(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය මේ වසරේ ජූනි මාසයේ පමණ පැවැත්වෙනු ඇතැයි කලින් අපේක්ෂා කර තිබූ හෙයින් ඒ සඳහා රුපියල් කෝටි 350ක පමණ වියදමක් සැලසුම් කර තිබූ නමුත් මැතිවරණය පෙබරවාරි දක්වා කල් ගිය බැවින් රජයේ සේවකයින්ගේ අතිකාල දීමනා ආදිය ලබන ජනවාරියේ සිට වැඩිවීම ආදී කරුණු හේතුවෙන් එසේ වියදම ඉහළ යනු ඇතැයි ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි !! අපොයි!!, මේ සල්ලි වලට බලු කපුටු දානේ දුන්නා නම්? සුනඛයින් දෙවෙනි දවසේ නකුට වනමින්, කපුටන් කාක් කියමින් ඉඳීවි. අපේ අපලේ ටිකක් හරි අඩුවෙයි. මේ ගොල්ලෝ පත්වුණු දවසේ ඉඳලා අපිට තමයි නකුට වනන්න වෙන්නේ. කාක් කියන්න වෙන්නේ. අපිට අන්තිම අපල කාලයක් උදාවෙන්නේ....
අනේ කෝටි 4000 ක් ගියත් ප්‍රශ්නයක් නැහැ. අපේ එකම අරමුණ යහපාලනය පරාජය කිරීමයි.
රට සංවර්ධනය කරන්න තියෙන සල්ලි බිලියන 4 ක් වියදම් කරලා හොරා කන්න සෙට් එකක් හදනවා. අයියෝ සල්ලි !!!
දුප්පත් මිනිසුන්ගෙන් හූරගන්න බදු සල්ලි තමයි නැතුව දියවන්නාවේ ඉන්න අය ගෙදරින් ගේන ඒවා නෙමෙයි නේ.
රටට ආදරය කරන හැම කෙනෙක්ම හොරුන්ට දඬුවම් කල යුතුයි.
ඡන්දෙන් පත්වන අයගේ වසර හතරේ නඩත්තුව කීයද? සහ ඡන්ද දායකයින්ට ලැබෙන ප්‍රතිලාභ කීයද කියන්නකෝ ...?
ප්‍රශ්නයක් නැහැ. රාජගිරියේ බිල්ඩිමට එක දවසින් ගෙවන්න අනුමත කරපු ගාණට වඩා මේක අඩුයිනේ !!
මේ වියදම් යන්නේ රජයේ සේවකයින්ගේ, ඒ කියන්නේ ඡන්ද රාජකාරිවල නියුතු සේවකයින්ගේ දීමනා, ප්‍රවාහන වියදම්, මුද්‍රණ ගාස්තු ආදී දේවලට. වියදම කියලා හීල්ලුවට මේවා තවත් පිරිසකගේ ආදායම්. මේවට හූල්ලලා, අතිකාල වියදම හොඳට සාක්කුවේ දා ගන්නවා.