(මනෝප්‍රිය ගුණසේකර)
සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන්නැයි කියා ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.
ඇමැතිවරයා සමඟ ඇතිවු එකඟතාවයට අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා ඉල්ලීමක් කළ අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටි නිතිපතිවරයා පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි ද දැනුම් දුන්නේය.
කරුණු සළකා බැලු අභියාචනාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළ අතර පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක්ව තිබු ගැසට් නිවේදනයට එරෙහිව ලබා දුන් අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලදී.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.