ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.
තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි දැනගන්නට ඇත.
ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.
කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්ට් නැහැ ඉක්මනට හදල දෙන්න
මිනිසුන්ට තියෙන කරදර මදිවට හුලගෙනුත් කරදර,