IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආපදා හේතුවෙන් 56000කට පීඩා

(ඩයනා උදයංගනී / ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)

දිවයිනේ පළාත් 6ක දිස්ත‍්‍රික්ක 15ක කට බල පා ඇති තද වැසි හා තද සුළං හේතුවෙන් මේ වන විට පවුල් 14,607 කට අයත් පුද්ගලයින් 55,855 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනකු මියගොස් තවත් 8 දෙනකු අතුරුදන් වී සිටින අතර තවත් පුද්ගලයින් 30 දෙනකු තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, ගම්පහ, මොනරාගල, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර හා කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ඔහු ස`දහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ දිස්ත‍්‍රික්කයන්හි නිවාස 430ක් පූර්ණ වශයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 11,597 කට අර්ධ හානි සිදුව ඇත.

මේ වන විට අවතැන් වූ පවුල් 901කට අයත් 3279 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 28 රැ`දී සිටින බව ද කොඩිප්පිලි මහතා ස`දහන් කළේය.     

මේ අතර අද පෙරවරු 10 වනවිට ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක පවුල් 5195 ක පුද්ගලයින් 19311 ක් විපතට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් කළමනාකරණ ඒකකය පවසයි.

පුර්ණ හානිවූ නිවාස 128 ක් වන අතර අර්ධ හානිවූ නිවාස ගණන 5042 කි. පුද්ගල මරණ 03 ක් වාර්තා වී තිබේ. මෙම මරණ වාර්තාවී ඇත්තේ අම්බලන්ගොඩ, සහ ඇල්පිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලිනි. අතුරුදන් වුවන්ගේ ගණන 9 කි. එම අතුරුදන්වීම් අම්බලන්ගොඩ,බලපිටිය, සහ හික්කඩුව යන ප‍්‍රදේශවලින් වාර්තා වි තිබේ.

 



අදහස් (1)

ආපදා හේතුවෙන් 56000කට පීඩා

පිටිගල මිලානෝ Friday, 01 December 2017 07:30 AM

ලෝකයේ ජයටම නත්තල සමරන මිලානෝ ලාංකික වැසියනි. විපත්දායක කාලගුණ තත්වයන් යටතේ දැනටමත් බොහෝ දෙනෙක් ලංකාවේ අවතැන් වී ඇති බැවින් ඔවුන්ට හැකි පමණින් සහන සලසන්න මිලානෝහි පන්සල් කිහිපය මුලික කරගෙන දැන්ම පටන් ගමු. මේ ඉරිදාට හැම පන්සලකම තේමාව මෙය කරගමු. ජාති ආගම් භේදයකින් තොරව රැස් වෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site