඩාවට පත් කරයි නම්ඔහු පරලොවදි සැපයක් ලබන්නේ නැති බව මෙම ගාථාවෙන් පහදා දී ඇත.

:       5       0

abaranSaturday, 02 December 2017 02:29 AM

හරි..හරි..දැන් තේරෙනවා.. ඇතා මැරුවට කමක් නෑ කියලයි නේද ඔය කියන්නේ...? ඒ වගේම අර ගාථාව අදාළ වෙන්නේ ඇතා මරපු අයට දඬුවම් දෙන්න හදන උදවියට කියලත් තේරෙනවා.. බලන්නකෝ ධර්මය අධර්මය කර ගන්න හැටි..

:       0       0

PIYAL BATUWANGALA Friday, 01 December 2017 12:06 PM

අපේ රටේ වැරදි කරුවන්ට නීතිය හරියට ක්‍රියාත්මක වනතාක් කල් මෙවැනි දරුණු අපරාධ බොහෝ තවද සිදුවනු ඇත. ස්තුතියි...

:       0       31

a.a u amarathunga Friday, 01 December 2017 12:23 PM

රජය මෙවැනි දරුණු අපරාද සම්බන්දයෙන් ඉතාමත් වගකීමකින් වැඩ කිරිමට සියලු තරාතිරම් නොබලා දඩුවම් දීම ඉතාම වැදගත්ය. මෙයට සම්බන්ධ සියලුදෙනා අල්ලා මරණ දඬුවම් දිය යුතුමය.

:       0       26

banda Friday, 01 December 2017 12:29 PM

ඔය තාජුදීන් මරපු අයවත් අත්අඩංගුවට ගන්නේ කවදාද ?

:       3       10

පිටිගල මිලානෝ Friday, 01 December 2017 01:37 PM

අලියෙක්ට මෙච්චර කෑගහනවා. දේශපාලකයෝ ඔක්කොම රජයේ මුදල් කෝටි ගණන් මංකොල්ල කනවා කාලයක සිට. ඒ ගොල්ලෝ උසාවි ඇවිල්ලා හිනහවීගෙන ගෙදර යනවා.

:       11       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13767 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site