(ආරියරත්න රණබාහු)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට රජය සූදානම් බවත් හිටපු ජනපතිවරයා ආරක්ෂා කිරීමෙන් තමන්ට එළැඹෙන මැතිවරණයේදී විශේෂ වාසියක් සැලසෙන බැවින් ඔහු ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(8) පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු ජනපතිවරයා එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද රැස්වීම් සඳහා සහභාගීවන බවත් එහිදී දැනට ඇති ආරක්ෂාව දැඩි කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ ඉල්ලීමට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසීය.
දැනට ආරක්ෂකයින් 154ක් හිටපු ජනපතිට ලබාදි ඇති බවත් ඊට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නම් එයද ලබාදෙන බවත් නමුත් මෙතෙක් බුද්ධි අංශ වාර්තා මගින් හෝ පොලිසිය මගින් එවන් අවශ්‍යතාවයක් මතුකර නැති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේ කතාව අපිට අලුත් දෙයක් නොවෙයිනේ? 2015 ජනවාරි 8 දා එළිවෙන ජාමෙට මෙතුමා අරලිය ගහ මන්දිරයට ගිහින් නේ මේ පොරොන්දුව දුන්නේ? සමහර විට මේ මතක් ඒ ගැන මතක් කිරීමක් වෙන්න ඇති. පාටෙත් පක්ෂේත් විතරයි වෙනස. අනික් ඔක්කොම එකයි. ඒගැන අපි නොදන්නවැයි?
තම පුද්ගලික වාසියට හොරු මිනීමරුවෝ වුනත් ආරක්ෂා කිරීමද ඔබේ ප්‍රතිපත්තිය?
කොහොමත් අපි දන්නව ඔබ මහින්දව ආරක්ෂා කරන බව.ඒක මේ අවුරුදු දෙකේදි පැහැදිලිව පෙනුන.එහෙත් මිනිස්සු අපරාදේ ඔබලට බලය හොරු අල්ලපියෝ කියල.
මොන ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර දෙන්නේ තව මොකක් හරි පටලවලා නක්කලේට. ඍජු උත්තරයක් කවදාවත් දෙන්නේ නැහැ... අගමැති තනතුරේ ගෞරවය රැකෙන විදිහට. උපන් ගෙයි දෝස බලි ඇරියට හදන්න බැහැ කියන්නේ ඒකනේ.
දැන් කවුද හොරා? මිනී මරුවා කව්ද?
"නමුත් මෙතෙක් බුද්ධි අංශ වාර්තා මගින් හෝ පොලිසිය මගින් එවන් අවශ්‍යතාවයක් මතුකර නැති බවත් " ආනේ ...තවම බුද්ධි අංශ තියෙනවා එහෙනම්... කොච්චර දෙයක්ද...? සතුටුයි.
ආරක්ෂකයින් 154 ක් ගැනද මේ කියන්නේ?
මේක මෙයා කිව්වත් නොකිව්වොත් රටේ ජනතාව දන්නවා. මේ අවුරුදු තුනේම ඕකමයි වෙන්නේ. මෙයා විසින් මේක කලයුතුමයි. ඒක මෙයාගේ වගකීමයි. මොකද්ද මහින්ද සිරිකොතට කාපට් දාලා, පක්ෂ නායකත්වය ආරක්ෂා කරලා දුන්නා.
ඔබතුමා පොරොන්දු වුණත් නැතත් අපි දන්නවා. ඔබතුමා හිටපු ජනාධිපතිතුමාව ආරක්ෂා කරන බව. ඒවගේම හිටපු ජනාධිපතිතුමාත් ඔබතුමාව ආරක්ෂා කළ බවත්, ඉදිරියේදීත් ආරක්ෂා කරන බවත් අපි දන්නවා.
ඒකාබද්ධය නිසා වාසිය කාටද කියලා දැන් තේරෙනවනේ?
කෙළින් සිටගෙන, කෙළින් කතා කළ නොහැකි, කෙළින් වචනයක් දිය නොහැකි, නමට පමණක් අපේ අගමැති තමයි..
පවුලේ හොරුන්ට නීතියෙන් දඬුවම් ලැබෙනවිට ඒවා දැකලා නොමැරී මැරෙන්න හිටපු ජනපති ආරක්ෂා කිරීම කලයුතුම දෙයකි.
ඔක්කොමලා එකයි, පක්ෂේ නමයි, පාටයි වෙනස්... හොඳට එකතු වෙලා අපටම ගේම දෙනවනේ...
හෙඩිම අන්තර්ගතයට කොච්චර අදාලද...? විකුණන්න රෙදි ගලවනවා වගේ වැඩ නොකර වැඩ හොඳ විදිහට දේවල් දැම්මා නම් තමා හොඳ...
"සිරි" පාරට තාරදමින් මා රැක්කේ මෙන්න මෙයා.. කෝපි වුණත් බිව්වේ අපි එකට මෙයා.. පක්ෂේ තුලත් ඇන කෙටවිලි සමථ කලේ මෙන්න මෙයා.. දැන් උන්දැව බේරන්නට දඟලන්නේ මෙන්න මෙමා....
ලංකාවට බිහිවෙච්චි අසාර්ථකම අගමැති මෙයාද?
2002 දී ඔක්කොම බුද්ධි අංශ නිලධාරීන්ට ඉවර කරගන්න බැරි වුණු එක ගැන දැන් පසුතැවෙනවා ඇති...
මහින්ද මහතාව ආරක්ෂා කරනවා කියන එක අපිට තේරෙනවා. එතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැතිකරන්න අගමැතිතුමාට මොලේ තියෙනවා. ඔහොම යං....
ඊළඟ ජනාධිපතිවරණයේදී අපි එතුමාවයි, ඔයාගේ අලියයි ගැන බලාගන්නම්!!! එජාප එක නැති කලේ කව්ද කියලා පාක්ෂිකයින්ට දැන් තේරෙනවනේ !!!
කලින් ආණ්ඩුවේ හිටිය අගමැතිතුමා ගැන මතක නැද්ද ? එයා හරිම සාර්ථකයි, අති දක්ෂයි අගමැතිකමේ රාජකාරි හොඳටම කළා. අපිට ආයේ ඕනේ ඒ වගේ හසල බුද්ධිමතෙක්, කාර්යක්ෂම කෙනෙක්.…
වාර්තාගත අගමැති තුමා සිටින්නේ අපේ රටේ... වංචා පෙනි පෙනී නෑ කියපු තමන්ගේ වාසියට පැයෙන් දෙකෙන් නීති හදපු තම කණ්ඩායමට සැපට ඉන්න හේතු හදපු ,කතිරය ගහපු ජනතාවට යහමින් බදු බර දුන්න අපේ අගමැතිතුමාට මේ පාරත් අපි ඡන්දය දෙනවා...
එතකොට " හොර නායකයයි හොරු 150 යි " අල්ලන්නේ නැතිද? ලැජ්ජයි.. එන්න මහත්තයෝ ඡන්දෙ ඉල්ලගෙන. මේ දේශපාලකයෝ අපේ රට නැත්තටම නැතිකළා...
ඔබතුමා කියන්නේ මහින්දට විරුද්ධව තිබෙන චෝදනා වලිනුත් ඔහුව ආරක්ෂා කරන බවද? ඒක අපට තේරෙනවා. හැබැයි, මහත්තයෝ, ඔබතුමාම චෝදනා කරපු ඔය හොරුන්ට දඬුවම් නොකලොත් ආයේ ඉතින් යු.ඇන්.පී එකට අපෙන් නම් ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා. අඩුම ගානේ ඡන්ද දෙසීයක්වත් වළක්වන්න මට තනියම පුළුවනි....!!!
උදේට දැක්කොත් දවසම ඉවරයි.
දැන් ඔය කතාවමද කිව්වේ 2015 ජනවාරි 8 ට කලින්? මෙහෙමත් දිව දෙකේ දේශපාලකයින් දකින්න පුළුවන් වෙන්නේ මේ සුර පුරේම තමයි..
දැන් මොකටද හිටපු ජනාධිපති කෙනෙකුට ආරක්ෂක නිලදාරී 154 ක් මේක මහා අපරාද.. මේවා වෙනස් විය යුතු දේවල් නෙමෙයිද?
මහින්දයි, රනිලුයි ඉන්න කල් මේ රට හදනවා.. බොරු කරන අයට තියෙන්නේ බල තණ්හාව විතරයි.
මූ උගේ පිට කසනවා - ඌ මුගේ පිට කසනවා - එකාට එකා පිට කසගන්නවා - රටට කෙලවෙනවා
අගමැතිතුමනි, ඔබතුමා ජනතා විශ්වාසය විනාශ කලා. ඔබ ඔබ විසින්ම විනාස කරගත්තා. එජාපය විනාශ කලා. ශ්‍රී ලංකා මහා බැංකුව විනාස කලා. ජනාධිපතිතුමා අසරණ කලා. රටේ ආර්ථිකය විනාශ කලා. බය නැති අගමැති කියලා පෝස්ටරයක් අලවා ගත්ත. ලජ්ජා බය නැති අගමැති. කොමිසමට ගියා ප්‍රකාශයක් දුන්නා. ජනතාව ඕවායින් රවට්ටන්න බැරිබව හිතට ගන්න. බිලියන 59 බැඳුම්කර වංචාවෙන් ඔබට මග හරින්න බැරිබව හිතට ගන්න. ඔබට ගැලවීමේ එකම මග මහින්ද රැකිමයි. ඔබ එය හොඳින් කරන බව ජනතාව දන්නවා.