(මනෝප්‍රිය ගුණසේකර)
සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන්නැයි කියා ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.
ඇමැතිවරයා සමඟ ඇතිවු එකඟතාවයට අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා ඉල්ලීමක් කළ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටි නිතිපතිවරයා පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි ද දැනුම් දුන්නේය.
කරුණු සළකා බැලු අභියාචනාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළ අතර පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක්ව තිබු ගැසට් නිවේදනයට එරෙහිව ලබා දුන් අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පෙත්සම දමා මුළු රටක්ම අවුල් කරපු මේ ගොබිලෝ හතර දෙනාට දඩුවම් නැත්ද?
ඡන්දේ ළඟයි......එජාපෙ, ජවිපෙ,ටී එන් ඒ, එම් සී හැර අනිත් අය හිරේ යන්න ලෑස්ති වෙලා......උබලට නඩු පිට නඩු ළඟ එනවා.....
අධිකරණයට පෙත්සම් ඉදිරිපත්කිරීම අනවශ්‍ය දේවල්වලට වර්ජනය කර පාරවල් අවහිර කිරීම මේවයින් පිඩනයට පත්වෙන්නේ මහජනයා වන තමන්ගේම දූදරුවන් සහ දෙමව්පියන් මිස දේශපාලකයන් නොවෙයි . මහජනයාව උසි ගන්වලා දේශපාලකයන් තම තමන්ගේ ඉලක්කර යන එකයි ඔවුන්ගේ අරමුණ .
මේකෙන් හොදටම තේරෙනවා මෙච්චර කල් ඡන්දය කල් දැම්මේ ඇමති කියල. වෙන වෙනම තිබ්බම මහින්ද මහතයට වාසි නිසා දැන් එකපාර පවත්වනවා.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... වැඩේ වරදින බව දැනගෙන ඇමැති කියවලා අස්කරගන්න ඇති.
ගම්මන්පිලගේ අනාවැකිය හරි ගියා.... යහපාලන රජයේ තවත් ටෙලි නාට්‍යක් තමයි .
දැන්එතකොට සීමා නිර්ණ වල ප්‍රශ්නයක් නැතිද?මේක යටි කූට්ටු වැඩක්.බලාගන්ට පුළුවන් ඡන්දෙන් පස්සේ මොකද වෙන්නේ කියලා.
එජාප එක හොඳට බැට් කලා. කට වහගෙන හිටියාම මේ ගේමත් එයාලගේ පිටින් තමයි යවන්නේ....
"එක යායට නිල් මල් පොහොට්ටු පිපෙන වසන්තය ළගා වීමට නියමිතය....."
එජාපය කොතරම් ඡන්ද ගත්තටද කමක් නැත. මට නින්ද යන්නේ නැත නිදහස් පක්ෂේ රටෙන්ම ගන්න ඡන්ද ගණන දැන ගන්නකම්.
අනුර කුමාර කියපු එක ඇත්ත
1970 දී බලයට පැමිණි ශ්‍රීලනිප රජය, 1975 දී, රජයේ ආයු කාලය අවුරුදු 2කින් වැඩිකර ගත්තා. නමුත්, 1977 මැතිවරණයෙන් රජය පරාජයට පත්වුණා පමණක් නොව, මන්ත්‍රී සංඛ්‍යාව 8 ට බැස්සා. එ්කෙන් පාඩමක් ඉගනගත් මහින්ද මහත්තයා සෑම මැතිවරණයක්ම කලින් පවත්වා ජයගත් නමුත්, 2015 ජනාධිපති ඡන්දය පරාජය වුණා. ඒ ජනතාව වන අප, මුලා වූ නිසයි. මෛත්‍රිටත් 1975 ලෙඩේ හැදිලා. මේ පාර ශ්‍රීලනිප ඇපත් නැතුව පරාජය ලැබෙනවා සිකුරුයි. පොහොට්ටුව තමයි පිපෙන්නේ.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියමනක් තියෙනවා. මෙතන ඉතින් ගැසට් එකත් මෙයාගේ, පෙරකදෝරුවත් මෙයාගේ ගෝලයා, පෙත්සම්කරුවොත් මෙයාගේ ඇමති යාලුවන්ගේ ගෝලයෝ. සභා 93 ඒකාබද්දෙට වාසියි කියලා දැනගත්තම ඕක වෙනවාමයි කියලා ගම්මන්පිල මන්ත්‍රීතුමා කිව්වා දැන් දවස් දෙකකට කලින්. එතුමාගේ සාස්තරේ හරියටම හරි.