(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන ආයතන බදු වියදම් සඳහා අතිරේක ප‍්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් හය කෝටි හැට ලක්‍ෂ හතළිස් දහසක මුදලක් ද වාහන ලබා ගැනීමට අට ලක්‍ෂයක මුදලක් ද කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙනුවෙන් අතිරේක ප‍්‍රතිපාදන සැපයීමට හය කෝටියක් ද මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන අපරාද ස්වභාවධර්මයේ යුක්තියට යොමුවේවි. ටිකක් කල්ගියත් වැෙඞ්නම් අකුරටම වේවි. එතකොට ගැලවිමක් නැත. මෙය නියතයකි ! කකුලුවා නටයි වතුර පැහෙනකම්,
මෙහෙම දෙයක් වෙන්න ලංකාවේ රාජ්‍ය සේවයේ තියෙන අකාර්යක්ෂම පටිපාටිත් හේතුවක්. මේ ගොඩනැඟිල්ලට පදිංචියට යාමට තියෙන බාධාව වෙන්නේ ඒකේ කාපට් කරලා, පාටිෂන් කරලා තව ජාලගත කිරීම් වගේ දේවල්. ගොඩනැගිල්ල ගන්න කන් ඒවා ආරම්භ කරන්න ඔය නිලධාරීන් කටයුතු කරලා නෑ. අඩුම තරමේ ගිවිසුම් අත්සන් කරන්න කලින් පිරිවිතර හදලා, තාක්ෂණික ඇගයුම් කමිටු පත් කරලා දැන්වීම දාන්න විතරක් ඉතුරු කර ගත්තා නම් මේ වෙද්දි පදිංචියට යන්නත් තිබ්බා.
වම සාක්කුවෙන් දකුණු සාක්කුවට යන ඩීල් එකක් වගේ. කව්ද මේකට වග කිව යුත්තා. රජයේ ආයතන වල තියෙන දුර්වල කම තමා කව්රුත් වග කියන්න බාර ගන්නේ නැති එක. පුද්ගලික ආයතනයක මීට වඩා වෙනස්.
මෙය ඉතාමත්ම හොද තීරණයක්....
ඔච්චර වටිනවද?
ජනාධිපතිතුමාට මේවා පෙනෙන්නේ නැද්ද? ඇයි දුමින්ද දිසානායක තමන්ගේ සගයා නිසාද? බැදුම්කර වංචාව පිළිබඳව අශ්වයා ගියෙන් පස්ස කොමිසම් පත්කළ වගේද මේකත්? ඇයි මේක ජනාධිපතිතුමාට වහාම නවත්තන්න බැරි?
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. ලෝකයේ කිසිම රටක තම රටවැසියා මේවගේ කැත විදියට අසරණ කරන්නේ නෑ. මේ සල්ලි අධ්‍යාපනයට වියදම් කරන්න. නිවැරදි අධ්‍යාපනයක් දරුවන්ට දීලා ලෝකයට මුදාහරින්න.
කතාව පමණක් ඇති වැඩ නැති තීන්දු තීරණ ගන්න බැරි ජනාධිපති කෙනෙක් ඉන්නකන් රටට සුගතියක් නැත.
තවත් ළුෑණු බිකක් තමයි...
මහා භාණ්ඩාගාරය තොරන් ගහගෙන මග සරසලා පුල පුලා බලාසිටිනවා. මේ අමතර කෝටි හයාමාරේ ඉල්ලීම එනතුරු විනාඩි දෙකෙන් සල්ලි නිකුත් කරන්න. අපි මොනතරම් වාසනාවන්ත රටකද ඉපදිලා තියෙන්නේ? අපි පරිප්පු කනකල් සීනි දාලා තේ බොන කල්, කිරිපිටි දරුවන්ට දෙන්න ගන්න කල් බයවෙන්න එපා... මහත්හොරුනේ. ඒවා ගෙවන්න අපි ඉන්නවා.
ඕකේ අයිතිකාරිය නිළියක් නේ... එ්කනේ ඔච්චර වටින්නේ ඇමතිතුමාට ඔය ගොඩනැගිල්ල.... නේද?
උරුමේ එක්කෙනෙකුටයි, කරුමේ තව එක්කෙනෙකුටයි. මේක කුලියට ගත්ත එක්කෙනාටම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න ලැජ්ජයිද?
හෆීස්, අපිට එහෙම කෙනෙක් මේ රටේ ඉන්නවද? මම කියන්නේ ජනාධිපති කියල කෙනෙක්. දන්නේ නැති නිසයි අහන්නේ?
ගාලු පාරේ කොල්ලුපිටියට කිට්ටු වෙන්න පාර්ලිමේන්තුවේ දුක්ගන්න රාල හිටපු නිල නිවස සහ විශාල ඉඩම වැඩක් නොගෙන හැප්පුණු වාහන වගයක් දාල තියෙනවා. පොලුයි හාලුයි පිටරටින් ගෙනෙන කාලේ මෙතරම් මුදල් වියදම් කරන්නේ ඇයි? කරුණා කරලා රජයට අයත් දේපල භාවිතා කරන්න පුළුවන්නේ. දුම්රිය දෙපාර්තුමේන්තුවේ භාවිතයට නොගන්න ගොඩනැගිලි කොතරම් තියෙනවාද? ජනතාවගෙන් තලා පෙලා අය කරන බදු සල්ලි තව කාටවත් බෙදා දෙන්නේ ඇයි? මේවට වැහි නැති හෙන වදින්න ඕනේ.
ඕවා ඉතින් ඔහොම නොවුනා නම් තමයි පුදුමේ. ලංකාවේ ජනතා මුදල්, දේපල, සම්පත් බලය ඇත්තෝ ගසා කෑම කොයි රජය යටතේත් සාමාන්‍ය දේවල්නේ...
වසරක් ලංකාවටම පොහොර සහනාධාරය දෙන්න යන මුදල කීයද?
මම ලංකාවේ නොවේ ඉන්නේ... නමුත් යහපාලනයක් ඕනේ කියල මමත් කිව්වා. දැන් මම කිච වෙලා ඉන්නේ. මේ අය කරන්නේ රටත්, ජාතියත් පාවලා දෙන එක විතරයි. කලින් හිටපු අය මේ අයට වඩා දහස් ගුණයක් හොඳයි.
රනිල් මහත්තයෝ ඔබට අපේ තිබුණ ගෞරවය අවසන්. දැන් යන කාලය වයස 70 පැන්නම ඇක්ටිව් නැහැ....
මේ ගොඩනැගිල්ල අයිති කාටද කියලා දන්න අය ඇයි කියන්නේ නැත්තේ? මේ අපේ බදු මුදල් නේද? දන්න කෙනෙක් කියන්නකෝ අපේත් දැනගැනීම පිණිස. අපේත් තිබෙනවා මේ වගේ ලොකු ගොඩනැගිලි ආණ්ඩුවට කුලියට දෙන්න.
අපිත් මේ දත කට මැදගෙන ඉන්නේ ඕවට උත්තර දෙන්න ඡන්දෙන්...
දුමින්ද දිසානායක "සබීතාට" මෙච්චර ලෙන්ගතු ඇයි ..? හිටිගමන් නින්දෙන් නැගිටලා වගේ ගර්ජනා කරන මෛත්‍රිපාලට මේ අපරාධය පේන්නේ නැද්ද..?
අද පෝර මිල කීයද? සෑම ගොවිතැනක්ම විනාශ වෙලා. මේකද රටේ යහපාලනය?
උෟරු දළයෙන් මොන ගජමුතුද? මේ අය කරන රට.. අපි තවමත් රැවටෙනවා.
දැන් කට පියාගෙන හිටියට හෙට, අනිද්දා ලොකු මහත්මයා කොහේ හරි මගුල් ගෙදරක හෝ මළගෙදරක කතාවක් පවත්වන කොට කියාවි මේකට ගිවිසුම් ගහලා තිබෙන්නේ මහින්දගේ කාලේ... එහෙමත් නැත්නම් මේක එජාපෙ වැඩක්.. මම වහාම කොමිසමක් පත්කරනවා කියලා. කෝටි ගණන් ජනතා මුදල් නිරපරාදේ නාස්ති කරනවා.
මේවා රාජපක්ෂලාගේ වැඩ තමයිෙ. යහපාලන රජය මේවා නැවැත්වීමට කටයුතු කිරීම ගැන සතුටුයි.
ලබන සැරේ ඔක්කොම ඇතුළට යන්න බලාගෙන ඉන්න.
මෙන්න බලාගන්න, නියම යහපාලනය.
මේකට මහින්ද ගාවගන්න බැරි කමක් තියෙනවද? කොහොම හරි එයාව පටලවා ගමු.
මේවා මහා සහ ගහන අපරාද දුප්පත් ජනයාගේ සල්ලි.
අනේ මම නම් මේ ගැන මොකවත් දන්නේ නැහැ.
කලබල වෙන්න එපා යාලුවනේ... ඔය තිබුණු ආණ්ඩුවලටත්, එන්න හදන ආණ්ඩුවලටත්, පාඩමක් උගන්නන්න ඡන්දෙ දෙන්න යන්න එපා... ඡන්ද මධ්‍යස්තානය දිහා බලන්නවත් යන්න එපා. අම්මා, තාත්තා ඉල්ලුවත් යන්න නම් එපා.. අපිට කරන්න තියෙන්නේ ඔච්චරයි. අඩුම ගානේ ඡන්ද ගණන් කරන නිලධාරීන්ට අතිකාල ගෙවන එකවත් අඩුකලොත්, ඒ මුදල අපි ඉතුරුකරලා දුන්නා කියලා.. අපිට සතුටු වෙන්න පුළුවනි නේද? මේක හැමදෙනාටම දැනුම්දෙන්න. අපි කඩදාසියක්වත් ඉතුරුකලා නේද කියලා සතුටු වෙන්න...
රෝහිත ඇයි මේකට සබීතගේ නම ගාගත්තේ...? ගොඩනැගිල්ල අයිති සබීතා කියන එක්කෙනාටද? ඒ කියන්නේ අර සබීතා කියන නිළියද? නැත්නම් වෙන සබීතා කෙනෙක්ද? දන්න කෙනෙක් මේ ගැන පැහැදිලිකරලා දෙන්නකෝ.
මම බිල්ඩිම දැක්කෙත් පිට අටෝපේ විතරයි ඇතුල හිස්.
ඕකට වහාම ක්‍රියාත්මක වන පරිදි කොමිසමක් පත්කරමු , කොමිසමේ සාමාජිකයන් නඩත්තු කරන්න පඩි නඩි වාහන ගෙවල් කුලී දීමන මාසෙකට අඩුම තරමේ ලක්ෂ 20-30 වත් වියදම් කරමු , කොමිසම අව්රුද්දක් දෙකක්විතර ක්‍රියත්මකවේවි එතකම් ඔය ගොඩනැගිල්ල පරිහරණයට නොගෙන මුරකරුවන් දමා වසා තබමු , එතකන් ඔය ගොඩනැගිල්ලේ හිමිකරුට කුලී ගෙවමු , අවරුදු දෙකකන් විතර කොමිසමේ වාර්තාව ලැබුනහම එක කුනුකුඩයට විසිකර නිකන් ඉඳිමු ,
අනේ බොලන්ලා මිතුරු මිතුරියන් නඩත්තු කරන්නත් අපිට වෙලා නොවැ කොහාට චන්දෙ දුන්නද කියල මට මතක නැහැ බොලන්ලා.
මෙයාලා දැන් හැසිරෙන්නේ, කාටවත් එයාලට මුකුත් කරන්න බැහැ කියන මතයේ ඉඳලයි. ඒක නිසා නිකන් බඹරු වගේ ඉන්නේ. ඔහොම යනකොට කොයි වෙලේ හරි බඩ සුද්ද වෙලාම යයි!
ඕකේ අයිතිකාරිය නිළියක් නේ... එ්කනේ ඔච්චර වටින්නේ ඇමතිතුමාට ඔය ගොඩනැගිල්ල.... නේද? ඇමතිතුමාත් දැන් තනිකඩය නොවැ.. පෙළවහකුත් කරගත්තැහැකි..
එදා ගොඨභය මහතා ඉන්න කොටත් මෙහෙම තමයි. දෙගොල්ලොම යන්නේ එකම පාරේ...
අනේ චානක් මලයෝ.... නොදන්න දේවල් ගැන කතා කරන්නේ නැතිව තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නකෝ.
අපේ රෙටේ දියුණුවට බාධා වෙන්න ප්‍රධාන ප්‍රශ්න හතරක් තිබ්බේ 1) පැවති යුද්ධය 2) වැඩ බැරි, කයිවරුකර, නීතිය නවන, නූගත්, හොරකම් කරන, ජනතාවගේ මුදල් විනාශ කරන, හරියට වැඩ කරන කෙනෙකුට ඉන්න නොදෙන, දුර දැක්මක් නැති දේශපාලකයන් (ලංකාවේ මිලියන 20ක ජනතාවට දේශපාලකයෝ කීයක් ඉන්නවද? ලන්ඩන්වල මිලියන 10කට එක නගරාධිපති කෙනයි) 3) විවෘත්ත ආර්ථිකය සහ නිකමුන් වැඩි වීම 4) මිථ්‍යා විශ්වාස දැඩිව මුල්බැහැගන්න තිබීම... මෙයින් එකක් මහින්ද මහත්තයා ඉවර කළා. මේ යහපාලන නිකමුන් රැල අවුරුදු 3 ක් මොකුත් නොකර රට කෑවා. මේ අය යවලා රටට ආදරේ ඇති වැදගත් කෙනෙකුට රට බර දෙන්න කියලයි කියන්නේ...
රටටත් ජනතාවටත් වැඩක් නැති තක්කඩි ඇමැතියන්ගේ ගාය, සුපිරි බිල්ඩින් මේනියාව සනීප කරන්න රටේ අහිංසක මිනිස්සු දුක්විඳගෙන බදු ගෙවන්න ඕනෑ. ඒ ගෙවන බදු ඇමතිවරු, මන්ත්‍රිවරු කිසි හිරිකිතයක් නැතුව උන්දැලාගේ රථගාය පිරිමහගන්න මෙලෝ සිහියක් නැතුව වියදම් කරනවා. රටේ මෝඩ මිනිස්සු උඩ බලන් හූල්ලනවා. මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමතියෝෙ, රටේ ගොවියෝ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, මොනවද කරන්නේ? ගොවියන්ගේ ඕන එපාකම් හොයල බලනවද? ගොවීන්ට අවශ්‍ය පහසුකම් සපයලා දෙනවද අඩු ගානේ? එකවත් නැහැනේ.
පාර්ලිමේන්තුවේ ඉන්න රට හොරු ටිකට මේ ගොඩනැගිල්ල හැර වෙනත් එකක් ඇත්තෙම නැද්ද? භාවිතයට නොගන්න රජයේ ගොඩනැගිලි මොන තරම් තියනවද? මේ අය (රටට ආදරේ නොකරන පිරිසක්) නිලියක් දැක්කම ඔක්කොම අමතක වෙනවා. රටේ මුදල් ඔබලාගේ බූදලේ නොවෙයි. ඔක්කොම මකබෑවිලා ගියත් මීට වඩා හොඳට රට ඉදිරියට යාවි. අගමැතිලා, ජනාධිපතිලා මොකටද? හොරු රොත්තක් පාර්ලිමේන්තුවේ බඩ පිනුම් ගහනවා බලන්නද?
"මේ අය යවලා රටට ආදරේ ඇති වැදගත් කෙනෙකුට රට බාර දෙන්න කියලයි කියන්නේ..." ඕක හලෝ අපි නොදන්නා දෙයක් නොවෙයි කව්ද ඔය රටට ආදරේ ඇති වැදගතා? එහෙම කෙනෙක් ආවත් අපේ මිනිස්සු පුරුදු ගතානුගතික සිතුවිල්ලෙන් එහාට හිතලා ඡන්දය දේවිද?